Search This Blog

Thursday, October 26, 2017

දානෙ කතා- 02

බස් එකට නැග්ග ගමන් පද්මේ පැන්නා පෙම් මුල්ලට. හරියට ඌ ඒකෙ අහවල් එක කොරන්න යනවා වගෙ. නොදකිං. යකූ මෙච්චර මේ සදාචාර සම්පන්න රටේ මොකාද පෙම් මුලු වල යන්නේ. සුදු වතින් සැරසීගෙන සුබාසිතේ බල බල බස් වල යන්න ඕනි දැන්.
                                                   මේ යන හැටියට පෙම් මුල්ලේ ගියත් පොලිසියෙන් ඇවිල්ලා කුදලන් ගිහින් සමාජ රෝග තියේද කියලා බලන සයිස් එකක් දැන් තියෙන්නේ. දැන් එච්චර හෙළ සිරිතට රට හැදිලා තියෙන්නේ. ආයේ සත්තුන්ටවත් පාරේ විළිවතින් යන්න අයිතියක් නෑ. පොලිසියෙන් උන්ට ඇඳුම් මහලා නැකතක් බලලා අන්දවනවලු. එච්චර සදාචාරේ.
                                                           ඒ හින්දා දැන් ඕනි ගෑණු කෙනෙක්ට මැණිකක් ඔලුවේ තියාගෙන රටේ එක කොණක ඉඳගෙන අනිත් පැත්තට යන්න පුලුවන් කියලා මැගිලින් නැන්දා කියනවා මං අහගෙන. හිහ් ඒ නැන්දා නම් මැණික් ගල් නෙවෙයි පතරංග නිධානයක් උස්සං ගියත් උන්දැට මොකවත් වෙනෑ. වෙන දෙයක් වෙන්නේ අහල පහල ඉන්න උන්ට. ඒ තරමට චරියාව.
 "ඒකට දැන් කාලේ ඉන්න කෙලි හැත්ත. මුංට කාලා ඉන්න බෑ, තෙල වැඩි වෙලා. අපේ කාලේ නම් අපි කොල්ලො දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ." නැන්දා පතරංගේ දිග ඇර දිග ඇර කියපි.

    එහෙම කිව්ව විදියට ඒ වයසේ එයා හිටියා නම් නෑන්දගෙ ලොකු පුතාගේ වයස බලද්දි එක්කෝ ලොකු පුතා හම්බ වෙද්දි නැන්දා රෙද්දකින් ඇස් බැඳගෙන ඉඳලා. එහෙමත් නැත්තම් මාමා ගෑනියෙක්. අන්න එහෙම බරපතල අර්බුද වලට මුහුණ දුන්නු කාලෙක අපි මේ උදේම මූසල කමට යන්නේ තවත් දානෙකට. හරියට කොකාගේ කණ හොයන්නා වගෙ. සෙට් උනාට හි‍ටු කියලා ලාතරස් සීන් සෙට් නොවේවා.

                                                බස් එකට නැග්ග ගමන් පද්මයා පටන් ගත්තා වර නගන්න.ඌ හිතන්නේ මේ අපි ට්‍රිප්පුවක් යනවා කියලා. ඌ ඌට හැකි සරීර සක්ති පමනින් උගුරේ ‍රැල් බුරුල් හැරලා උගුල් අටෝලා උගේ ලා‍ටු වොයිස් එකෙන් "අඩු කුලේ කියාලා අසරණයා, මැඩලන්නේ මෙ ලෝකේ වසලයා." කිය කියා බස් එකේ යන්නේ.
 මූ බස් එකට නැග්ග වෙලේ හිට හූ තල තල කෑගොස්සන් ගහනවා. බෙල්ලත් මුලු අස්සන් ජනේලෙන් එලියට දාලා වටේ ඉන්න උන්ටත් ඇහෙන්නත් එක්ක මූ මෙව්වා කිය කිය යන්නේ. බස් එකේ හිටපු අනිත් මිනිස්සු මූ ගාවට ඇවිල්ලා සල්ලිත් දීලා ගියා.
 "අනේ වේදනාවටද කොහෙද හූ තල තල කෑ ගහනවා? කුණා‍ටුවකට අහු වෙලා වෙන්න ඇති. ඇහැකුත් පේන්නේ නෑ වගේ, හාල්පාරු පාටයි." මිනිස්සුන්ගේ හිතේ මූ කැළනි හිඟන්නෙක් කියලා. 
"අසරන ගොබිලෙක්, කකුලකුත් කොරයි, මූනත් තැළිලා වගේ. රණ්ඩුවකට ගිහින් උදළු පාරක් වැදිලලු. ඕකා ඉස්සර එහා ගමේ මාලු ලෑල්ල කලානේ. වැල්ලේ මිනිස්සු එක්ක වලියක් ගිහින්. මූ බලයාට ගල් පාඬියා කියලා, කෙලවල්ලාට පොල් කොරලි කියලා, අල ගොඩ්ඩෙක්ට සූඩ්ඩා කියලා. උංට මල විදලා මූට නෙළලා. පස්සේ ඔපරේසන් එකක් කරලා උණ්ඩුක පුච්ඡේ අයින් කරලා. ඒකයි දැන් ඔහොම ඉන්නේ" මේ යක්කු ඒ ගමන් රටේම වල් පල් හද හදත් කියනවා.
 මූ එක්ක මම ඉන්නව දැකලා මාව මාලු ලෑල්ලේ පිහිය ගලේ උලන එකා ගානට දාවි කියලා මම අහක බලන් හිටියා. ලැජ්ජාව බාල්දියෙන් එකයි. මම ඌව අඳුරන්නේ නෑ වගේ.

                දැන් දානේ තියෙන්නේ ඩබල් ඩීගේ කිරිඅත්තගේ කාර්යාලේ වැඩ කරන ඇසිස්ටන්ගෙ පුතාගේ වඳ පුංචි අම්මගෙ ගෙදර. එහෙ ටැන්කියේ ඇති කරපු ගෝල්ඩ් ‍ෆිශ් මැරිලා. ඒකට මේ බණක් කියලා දානයක් දෙන්න හදන්නේ. පාර පෙන්නන්න යන්නේ පර්නෑන්ඩූ. ඒ ගැන නම් මට සාධාරන බයක් තියනවා. කලින් වතාවක නිගන්ටයට උනු දේ අපිටත් වෙයිද දන් නෑනේ. කොහොම හරි ගිහින් බැහැලා බලද්දි මූ අපිව එක්කන් ඇවිත් තියෙන්නේ මෝදර වැල්ලට. තව ටිකෙන් ඇත්තටම පද්මයට මාලු කපන්න වෙනවා. යන්තම් ලැජ්ජාව පහයි දෙකේ මාලු දැලකින් වහගෙන එතන ඉඳන් අපි ආටා එකක් අරන් දානේ ගෙදර ආවා.

                     ඇත්තම කිව්වොත් මම නම් පිරිසිදු සිතින් දානේ ගෙදරක යන්නේ මට හොඳට කන්න. නමුත් මගේ බඩ පුරවා ගන්න නෙවෙයි ඇත්තටම ඒකෙ චේතනාව. දානේ ගෙදර ඉන්න මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න. නැතුව මේ මට උයාගෙන කන්න බැරිකමකට යනවා නෙවෙයි. මම මෙහෙම කන්න හිතාගෙන දානේ ගෙවල් වල ගිය දවස් කොච්චර සොඳුරුද කියලා දැනුනේ මේ දානේ ගෙදරට ආවාම තමයි. ඕනි ජිලක් පණම් අටයි කියලා දානේ ගෙදරට ගියාට මොකද ගිය වෙලේ හිට කප්පරකට වැඩ.
 ගිය ගමන්ම සෙට් උනේ පිඟන් වලට ලන්ච් ශීට් දාන්න. මොන උලව්වකට මෙව්වාට මේ කවර උලනවද දන් නෑ.කන එකෙක් නෑඹිලියට හරි බෙදන් කාපන් කියලා ඉන්නනේ තියෙන්නේ. ඒත් ඒක සිස්ටසම්පන්න නැහැල්ලු. අර උලව්වෙ ලන්ච් ෂීට් දාන්න ඕනිලු. මේවා හොයා ගත්තු එකා උල තියන්න ඕනි දෙකොණින්. එව්වා දාද්දි සාමන්‍ය සයිස් එකේ පිඟන් අස්සේ තිබිලා පෙරිය සයිස් පිඟනුත් හම්බ උණා.
  එව්වා පිඟන් නෙවෙයිලු. දොරවල් නැති කාමර වලට පොල් අතු පැලැල්ලක් විදියට යූස් කරන්නත් පුලුවන්. ඕනි නම් ඒවා වාහනේක ඇලෝ වීල් කරන්නත් ගන්න පුලුවන්.
කෝම හරි ලන්ච් ශීට් දාද්දි පර්නෑන්ඩු පිඟන් තුනක් බින්දා. ඒවා කාමරේ තිබ්බ කැබිනට් එකක් අස්සේ රුවලා මුකුත් උණේ නැති හොලා වගේ හිටිය සීන් එක තවම මොකෙක්වත් දන් නෑ. ඒ වගේම කුස්සිය පැත්තට ලයින් එකේ ගිය තඹේ ඔය පොල් තෙල් බෝතල් දෙකක්, හකුරු බෑයක්, ඉඟුරු කිලෝ පහක්, කරෝල කූරියෙක්, තාන්කච්චි රෙදි මිටියක් සහ තව සුලු සුලු අනෙකුත් අනම් මනම් ගෝනියකට දාලා ගැට ගහන් ලයින් එකේ ගෙදරින් පන්නපු සීන් එක මං හිතන්නේ දැක්කේ මං විතරයි. මං ඉතින් ඕවා කාටවත් කියන්න යනවා කියලැයි.
 අපි මේ වැඩ කර කර ඉද්දි ආවා කියපංකෝ බලුවෙක්. "මූ තමයි සින්ඩි" ගෙදර අය අපිට ඌව අඳුන්වලා දුන්නා.ඌ පැත්තක උණ්ඩි කරලා දාලා තිබ්බ රෙදි ටිකක් උඩ වැතිරිලා නිකම් කින්ඩියට වගේ අපි දිහා බැලුවා. වෙලාවක මූට සැන්ඩි නොකර පොවන්න ඕනි වන්ඩියට ඉස්ම එනකම්.
  කෝම හරි අතක් පයක් නොකැඩී දානේ නම් දී ගත්තා. දානේ දීලා අපිත් සුට්ටක් ගිලලා වැතිරිලා ඉද්දි එක පාරටම ආපි තුවක්කුවක් කර පින්නා ගත් හයේ හතරේ ඩෑල් එකක්.
"මල්ලි මේ පැත්තෙන් ඉත්තෑවෙක් එහෙම ගියේ නෑ?" මූ මගෙන් අහපි. යකූ මූ දඩයක්කාරෙක්ද කොහෙද. "දැක්කේ නම් නෑ, ඇයි අය්යේ?"
"නෑ බං මල්ලි මං ඌට ටැලි ග්‍රැම් එකක් ගැහුවා එන්න කියලා. මූ ආවේ නෑනේ." හෑක් මොකක්ද යකෝ ඒ අවලම්බීත කතාව. ඉත්තෑවන්ට ටෙලිග්‍රෑම් ගහන්නේ අහවල් උලව්වකටද.
"අය්යා මෙහෙද?" "නෑ මල්ලි මම බ‍ටුගෙදර . එහෙ මේ ටිකේ  ඌරො මඩ තලනවා. හබන් කුකුලෝ හෝම් කමිං යනවා. ඒ අස්සේ ගිලීමලේ ඉන්න හක්ක රිවස් ඩෑල් ඇවිල්ලා සීපද කියනවා. ගඟ ටවුමට කවි කියනවා, ටවුම ගඟට කවි කියනවා. එව්වා අහං ඉන්න උං පත්තරේ දානවා. හතර විලිජන්ජාලයයි මල්ලි එහේ මේ දවස් වල." මෑන්ස් කියාගෙන කියාගෙන ගියා.
 දෙය්යෝ, මූට තියන ප්‍රස්න.
"හරි ඉතින් අය්යා මෙහෙට වෙලා මොකද කරන්නේ?" "මම ඇහුවා
"මම මෙහේ ඉත්තෑවෝ අල්ලනවා මල්ලි."
"ඉත්තෑවෝ අල්ලනවා? එහෙනම් අර ටැලිග්‍රැම් ගහන්නේ මොකාටද?" මම අහපි.
"මේකනේ මල්ලි, අපි දැන් උන් අල්ලන්නේ මොඩර්න් විදියට. මම පාරේ උගුල අටෝලා ඉත්තෑවට ටෙලිග්‍රම් එකක් ගහනවා ඔහෙන් වරෝ කියලා. ඌ එද්දි කෙලින්ම උගුලේ. හරි සරලයි හිටං." මූ කියපි.
මූ මේ ගල් වැද්දෙක්ද කොහෙද. එක්කෝ මූට අන්දකයිප්පු කැවිලා. නැත්තම් මෙහේ ඉඳලා වැඩි වෙලා ඔලුව කුරුවල් වෙලා. ඌ ටෙලිය ඩිලිවර් උණාද බලන්න ටෙලිකොම් එකට යනවා කියලා ගියා යන්න. අපි තැනකට ගියොත් යන යන දිහාවෙ ඉන්නේ සයිකෝ උං. වැඩේ කියන්නේ මාත් එක්ක යන උංටත් සයිකෝ ගහන එකනේ.

