Search This Blog

Sunday, January 22, 2017

තුන්සක රිය


මේ වතාවේ මෙන්සොන් කරන්න යන්නේ මගේ තවත් අතීසාර බුලට් එකක් ගැන.ඔයාලා හිතනවා ඇති යකෝ මේ හාල් පෙන්දා දවස ගානේ එක එක මොනරු ගැන බ්ලොග් එකේ කියවනවා කියලා.එහෙම තමා අප්පා.මං වටේ ඉන්න හක‍රැල්ලො, මළ පෙරේතයෝ, බූවල්ලෝ ,හාල් ගැරඬි ගැන එක එක වෘතාන්ත, අසමජ්ජාති කතා, කෙප්ප කෙබර, නියුස් සෑහෙන්න තියනවා.මෙව්වා රටේ ලෝකෙට හෙළි කරලා පාවා දීලා මොවුන් වසා ඇති කඩතුරාව ඉවත් කිරීම තමා මගේ ඒකා යන බලාපොරොත්තුව.හරිය.

                     මූ නමින් සච්චෙ.මුගේ ඇත්ත නම පශ්ට දිගයි.ඒ කාලේ ඉස්කෝලේ රෙජිස්ටරේ  තිබ්බ දිගම නම තිබ්බේ මූට.මුල දවස් ටිකේ පන්තියේ මිස් රෙජිස්ටරේ ඕක කියවන්න ගියාම අපි පන්තියෙන් නැගිටලා කැන්ටිමට ගිහිල්ලා වඩයක් කාලා, ප්ලේන්ටියක් බීලා, පොඩි කයියකුත් දාලා, ඉස්කෝලේ වත්තේ අඹ ගහට පොලු ගහලා  අඹ කඩලා කාලා, මාට්‍ටුත් වෙලා ඔ‍ෆිස් එකේ දණ ගහගෙනත් ඉඳලා එනකොට තමා මිස් නම කියලා ඉවර කරන්නේ. එච්චර දිගයි.අන්තිමට මිස් මූට ඇතුළත් වීමෙ අන්කෙන් කතා කරළා තමා රෙජිස්ටරේ මාක් කරේ.නැත්තම් කොරන්න බෑ.

                     සච්චෙ සහ මම එකට තමා දහම් පාසල් ගියේ.අපි දැන් මේ හපු‍ටු විදියට හිටියට අපි දහම් පාසල් එහෙම ගිය බොදු දරුවෝ හරී.ආයේ අපි ගියා කියන්නේ පන්සල් වත්තේ තියන තැඹිලි ගෙඩි ටිකත් ඉවරයි.අපි කනවට නෙවේ.අපි කනවයැ ඕවා. උඹලට කියන්න මචංලා අපි පන්සල් ගියාම මුලු රටේම ඉන්න රිලව්, කපුටෝ, මීමින්නු, කෝඳුරුවෝ, පොළොන් තෙලිස්සෝ එනවනේ පන්සල් වත්තට.මුං තමා මේවා කන්නේ.කාලා ඉවර වෙලා ආයෙ මොකාටවත් හොයා ගන්න බැරි විදියට කෝම්බත් හංගනවා.ඒ හින්දා මුන්ට එරෙහිව නඩුවක් ගොනු කරන්න සාක්කි මදි කියල ගමේ තැන තැන කතා වෙනවලු.බලන්න දැන් කාලේ හැදෙන සත්තු.යකෝ වත්තක තැඹිලි ගෙඩ්ඩක් තියෙන්න ඇරපිකෝ.අපි නෑනේ ඕවට.සත්තු තමා.

