බ්ලොග් ලිවිල්ලත් දැන් අවාරෙට පොල් වැටෙන්නහේ වෙලා. මොනා කරන්නද? බිසී බිසී. බිසී කිව්වට එහෙමකට වැඩකට ඇති එකක් කොරන්නෙත් නෑ. ඒත් රට්ටු කියන විදියට කියන්නත් එපැයි. මේ ටිකේ මං වසන්නේ හොස්ටල් එකේ. ෆුල් නසරාණි. රූම් එකෙත් නෑ මොකෙක්වත්. පද්මයා පාර්ට් ටයිම් ජොබක් කරනවා කියලා ගිහින් ලබන සතියට මාස පහයි. මං බැලුවේ එන චන්දෙටවත් වැඩක් කරන්න. ඒ උණාට චන්දේට වැඩ කරන්න ගිය ඩෑල් වල රෙස්පොන්ස් ඒ හැටි හරි නෑ.
පුතාණෝට වැඩ කරන්න ගිය එකෙක් මේ ලඟදි හම්බ උණා ඇහැකුත් නිල් කරගෙන. බැලින්නම් මේ ගල් මයිනා බස් එකකදි හයියෙන් වාතයක් ගිය ඩෑල් එකකින් අහලා "අංකල් සතුටින් නෙහ් ඉන්නේ? සතුටු නැත්තම් කියන්න විරේකයක් අරන් අපේ ලොක්කා අද රෑ අංකල්ලගේ ගෙදර " කියලා. බැලින්නම් ඒ අංකල් කාරයත් අපේස්සකයෙක්. මේ පාර රටේම ඉන්න නාකි හත්තිලව් ටික ඉල්ලනවනේ වරණෙට. ඌ මූට දීලා ඇහැක් නිල් වෙන්න.
පුතාණෝට එහා අයියණෝ. වතාවක් අර කොහේදෝ දිහාවක ගමක බොන්න තිබ්බ පානීය ජලයයි, නාන්න තිබ්බ පානීය ජලයයි, කක්කුස්සි ගෙනියන පානීය ජලයයි අපිරිසිදුයි කියලා ගමේ සෙට් එක පාරට බැස්සාම එයාලට කිරිල්ල බට වලින් වතුර විදලා පස්සේ ඇඟ ඇතුලේ උණ්ඩ හම්බ උණාම එව්වා මේ 30 වසරක් යුද්ධේ තිබ්බ රටේ ගහක් ගලක් ගානේ උණ්ඩ තියන නිසා වෙච්ච එව්වා කිව්ව ඩයල් නෙහ්. කතාවක් කරන්න ගියාම ගා ගන්නව හත්පොලේ."ඇත්තටම අපි මේ රාජය සේවයට එන්නේ රට ගැන හිතලා. අපි බය නෑ. අපි බය වෙන්න වැරදි කරලාම නෑ.අම්මපල්ලා කරලා නෑ දෙයියනේ. ඇයි මම බය වෙන්නේ ඉතින්? ඒ උණාට හත්තිලව්වේ මට බයයි!" ඕමයි කයිය.
කෝම උණත් මේ අයියලා දෙන්නටම අරමුණ හෙට දවසේ රටේ දුක් විඳින ලස්ස සංඛ්‍යාත වූ රට හරකුන් සුඛිත මුදිත කරන එකනේ. ඒකට බොලා දෙන්නටම හාගල බණ්ඩාර දෙවියන්ගේ පිහිටයි, ආරස්සාවයි! ඔබට ඔබේ පිහිටයි. කෝම උණත් අපි ගැන බලන්න සතුට අරං රැට මොකෙක්වත් එන් නෑනේ. ඒ හින්දා මේ ටිකේම මං කලේ ඉහේ හිට මුලු වස්සන් වහගෙන බුදියා ගත් එක. දවසක් උදේ පාන්දර දෙකට විතරහිටි ගමන් ජංගමයා නාද උණා.
"අඩෝ මූසල කැනහිලා, උඹ නිදිද?" හුරු පුරුදු, පට්ට චොර වොයිස් එකක් කණ කීං ගාගෙන එහා පැත්තෙන් ඇහුණා. නොදකිං මේ හතරවරං වෙලාවට කතා කරලා මුං තව බුදිද කියලත් අහනවනේ.