                                 වැද්දා ගිහින් ටිකකින් කාමරේකින් සර සර ගාලා සද්දයක් එනවා. නිකම් කව්දෝ එකෙක් සොපිං කවර හොලෝනවා වගේ. ඒත් දැන් සොපිං කවර තහනම් හින්දා ඕව තිබිලා මාට්‍ටු උණොත් කෙලින්ම හිරේ. මේ කාලේ හිරේ නොයා කොරන්න පුලුවන් එකම දේ කැළෑ කපන එකයි, බැංකු සුද්ද කරන එකයි. තව ඕන ගොනෙක්ට කඩේ යන්නත් පුලුවන්. කෝම හරි දැන් මේ තහනම් ශබ්දය ඇසුණු කාමරේට අපි එබුණා. ඇයි යකූ මොකෙක් හරි මේක අස්සේ සොපිං කවරයක් හොරෙන් තියන් හිටියොත් කට්ටියම ගස්.                                                                                                                                                                           
                යද්දි මොකෙක්දෝ එකෙක් ඉහේ හිට කවර උලාගෙන. මූ කාමරේ එහෙට මෙහෙට පැන පැන ඉන්නවා. ඔලුවෙත් සොපිං කවර. බෙල්ලේ ඉඳන් පහලට පෝර කවර. කකුල් දෙකට ටියුලිප්.
  මේක දැකලා මගේ සරුවාංගෙම මයිස් ඉස්මයිල් උණා. ග්‍රීස් යකා ආවා රිවට් බුරුල් වෙලා. දැන් සොපිං යකෙකුත් ෆෝම් වෙලාද දන් නෑ.මූ හදන්නේ අපිවත් ඇදන් නිරුවතින් හිරේ ලගින්න. ඊට පස්සේ හිර බත් කකා හිර වතුර බිබී හිර ගුඩුස් ඇර ඇර ඉන්න බැරියැ.
                            මේක දැකලා පද්මයටත් මොකක්ද වෙලා. ඌ එතන ඉඳන් තාලම්පටක් ගගහ සිංදු කියනවා. "මුලු ගතම වෙහෙසුණා. දහ දියෙන් නැහැවුනා."  මුං සේරටම සයිකො බෝ වෙලා.
  මේ වගේ වෙලාවටවත් යහපත් සරීර සවුක්යෙන් ඉන්න එපැයි.ඒ අස්සේ අර නටා ඇවිදින එකා මුලු අව් අස්සන් පැන පැන ගිහින් බිත්තියක හැපිලා දෝයියං පත බෑවුණා බිමට. මං හිතන්නේ වැටිච්ච පාරට අක්මාව ගැට ගැහිලා. අපි ගිහින් ලයින් එකේ මූන පුරා තිබ්බ සොපිං කවරේ අයින් කලා. යකූ මේ පර්නෑන්ඩූ නේ. මූණ පුරා කලු තෙල් උලාගෙන මුන්දැ මොකක්ද මේ ගෝනි බිල්ලෙක් වගේ කොරන්නේ. අමු කැවිලාය. ටිකක් වෙලා යද්දි යන්තම් සිහිය වගේ එකක් ආවා.

 පර්නෑන්ඩූ මොකක්දෝ එකක් කියන්න හදනවා වගේ පෙණුනා. ඒත් හරි හමන් සද්දයක් පිට වෙන් නෑ. නිකම්ම ගොර ගොර සද්දයක් විතරයි එන්නේ. එතකොට තඹේ නිකම් මහදැන මුත්තා වගේ කියවන්න ගත්තා.
"මොකක්ද බං ඔය උගුර බල්ලෝ කාලා වගේ. බැ‍රැණ්ඩි වෙලා. කාපංකෝ වැල්මී කෑල්ලක් ඉඳලා හිටලා. නැත්තම් හවසට පොල් කෑල්ලක් ගලෝල පුච්චන් කාපියකෝ. හරියට නිකම් අර්ශස් හැදිච්ච කොටලුවෙක් වගේ." තඹේ බනින්න ගත්තාම කිසිම චාරයක් නෑ. මම වගේ සිස්ටසම්මන්න අදිස්ටාන වචන ඌට නෑ.

එතකොටම පර්නෑන්ඩූට හරි සිහිය ආවා.
"පොල් ගලෝලා කන්න, තඹේ බොට කොයිල්ය. මොන පොල් කෑමක්ද මේ කාලේ. පොල් ගෙඩ්ඩක රයිස් බලනවකෝ." පොල් ගෙඩ්ඩේ මොන රයිස් බලන්නද කියලා කියන්න කටටත් ආවා. ඒත් බාල්හ ගිලානෝ නෙහ්. ඇහුවේ නෑ.
"මොකක්ද මේ සොපිං කවර ඔතාගෙන උඩ පැන පැන කොරන්න යන්නේ?" මම පස්සේ පර්නෑන්ඩුගෙන් ඇහුවා.
"මට හදිසියේ හඳට යන්න ආසාවක් ආවා." මුන්දැ කියපි. "චන්ද්‍රකුමාර හම්බ වෙන්නද? අඩේ හම්බ උණොත් කියහංකෝ උගේ හා පට්ටිය බලාගෙන කැරටක් කාගෙන එහෙටම වෙලා ඉන්න කියලා මේ නැට්ට ගිනි තියා ගත්ත හනුමා වගේ ලංකාවට උල්කා එවන් නැතුව. බොක්ක දනවා ඕයි. අර කොරියාවෙන් මිසයිල එවනවද දන් නෑ. දැන් අපේ ගමේ උං වලාකුලක් දැක්කත් කුඩේ ඉහල ගන්නවා. ඒ අස්සේ පොළවෙ ඉන්න බෑ පොලවෙන් එක එක හෝතඹුවෝ මතු වෙනවලු. කෝමද ඕයි මේකේ ඉන්නේ." මම මහත් වූ පශ්චතාපයෙන් කියෙව්වා.
"ඒ රට බයිලා නෙවෙයි. මට ඕනි හඳට යන්න. සොපිං කවරේ දා ගත්තම නිකම් පා වෙනවා වගේ." පර්නෑන්ඩූ කියපි.
මේකා මොනා හරි බීලද කොහෙද. පා වෙන්න නෙවෙයි, ඕක අස්සෙදි හුම්ම හිර වෙලා මැරෙන්නයි වෙන්නෙ. "හඳට යන එක නම් ටිකක් අමාරු වෙයි හැබැයි. නාසා එකෙන් දැන් වඳුරෝ, හෝහපුට්ටෝ හඳට යවන් නැහැල්ලු. එහෙම යැව්වේ ඉස්සරලු. ෆීලිං සෝ සොරි."

තවත් දානේ ගෙදරක ගිය ඇඟ ලොමු දැහැ ගැන්වෙන කතා පුවත ඊලඟ එකෙන්.

Friday, September 8, 2017

දානෙ කතා

අක්කගේ දානෙ ගෙදරින් පස්සේ ආයේ දානෙ ගෙවල් වල යෑම මං ටික කාලෙකට නැවැත්තුවා. ආරාධනා නම් සෑහෙන්න. මං වගේ නිර්ලජ්ජිත, විච්චූර්ණ, අලජ්ජ, පතරංග ඩෑල් එකක් ඉතින් දානේ ගෙදරකට ගියත් වාසනා. ආයෙ මල ගෙවල් හතක් වෙනවා දාන හතක් දෙන්න. ගෙදර උංට දවස් හතක් මළ බද්දය හැදෙනවා. ඉතින් ගමේ අයට මාව සෑහෙන මීටර්.
                 මේ විදියට මං පෙරේතය පොලේ වික්කා වගේ ගෙදර පත බෑවිල ඉන්නකොට, ආවා කියපල්ලකෝ කෝල් එකක්. මම ආන්සර් කලා.
"හෙලෝ"
"හෙලෝ, ‍තෝ කවුද?" කතා කරපු එකා අහපි.
"යකෝ මට කෝල් කරලා මගෙන් කවුද කියලා අහන්න ‍තෝ කවුද?" මම කිව්වා.
"එව්වයින් තොට වැඩක් නෑනේ. ‍තෝ කවුද?" මූ ආයෙත් අහපි.
"ඇටි ඉබ්බො, ‍තෝ මට කෝල් කරලා මගෙන්ද අහන්නේ මං කවුද කියලා, කියපිය ‍තෝ කවුද කියලා ඉස්සෙල්ලා" මේක මහ හරුපයක්නේ.
"මම කවුද කියලා කියන්නම්, ඉස්සෙල්ලා ‍තෝ කවුද කියපිය." ඒ ගමන් මූ වර නගන්න එනවා.
"කොට්ටෝරු රිලවො, මල්ටි ප්ලග් මයිනො, ‍තෝ මේ එක එකාගේ ෆෝං වලට කෝල් දිදී ඌ කවුද කියලා අහන්නේ තොට විලි රුදාවය? මුලින් ‍තෝ කවුද කියලා කියු."

"ආහ් කතාවේ හැටියට ‍තෝ වෙන්න ඕනි. ඉඳු බොට ඇමතුමක් තියනවා." මෙහෙම කියලා මූ කෝල් එක දුන්නා වෙන ගොබිලෙක්ට.