                                 සච්චයා පශ්ට දස්සයි සල්ලි සම්මාදම් කරන්න.ඕකගේ වැඩේම මොකක් හරි කොළයක් ප්‍රින්ට් කරන් කණපින්දම් කියාගෙන කෙබර ඇද බබා ගෙවල් ගානේ ඇවිද ඇවිද සල්ලි හොයන එක.එක දවසක් දුප්පත් පවුළකට හනිමූන් යන්න කියයි,තව දවසක බීරෙක්ට සුදු සැරයටි අරන් දෙන්න කියයි, තව දවසක නැති බැරි හරකෙක්ට අං තට්‍ටුවක් ගන්න කියයි.රටේවත් නෑ ඔහොම ගරන එකෙක්. ඕකට තට්ටේ තියන මිනිස්සු පේන්න බැ. හොරෙන් ෆොටෝ ගහන් ගිහින් පිළිකාවක් හැදිලාය, සනීප කොරන්න සල්ලි ඕනැය කිය කියා සල්ලි එකතු කරනවා. දවසක් ෆොටෝ එකේ ඉන්න එකාගෙන්ම සල්ලි ගන්න ගිහිල්ලා මොකක්දෝ හුටපටයක් වෙලා මාස ගානක් යනකම් බත් කන්න උනේ නැහැල්ලු. කනවා වෙනුවට තලලා ගිලින්නලු උනේ. ඒ හින්දා දැන් මිනිස්සු මූ දකිනකොට පර්ස් එක හංග ගන්නවා. මූ ගම්මැද්දෙන් යනකොට ගමට සාගතේ ඇවිල්ලා වගේ.මෙලෝ කපුටෙක් පේන්න නෑ. සේරම මිනිස්සු ගෙවල් අස්සට වෙලා සද්ද වහලා ඉන්නවා.ඇයි ඉතින් දැක්කොත් ටිකට් කඩලා කොලේ පෙන්නලා සල්ලි ඉල්ලනවා.
                                                            
                               මූට තිබ්බා තිරීවීල් කට්ටක්.කට්ටක් කියන්නේ පරිසමාප්ත අර්ථයෙන්ම කට්ටක්.ආයෙ ඉතින් ඌරු උණේ සිට ඒඩ්ස් දක්වා සියළු ලෙඩ නොමිලේම හදා ගත්තෑකි එකෙ එක ගමනක් ගියොත්.අර ‍තෝමස් අල්වා එඩිසන් බලුප් එක හොයා ගනිද්දි ඒකෙ පිලමන්ට් එක ගේන්න හාඩ්වෙයාර් එකට ගිහින් තියෙන්නේ මේ ත්‍රී වීල් එකෙන්. ඒ කාලේ ටොරිංටන් සාමි එහෙම ඩේටා කාඩ් ගෙන්න ගන්න යූස් කරලා තියෙන්නෙත් මේකලුනේ.ඒ කාලෙ අද වගේ හැම තැනම කඩවල් නැහැලු.ඔය හංදියක පොඩි කොමියුනිකේසන් එකක් තිබ්බලු.එච්චරයිලු.
"ඒකට දැන්.තොපිට සැප වැඩී. බූරු හැත්ත."සච්චෙගෙ සීයා email චෙක් කරන ගමන් අපිට ප්‍රණීත බාසෙවෙං කයි දෙනවා.
ඕක ඉතින් වර්තමාන ආර්ථික ප්‍රභවයේ වෘතාන්තික යහ පැවැත්මේ සහ ගෝලීයකරණය වූ සංවෘත ටෙසලාකරණයේ ආදීනව තමා.කවුරුවත් අපි කිව්වට පිළිගන්නවයැ. හරි කොහොමෙන් කොහො හරි මේ ගස් ගෝත හිවල් මී මැසි පැටියා ඉක්කෝලෙ යන කාලේ ඉඳන්ම මගේ බොක්කක් උනානේ.පස්සේ නම් හිතුනා බොක්කක් කර ගන්නේ නැතුව උණ්ඩුක පුඡ්චෙ වගේ කර ගත්තා නම් හරි කියලා.පස්සේ ලයින් එකේ කපලා දාන්න පුලුවන්නේ. "පමා වැඩී ඔබ පමා වැඩී" කියලා එතකොටම අල්ලපු ගෙදර අවලං කමට ඇති කරන පිළිහුඩ්ඩා කියවන්න ගත්තා.මං අතට අහු උණු සෙරෙප්පුවක් ප්‍රක්ශිප්ත ගත කළා ඌ දිහාවට.එතකොට මූ මට කුණුහබ්බෙන් බනින්න ගත්තා.යකෝ අද කාලේ සිඟිති පාතාලෙ වගේ කුරුළු පාතාලෙත් තියනවනේ. හි‍ටුකෝ.ඕකගේ හොට වෑල්ඩිං කරන්න ඕනි වෙලාවක.සූ සූ ගගා ඉන්නෙ නැතෑ එතකොට.