"නෑ බං මං මේ මයින කරෝලිස්ගේ වත්තට වෙලා කෙමක් කරන්න පොල් උලක තලේ පීරී ගාන ගමන්. බොගෙත් පීරී ගා ගන්න ඕනි නම් වර? බොලා දන්නවනේ මං හැමදාම මේ වෙලාවට කොරන්නේ මේක කියලා."
"අනේ තොගේ තලේ පීරි ගෑවිල්ල. මගේ එක මං පීරී ගා ගන්නම්. තෝ හෙට වැඩක් ද?" ගයා අහපි. වල් වනාත හීරලුවා. වෙන වෙලාවක ලොවි ගෙඩ්ඩක් ගෙනත් දැන් නෑ. හෙට වැඩද අහනවා.
"ඔව් මචං, හෙට උදේ 9ට මීටිං එකක්, ආයේ දවල් 2ට ඩේටා ඇනලිසිස්ටන්ට් වැඩක්, ආයේ හවස 5ට ජිම් එකට හිට් කොරන්න ඕනි. ඊටත් පස්සේ රෑ 8ට ඩිනර් පාර්ටි එකක්. ඒකත් ඉවර උණාම මං පාට් ටයිම් චීන්නුන්ට පාලි උගන්නනවා."
"අඩේ බං සිරාවට? මට හෙට පොලිස් එකේ සාරීරික පරීස්සණේකට එන්න තියනවනේ බං. බොටත් එන්න ඇහැක් නම් වරකෝ."
"හෑක් යකෝ සාරීරික පරීස්සණේට මං එන්නේ මොකටද? බොගෙ සරීරෙනේ බලන්නේ. මං ඇවිල්ලා බොට අමුඩේ ගහලා දෙන්නයැයි. අනික මට ඒකට එන්නත් බයයි බං. බොගේ කියලා හිතලා මගේ පතිවතටවත් ඕකුන් කෙළියොත්. මං හෙණ අමාරුවෙන් මෙච්චර කල් ආරස්සා කරන් හිටපු එක."
"අඩේ එහෙම කියන්න එපා බං. උඹ ඇවිල්ල එලියට වෙලා හිටු. මට තනියම යන්න බයයි. ඕකුන් මට මොනා කරයිද දන් නෑ."
"තෝත් රස්සාවක් හොයනවා කියලා හොයන්නේ විලි සංගේ නැති ලබ්බවල්මනේ. වතාවක් ගුද මාර්ගේ හංගං රත්තරං අරං ගියා කුලියාපිටියට. පොලිසියට ඒක මාට්ටු උණාම මාසයක් ඇවිද්දේ තුණටියෙන් නැවීගෙන. ආයෙත් වතාවක් අර කොණ්ඩ රැවුල් කපන තැනකට ට්‍රේනිං ගිහින් මිනිහෙක් ඇවිල්ල යටි රැවුල පොඩ්ඩක් කපන්න කිව්වාම තෝ මූණේ යටි රැවුල නැතුව මේ යටි බඩ හරියේ තියන රැවුලක් කපන්න ගිහින් උං තෝව ෆුල් ත්‍රෙඩිං කරලා එවලා තිබ්බා. හනේ තෝ ඒත් මට්ටු උණේ නෑනේ. කමක් නෑ හෙට එන්නම්කෝ. පතිවතට කෙළ උණත් අන්තිමට බොට අන්සිනයක් වත් උණොත් ඒකවත් මදැයි මට සැනසෙන්න.උඹ එනකොට ලං වෙලා කියු."
"අඩේ බොට යන යන තැන ලොන්තෙටම හරියන්න ඕනි." එහෙම කියලා මූ මට උගේ පැපොල් ගඳ කටින් උම්මා එකකුත් දීල තිබ්බා ෆෝං එක. අනේ ඕකගේ පතිවත හෙට දවසේ කුඩු වෙයං කියලා හිතලා මං බුදියා ගත්තා. අර කලින් වරණෙ ආපු පොලොවෙන් මතු උනු වැලේ වැල් නැති සරල ඩෑල් එකට නින්ද යනවා වගේ තමා ඉතින්. ඌත් එක්ක තරගෙට ආපු අර පොල් රැවුලක් තියන සරං අඳින එකානේ මේ පාරත් අපේස්සකයා. සපෝට් එකට තමා අයියණෝ පේන්න ඉන්නේ.