"හෙලෝ" අනිත් පැත්තෙන් කියපි.
"හෙලෝ." මාත් කියපි.
"අඩූ මම තඹේ කත කරන්නේ."
"ආහ් මට හිතුනා වොයිස් එකේ හැටියට. බල්ලෙක් තප්පුලනව වගෙ. ‍තෝ මොකද මේ අල්ලපනල්ලේ වෙන එවුන්ගේ පෝං වලින් මට අමතන්නේ? බොගෙ පෝං එක වලහැඩියෙක් ගිල්ලය?" මම ඇහුවා.
"මෙහෙට කරන්ට් නෑ ඕයි. මගේ පෝන් එකෙ බැටරිය බැහැලා අදට පෝය තුනක් වෙනවා. වැලේ වැල් නැතුව මේ ඉන්නේ."
"ඉතිං හිවලෝ ඕක කියු මණ්ඩලේට, මං ඇවිල්ල ඔහෙ ජෙනරේටර් කරකවන්නයැයි." මම කියපි.

"තොට කතා කරේ කරන්ට් ගන්න නෙවෙයි ඔ‍ටුවො. මෙහේ දානයක් තියනවා. හදිසියේ දෙන්නේ. ඇවිල්ල යනවකෝ." මූ කියපි.

"ඇයි ඉතින් හදිසියට දෙන්නේ? ඔය ඕනි තරම් කල් තියෙන්නේ. අද හෙට මැරෙනවැයි. ඕක හෙමීට දෙනවකෝ."
                    මුං යකෝ සනිකව කරන්න යනවනේ හැම එකක්ම. ලෝකෙම සීග්‍රගාමි වෙන්න යනවා අප්පා. අහේතු කාලේන කජ්ජෙන පූලං.
"නෑ බං. එහෙම හදිසියට නෙවෙයි. ටිකක් ඉක්මනට ලෑස්ති කලේ වැඩේ. ‍තෝ කයි නොදී ඇවිත් වැඩක් පලක් කරල දියුකෝ. මගේ බිලත් යනවා. දැන් පල යන අහක." මේම කියලා මේ නරියා ඇමතුම විසන්ධි කරපි.

                   අය්යෝ මාගේ යව්වන කාලේ. දැං ඉතින් පලකෝ අර රට හරක් දේශයට ආපහු. නිකම් ගල් යුගේ ඉන්නවා වගේ.කරන්ට් නෑ, සිග්නල් නෑ. අනිත් ඒවා ගැන කියලා වැඩක් නෑ.
                                         දානේ දවසේ උදේම මම අවදි වෙලා හදා ගත්තා සම්පූර්ණ බැකප් සහිත බෑග් එකක්. ඕනි මලසමයමකට, නසරාණියෙකුට මේ බෑග් එකේ තියන දේවල් වලින් මාසයක් හමාරක් ජීවත් වෙතෑකි. කියන්න බෑනේ. හදිසියේවත් තඹේලගෙ ප්‍රදේසයට යන ගිරි දුර්ගේ ගලක්වත් පෙරලිලා වැහුණොත් කොච්චර කල් ඉන්න වෙයිද දන් නෑ.
                                එහේ සල්ලි අරන් ගියත් වැඩක් නෑ. එහේ උං සල්ලි වලට බඩු දෙන් නෑ. තල කුරුණි, වී කාර්තු වලින් තම එහේ බඩු විකිණෙන්නේ. ඩයිනොසිරස්ල විතරයි එහෙ අඩු. හනේ කියාගෙන මම නැග්ගා ඒ ගමට යන ගොන් කරත්තෙට.  සූ ගාලා සෙනඟ. බලන්න ඉතින් පොදු ප්‍රවාහන සේවේ ගොන්නුන්ට ගියාම වෙන වැඩ.
                        මේ කරත්තේ අස්සේ විලි සංහාරයයි. හුම්ම ගන්නවත් බෑ. හපොයි මගේ සරීරේ. ඒ අස්සේ සීයලා සරම් හොයනවා. වයසක ඇන්ටිලා දත් සැට් හොයනවා. මේවා අස්සේ තව මොකෙක්දෝ මැරෑටි එකෙක් එකෙක් ගොනාට තලන කෙවිට උස්සලා. කරත්තේ දක්කන එකා කුණුහබ්බෙන් බැන බැන කෙවිට හොයනවා. එතකොටම මෙන්න බොලේ කරත්තේ ගාවට ආපි මොන්ටිසෝරි කපල් එකක්.
                                     යකූ අපි ඒ කාලේ ඔන්චිලි පැද්දා, පංච දැම්මා, හිඹු‍ටු කඩන්න ගිහින් හොර මිනිහට මාට්‍ටු උණා, බාලොලි නැ‍ටුවා. දැන් කාලේ උංට යකෝ මදනයා ගහලනේ ඉහට. ඒ නංගි බඩ්ඩ කරත්තේ දැකලා මූණ ඇඹුල් කරන් කියාපි
"හාපූ මහ ගොඩේ. මට නම් බෑ මේකේ යන්න. බලන්න ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ." කියල. එතකොටම කරත්තේ හිටපු අමු වසල වාචාලයෙක් කියපි
"ඇඟිල්ලක් ගහන්න මොනාද නන්ගිගෙ ඉතුරු වෙලා තියෙන්නෙ?" කියල.ඒ වාචාලයා මම වග වරහන් අස්සේ තිබිච්චදෙන්.
             නොදකිං ලැජ්ජාව බාල්දියෙන් එකයි. එ කපල් එක එහෙම්මම ක්‍රත්තේ රෝදෙට තිබ්බා බෙල්ල. දක්කන එකා තවම කෙවිට හොයනවා. අනේ අම්මේ. ගත්තු එකාගේ අම්මමෝ නැතුව ඇති. ඒ අස්සේ ගොන්නු දෙන්නා ඇණ ගන්නවා. මොනාද බං මේ මෙහෙ වෙන්නේ? කෝමින් කෝම හරි අතක් පයක් නොකැඩී ආවා අපි තඹේගේ ගෙවල් ගාවට. එතකොට මට එහා පැත්තේ හිටපු එකා අහපි

"මල්ලි අලියා පැන්න ගලට දැන් ලඟය? කියල.
"මොක?" මට කියවුණා.
"අලියා පැන්න ගල මල්ලි, අර ඔන්න බබෝ ශූට් කරද්දි ඇතින්න පනින්න ගිහින් පැරලයිස් උනේ. අන්න ඒ දිහා?"
"අනේ අය්යේ මම මේ මං මුලා වූ සලබයෙක්. මම නම් දන් නෑ ඕවා."
"හය්යෝ මල්ලි දැන් ආපු රූට් එක මතක නැද්ද? මුලින්ම වැද්ද විද්ද ගල. ඊගාවට මොණරා දිව්ව හෙල. ඊටත් පස්සේ මයිනා රුන්න හෙල. දැන් පහු උණේ හිවලා ඉන්න ලෙන. ඊලඟට අලියා පැන්න ගල. අඩේ මල්ලි ලඟයි නම් කියපංකෝ. මගේ මේ ඇහැක් ටිකක් වපරයි බං." අම්ම ගහයිනේ බැට් එකෙන්.
                       මේ මනුස්සයගේ ඇස් දෙක තියෙන්නේ පැති දෙකකට. මූ කොම්පඤ්ඤ වීදියේ ඉඳන් තුම්මුල්ල බැලුවාම පේන්නේ මරදාන. ඉන්දියාවේ ඉඳන් කල්කටාව බැලුවාම පේන්නේ මුම්බාය.

"අයියේ මං හිතන්නේ අයියා වැරදි බස් එකට නැගලා තියෙන්නේ. මේ බස් එක යන්නේ නරිහේන හරහා කොර මීයන්හේනට ගිහින් එතනින් සැවුල් පාරේ කෙලින්ම ගෙඹිගමට. මං හිතන්නේ අයියට යන්න ඕනි අනිත් රූට් එකේ. අර උලමා මාක් ගහපු කරත්තේ. මොන උලව්වටද මේකේ නැග්ගේ?"

"අඩේ බාං අර හරක්ගාලේදි හම්බ උනු පර්නෑන්ඩූ කියලා එකෙක් මට පාර කිව්වේ. ආයේ කිරි ගහට මල්ටි බැරල් කෙලියා වගේ කියලයි කිව්වේ. නොදකින්. දැං ඉතින් ආයේ පලකෝ ආපස්සට." ඒ මනුස්සයා ආත බූත නැතුව පර්නෑන්ඩූට බැණ බැණ බස් එකෙන් බැස්සා.

                          ඔය පර්නෑන්ඩු හිතන් ඉන්නේ උන්නැහේ රටේ තියන සේරෝම පාරවල් දන්නවාය කියලා. වතාවක්  පර්නෑන්ඩු මගදි අහු උණු යාපනේ භාවනා කරන්න ඉන්දියාවෙන් ආපු නිගන්ටයෙක් ට පාර කියන්න ගිහින් ඌ අන්තිමට බැහැලා තියෙන්නේ අගුණකොලපැලැස්සේන්. ඌ යන්තම් නිරුවතින් ගුටි නොකා ඇවිත් ආපහු ඉන්දියාවටම ගියා.  බලන්න ඉතින් ජාත්යන්තර අපකීර්තියට රට පත් වෙන හැටි.
                   දැන් කරත්තෙ කොන්දා අයියා මං ගාවට ඇවිල්ල ටිකට් කඩන්න හදනවා.
"මලයා මෙහෙය?" තාම කතා කරන්නේ අර වන්නියේ ඌරුවට මෙහේ උං.
"නෑ අයියේ මම මෙහෙ නෙවෙයි."
"මලයා යන්නේ කොහේය?"
"මම මේ යාලුවෙක්ගේ ගෙදර යනවා. "
"මලයා අපොයිමන්ට් එකක් දාලය යන්නේ?."
"නෑ අයියේ කලිසමයි ශර්ට් එකයි විතරයි."
"මලයාට ටිකට් කඩන්නේ කොයිබටද?"
"අය්යේ ගෙඹිගමට දෙන්න ටිකට් එකක්."
"මලයා බාගෙද කඩන්නේ එකක්ද කඩන්නේ?"
 "එකක් ඇති අයියේ." 
"මලයා සෙනග අඩු උනාම ඈඳි ගන්නවා හොඳා. තව හූ හත් අටක දුර යන්න තියේ මයෙ හිතේ. කොහෙදෑ ඉතින් මොන උලව්වක්වත් පේනවයෙ. මුං දැන් මේ කරත්ත වලටත් ටෙන්ට් හයි කරලනේ." කොන්දා අයියා එහෙම කියලා ඉස්සරහ අයට ටිකට් කඩන්න ගියා.

                              හම්මේ මේකේ යනකොට තියන සනීපේ. වලකට වැ‍ටුනාම ඔලුව ගිහින් ඇනෙනවා වහලේ. පිං පනිනවා ඔලුවෙන්. ඒ මදිවට මේකේ රේඩියෝ එකක් නෑ. තියෙන්නේ වෑර්ලස් එකක්. ඒකෙන් මොකෙක්දෝ අවලම් හිපා‍ටුවෙක් නැග්ග වෙලේ හිට නහින්න හදනවා. මොකක් හරි පතරංගයක් වෙන්ටැ. මේ පැත්තෙ ජීවත් වෙන එවුන් ගැන ඉතින් කවු ගී ලිය උනා මදී.