                                        ඊට පස්සේ මට මතක් උණා හවස විද්‍යාව පංති නේද කියලා.අම්ම ගහයි එලෝ එලෝ.අද ප්‍රජනනය පටන් ගන්නවා. මං කිව්වේ ප්‍රජනනය පාඩම. ප්‍රායෝගික පරීක්ෂණ කරයිද දන් නෑ
 කියලා ඊලඟට හිතුණා. හප්පා. සිත වල්මත් වෙලා අප්පා. රුවන් වලා විමානේ. හරි ඉතින් රුවන් වලා උණාට මට මොකෝ කියලා හිත හිතා මම ඇඳ ගත්තා ඩෙනිමක් සහ කමීසයක්.ගත්තා පොත් ටික අතට.හුටා මූණ හේදුවේ නෑ.ඒ ගමන් ආයේ ඇඳුම් ගලෝලා මූණත් හේදුවා. හුටා ඒ ගමන් දත මැද්දේ නෑ.දත් ටිකත් මැද ගත්තා. යන්තම් බොනට් එක රීකන්ඩිෂන්. මං දත් මැද්දා කිව්වට මගේ බුරුසුවේ කෙඳි නෑ.නිකම් ප්ලාස්ටික් කෑල්ල විතරයි. ඒකෙන් ඉතින් උලන්න තමා තියෙන්නේ.ආර්ථිකේ බැහැල අප්පා.රුපියලත් බාල්දුයිලු

                 හරි පන්ති යාමේ ඉස්ටාටර් පැකේජය සූදානම්.මං පාරට ආවා. අම්මටසිරි.රෙදි ඇඳගෙන නෑ.මූණ හෝදන්න ගලෝපු තැන ඒ ටික.ආයේ ගෙදරට දුවලා ඇවිල්ල රෙදි ටික ඇඳ ගත්තා.පොත් ටිකත් ගත්තා.දැන් නම් පංචස්කන්දේ හරි වගේ. මං යනවඩෝ ක්ලාස්

                       දැන් මං පාරට ඇවිල්ලා බලා ඉන්නවා ඉන්නවා බස් නෑ.කොහෙද අපි ටොයිලට් පෝච්චි විකුන්නොත් ඉපදෙන උන්ට ගුද මාර්ගයක් නෑ.මොන ජීවිතද අප්පා මේ. ඈතින් ත්‍රී වීල් එකක් එනවා පේනවා.අත දාල බලන්න ඕනි. ඕන්න මූ ඇවිල්ල නැවැත්තුවා. අම්ම ගහයි පොල්කට්ටෙන් යකෝ මේ සච්චෙනේ. අසික්කිත හීරළුවා. 
" ‍තෝ කොහෙද යන්නේ මීමින්නො?"  මම ඇහුවා. 
"මම යනවා බං මේ ක‍ටුස්සෙක්ගේ කරේ රත්තරන් බඳින්න ආධාර එකතු කරන්න" මූ කිව්වා.

පිටි පස්සේ වයසක ඩයල් එකක් සහ ඇන්ටි කෙනෙක් හිටියා.තව බෑග් වගේකුත් තිබ්බ.මට නගින්න ඉඩ මදි.ආච්චිට හාල් ගරන්න.

 "නැගපං" කියලා මූ මට කිව්වා.

"කොහෙද යකෝ නගින්නේ.ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ පිටිපස්සේ." මං කිව්වා.

"‍තෝ මොකටද පස්සට ඇඟිලි ගහන්න යන්නේ? නැගපන් ඉස්සරහට." මූ කිව්වා.