කෝම හරි උදේම නැගිටලා දත කට මැද්දා. පහු ගිය ටිකේම බුරුසුව අතට අරන් දවසම හොස්ටල් එකේ ඉන්නේ කියලා මතක් වෙලා ආයේ තියල නිකම් ඉන්නවා. අද ඒම බෑනේ. ඊට පස්සේ ගත්තා බැනියමක්. ඒක හොඳයි අර පාර අයිනේ ඇළකට දාලා මාලු ටිකක් අල්ලන්න. එච්චරකට ඒකේ හිල්. මාලු දැල වගේ. අනිත්වත් මෙහෙමද දන් නෑ. ඕනි ජිලක් පණම් අටයි කියලා ඇඳගෙන බැස්සා පාරට. නැග්ගා බස් එකකට. ගත්තා ටිකට්. කොන්දා ඉතුරු දුන් නෑ. නොදකිං වල් පර බලු කැනහිලා, තෝ මැරිය.
දැං ඉතින් යන්න තියෙන්නේ. මේම යද්දි පාර අයිනේ බිලිබෝර්ඩ් එකක තිබ්බ ඇඩ් එකක් දැකලා මගේ ඇඟ කිලි පොලා ගියා සරීරෙට සවල් වදින්න. පද්මයා අමුඩයක් ගහන් බිලි බෝර්ඩ් එකේ. ඌ අර ඊජිප්තු පිරමිඩ වල ඉන්න කොකා පෙන්නන ඉරියව් වලින් එක එක හැඩේට ඉන්නවා ඒකේ. ඒකේ සයිඩ් එකේ ගොඩපර ක්‍රීම් එකක විස්තර යනවා. ට හුඩු. ඒක කියවන්නේ දින්නා. මුංට මේ මක් වෙලාද. අරූට විලි සංගේ කියලා එකක් නැද්ද අරෙහෙම අමුඩේ පිටිං සරීරේ ප්‍රදර්සනේ කොරන්න.
"ඔබේ සමේ වලවල්, ආගාධ, කණිකා, උරුලෑ මෙකී නොකී සියලුම උලව් සඳහා අදම භාවිතා කරන්න ගොඩපර පුයර. 100%ක් දේසීයයි, පාවිච්චිය ඉතා පහසුයි. උදේම අවදින්වී මුහුණ සෝදා කබ කඩා, සොටු සූරා මේම ගොඩපර පුයර තලියක් හොම්බේ මුලුවස්සන් ආලේප කිරීමේ සනික ප්‍රථිඵල. පට්ටම ඇම්මක් ඇත්නම් අත පයේ වුවද ගැල්විය හැක. සනිකව බොනට් එක රීකන්ඩිෂන් වේ. අතුරු ආබාද නැත." මේම කියද්දි පද්මයා මැද ඉඳන් එව්වා කොරන හැටි පෙන්නනවා. එලකිරි. උදේම මේක දැක්කා කියන්නේ පතිවත අතේ අරං ආවොත් ඒකත් ලොකුදෙයක්.
නොදකිං. එතන ඉඳන්ම ගත්ත පද්මෙට කෝල් එකක්.එහෙං ගත්තේ ගෑණු පරාණයක්.
"ඔබ මේ පිවිසෙන්නේ 100%ක් පිවිතුරු හෙලයෙකුගේ ප්‍රොෆයිල් එකකටයි. කරුණාකර සම්පූර්ණ හෙළුවෙන් ඇමතීමට කාරුණික වන්න." අලි දුවයි අපි තැලෙයි. හත්තිලව්වේ දැන් මූට කතා කරන්න මේ බස් එකේ ඇඳුම් ගලවන්නත් ඕනිද? මූ මේ ගල්කිස්සේ ගල් අස්සේ ඉන්නවද කොහෙද පාට් ටයිම් කරනවා කියලා. මොන විලි සංගේ නැති මිනිහද යකෝ හෙලුවෙං අමතහං කියන්නේ.