                      අන්තිමේදි මම කරත්තෙන් බහිද්දි මගේ සරීමේම කොර වෙලා, කොර වක් වෙලා. අක් මුල් දිය වෙලා. මම ගොන්නු දෙන්නට තැන්කූ කියලා ගියා තඹේගේ ගෙවල් දිහාට. මං යද්දි අන්දර වැට අස්සෙන් මොකෙක්දෝ සතෙක් සර සර ගානවා.  කිට්‍ටු කරලා බලද්දි මොකෙක්දෝ එකෙක් වැට ගාව ඉන්දං කොකම් පානව තඹේලගෙ ගේ ගාව. අම්මට ඩෙගා. කවුද ඩෝ මේ කියලා මම හෙමීට පස්සෙන් ගිහින් බෙල්ල ලඟින් ඇල්ලුවා ඩිස්කනෙට් වෙන තරමට.
"හම්මට උඩු බො‍ටුව බො‍ටුව. හම්මෝ මගෙ හුම්ම හිර වෙනෝ. හුම්ම හුම්ම." පැමිලියර් වොයිස් එකක්. යකු මේ පර්නැන්ඩුනෙ.
"මොන කෙහුරක්ද මේ වැටවල් අස්සේ රිංගගෙන කොරන්නේ බොල? ‍තෝ කොත්තු බලනවද?"
"නෑ නෑ. හරකෙක් වගේ උඩු බුරන්නෙ නැතුව වාඩි වෙයකෝ. මම මේ සප්ර්යිස් එකක් දෙන්න යන්නේ." මේකා මාවත් ඇදගෙනම වැට යටට පාත් උණා.
"මොක? කාටද? මම ඇහුවා. "වෙන කාටද, තඹේට." මූ කියාපි.
"ඉතින් පිං ගොනෝ අද අපිට එන්න කියලා කිව්වේ තඹේමනේ. ආයේ සප්‍රයිස් දෙන්නේ අහවල් එකකටද. ඌ දන්නවනේ අපි අද එනවා කියලා. ඊටත් මේ වැඩ අස්සේ ගෙදර මිනිස්සු වැට මැද්දෑවට ඉඳුල් වතුර වත් විසි කලොත් ‍තෝත් සුං මත් සුං. මෙන්න මෙහෙ වර යන්න, ආවා මෙතන දෙන්න සප්‍රයිස්.ලබ්බේ තොවිල"                                           
                           පර්නෑන්ඩූ විශ්මයාදී ළකුන නහයෙ ඔතාගෙන ආවා ගේ ඉස්සරහට. අපි ගිහින් දොරට තට්‍ටු කලා විතරයි වවුල් ‍රැණක් අපිවත් පෙරළගෙන ගියපි ගේ ඇතුළේ ඉඳන් එලියට. හප්පා වවුල් ගඳේ බෑ. මම නිකමට බෙල්ල දාලා බැලුවා ගේ අස්සට. ඇටපල් කලුවරයි, ඒ මදිවට වවුල් ගඳයි. මම ටිකක් සලිත උනා. අපි මේ හරි ගේ ගාවටමද ඇවිත් ඉන්නේ කියල. වටේ පිටේ ඇවිදලා බලද්දි ගේ නම් හරි. ගේ ඉස්සරහම තියනව රුවිතෙට හිටෝපු පඹයෙක්.
                   තව තඹේ එක එක මිනිස්සුන්ගෙන් උස්සපු පෑන් වලින් හදපු අටමගලක් එල්ලා තිබ්බ ගෙයි මිදුලේ ගහක. ඒක නිකම් හූනියමක් වගේ. ඒක දැකපු එකෙක් මැරෙන්නේ අර්ශස් වැඩි වෙලා. තව ඌම හදපු මල් වත්තක් වගේ වියුහයක් තිබ්බ මිදුලේ අයිනකට වෙන්න. ඒකට මල් වත්තක් කියන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනි. ඒකේ ගස් නෑ. කඳන් විතරයි. නිකම් ඉරට්ටකට තිබ්බොට්ටක් උල ගැහුවා වගේ. කඩුල්ලට හරහට දාලා තිබ්බ පතරංග පිඹුරු දෙන්නත් එහෙම්මමයි. මේ නම් තඹේගේ නිවස බව නිස්චිතයි. කෝකටත් මම ගිහිල්ල ගේ ඉස්සරහ තිබ්බ පොල්ල අරන් දොරට තඩි බෑවා. ආයේ සැරයක් වවුල්ලු සැට් එකක් ඉගිලිලා ගියා. යකෝ මුං බැට්මෑන්ට මේ ගෙදර බදු දීලද? 

                          කව්දෝ ඩෑල් එකක් ගේ අස්සේ ඉඳන් ආවා. ආ තඹේ. තඹේ එනවත් එක්කම නිකම් හඩු ගඳ වාශ්පයක් වගේ එකක් අපිට ආවා. එක නිකම් හඩ්ඩෙක්ගේ ජීවන පුසුඹ වගේ. ඒ ගඳ මගේ නැහැ පුඩු හරහා ගිහින් අන්නස්‍රෝතයෙන් එතුළට ගිහිල්ල ඊට පස්සේ බොක්ක පුරා ඔඩු දුවලා අන්තිමේදි උන්ඩුක පුච්ඡයේ කේශ නාලිකාවක් පුපුරවන්න තරම් බලවත්. බුදු බණ ඇත්ත කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. මේ දෙතිස් කුණපයෙන් පිරුණු සරීරේ.
"මොකෝ ඕයි මේ හද්ද දවල් වව්ලෝ ගේ අස්සේ පියාඹන්නේ?" මම පැනපු ගමන් අහපි.
"මේ ටිකේ මෙහෙට කරන්ට් නෑ නෙහ්. ඉතින් ඇටපල් කරුවලයි මෙහේ කොයි වෙලාවෙත්. ඉතින් වව්ලෝ ඇවිල්ලා පදිංචි උණා. උංට මෝටිං ගැහුවට ගියෙත් නෑ.ඒ උණාට අවුලක් නෑ. උංගේ පුසුඹ ශෝක්." හපෝයි මෙහෙ ඉඳලා මගේ හුම්ම හිර වෙලා මැරෙන්න වෙයිද දන් නෑ. ඉයේ රෑ හීනෙනුත් මම පාලම් කොඩි දැක්කා.
"එතකොට මොකක්ද මේ එන අමු හඩු ගඳ?" පර්නාන්ඩූ අහපි. ආහ් එහෙනම් එයාටත් ඒක දැනිලා. මට පිස්සු නෑ. යේ.  "
මේකනේ, කරන්ට් නෑනේ, ඉතින් වතුර ගහන්න බෑ, ඉතින් නාන්න විදියක් නෑ. අපි දැන් මාස තුනකින් නාලා නෑ. හරි සරලයි." ඒ කතාව අහපු මගේ හිරි ඔතප් බි‍ඳෙනවා තව ඩිංගෙං. අවුලක් නෑ, කාගෙ උණත් දරුවෙක්නේ.
               මෙහෙම කියලා මං පර්නෑන්ඩු දානෙට ගෙනාපු පාර්සලේ නිකම් මම ගෙනාවා වගේ තඹේට දුන්න. පර්නැන්ඩු කොකම් පාද්දි මම ඒක ඉස්සුවේ වැට ගාවදි. ආයේ තඹේට මොනා අරං එන්නද. මූ ගාව තියන ඒවා අතපත ගාගෙන යනවා මිසක්. හෙහ්.දානේ ගෙදර අපිට භාර උණු මුල්ම වැඩේ උනේ පොල් ගෙඩ්ඩක් ලෙලි ගහන එක. පර්නෑන්ඩූ මුලින්ම පණ්ඩිතයා වගේ ගත්ත පෙරමුණ. පර්නෑන්ඩූ පොල් ගෙඩිය ලෙලි ගහපු පාර ලෙලි ගියේ උදැල්ලේ. පොල් ගෙඩියට මෙලෝ හෙණයක් නෑ. ඒක දැකලා ගෙදර මිනිස්සු ලෙල්ල පිටින් ගෙඩිය බිඳලා ඒක ගා ගත්තා. ටික වෙලාවකින් තඹේ නිකම් නැට්ට ගිනි තියා ගත්තු හනුම වගේ දුවන් ආව එතනට.
"ඒ උදව්වක් කරපංකෝ."
"මොකක්ද?" මේ හාෆ් බොයිල් කරපු බත් වගේකට ඉඟුරු වැටිලා. ඒ දෙක වෙන් කරලා දියන්කෝ." ඒක ඇහිච්ච එහා පැත්තේ හිටපු වව්ලෙක් උඩ පැනලා බල්ටි දෙකක් ගහලා විසිල් එකකුත් ගැහුවා.
"මොකක් මොකක්?"
"මේකනේ මය්යොක්කා කාලා ඊට පස්සේ ඉඟුරු කන්න එපාය එහෙම හොඳ නැතය කියලා පෙරේදා කොහේද එකෙක් දුමක් ගහලා මැසේජ් එක දීලා."
"ඒ ඇයි ඒ එහෙම කන්න හොඳ නැත්තේ?" පර්නෑන්ඩූයි තඹේයි මගෙන් අහපි.
"මේකනේ ඉඟුරු හැදෙන්නෙත් පොලව යට. මය්යොක්කා හැදෙන්නෙත් පොලව යටලු. ඒ හින්දා ඒ දෙකේම මැටි. ඒ දෙක එකට කෑවාම මැටි වැඩි වෙලා මැරෙනවා. " මම මගේ ඥාණාන්විත පරිකල්පන මෙව්වා එකෙන් උත්තරේ දුන්නා. පර්නෑන්ඩුයි තඹේයි ඒක එහෙමයි කියලා හිතා ගත්තා.
                                  මැට්ටොත් එක්ක ජීවත් වෙන එක කොච්චර ලේසිද. ඒකට වෙන උන්. ඇහුවොත් අහන්නේ මාගලක්.
"ඉතින් මොකෝ උණේ?" බැක් ‍ටු ඉස්ටෝරි.
"ඒ දුම ගහපු එකා ඊට පස්සේ කියලා හාෆ් බොයිල් බත් එක්ක ඉඟුරු කන්න හොඳයි කියලා. අදයි ඇත්ත සිද්දිය දැන ගත්තේ. ඌ මැසේජ් එකේ දෙවනි බාග දෙන්න හදද්දි කැලේ හිටිය කොටි හපුවෙක් මූව පන්නලා. මූ මරෝ තියාගෙන දුවලා. ඉතින් දුම ගහන්න එකෙක් ඉඳලා නෑ. මෙහෙ උං  ඒක කියවලා වැරදි මැසේජ් එකක් සිරා අරගෙන ඉඟුරු සහ බත් මික්ස්චරේ හදලා. අන්න දැන් ඌ වෙද ගෙදර ඉඳං හඳුන් කූරකින් ‍ටුවීට් එකක් දාලා තියනවා සිරා සිද්දිය කියලා. එතකොට අපේ ගෙදර අය ඉඟුරු හාෆ් බොයිල් බත් මික්ස්චරේ හදලා ඉවරයි."

"ඉතින් කොහොමද දැන් උන්දැට?" මම ඇහුවා.
"ආහ් අවුලක් නෑ. අපේ ගෙදර මොකෙක්ටවත් කන්න වෙලා නෑ. මේ කලුවර අස්සේ හැඳි හොයන්න ගිහින් කට්ටියම බිත්ති වල ඇනිලා සිහි මුර්ජා වෙලා."
"නෑ නෑ බං, කොටියා කාපු එකාට කොහොමද?"
"ආහ් ඌට ගානක් නෑ, මූ එතන හෙලකින් පහලට පැනලා. දැං නහයෙන් කටින් ලේ දානවලු. පැන්න පාරට ගලනාලේ දොට්ටලු." එහෙම කියලා මේං එයා ගෙනාවා පතරංග ටැන්කියක්.