     මාත් නැග්ගා.මූට සයිඩ් එකේ පොඩි ඉඩක් තිබ්බා.මං ඒකේ ඉඳගත්තා.මූ දැන් එලවන්න පටන් ගත්තා.මූගේ ඩ්‍රයිවිං නම් කිසිම කමකට නෑ.හයිස්පීඩ් යනවා කියන්නේ සීමාවක් නෑ.ගොඩක් උං මූට මරණ සහතිකේ ලියා ගන්න කියලා තිබ්බේ.මූ යනවා යෑමක් ආයෙ ලොවෙත්ම නෑ.ලැම්බෝගිනි මොනවද අප්පා.කෆීර් ආවත් වැඩක් නෑ.ටිකක් දුර යද්දි පසු පසින් වාහනයක් එනවා.බයික්කුවක්ද කොහෙද. ඒත් මූ සයිඩ් දෙන්නේ නෑ. අරූ හෝන් කරනවා.හූ තියනවා.කාගෙදෝ අම්මට පිං දෙනවා.කුණුගබ්බත් කියනවා.සමූපකාරෙට පූසෝ පැනලා වගේ.ඒත් මේ පරයා සයිඩ් දෙන් නෑ. 

"අපි අයින් වෙලා පයින් යමු පුතී" පිටිපස්සේ ඉන්න සීයා කියනවා.
 මූට ඇහෙන්නේ නෑ.මූ දත් මිටි කාගෙන දිවත් දොට්ට දාගෙන අම්මමෝ නැතුව මේක පදිනවා. 
 "ඉස්සරහ වංගුවක්.‍තෝ හදන්නේ අපිව මරන්නද? වල් පරයෝ ඔක හෙමීට අරන් පල." මං කියනවා. 
 මූට ඇහෙන්නේ නෑ.හුටා.වංගුව ගත්තා.නිකම් පිටි පස්සේ රෝදේ උඩ යනවා වගේ දැණුනා.
  "බුදු අම්මෝ" කියලා සද්දයක් පිටිපස්සෙන් ඇහුණා.  

දඩාස් ගාලා ත්‍රීවීල් එක පෙරළුණා.

"අම්මෝ මා නැ‍තෝ" පිටි පස්සේ සීයා මරෝ තියනවා. 
"එහෙනම් මාත් මළෝ" ඇන්ටිත් කියනවා ඇහුණා.
ඒක වෙනම අවටියල් කේස් එකක්ද කොහෙද.මං මේ කොහෙද ඉන්නේ එතකොට, මං බැලුවා. හුට පරිඥා. ත්‍රීවීල් එක මගෙ ඇඟ උඩ. සච්චෙ ත්‍රීවීල් එක උඩ. පිටිපස්සේන් ආපු බයික් එකේ හිටපු දෙන්නා තමා ත්‍රීවීල් එක කෙළින් කරලා අපිව කැණීම් කරලා ගොඩ ගත්තේ.වැඩි දෙයක් වෙලා නෑ.සීයගේ අතක් පැනලා.ඇන්ටිගේ දතක් කැඩිලා.මගේ කකුළ ඇමැට්ටි වෙලා.අත පය තුවාල වෙලා.ගර්ත ටිකක් ඉස්මුරුත්තාවේ ගිහින්. සච්චේගෙ කකුල දරුණු ලෙස තුවාල වෙලා.උන්ඩුක පුඡ්චේ ප්‍රදාහයක් ඇවිල්ලා.

"මොකද මූසලයෝ අපි අච්චර කෑගහද්දි ‍තෝ හි‍ටු කියලා පාගලා ගියේ?" බයික් කාරයෙක් සච්චෙගෙන් ඇහුවා. "මං හිතුවේ අය්යලා මාත් එක්ක රේස් එකක් යනවා කියලා". මූ කකුලෙන් ලේ බේරි බේරි කියවනවා.මට මේ තියන කකුලේ ඇමැට්ටේ නැත්තම් මං ඕකගේ රේස් එක යවනවා වැලිගම්පිටියේ. හිවල් මොටා.
"යකෝ ලබ්බේ රේස් එකක් නෙවේ.තොගෙ නම්බර් ප්ලේට් එක වැ‍ටුන කිලෝ මීටරයක් විතර කලින්.අපි ඒක ඇහිඳලා තොට ගෙනත් දෙන්න පස්සෙන් ආවේ.‍තෝ බූතයෙක් දැක්කා වගේ අරින්න පටන් ගත්තනේ වාහනේ."අර අයිය කිව්වා.
  වාහනේ කියලා කිව්වට දැන් ඒක හඳුනා ගන්න බෑ.නිකම් කොරවක්කෙක් ස්ටිකර් උණා වගේ.සච්චේ ඉඳපන් මං සනීප වෙලා එනකම්. හොඬවැලෙන් අල්ලලා ගහනවා ‍තෝ පොලවේ.
"දැන් ඉතින් යමු බෙහෙත් දාගෙන එන්න" අර අයිය කිව්වා."හාකො, යමු."
 