"මොකක්ද බොල තෝ මේ අමුඩ ගහන් පුයර ග ගා රට වටේ යන්නේ? බොට විලි සංගේ නැද්ද? නොදකිං නව නිංගිරාව. ඒ මදිවට අර කෝල් එක ගත්තු ගෑණි මට හෙළුවෙන් කතා කරන්නලු. තොට අන්ද කයිප්පු කැවිලද දැං?" මං පටන් ගත්ත වෙලේ ඉඳන් දෙසුවා. එහා පැත්තෙන් මහා අවලං වොයිස් එකකින් කියනවා
"යහලුව සංසුං වන්න. මා තව දුරටත් ඔබ දැන සිටි එකා නොවේ. දැං මා නියම හෙළයෙකි. අප සැම හෙළුවෙන් එකිනෙකා ඇමතිය යුතුය. හෙළුවෙන් අප වැඩ සියල්ලම සිදු කළ යුතුය. මේ සිංහල අපගේ රටයි." මගේ හක්ක රිවස් උනා වැලමිට විකෙන්නම. මූට දිශ්ටියක් වත් වැටිලද? ඕක අර රැට රෑට ලඳු ගානේ යද්දි මං කිව්වා. මේ පාර නම් බඩු හරි වගේ.
"බොට මක් වෙලාද හෙළුවෝ? මං මේ බොගෙ යාලුවා කතා කරන්නේ? තෝ කොහෙද දැං ඉන්නේ?" "සංසුං වෙන්න, අපි මේ හෙළයන්ගේ රටේ සිටිය යුතු විදියයි මා කිව්වේ. හෙළුවෙන් කීවේ සින්හල ක්‍රමයට. නැතුව බොලාට හිතුණු අශික්ශිත වූ ආකල්පයෙන් නොවේ."
"හරි හරි මෑණියන්ගේ සාලුව, බොලා දැන් කොහෙද ඉන්නේ?" මං අහපි. "මං දැන් ස්නායු රෝග අධයනය කරමින් ඉස කුඩිච්චි බඳිනවා. දැනුත් මේ පොලු පාරක් කා පැමිණි බවලතෙක්ට හෙළු ක්‍රමය උගන්වන ගමන්." ඌ කියපි. සන්තෝ මූට සැරටම ලෙඩක්ද කොහෙද.
"හරි බං එල." මං තියපි ෆෝං එක. ඊට පස්සේ ඇස් දෙක වහන් අර බිලි බෝර්ඩ් එක පහු කරං ගියා ඉස්සරහට. ඊලඟ හෝල්ට් එකෙන් නැග්ගා තඹයයි ඩබල් ඩීයි. උන් දෙන්නා නිකම් නයි නටවන්න යනෝද කොහෙද? මෙහෙම්ම ෆෝම් කරල කැළණිය පැත්තේ යැව්වොත් නම් සුපිරි. තඹය මොකක්ද හිරමනයක් උරුක් කොරන්, ඩබල් ඩී නිලමේ කිටක් වගේ උලව්වක් ඇඳන්. මුං දෙන්නා බස් එක ඉස්සරහට ගිහින් මැද්දෑවේ හිට ගත්තා. බසයෙන් අවසරයි.අපි මෙතනට පැමිණියේ සිංදුවක් කීමටයි. මං ගිටාර් ගහනෝ මෙයා නටනෝ. තඹේ අඳුන්වලා දුන්නා. හුටා. එතකොට අර හිරමනේට කියන්නේ ගිටාර් එකද? එහෙම කියලා තඹේ ඉඳ ගත්ත ලැජ්ජාව පැත්තකින් තියලා බස් එක මැද. "මං මේ රේප් සින්දුවක් කියන්නේ. මේක කොම්පෝස් කලෙත් මං මයි." ඒක නම් මසුරං වැඩේ. දැං කාලේ හැදෙන සිංදු කොම්පෝස්ට් කරල ගස් වලට දාන්නමයි හොඳ. "මේකේ ලිව්වෙත් මමමයි. කෝඩ්ස් දැම්මෙත් මං මයි, කොටින්ම මියුසික් වීඩියෝ එකේ ඉන්නෙත් මංමයි." මේම කියලා මූ හිරමනේ ගත්තා අතට. ඊට පස්සේ ඒකේ බොක්ස් එක අනිත් පැත්ත හරවල බෙරේකට ගහනවා වගේ තට්ටු දදා කියන්න ගත්තා. මං හිතන්නේ ඔය ගිටාර් එක ගහන්නේ ඕම නෙවෙයි. බස් එකේ උනුත් දිව බෙල්ල වටේ ඔතන් අහං ඉන්නවා.