"මේක තමයි මික්ස්චරේ." තඹේලා කන්නේ හැන්දෙන් නෙවෙයි මං හිතන්නේ. කෙලින්ම සවලෙන් ගහනවා ඇත්තේ.

                  මං හිතන්නේ මෙහෙම බත් වලින් ඉඟුරු වෙන් කරන ලෝකෙ පළවෙන්නි සැට් එක අපි වෙන්න ඇති. ඇයි දෙය්යෝ ඉඟුරු වලින් බත් අයින් කරපු එවුන් ගැන කතා කොයි ලෝකෙද තියෙන්නේ. සෑහෙන වෙලාවකට පස්සේ අපිට පුලුවන් උනා යන්තම් බත් වලින් තොර අගනා ඉඟුරු සාම්පලයක් සකස් කර ගන්න. එතකොටම තඹේ අපිට අරං ආවා මොනවදෝ වීදුරු වගයක්. ඒවට උඩිං අන්නාසි මලකුත් ගහලා.

"මේ මොකො බං මේ?" මම අහපි.
"ඔයාලා ගොඩක් මහන්සි උනු හින්දා මේ රිෆ්‍රෙස් ඩ්‍රිංක් එකක් ගෙනාවා." මූ කියපි.
"මේ මොන ඩ්‍රිංක් ද බං? මේ කොළ හඩුවක්නේ.බලපං මේකේ තියන කොළ අතු ගොඩ. නිකම් වැසි වනාන්තරයක් වගේ. අර, ඒක අස්සේ ඉඳන් ඔරං ඔටං එකෙක් මට අතත් වනනවා." සිරාවටම කිව්වොත් ඒ පඳුරු ටික අයින් කරලා මිසක් මේ බීම බොන්න බෑ. මොන උලව්වකට මේ හද්ද කැලයක් බීම එකට උඩිං තියන් ආවද මන්දා. ඕක යසට දීපියකෝ ඔය ලන්ද අයින් කරලා.

"ඒකට තමයි හරක් කොහෝ මේ බට තියෙන්නේ. ඔය උඩිං තියෙන්නේ සැරසිල්ල. ‍තෝ එක උලා නොකා බටෙන් බීම ටික බීපියකෝ." එහෙම කියල මුන්දැ බීම බට දික් කලා. නොදකිං. මම වර නගන්න කලින් මේක දෙන්න එපැයි.  මම ඉතින් හත් පොලේ ගාගෙන හතර පලට වැඳගෙන මේක බිව්වා.

                    අපි මේක බිබී ඉද්දි එක පාරටම පසු බිමින් "යවූ යවූ" කියලා මියුසික් එකක් ඇහුණා. එක පාරටම ඔලුවේ ලොකු කැපුම් දෙක තුනක් තියන ඩෑල් දෙකක් ඇවිල්ලා ගෙදර වටේට චෙක් කරලා ගියා. ඊට පස්සේ ආයේ "යවූ යවූ " කියලා සද්දයක් ඇහුනා. තව ඩෑල් දෙකක් කැති කොට දෙකකුත් අරන් ඇවිල්ලා අපේ අතේ ආයුධ තියනවද කියලා චෙක් කරලා ගියා. මුන් අල්ලපු පාරට පර්නෑන්ඩූට කිචි කැවිලා එතන මැද්දෑවේ බාලොලි නටන්න ගියා. තව පොඩ්ඩෙන් උන් අනිනවා කැත්තෙන්.  ඊට පස්සේ මූ ගත්තා කෝල් එකක්.
"හරි මැඩම් හරි. ඔව් මැඩම් සෙට් එකම ඉන්නවා මෙතන. ඔව්. අර විත්ති ලියන එකා ඇරෙන්න අනිත් උන් නම් හාල්පාරු පාටයි ඔව්, කොන්ඩේ කපලා පැත්තට පීරලා. ඒරියා ක්ලියර් මැඩම්." එහෙම කියලා මූ ගියා අනිකා එක්ක එලියට.
"මොන බිබික්කමක්ද යකූ ඒ උණේ?" මම මුලින්ම සිහි එලවාගෙන ඇහුවා. අනිත් උන් කාටවත් තවම සිහි නෑ. එතකොටම තව මල විකසිත කර ගත්තු තාල වර්ගයට අයත් වයසක ඩෑල් එකක් ඇවිල්ල උගුර පාදලා හයියෙන් පොතේ ගුරු වාක්‍යක් කිව්වා.

                     "සකලසිරින් පිරි සිරිලංකාවේ, අගනුවරට නුදුරු වූද, කුඩ්ඩෙන් විරාජමාන වූද, කසලින් බැබලුනා වූද, සියලු සතුන්ට පොර වූද, සියලු පඬින්ට පඬි වූද, විසිරුණු මල් පෙති දෝතට ගත්තා වූද, අම්මට සිරි වූද, හෙවි රොක්ස් වූද අප මහ ඩබල් ඩී ඇත්තී දැන් මේ ඉස්තානයක සැපත් වන සේක." මෙහෙම කියලා මූ කණ් දෙක අල්ලගෙන උඩ පැන්නා. ඊට පස්සේ ඩිෆ් ගහලා දිවත් දොට්ට දාගෙන ගියා ගෙදරින් එලියට.
                                          හම්මට යකූ මෙහෙට එන සේරටම සයිකො ගහනවනේ.අපි මේ යහපත් සරීර සවුක්යෙන් ඉන්න එක පුදුමයි. ඩබල් ඩී නම් මේ අහිගුන්ඨිකයෝ ටිකක් හයර් එකකට අරං ඇවිල්ලද කොහෙද ඩ්‍රැමටික් එන්ට්‍රන්ස් එකක් දෙන්න. ඒ වැඩෙන් පස්සේ තමයි දානේ වෙලාව ආවේ. පර්නෑන්ඩූ දානේ ඉවර උනාම කෙලින්ම ගියා කුස්සියට.
"හයියෝ වැඩියෙනුත් බෙදලා. මෙච්චර කන්න බෑ." මූ බත් උයලා තියන වලඳ දිහා බලන් කියනවා.
 "මචං ඔය වලඳ. අර පිඟන් වලට බෙදා ගනින්." ඩබල් ඩී පැත්තක ඉඳන් කියනවා.
                           පස්සේ පර්නෑන්ඩුයි ඩබල් ඩීයි එකතු වෙලා බත් උයපු සාස්පාන් දෙකේ පියන් දෙක අරන් ආවා. එකට බත් පොඩ්ඩක් බෙදා ගත්තා නිකම් ජේතවනේ වගේ. ඊට පස්සේ මහවැලිය වගේ හොදිත් බෙදාගෙන පැත්තකට වෙලා ඒකට සවල් පාරවල් වනන්න ගත්තා. මම මුං දෙන්නට ලං කරලා ඇහුවා
"යකූ පවුල් ප්‍රස්නද මේ කාලා මැරෙන්න යන්නේ?" කියලා. ඒක දැකලා ගෙදර අංකල් ලඟට ඇවිල්ල කිව්වා "කමක් නෑ පුතා, අපිට මදි උනොත් අපි කඩෙන් හරි ගෙනල්ලා කන්නම්. පුතාලා දැන් කන්න කියලා." හය්යූ යන තැන සායම හෝදනවා මුං.

                        කන ගමන් තමා තඹේ අපිට නියම නියුස් එක කිව්වේ. කට්ට බිබික්කන් කොම්පැනියකින් තිබ්බ තරගෙකින් තඹේ දිනලා රට යන්න චාන්ස් එකක් ලැබිලා. ඒක මෙලෝ යකෙක් කන වර්ගයක් නෙවෙයි. තඹේ කෝම හරි එව්වා කාලා දවටන තැපැල් කරලා. කොම්පැනියත් හනේ අපේ එකම කස්ටමර් කියලා මූව රට යවන්න හදනවා.අපි ඉතින් එයාට සුබ පතලා ඇස් වහ යන්න දෙහි ගෙඩ්ඩකුත් කපලා සුරේකුත් බැඳලා ගෙවල් වලට ආවා.
             පස්සේ තමයි ආරන්චි උනේ, ඒ කොම්පැනියෙන් තඹේව එක්ක ගිහින් තියෙන්නෙ කන්කසන්තුරේට. එහේ ඉන්න ඇහැ‍ටුල්ලෝ ටිකකුයි මානම් ගස් ලන්දකුයි පෙන්නලා මෙවා තම රට කියලා මූව ආපහූ ගෙදර එවලා. මූත් දැන් ගෙදරට, කඩේට, ලොත‍රැයි කූඩුවට එන හැම පඟර නැට්ටටම කියනවා මූ රට රාජ්ජ වල කරක් ගහපු ඩෑල් එක කියලා. ඒ උණාට ප්ලේන් එකේදි කොන්දා මාරු සල්ලි ඉල්ලුවොත් දෙන්න කියලා මෙහේ ඉඳන්ම පිං කැට කඩලා සිලිං බිලිං ගගා එයපෝට් ගිය කතාව දන්නේ අපි විතරයි.

Sunday, August 6, 2017

දරු නැළවිලි

මොන නසරාණි ජීවිතද අප්පා මේ කියලා හිතාගෙන මං ගෙදරට වෙලා පහු ගිය ටිකේ හිටියේ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ජීවිතේ එක අතකට මහම මහ මස්තයි.
                                                     ආතල් කියලා හිතාගෙන ඉන්න හැමදෙයක්ම කරන්න වෙන්නේ නෑනේ ඉතින්. හිතාගෙන ඉන්න විදියට දේවල් සිද්ධ වෙන්නෙත් නෑනේ. කෝම හරි මං ඔය රටේ නැති මූසල සිතුවිලි පහළ කරගෙන ඉන්නකොට දවසක් ගෙදරින් මට කිව්වා දානේ ගෙදරක යන්න කියලා.
                                          හප්පා. මං හරි අකමැති මචංලා ඕවට යන්න තනියෙං. අපේ ගෙදර ඈයෝ රස්සාවල්වට යනවලු. මං බත් ගිල ගිල ගෙදරට වෙලා කුදහ ගන්නවලු. මං වගේ උං පොල් පිත්තෙන් කැපිය හැකිලු. එහෙම කැපුවට උං දානේ ගෙවල් වල යන් නෑනේ. ඒ හින්දා මටම යන්නලු. මේ ටිකේ ගෙදර අවට මොන කෙහුරක් තිබ්බත් මොනා හරි ඔතලා යවන්නේ මං අතේ. ඔ‍ටු ලබ්බ.
                                 යන්න නම් හැකී. මං හපනෙකී. නමුත් වැඩේ මේකය. මං යන තැන ගෙවල් වල ඉන්න උං එකෙක්වත් මං අඳුරන්නේ නැත. මං ඉතින් ගිහිල්ල බුලත් හෙප්පුව බදාගෙන කුකුල් පහනේ පහන් තිර අඹරලා ඉඳලා පුවක් කපලා ගෙදර එනවා.
                              මේ පාර සෙට් උණු දානේ ගෙදර නම් ආතල් වගේ. ඒක තියෙන්නේ අපේ අක්ක කෙනෙක්ගේ ගෙදර. අපේ අක්ක කිව්වාට මට ඇති අක්කෙක් නැත. අපිට ඔය තඹේලාට වගේ මල්ලිලා නැත. දින්නාට වගේ නංගිලාද නැත. සෙබාට වගේ අක්කලාද නැත. ඩබල් ඩී වගේ මෙලෝ යකෙක් නැත්තේද නැත. ඇත්තේ පර්නෑන්ඩූට වාගේ එක අයියෙකි. අය්යා සමග යෑම ආතල්ය. නමුත් හිඟන්නගේ පාත්තරේට මල්ටි බැරල් කෙළියා වගේ අය්යාට එදා වෙන වැඩක් යෙදී ඇත. නොදකිංය. මටමයි වෙන්නේය.
                              