හුටා..එතකොට අද ප්‍රජනනය කොරන්න වෙන්නෙ නෑ..හය්යෝ...
මං කිව්වේ පාඩම.

Saturday, January 7, 2017

සරුප විත්ති

කලින් කිව්ව අර හවුස් මීට් එකේ හවුස් එකට නැවක් හදන්න ගිහිල්ලා නෝන්ඩි වෙල කොර ගගහා ගෙදර ගිය මෝරා මතකනේ? අද ලියන්න හදන්නේ ඌ ගැන. මෝරා සෙට් උනේ මුලින්ම ඉන්ගිරීසි පන්තියකදි.අවාසනාවක මහත.අදටත් කඩු ෆයිට් වලට ගියාම ලේ පෙරාගෙන එන්න වෙන්නේ.අයි නෝ හූනෝ බකමූණෝ.කඩ්ඩ අදටත් අරහං.මේ බැරුව නෙවේ.අපි යන් නෑනේ ඔය සුද්ද්න්ගේ බාසාවට සෙකන්ඩ් වෙන්න.ආයේ අපි ශුද්ධ වූ සිංහල සල්ලාපයේ යෙදෙන්නෙමු.අමුඩය ගසා පොල් ලෙල්ලෙන් මුහුණ උලා පවිත්‍ර වන්නෙමු.ගමේ බුලත් විටක් සප්පායම් වී ඇල් හේනේ පැල් රකින්නෙමු.අම්බලමේ ගිමන් හැර විඩා නිවන්නෙමු.අන්න එහෙමයි අපේ වැඩ.(පසුබිම් සංගීතය සිත නිවන කතා ට්‍රැක් එක බව කරුණාවෙන් සලකන්න.)

     ඉතින් මට මූ සෙට් උනේ ඉන්ගිරීසි පංතියේනේ.ආයෙ පහුවදා ඉස්කෝලෙ ගිහින් බලද්දි දැකලා පුරුදු ඩයල් එකකගේ මූණු තහඩුව තියේ නිකම් බොනට් එක රීකන්ඩිෂන් කරලා වගේ.මෝරාගේ විසේසත්වෙ තමා මුගේ මූණේ තියනවා ගමකට කුරුලෑ.ඉතින් මූට කුරුලෑවා කියලත් කියනවා.අපි වගෙ වලත්ත නරි ඌ නැති තැන් වල උරුලෑවා කියලත් කිව්වා.මම නම් මූණටත් කිව්වා.මූ අද තෙල් දාපු බැදුමක් කෑවොත් හෙට එන්නේ මූනේ කුරුලෑ පන්සීයක් විතර දමාගෙන.ඌ නම් කියන්නේ මූණේ විතරයි එන්නේ කියලා.තව කොහේ එනවද කියලා අපි හොයන්න ගියේත් නෑ.උගේ පතිවතට හොඳ නෑනේ.

               මූ ඩොකෙක් ගාවටත් ගියා බෙහෙත් ගන්න මේකට.මූට බෙහෙත් දීලම ඩොකා බංකොලොත් උණා.අන්තිමට ඩොකා දුශ්කර පත්වීමක් අරගෙන ගියා පුත්තලෙමෙනුත් එහා තියන දූපතකට.ගූගල් මැප් එකේවත් එහෙ පෙන්නන්නේ නෑ.එහේ ඌ විතරලු ඉන්නේ.නගරාධිපතිත් ඌමයි.බදු ගෙවන්නෙත් ඌමයි.එකම ලෙඩාත් ඌ.දොස්තරත් ඌ.ඒකෙන් අපි දැන ගත්තා මෝරාගේ කුරුලෑ අමාරුවේ තරම.මෝරා මෙහේ තනි උනා.ඩොකාගේ හොඳකමට ඩොකා මූට බෙහෙත් විතරයි දීලා තියෙන්නේ.