"රායිට් එහෙනම් පටන් ගමු." කියලා මූ කියන්න ගත්තා.
"ටෙස්ටිං වන් ඕයේ ටෙස්ටිං වං, හා සඳ වට තරු පිබිදී යේ යේ යේ සඳ වට තරු පිබිදී හයි පිච්. නෝවේ, අනිවේ ආ යූ කිඩිං මී තරු වට කර" තඹේ තියලා දෙන ගත්ත බස් එක කුඩු වෙන්න. එතකොටම ඩබල් ඩී පැන්නා ඉසරහට අර සූට් එකක් ඇඳන්. ඒක මැදින් නවලා කැහැපට ගහ ගත්තා.
"හීව් හෝව් දැන් ඉවත දමන දඬුව උවද දුම්බර මහ කලු ගල යට" තඹේ දිව විකාගෙන සීන් එක දෙනවා. ඩබල් ඩී පටන් ගත්තා නැටුම. අර තොවිල් වල යක්ෂාවේශ උණා වගේ. බස් එකේ එවුන් විසිලුත් ගහනවා.
"ලයන් කිං හේ කිං කොකනට් හේ, මිනිස්සු තිදෙනෙක් බූරුව පිට නැග යන්නේ කොහේ මේ. යා බූරුව ඊස් දැන් තද කොළ පාටයි මිනිස්සු තිදෙනා ලා රතු පාටයි. පෙත්තෙක් බත් කන දිහා බලා බූරුව කීදේ දන්නවද ඔහෙලා." හම්මෝ සිංදු සීන් එක ලෙසටම යනවා. ඩබල් ඩීත් නටනවා.
"මෙයාට එලට රේප් කරන්න පුලුවන් නේද?" මට ඉස්සරහ සීට් එකේ හිටපු කෙල්ලෙක් අනිත් කෙනාට කිව්වා.
"ඔව් ඔව් එලට පුලුවන්. බොලාලත් අහල බලාල්ලකෝ. නොදකිං, වචන දන්නේ නැත්තම් කට පියන් ඉන්නෝනි." මං එහෙම කිව්වේ නෑ. හිතුවා විතරයි. උං දෙන්නා තොප්පියකට මාරු සල්ලි එකතු කරන් ඊලඟ හෝල් එකෙන් බැහැලා ගියා.
මං ගිහිං බැස්සා අදාල ස්ථානයේ. හම්මේ සූ ගාලා සෙනග. එතනම එහා පැත්තේ සුදු සාරි ඇඳන් ගැහැණු සෙට් එකක් ඉන්නවා පේනවා. මෙවුන් සුදු සාරි ඇඳන් සුදු රෙදි වලින් ජටා බැඳන් සුදු පාට පොට්ටු තියන්, නිකම් ධවල කන්‍යා වගේ. මුං මේ කැරැල්ලක්වත් ගහනවද? අම්ම ගහයි එලෝ එලෝ බැට් එකෙන්. පස්සේ ටිකක් ලං වෙලා බැලින් නම් එතන ලීඩ් කරන්නේ ෆර්නෑන්ඩූයි දින්නයි.
අලි දුවයි අපි තැලෙයි. මුං දෙන්නා මේ රට පෙරලන්නවත් යනවද? මගේ ඇඟ සලිත උණා. බැරි වෙලාවත් මුං පොලෝසියට මාට්ටු වෙලා බැටොන් පොල්ලෙන් තලද්දි අපේ නමුත් පැන්නොත් රිඹ ඉරෙනවනේ. කෝකටත් සූදානම් සරීරේ කියලා මං ලං වෙලා බැලුවා. උං සෙට් එක සුදු පාට කළ අරං ඒවට වතුර පුරවලා යන එන මිනිස්සුන්ට ඉහිනවා.