                            මොනා උණත් දානේ තියන ගෙදර අක්කලාම පහකි. අම්මටහුඩුය. වොලිබෝල් ටීම් එකක් හදන්නට තව එකෙක් හිටියා නම් ඇතිය. රිසර්ව් ඕනි නැත. රෙදි කරේ තියන් බෝලෙට තඩි බාන්න ඇහැක් නම් කල්ල මරේය.
  දැං දානේ තියන දවසේ මං ගියා උදැහැනැක්කෙම එහෙට. නයි කයිලු ඥාණකතා. එහෙ කප්පරකට වැඩ. මාත් ඉතිං ගිහිල්ලා හෙල්ප් එකක් දුන්නා. ටික වේලාවකින් පොඩි අක්කා ආවා එතනට. මං එවෙලේ හිටියේ පඩික්කම් හෝද හෝද. නොදකිං. මගේ පවුර්සේ සින්නක්කර විකිණිලා. හිඟා කාලවත් ගන්න බෑ. මේ අක්කා ආවේ එයාගේ බබා වඩාගෙන. බබා කිව්වේ සැමියා නෙවේ. අක්කගෙ ලමයා.
"මල්ලි ලමයා වඩා ගන්නකෝ ටිකකට" කියලා අක්කා කියාපි මට.
"අම්මටසිරි අක්කේ රෙද්ද ලිහිලද? මට නම් ලමයි වඩා ගන්නත් බෑ. රෙදි අන්දවන්නත් බෑ." මං නොවලහා පැවසුවා. පණ්ඩිත වෙන්න කියලා බැරි වැඩ කොරන්න ගිහින් වරිගෙ නහ ගන්න ඕනි නෑනේ.
"නෑ නෑ මල්ලි. මං මෝහිනී ගානට දැම්මද? කුස්සියේ වැඩක්. මං ටක් ගාලා එන්නම්. එතකම් මූව තියා ගන්න." අක්කා එහෙම කියලා අර ඩෑල් එක මගෙ අතට දීලා ගියා. කොයිල්ද සයිමන්. මං මොකක්ද යකෝ මූ එක්ක කරන්නේ. හොඳ වෙලාවට මූ නිදි. මට මේ සබ්ජෙක්ට් සම්බන්ධයෙන් ඇති දැනුම ඉතාම අල්පයි. අනේ මොනා උණත් දෙයියනේ මූ නම් අවදි වෙන්න එපා. මෙතන අඬන්න ගත්තොත් බබිත් සුං බබිගෙ අම්මත් සුං. ඇත්තම කිව්වොත් මට පොඩි උං වැඩිය හරි යන් නෑ. උං කෑ ගහන්නේ ගිරි යටියෙන්නේ. කන නිකම් කීං ගානවා. ඊටත් උංට කියන එක තේරෙන්නේ නෑනේ. කරොත් කරන්නේ මරිසියක්. දුන්නෑකි දෙකක්.
හම්මේ යන්තම් ටිකකින් අක්කා ආවා.
"ඔය මොකක්ද මල්ලි කරන්නේ?"
 "මං මේ පොඩි එකාව උස්සන් ඉන්නවා."
"යකෝ ඕකා ෆුට් බෝලයක් නෙවේ. ඔහොම උස්සන් ඉන්න එපා." එතකොටයි මටත් මීටර් උනේ. මං මුගේ කිහිලි දෙකෙන් අල්ලලා උස්සන් ඉඳලා තියෙන්නේ.
"ඕකව වඩාගෙන ඉන්නනේ මල්ලි මං දුන්නේ."
" මං වඩා ගන්න දන් නෑනේ අක්කේ."
"මල සමයන් පයින් යනවා. ඔයා බබා වෙනවනේ."
"අක්කේ මූට දැං මාස කීයද?"
"තවම මාස දෙකයිනේ මල්ලි" ආහ් තම මේ පොඩිම පොඩි ලමෙක්. හැබැයි මේ වයසේ උං ටිකක් විතර හොඳයි. හැබැයි අඬන එක තමා වැඩේ.

"අනේ මල්ලි මූ මෙන්න ඇහැරිලා. අනේ බබාව ටිකක් නළවන්න. මං ටක් ගාල කුස්සියෙ වැඩේ ඉවර කරලම එන්නම්" කියලා අක්කා වාශ්ප උනා. හය්යෝ. මටත් සෙට් වෙන වැඩ.
                                        ඒ අස්සේ අතේ ඉන්න පොඩි එකා අඬන්න හදනවා. හාපෝ. ෂුවර් එකට මම ගිය ආත්මේ කරපු පවක් තමා මේ. පින් කපුටෝ සෙට් එකක් සෙට් කරන් බලු කපු‍ටු දානයක් දුන්නා නම් හරි. හැබැයි එක වතාවක් පර්ණෑන්ඩු එහෙම දානයක් දෙන්න ගිහිල්ලා කෑම වල අබ්ලික් එකක් වෙලා. මෙයා දුන්නු කෑම වල ලුණු වෙනුවට දාලා තියෙන්නේ සීනි. බලන්න දැන් කාලේ හැදෙන ලමයින්ගේ ඉවීමේ හැකියාව. ගමේ බල්ලෝ පර්ණෑන්ඩුගේ බලු කපු‍ටු දානේ කාලා හන්දියේ නානාගේ කඩෙන් අඩු සීනි ප්ලේන්ටි බීලා ගෙවල් වල ගිහිල්ලා. කපුටෝ සෙට් එකට කුණු කාලම ඕක එච්චර දැනිලා නෑ.  ගමේම බල්ලෝ බැණ බැණ ගියාලු. එදා ඉඳන් මාස තුනක් යනකම් පර්ණෑන්ඩු ගම මැදින් යද්දි ගෙවල් වල බල්ලෝ හය්යේන් "අඩුසීනී" කියල උඩු බුරලනවලු. උන්දැට පාරක තොටක යන්න බැරි උණා. ඕක කටින් කට ගිහිල්ලා අන්තිමට එහා ගමේ බල්ලෝ "දඬුලේනී" කියලත් කිව්වලු. අපි නම් දන් නෑ ඕවා.

                                                 මට දැන් කොහොම හරි ඕනි මේ ගොබ්බයව නළව ගන්න.
"අඩේ බං නැළවියංකෝ" මම කණට කරලා මූට කිව්වා. මූ නවත්තන්නේ නෑ.
"යකෝ ඔහොම කෑ ගහලා තොගේ සවුන්ඩ් අයිසී යයි. ඊට පස්සේ බැරියැ අලුතින් ගිරියක් දාන්න. ඔය අඬෝ වැඩියාව නවත්ත ගනිංකෝ." ‍
"තෝ අඬන එක නැවැත්තුවේ නැත්තම් මම තොට හම්බ වෙන සේරම කාර් මම තනියෙන් පදිනවා. දෙන් නෑ එකක්වත්." ඒත් මුගෙන් ප්‍රතිචාරයක් නෑ.  නරි බුරයි, අපි තැලෙයි. මූට මාස හතරයිනේ. සිංහල තේරෙන්නේ නෑනේ. මම පොඩි එවුන්ගේ බාසාව දන්නෙත් නෑ. අය්යෝ මුරුගන්. මම එහෙම ඉද්දි එක පාරට සද්දයක් ආවා.
"ඒ උඹට මාව නළවන්න බැරි නම් ඔය බිමින් තියපං. මමම නැළවෙන්නම්. ‍තෝ නළවන විදියට කෙසෙල් කඳනුත් ඇහැරෙනවා."  නසරාණි මළ සේක. මොකාද යකෝ ඒ. මගේ පිහිටට ආපු දෙයියෙක්වත් ද කියලා මම උඩ බිම බලද්දි දැක්කේ පොඩි එකානේ මේ මා අමතන්නේ.  මම උඩ බිම බලාපි.
"ඔව් ඔව්, උඹට තමා කිව්වේ. මාව බිමින් තියලා ‍තෝ යන අහක පළ. මම නැළවෙන්නම්." මූ කිව්වා. හොඳවෙලාවට එවෙලෙම අක්කා ආපහු ආවා. අනෙ අම්මේ. එහෙම සන්තෝසදායක දර්ශනයක් මම දැක්කමයි අර තඹේගේ ගෙදර කට්ටියක් මෝලි මංගල්ලෙට යන්න පැක්ටිස් වීම නැත්තුවා කියලා දැක්කට පස්සේ. නිකම් මාර සුවදායක හැඟීමක් ආවා. අම්මෝ ඒ අක්කා ඊට පස්සේ අරූව නළවගන්න නටපු නැටිල්ලක්. මං හිතන්නේ වේලක බත් යන්න ඇති.

 දානේ ඉවර වෙලා මම ගෙදර යන්න ලෑස්ති වෙද්දි හුරු පුරුදු නම්බර් එකකින් කෝල් එකක් ආවා. දින්නා ගෙන්. අම්මටසිරි. මළ මිනියක් කෝල් කළත් මට කෝල් කරන්නේ නැති දින්නා මේ මොකද මා අමතන්නේ කියලා බලන්න මම ගත්තා කෝල් එක.
"හෙලෝ මම ඉස්පීකිං," මම කිව්වා. "ආ හෙලෝ මම මේ අටකලම්පන්නේ දින්නා, ඊලඟ ගීතයට මායි, අපෙ නන්ගියි, එහා ගමේ සුබේ නැන්දයි, කැරකොප්පුවේ ගුණේ මාමයි, මහ ඉලුක්පල්ලම ඉන්න පතිදම් කංකානම්ගේ පතිවත් අක්කයි, මරදංකඩවල නැසී ගිය රොන්සුරා මාමවයි එකතු කර ගන්නවා." ආයේ ඉතින් අපේ එකෙක් වැඩක් කරොත් දහ අට පළක ගා ගන්නවනේ. 
"කියු කියු. මොකක්ද වෙන්න ඕනි?" මම ඇහුවා ප්‍රකුර්ති දින්නගෙන්.