          ඉතින් දවසක් මම හවස් යාමයේ නිවාඩු පාඩුවේ ෆුල් මස්ත බාල්දු වෙලා, වැලේ වැල් නැති වෙලා, සමන් මලින් පවන් සලාගෙන ඉන්නකොට එක පාරට ආවා කෝල් එකක්.අනිවා ඕක පටන් ගන්නේ
"හිතවත් පාරිභෝගිකය, අපගේ නවතම ගොබ්බ ගොබිල පැකේජ් එකෙන් ඔබට දැන් ගෙදර ඉඳන්ම මළ මිණියක් එම්බාම් කරන විදිය දැන ගන්න පුලුවන්" කියලානේ.කොම්පැණියෙන් ඇරෙන්න බල්ලෙක්වත් කෝල් කරන් නෑ අපිට.ඉතින් වලාමේ මේ අරුමැක්කේ බෙලෙක්කේ කොම්පැණි නොවන නම්බරේකින් අපිට කෝල් කරන්නේ කව්ද බලන්න ආන්සර් කලා ෆෝන් එක.

"හලෝ මම ඉස්පීකිං.හූ ඉස් දෙයාර්?" මාත් නිකම් කඩ්ඩ නැති එකේ දැලි පිහිය වැනුවා ඉක්කා වැටෙන්න.
"ආහ් පුතා මම මේ ප්‍රියශාන්තගේ තාත්තා කතා කරන්නේ."අංකල් පාරක් එහා පැත්තෙන් ඇමතුවා.හුටා කව්ද යකෝ ප්‍රියශාන්ත කියන්නේ.සංවර ඩයල් එකක් වගේ.
"ප්‍රියශාන්ත, කියන්නේ කව්ද අංකල්?" මම ඇහුවා."අර පුතත් එක්ක එක පන්තියේ ඉන්නේ.අර හිපා‍ටු පෙනුමක් තියන හක්කේ දත් තුනක් නැති, හද්ද රාත්තිරියේ සන්ග්ලාස් දාගෙන ගිහින් පාරේ තියන ලයිට් කණුවක හැප්පිලා නහය චප්ප කර ගත්ත කොලුවා." අංකල් කිව්වා.හුටා දේහ ලක්සන අනුව නම් මෝරා විය යුතුයි.