ඒ අස්සේ "ශාන්තී ශාන්ති ඔබේ හැඟීම් ඉලිප්පේවා, කැලැත්තේවා, පොලා පැනෙවා සාන්තී." කිය කියා කියවනවා. යසට ජෙන්ටා ගහලා යන එවුන් මුන්ගේ මේ වතුරෙන් තෙමිල යන ගමන් කුණුහබ්බෙන් බැන බැන යනවා. ඒ අස්සේ ගොඩපර පුයර ගාලා මුන්ට වෙන ලෙඩක් හැදිලද කොහෙද? මං ළං වෙලා කොකම් පාද්දි මුං මාව දැක්කනේ.
"බොලා මක්කැයි මේ වෙලා තියෙන්නේ, සුදු ඇඳන් මෙතන කරන්නේ? වඩිග පටුන රීමික්ස් ද? මං අහපි.
"නෑ නෑ, අපි මේ පාද යාත්‍රාවේ යනවා."
"මොකක් අනාචාරේ?" "නෑ හිවලෝ අපේ හේමාලයා බැන්දනේ."
"හේමාලය? අර කොරියා ගිය වයලට්ගේ මිනිහා නේද?" ඒක ඇහුණාම එතන හිටපු සෙට් එක සලිත වෙලා විලංභීත වෙලා තකහනියක් වෙලා, වඳ පීදිලා.
"එම්බා නර පණුව එතුමාට ඥං පචං කියන්න එපා හරිය. උන්නාන්සේ තමා අර මෙලොවට තිලක වූ, අම්මටසිරි වූ, පට්ටෙටම තෙල වූ, අනුන්ට කෙලියා වූ ශ්‍රේෂ්ඨ ප්‍රාණියා"
සිරාවටම කිව්වොත් මං ලංකාවෙ නලුවංගෙන් දන්නේ දෙනවක හාමිනේ විතරයි. එතනිං මෙහා එකෙක් හිටියේ නෑ රඟපාන්න පුලුවං .මුං දැන් පෙණේ කරලා මට දෂ්ඨ කරන්න වගේ හදන්නේ.
"හරි ඉතින් බොලා ඌ බැන්දා කියලා මේ උගේ හනිමූන් එක ප්ලෑන් කරන්නද යන්නේ? නැත්තම් ඌට පාංසුකූලේ දෙන්නද යන්නේ?"
"නෑ අපි එකතු වෙලා මෙව්වා එකක් හදා ගත්තා. දැන් අපි සිංහල කුරුමේ පොරවල්. අපි මේම අනාචාරේ පාද යාත්‍රාවේ ගිහින් එතුමාගේ දෙපා ගාව පාත පාත්රිකාවන් වෙලා කොන්ඩේ බූ ගාලා ජිවිතේ ඉතිරිය ධර්ම රාජ්ජයක් උදෙසා ගෙවනවා. මා තනි වී නෑ, දින්නාත් මා සමඟයි." මේම කියලා එහා පැත්තේ හිටපු දින්නාව පෙන්නපි. මට උං හිටි තැං අහිමි වෙන්න ගියා. මොන බිබික්කමක්ද මේ?" මං උංගෙත් වතුර පාරකුත් කාලා "තැන්ක් යූ" කියලා එතනින් තුනීයට ෂේප් උණා. පද්මයට කියන්න ඕනි මුංට ඉසකුඩිච්චි දාන්න කියලා වෙලවක.
මං යනකොටත් ගයා එතන.
"අඩෝ හයි වේ එකේ බං ආවේ. අම්මපල්ලා එහෙම සැපක්. බොලේ ඒක මරු ඉස්පීඩ්නේ බං. ගාල්ලට වැටෙන්න නම් කෙල ගහන්න ඕනි කොට්ටාවෙදි. පාරේ ඉන්න බල්ලනේ නැට්ට ඉස්ටිකර් වෙන්නම එනවා නෙහ්. අන්න බලපං රජාණෝගේ වැඩ." හනේ ඉතිං මුංටත් ගල් බනිස් කකා ඉඳලා වියන්රෝලක් දුන්නාම ඊට එහා දෙයක් නෑ.
"වර යන්න බොගේ ලබ්බේ පරීක්සනේට, වල් උලමා." මං මූවත් ඇදගෙන ගියා. තැනට. සූ ගාලා සෙනග.