"මේ අපේ ගෙවල් පැත්තේ මිනිස්සු සදාචාරාත්මක නෑ කියළා අපෙ අයව සිස්ටසම්පන්න අරිස්ට මිනිස්සු කරවන්න අපිට ඔයාලගේ ගමට එන්න කියලා තියනවනේ. දවසක වැඩ සටහනක් තියනවලු ඔයාලගේ ගමේ. අපේ පැත්තෙන් බස් වලින් සෙනග එනවලු ඔහෙන් සිස්ට සම්පන්න වෙන්න." දින්නා කියාපි. අම්මා ගහයි එලෝ එලෝ.
"කවුද කිව්වේ? මම අහපි.
"දැන් අපේ ගෙවල් ගාවින් අඬබෙරයක් ගියා. ටොරිංටන් එහෙම කියලලු. තව හවස දුමකුත් ගහලා පණිවිඩේ කියලා තිබ්බා. මෙහේ මිනිස්සු දැං මේ එන්න හදනවා." අම්මටසිරි. ඕක තමා මේ හද්ද ඩොටේ ඉපදුණාම තියන අවුල. මුං තාම හිතන් ඉන්නේ ලංකාව සුද්ද්න්ට අයිති කියලනේ. අඬ බෙර වලින් තාම දුවන්නේ. ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ. ඔය දැන්ම රෙඩි වෙනවා කිව්වට එන්නේ බර කරත්ත වලින්නේ. ඒ හින්දා කොහොමත් එද්දි දවස් හතක්වත් යාවි.
"ආ එලකිරි. එදාට සෙට් වෙමු." කියලා මාත් ෆෝං එක තිබ්බා. කොහොමින් කොහොම හරි දවස් හයකට විතර පස්සේ මේගොල්ලෝ ආවා අපේ ගමට. කොහොම හරි දින්නා විතරයි ඇවිත් තිබ්බේ.
                                                  දින්නගේ නංගිලා මේ ඇසළ එකට හදනවලු මෙගා පොසොන් කලාපයක්. එක වතාවක් නංගිලා හදපු පොසොන් කලාපේ මුවා පන්නවා තිස්ස පස්සේන්. තිස්ස දුවනවා හැටට හැටේ මරෝ තියාගෙන. මේගොල්ලෝ මෝටර් දෙක වැරදියට දාලා. ඔන්න ඔහොමයි වැඩ.
                             හනේ කියාගෙන මාත් එක්ක ගියා දින්නව ගෙදරට. ගිහින් මම ඇරිය දොර.
"මේ මොකක්ද?" දින්නා අහපි.
"මොකක්ද?" මම ආපහු අහපි. දින්නා ආයේ දොර පෙන්නලා "මේ මොකක්ද?" කියලා අහනවා.
"මේක තමයි ලමයා දොර. මේකෙන් තමා ගෙදර වහන්නේ."
"අලේ එහෙමද? අපේ ගෙදර තියෙන්නේ ගස් බෙණේකනේ. ඉතින් හැම වෙලේම ඒක හායි ගාලා ඇරලා දාලා. " බලන්න ඉතින් රටේ ආර්ථිකය බෙදීයාමේ විසමතාවය හින්දා වෙන දේවල්. රටේ ඉන්න සමහර ගොබ්බයෝ ඉන්න ගෙවල් කුලියට ගත්ත එකාවත් ඌ දන් නෑ. උන්ට නාන්න ගෙවල්. කෝම හරි දින්නා අපේ ගමේ ඇවිද්දෝලා රට තොට පෙන්නුවා.
                         හරියට නිකම් සමූපකාරෙට පූසෝ පැනලා වගේ. මුන්දැ තවම පරිණාමය වෙලා නෑ වගේ. ග්‍රාම සේවක දැකලා ආරච්චිල දෙයියෝ කියාගෙන ගිහින් වැඳ වැ‍ටුණම මට ඒක හොඳට තේරුණා. කෝමින් කෝම හරි දින්නලාගේ කට්ටිය පූර්ණ පුනරුත්ථාපනේකට ලක් උණා මෙහෙදි. අන්තිමේදි කට්ටියම ආයේ බස් දෙක තුනක පටෝලා යැව්වා ගෙවල් වලට. එගොල්ලෝ දැන් වන ගත ජීවිතෙන් මිදිලා කැළෙන් එලියට ඇවිල්ලා සිස්ටසම්පන්නව අරිස්ට විදියට ඉන්නවා කියලා ආරංචිය ආවා.
                             දින්නලත් අර ගස්බෙණෙන් එළියට ඇවිල්ලා බ‍ටු හේනක් මැද්දැවේ පැළක් අටෝගෙන ඉන්නවලු. කාගේ උණත් දරුවෙක්නේ. සන්තෝසයි.

Sunday, May 28, 2017

කැ‍රැට්‍ටූ

මෙවර විත්තිය අලුත්ම අනුපමේය, ගොබ්බ, අසික්කිත බාසා රීතියකින් ඉදිරිපත් කරන්නට සිතුවෙමි.

                                      ඊට හේතුව කලින් විත්ති වල ලියද්දි අහු උනු අලුත් කැ‍රැට්‍ටු ගැන විස්තරයක් ලියන්න කියා සමාජයාගෙන් දැඩි ඉල්ලීමක් තිබීමයි. මොවුන් ගැන කිය කට වත්ත පහල ඇති කලු ගලක ඉද්ද ගැහෙන තෙක් උලා ගැනීම සැපක් උවත් රටේ තොටේ මිනිසුන්ද මේවා දැන ගැනීම උචිත බැව් මගේ පවුද්ගලික, නියාමක, විචාරසීලී, නිහීන මනසට වැටහිණි. 
                                මොවුන්ගේ චරිත සළකා මෙවන් මස්ත බාල්දු බාසා රීතියක් ‍තෝරා ගන්නට සිතුවෙහු. මෙවර කලින් විත්ති වල සිටි ඔබ නොදත් අයවලුන් පිලිබඳ ඔබ නොදත් දත් කෘන්තක විස්තර දැන ගන්නට ලැබෙනවා ඇත.

                 කුඩා දරුවන් සහ ලෙහෙසියෙන් කන් පෙණයට පත් වන අය දැන්ම මෙය කියවීම නවතා ටීක් බෝල ගැසීම මැනවි. කියෙව්වාට කම් නැත. නමුදු අත් හදා බලන්නට යන්න එපාය. 

                            මුලින්ම සමාජය භීතියෙන් දෙපළු කළ ඩබල් ඩී පිලිබඳ හැදැරීම මැනවි. ඩබල් ඩී යනු කංගැට්ටාගේ ලඟම නෑදෑයෙකි. කංගැට්ටාගේ අක්කාගේ ආච්චි බැන්ද මුණුපුරාගේ කාර්යාලයේ වැඩ කළ ඇසිස්ටන්ගේ පුන්චිගේ දුව ඩබල් ඩීය. කට්ටියට මතකයේ ‍රැඳී ඇති අර තුම්මුල්ල පැත්තේ පරණ ගෙදරක තිබ්බ පෙට්ටගමකින් පුස්කොළ පොතක් කියලා බත් ඔතලා තිබ්බ කෙසෙල් කොළ දෙකක් උස්සලා තිබ්බේ මේ කංගැට්ටාය.

                                                ඌ පාතාලේ ඌවාට මෙලෝ කොමන් සෙන්ස් නැත. හද්ද ගොනෙකි. . පස්සේ ඒකේ නිධානේ ගන්න ගිහින් බහිරවයාට බිල්ලක් දෙන්න අරං ගිය නිතර දැක්ක කුකුළගේ කරමලේ සුදුයි කියා කට්ටඩියා මූව ගහක ගැට ගසා තනියම ආපසු ඇවිත් තිබේ. ඩබල් ඩී පැවත එන්නේ අන්න ඒ වගේ පරපුරකිනි.  
 පාතාලෙටත් සම්බන්ධයක් ඇතැයි පැහැදිලි සාක්කි ඇත. මුන්දැගේ නමේ මැද්දෑවේ ඩී අකුරු දෙකක් ඇත. ඒවයින් කියන්නේ ඩිස්ටි ඩිඩිං යැයි අප අනුමාන කරන්නෙමු. නමුත් තතු දන්නෝ පවසන්නේ මෙහිද සැඟවූ යමක් ඇති බවයි. එහෙත් නිශ්චිත නැත. ඒවායේ වගක් මොකෙක්වත් අහන්නට යන්නේද නැත. ඇසූ කෙනා පසුවදා කොලොන්නාවේ කාණුවක ඕමි අතක් බලමින් ඉන්නවා ඇත.

                                                  ඩබල් ඩී මෑත කාලයේ යටිබිම් ගතව පදිංචිය වෙනස් කලේ යැයි නියුස් හතර වටේ පැතිර ඇත. ජීවිතාරස්සාව පතා එසේ කළාහුයැයි මගේ පිවිතුරු මතයයි. ආතල්ම කතාව වන්නේ වරක් මුන්දැගේ ගෙවල් පැත්තට ගං වතුරක් ආ සමයයි.
                      මේ ඩබල් ඩී පොල් ගහක කරටියේ සිටියේලු. නමුත් පා වලල්ලක් තිබුණේ නැහැල්ලු. තනකොළ කපන්නට ගියා දැයි කිසිවෙක් දන්නේද නැත. ගං වතුරට බයේ ගස් නැග්ග බව දන්නෝ දනිති.
                                                  ඩබල් ඩී සහ ක්‍රිකට් ලෝකයේ සං ඔක්කාර අතර යටිකූට්‍ටු වැඩක් කාලයක පටන් යමින් පවතී. එහි තොරතුරු සොයන්නට ගිය කිහිප දෙනෙක් දැනට නන්දිකඩාල් කලපුව අසල කරවල වාඩියක මෝරුන්ගේ වරල් කපමින් සිටිද්දී හමුවී ඇත. අපද මේ ලිව්වාට ලියන්නේ ඉතාමත් ප්‍රවේසමිනි. කිව්වාට මොකද පලිබෝධ නාශක අනතුරු සහිතය. ඩබල් ඩී ගැන දැන් ඇතිය. අපද තව කල් ජීවත් විය යුතුය. අප පවුය.

                                         පර්නෑන්ඩූ වනාහි අමුතුම පුද්ගලයෙකි. පර්නෑන්ඩූ දේශීය සම්පත් අගය නොකරයි. කොරියන් දේවල්ම සොයයි. හේතුව මේකය. කොරියන් කොල්ලෝ හිරිකඩය, නසරාණිය, ලුම්පන්වාදීය. පර්නෑන්ඩූට කොරියන් කිව්වොත් හොදිද ඕනේ නැත. කොරියන් කොල්ලෙක් අත සේදූ වතුර පවා හිස් මුදුනේ තබා වඳියි පුදයි,සලකයි.