     ඒත් අංකල් මොකටද මට කතා කරන්නේ.අපි මෑරෑටි වැඩක් කලේ නෑනේ ලඟදි. අර ඉස්කෝලෙට අල්ලපු වත්තෙන් හොරෙන් කුරුම්බා කඩලා අයිතිකාරයෝ එද්දි පිහියයි සරමයි ගහ උඩ දාලා ලෙලි ගහගෙන ගහෙන් බැහැලා ආවට පස්සේ නම් කළේම නෑ.සුවර් එකට මූ ගෙනාපු පිහියක් වෙන්න ඇති ඒක.මූ ගෙදර ගිහින් කිව්වද දන් නෑ මම පිහිය ගල් කරා කියලා.
"අනේ නන්නාඳුනන අංකල් මම නම් ඕවා දන් නෑ.මගේ ඕවාට ඇති සම්බන්දෙකුත් නෑ.මම මේ දැනුත් සුබාසිතේ කවියක් පාඩම් කර කර ඉන්නේ.සිසි වන උවන ඉඟ සුඟ ගත හැක මිටින." අම්මටසිරි.ඒ මොකක්ද යකෝ ඒ?
"නෑ නෑ ලමයෝ.මම කතා කරේ මේ අපේ පුතාට පොඩි කරදරයක් උණානේ.ඒක කියන්න."අංකල් කිව්වා. "අම්ම ගහයි අංකල්.කෙලින් කියන්න එපැයි.මොකෝ අර ගස් හෝතඹුවට වෙලා තියෙන්නේ? ඌත් අර ගයාගේ නංගි වගේ ගෙට වෙලාද? එලකිරි.පිරිකර ටික ගෙට එන්න මම සිංදු ටික දෙන්නම් අංකල්." මම කිව්වා.
"නෑ නෑ ලමයා, අපේ පුතාට නයෙක් ගහලනේ." අංකල් කිව්වා.
"පයින්ද අංකල් ගහලා තියෙන්නේ? නැත්තම් අතින්ද ගහලා තියෙන්නේ." මම කිව්වා. "සරුපයින්ට කොයින්ද ලමයා කකුල් අත පය.මේ අපෙ ලමයා සරුපයෙක් කාලා" අංකල් කියගෙන යනවා.
"ඕකනේ ඉතින් අංකල්ලා ලමයි හැදුවට උන්ට කන්න දෙන් නෑනේ.ඌ ඉතින් අවලමේ ගිහින් එක එක රටේ නැති ජරාව කාල එනවා.මට ඒත් හිතුණා මූ හාල් මැස්සා වගෙ වීගෙන එද්දි කන්න නම් දෙන් නෑ තමා ගෙදරින් කියලා.
"‍තෝ බීලද යකෝ.‍තෝ එනවනේ ලමයි හදන හැටි මට කියන්න.අවලං කොබෙය්යෝ තොගේ යාලුවාව සරුපයෙක් හපලා.විස ගිහින් ඇඟ අස්සට.‍තෝ එනවා මෙතන ලබ්බේ තොවිල් නටන්න."අංකල් නිකම් ආවෙස වෙලා වගේ වඩිග ප‍ටුන නටන්න පටන් අරන්නේ.මට දැනුයි වැඩේ ක්ලික් උණේ.මේ බඩ ගාගෙන යන නයෙක් අපේ මෝරට කොටලා.
"එලකිරි අංකල් ගොක් කොල ටික මං ගානේ දෙන්නම්.දවස් හතම අදින්න මම එනවා.ආයේ ඉතින් පෝෂණ සතියක් තමා.අංකල් මාරිද දෙන්නේ,චොකලට් බිස්කට්ද? ඒක ඉතින් අංකල්ගේ කැමැත්ත.මිනිස්සු නම් චොකලට් වලට කැමති.කෝඩියල් හදන්න බැරල් හොයන්න එපා අංකල්.මිදුලේ වලක් හාර ගත්තම ඇති.කෝමත් මෝරා ඉද්දි කියලා තිබ්බේ ඌ නැති දවසට උගෙ බඩු ටික මට දෙනව කියලා.සේරම නම් එපා.අර උගේ රිමෝට් කාර් එක තිබ්බොත් නම් මරු ඈහ්." මම කියාගෙන ගියා.

      "මොකක්ද යකෝ ‍තෝ මේ කියවන්නේ.ජීවත් වෙන උන්ට ගොක් කොල කපලා දේපල ලියා ගන්න තොට කොයිල්ද හරකෝ." අංකල් ආවේස උනානෙ.
"ඇයි අංකල්
 මෝරා මළේ නැද්ද?" මම ඇහුවා."නෑ උලමෝ.ඌ යසට ඉන්නවා තවම.කැමති නම් ඇවිල්ල බලලා පල." අංකල් එහෙම කියලා ෆෝන් එක කට් කරා.මම කෙළින්ම ගත්තා අපේ ඕප දූප චක්‍රවර්තී සෙබාට.අහ ගත්තා ෆුල් ඉස්ටෝරිය.දැන්නේ තේරෙන්නේ.

       අර මුසප්පේන්තු නයෙක් කට කහනවට මෝරාව ඉඹින්න ගිහිල්ලා.ආදරේ වැඩි කමට දතක් දෙකක් වැදිලා.නයා එතනමයි.මෝරාට හෙණක්වත් නෑ.ඌ අර කළින් දවසක හැදිච්ච හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න හොස්පිටල් ගිහින්.ඕක දැකපු කාක්කෙක් මූ ගාවට වමනෙ දාලා.දැන් කතාව යනවා මෝරාව නයෙක් කාලා එවෙලේ ඉඳන් මෝරා වටේ කපුටො හතක් කර කැවෙනවා කියලා.මොනා උනත් අතීසාර මිත්‍රයනේ කියලා මං ගියා මූව බලන්න.මූ ඉන්නවා ඇඳක් උඩ දපනේ දාල.උගේ ගාව තියන මේසය උඩ බඩු ගොඩායි.ඇපල්, දොඩම්,එකී නොකී හැම ජාතියක්ම මූ ගාව.ගෙදර යනකොට ඔයින් ටිකක් අරන් යන්න ඕනි.මූ මේවා කාල තව ලෙඩ උනොත් අපිටමනේ වදේ.