"සරීර පරීස්සණේට ආපු සෙට් එක ගල් සෝටක් ඇඳන් වහාම පිට්ටනියේ දෙපසට වාර්තා කරන්න. සෝට් නැති එවුන් අමුඩ පිටිං ඉදිරිපත් වීමෙන් වළකින්න. එය අසෝබනය." යකඩ කටිං කිව්වා. ගයා ඌ ගෙනාපු සේරම රෙදි ලැජාව පැත්තකින් තියලා ගලෝල බැස්සා ගල් සෝටට.ඒක රෝස පාට මල් මල් සෝටක්. "අඩෝ දුවන්න තියන හින්දා කොටුවෙන් අද උදේ 500ක් දීල ගත්තේ මේ ත්රිකෝණේ. ආයේ මේම දාල්;ආ ගැටේ ගැහුවාම පුල් පිට්." ඒම කියලා මූ එතන නටන්න ගත්තා. බෙල්ල නවනවා, අත් උස්සනවා, අත පය අඹරනවා, ඩිෆ් ගහනවා, කකුල් හපනවා, බෙල්ල තලනවා, ජොයින්ට් විකනවා. අන්තිමට කුණුහබ්බෙකුත් කියනවා.
"මොකද බොලා ඔය තෝ කොරන්නේ?" මං අහපි.
"වෝම් අප් කරනවා."
"මොක?"
"වෝම් අප් බං වෝම් අප්. කෝමද මගෙ ජඩේ?"
"අනේ බොගෙ කෙහුර, ඔච්චර නහින්න එප ඔය කොරන හැටියට තව ටිකකින් උඹ දිව දොට්ට දාගෙන හාංසි. මටයි දුවන්න වෙන්නේ." ඒ ගමං මුගේ සමයං අඩු උණා.
"මාත් ඇඳන් ගිය ඩෙනිම කැහැපට ගහගෙන වතුර බාල්දි දෙකක් විතර සෙට් කරගේන හිටියා මූට නෙළන්න. ඊට පස්සේ මුං සේරමන්ලව ඉරකට ගෙනල්ලා කුණුහබ්බෙන් බැන බැන පේලි හැදුවා.
"සැරසේන් එලවේන් ඩෝං කියනකොට දුවන්න ඕනි. ඊට කලින් එකෙක් පනින්න බෑ ඉස්සරහට. පැන්නොත් තොපි සේරොමන්ලව හිටෝලා ගහනවා සුළු දිය පහ වෙන්න ගොං වාසුදේව හැත්ත." එතන හිටපු ඩෑල් එකක් එහෙම කිව්වා. හනේ ලිස්සලා හරි ගයා ටිකක් ඉස්සරහ පැනියං කියලා මට හිතුණා.
සැරසේන් වේං කිව්වා විතරයි ඩෝං ගාල සද්දයක් ආවා.
"වෙඩි තිබ්බා. දුවපාං." මට එහා පැත්තේ හිටපු එකෙක් බෙරිහං දුන්නා. මාත් අර වතුර බාල්දි දෙක අරං පණ එපෝ කියලා දුවන්න ගත්තා. එතන හිටපු හයේ හතරේ ඩෑල් එකක් මාව අල්ල ගත්තා.
"කොහෙද මීමෝ තෝ පණ කඩාගෙන දුවන්නේ?"
"අම්මටසිරි බුදු අය්යේ වෙඩි තිබ්බා නේද? " මං අහපි.
"වෙඩි තිබ්බේ දුවන්න මයිනෝ."මූ බලු කුණුහබ්බයක් කියපි.
"ඔව් ඉතින් ඒක තමා මං දිව්වේ. කීදෙනෙක්ට ගොක් කොළ හරිද?"
"තොට දුවන්න නෙව්යි බං, දුවන එවුන්ට දුවන්න වෙඩි තිබ්බේ." ආයේ බලු කුණුහබ්බයක්. ඕක වෙඩි තියන්න ඕනියැයි. සෑසේන් එලවේන් දුවපාන් කිව්වා නම් හරිනේ.
"මල්ලි දුවනවා නම් ඔහොම්ම දුවපාන් ඉස්සරහට. අර සීපෙට්කෝ එකේ පන්දමක් අරන් හෙලුවෙන් දුවන ලාංඡනේට ගන්න උංගේ සම්මුඛ පරීස්සනේ අද. බොලාටත් ගියෑකි." ඌ කියාපි.
මං නම් ගියේ නෑ. ඒකේ ඉන්නේ මං නෙවෙයි හොඳේ.