     "අඩේ බං ටවුමේ කඩවල් සේරෝම වහලා.එකයි මුකුත් ගේන්න බැරි උනේ." මං ඇද බෑවා ටොම් පචයක්.මේ හිවල් කොහාට මොකටද අනම් මනම්.ඌගේ දෙයක් අත පත ගාගෙන යනවා මිසක්.නිවාඩු දවසට ගෙදර ඉන්නත් නෑ.රෑට රෑට අවලමෙ ගිහින් නයින්ට තොත්තු දීල උන්ව මරලා කපුටන්ට කියල වමනෙ කොරගෙන එනවා මෙතන ගොරොද්දේ අදින්න.මම මේවා හිතුවා විතරයි.කිව්වේ නෑ.මෝරගෙ තාත්තා එතන සිටියා.අංකල් ෆෝන් එකෙන් කතා කලාට මාව දැකලා තිබ්බේ නෑ.හීහ් හී.ජාඩි හතයි බත් දෙකටයි
"දැන් මොකක්ද බං ඩොකා කිව්වේ? "මම ඇහුවා.
" ඩොකා ඇහුවා බං නයා අඳුර ගත්තද කියලා." ඌ කෙඳිරි ගගා එහෙම කිව්වා. "ඉතින්?" මම ඇහුවා."මම කිව්වා බලු කුණුහරුප කියන්න එපා ඩොකා.මං ඌව අඳුරනවා නම් ඌ මාව කන්නේ නෑනේ කියලා."මූ කියනවා.ඒකත් ඇත්තනේ.ඩොකාටත් ඇහැ‍ටුල්ලෙක් ගහලද කොහෙද.අඳුරන නයි හපාවියැ.
"‍තෝ මොකටද ඔය යක්කු පොල් ලෙලිගහන වෙලාවට ලඳු අස්සේ රිංගන්න ගියෙ?" මම ඇහුවා.
  "මේකනේ උණේ, එදා හරි භයානක දවසක්.ලාවට වගේ හඳ පායලා තිබ්බා. බකමූණ්ණු උඩු බිරුවා, උලම්මු පියා සැලුවා, ‍රැහැය්යෝ තප්පුලන්න පටන් ගත්තා.ඔය අස්සේ මම ගියා වැටහිරා කොල දෙකක් කඩන් එන්න අර පහල තුඹහ ගාව වැටහිරා ගහ ගාවට.අපේ ආච්චිගේ මූලක්ගින්න වැඩි උණානේ එදා රෑ.ඒ වෙලාවට වැටහිරා කොල දෙකක් කඩලා රෝල් කරලා කණ අස්සේ ගහ ගත්තාම නිදහසේ කණක් ඇහිලා ඉන්න පුලුවන්.ඉතින් මම ගිහින් කොළ කඩද්දි නයා උගේ ගෙදර ඇවිල්ලා.ඒත් මම හිටං ඉන්න හින්දා ඌට ඇතුළට යන්න බැරි වෙලා.
මූ "එක්ස් කියුස් මී මල්ලි.මේ අයි ගෝ ඉන්" කියලා ඇහුවා.කාගේ උණත් දරුවෙක්නේ බං.මම අයින් වෙලා පයින් ගිහින් ඌට ඉඩ දුන්නා.ඌ ‍ෆිට් එකට කකුළ බදලා තොත්තුවක් දුන්න එලකිරි කියලා.එච්චරයිලු බං සර්පයාට මතක.ඌට සිහිය ගන්න අපි සෑහෙන්න ට්‍රයි කලා.අන්තිමට ට්‍රයි කරලා කරලා සෑහෙන්න ගේමක් දීල යන්තම් සිහිය එනකොට ඌ මැරිලා."
ආදරණීය මුචලින්ද වරිගේ පයනු තෙලිස්සා.ඔබට නිවන් සුව.ජාති ජාති මූ වගේ හැලපයින්ට තොත්තු නොදේවා.