            වැඩේ මේකය. කොරියන් උන් පොස් ය. අපි ගොඩේය.
 කොරියන් උන් මූණේ ඇති මවිල් එකක් නෑර ත්‍රෙඩිං කර අයින් කරති. කොටිංම උන්ගේ මූණු වල ‍රැවුල් ගසක් තියා ඇහි බැමක්වත් නැත. එතකොට අපි උදැල්ලෙන් ‍රැවුල කපමුය.
 උං මූනේ රටේම නැති පුයර උලා පසුව පොටි මූණේ උලා වැලි කඩදාසියෙන් කපා ඔපමට්ටම් කරති. අපි තාම මූණේ ගාන්නේ බියුටිකිරාය.
 උං කොන්ඩේ ජෙල් ගා පීරන්නෝය. අපි කොප්පරා සහිත පොල් තෙල් උලා මුඩු සුවඳින් ප්‍රබෝධමත් වන්නෙමු.
 උං කට වටේ ලිප්ස්ටික් ගාන්නේය. අපි පුවක් වැඩියෙන් දමා බුලත් විටක් හපා විටෙන් මත් වී කාණු පල්ලක වැටී හිඳින්නෙමු.
උං පාවිච්චි කරන්නේ වින්ඩෝස් එලකිරි ෆෝන්ය. අපි සැම්සුං ගොබ්බ ෆෝං යූස් කරමු.
උං අඳින්නේ පෝලෝ ඩෙනිම්ය ටොමී ෂර්ට්ය. අපි ගමේ අමුඩය ඇඳ උඩුකයට සරුවාල කෑල්ලක්
අඳින්නෙමු.
උං කන්නේ හිල්ටං එකෙනි. බොන්නේ පැන්ටාය. අපි සයිවර් කඩෙන් සාම්බාරු කා ගමේ රා කට්ට බිම හලමු.
ඌ කොටන්නේම කොරියන් වලින් සහ කඩ්ඩෙන්ය. අපි කොරියන් තියා කඩ්ඩවත් කොටා ගන්න බැරිය.
                                               මෙවැනි හේතූන් ප්‍රස්තූත ආත බූත වූ පමණින් කොරියන් උං හොඳ වෙන්න බැරිය.ඒ නිසා පර්නෑන්ඩූගේ මේ විදේසීය දේ අගය කිරීම මම ඉතාම මෙව්වා එකකින් යුතුව හෙලා දකිමුය.                                                              
           පර්නෑන්ඩූගේ අවධානය දිනාගෙන ඇති තවත් මෙව්වා එකක් වන්නේ ඉන්දියාවෙ වසන පාන් නමැත්තෙකි. නාකි විසේ ගෙටත් උසේ නමැති ආප්තෝපදේසේ හැදුනේ මූ නිසා බව ප්‍රසිද්ද රහසකි.
                මේ කියන්නා වූ පර්නෑන්ඩූට අරුම පුදුම චර්යා රටා ඇත. වෘක මිනිස්සු සඳ ඇතිදා ෆෝම් වෙනවා මෙන් පර්නෑන්ඩූ ෆෝම් වෙන්නේ වැහි ඇතිදාටය.
කොලඹ අහස කලු කරගෙන මූදු හුලඟ අඬලනකොට පර්නෑන්ඩුගේ මවිස් ඉස්මයිල් වේ. කන් රතු වේ. ඇස් දිලිසේ. බාහිර ස්වරූපය වෙනස් වේ.
          ඉන්පසු රෙදි කරේය. අහල පහළ ගෙදරකට පැන රේන්කෝට් එකක් සොරා ගන්නා පර්නැන්ඩූ ඉන්පසු පිස්සෙක් සේ කෑගසමින් පාර දිගේ දුවන්නට පටන් ගනී. මෙය නැවැත්වීමට හොඳින් වැඩුණු මිනිස්සු හත අටකටවත් බැරිය.
   මෙසේ දිව යන පර්නෑන්ඩූ ඉන්පසු පාර අයිනේ ඇති වෙලකට පැන එහි හැම තැනම නටා ඇවිදී. පැල ගොයම කයි, පැසුණු ගොයම සපා කයි. බිම පෙරළමින් කුඹුර සමතලා කරයි. වැස්ස අඩු වූ පසු නැවත යථා තත්වයට පත්වේ. ඉන් පසු රේන් කෝට් එක ගලවා විසි කරන පර්නෑන්ඩූ සඳ සොරෙන් සොරෙන් එන්නා සේ පැල දොරින් ගෙට රිංගයි.

           මේ සිද්දිය පිලිබඳ කතා කිරීමට ගිය එක් තැනැත්තෙක් පර්නැන්ඩූගේ ගේ ඉදිරියේ වස බී පසුව හමු විය. පොලිස් පරීක්ෂන වලින් ඔප්පු වූයේ ඌ ඇත්තටම වස බී ඇත්තේ කැස්ස සිරප් එකක් බවයි. තවත් එකෙක් පර්නෑන්ඩූගේ ගෙවල් අසල රේල් පාරෙ තමන්ගේම බෙල්ල කපා ගැනීමට ගොස් තුවාලය රිදුම් දී අයිස් සොයාගෙන ගෙදරකට පැන තිබේ. ඌ ගැන ඊට පසු ආරංචියක් නැත.
 පාරවල් මතක තබා ගැනීමට පර්නෑන්ඩෝ උපන් හපනෙකි. රටේ ඕනෑම පාරක්, අඩි පාරක්, බැද්දක් ගානේ පඳුරක් ගානේ හෙතෙම දනී. නමුත් පොඩි අබ්ලික් එකකට ඇත්තේ ගෙදර සිට ආසන්න ටවුමට යන පාර විතරක් නොදනී.

               පර්නෑන්ඩූ හේමාලයාට කැමතිය. හේමාලයා යනු හෙවනැල්ලයි. හෙවනැල්ලට ලව් කරන පුද්ගලයින් සිටීදැයි ඔබ සිතනවා ඇත. රෙඩා පොට් ය. මේක මඟුල් සක්වලක් යැයි බබානිස් ආතා කියන්නේ එහෙයින් යැයි මට හැඟේ. එහෙම කිව්වාට ඒ ආතාද සැර කැ‍රැට්‍ටුවක් ඇතැයි රටම දනී. මටද කීවේ සිසිලියා ආච්චීය.එසේ කිව්වද ඒ ආච්චිගේ කතාවද මගාවකි. ආච්චී හතරේ පහේ උණාට පරණ විත්ති කැළේ නිසා දැන් අගේට ජීවත් වන්නේලු. පෙර වැරදි බොහෝලු.

            මොනා උණත් ඒ ආච්චිගේ කතාවේ අවාසනාවට ඇත්ත කතාවක් මෙන් ධාරාණිපාත ඇත්තක් ඇතැයි මට දැන් සිතේ.
 ඒ කාලේ ගමේ සිටි හරක් හොරෙක් සමග බබානිස් ආතා සමග පැන ගියාලු. ඉන් පසු ඒ සොරා සීයාට ලමයි හදා දී මාරු වෙන්න හැදුවාලු. ඊට නො‍රැව‍ටුණු සීයා හේෂාරව කොට එක පිම්මේ පැන ගියාලු.

කතාව මඳක් ට්‍රැක් පැන ඇති බව දැන් හැඟේ.
දින්නාගේ ලෝකය දෙස දැන් එබී බලමු. නමුත් වැඩිය එබෙන්නට එපාය. බෙල්ල උලුක් වීමට ඉඩ ඇත. දින්නා පැවත එන්නේ මාර ප්‍රදේශයකිනි. ඒ ප්‍රදේශයේ වාලකර්ණ මිනිසුන් බහුලය. දින්නා සිංදු කීමට හපන් කමක් ඇතැයි පාඨකයෝ පවසති.
                              දිනක් දින්නා කියූ "ආවාට තිබුණත් නිසසල සඳ මත කඳුලින් තෙමනු එපා.. ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා" ගීතය ඇසූ පුද්ගලයෙක් මොලේ මෝල් වී පැදගෙන ගිය බයික් එක බෝක්කුවකින් පහළට දමාගත් බව වැලලී ගිය සිද්දියකි. එනමුදු දින්නා සැළුනේ නැත.
                   දින්නා මෝලි මංගල්ලෙට ගොස් විනිශ්චය මණ්ඩලේ අය හඬ පෙන්නන්න කියූ විට ටාසන් මෙන් හූ කියා හඬ පෙන්නූ හැටි අපිට තවම මතකය. දින්නා පෙරදිනක හඬ පාලනය පිලිබඳව සෙමිනා තිබ්බ බව ඔබ දනී. ඒ කාලේ අපි ඉතින් සිප්පි ක‍ටුය.

                                         දින්නාට එක නංගෙකි. මල්ලිලා ගොඩකි. දින්නාගේ නංගී නංගීය. දින්නා ඇයට නංගී කියන නිසා මමද නංගී කියන්නෙමු. නංගී තවම පන්සල් යයි. කලාතුරකින් පාසල් යයි. කුමක්දෝ හේතුවකට නංගී යන පාසලට දින්නාව වැද්ද ගන්නේ නැත. මෙයට හේතුව විමසූ විට "ඒ පැහිච්චකම් වැඩක් නෑ" කියයි. නමුත් මෙහි කුමක් හෝ අවටියල් ස්සීන් එකක් වයර් වී ඇති බව ඔබට වැටහෙනවා ඇත.

                                       දින්නා ඉස්සර ආයතනයක එච්.පී. තනතුරක් දැරූ කෙනෙකු බව සැළය. එහි තේරුම කිසිවෙක් දන්නේ නැත. නමුත් එය හක්ක පටස් යැයි අප අනුමාන කරමු.ඒ ඔබ අප දන්නා හක්ක පටස් නොවේ. අමුතු එකකි. එය නායක කමක් බවද සැළයි. නමුත් නායකයකු වීමට ආදර්ශමත් ලෙස යහපත් කල්ක්‍රියාවක් තිබිය යුතු බව මා හීනෙන් මෙන් අසා ඇත. 
 පුත්තලම් බූරුවන් හත අටක වැඩ එකවර කරන දින්නා එලෙස ආදර්ශමත් ලෙස දිවි ගෙවූයේ කවදාදැයි කල්පනා කළ මා සිහිමුර්ජා වී ඇද වැ‍ටුණු බව ඕපන් කැන්ටිමේ වැඩ කරන අක්කා මා සමඟ පසුව පැවසීය. මොනා උණත් දින්නා යහපත් සිස්ටසම්පන්න අරිස්ට වචන දොඩයි.
                         දින්නාට ගෙදර වැඩ වලට වඩා රටේ තොටේ වැඩ බහුලය. හිස ගිනි ගත් වැලි හීරලුවෙක් සේ රට හැම තැනම දුව ඇවිදී. මාගේ ඇති සාධාරණ සැකය වන්නේ දින්නා අනාගත ඡන්දෙකට සූදානම් වනවා යන්නයි.
       එහෙමනම් කල්ල මරේය. පක්ෂයේ ලේකම් සුවර් එකටම නංගීය. අපිටත් ඔය කොහේ හෝ සභාවක පට්ටමක් ලැබෙතැයි මා ඉස් මුදුනින් සිතාගෙන සිටිමුය. කෘත්‍ය අධිකාරී මණ්ඩලේට පනින්න පද්මේ බලාගෙන ඇත. මෙහි කෘත්‍ය යනු උදේට සිදු කරන ශරීර කෘත්‍ය බව සැලකුව මැනවි. පෙතිපත්ති පෙකාසයක් නම් ඕනෑම නැත. ඕව තිබ්බාට කොරන්නට එකෙක් නැත.

                  ඡන්දේ ඉල්ලීම කෙසේ වෙතත් දින්නා කෙසේ වෙතත් අමුතු ඇවතුම් ඇත්තෙකි. කාර් වල සයිලන්සර් වලට වරක් පොලිතීන් උරයක් ගැට ගසා අයිතිකාරයාට අසු වී ඌ ගිනි විජ්ජුම්බරයක් නැ‍ටුවා යැයි කොලුවෙක් මට වරක් කියා ඇත.
 දින්නා සිතා සිටියේ සයිලන්සරේ වැසූ සැණින් ඉන් දුම් පිටවීම වැළකී පරිසරය සු‍රැකෙන බවයි. ඒ අතින් අපි දින්නාගේ වෑයම ඉතාම මෙව්වා එකකින් යුතුව අගය කරමු.
දින්නා කූඹින්ට ඉතාමත් ලව් ය. නමුත් දවසක් මේ ආලය වැඩිවී සුරතල් කිරීමට ගත් කූඹියෙක් කණ අස්සේ යවා ගෙන කොට්ටේ ඉඹ ඉඹ , මෙට්ටේ හප හප, ඇඳ කකුල වික විකා හිටි අයුරු මාගේ මතකයේ ගලේ කෙටූ අකුරක් මෙන් සටහන්ව ඇත. අහක යන කුඹි කණ අස්සේ දාගෙන කනෝ කනෝ කියන්න එපායැයි වැඩිහිට්ටෝ කිව්වේ ඇයිදැයි මට එදා වැටහිණි.
මෙච්චර චාටර් කකා ඉන්න මුං සෙට් එකත් එක්ක ඉන්න මට ලැජ්ජ නැද්දැයි විධග්ග, මුග්ධ, අලකලංචි ඔබ මගෙන් අසනු ඇත. 
සහෘදය ඒ නහරය මා කැපුවේ පුංචි සංදියේමය..

Saturday, May 20, 2017

පහන් ‍රැයේ-2

අපේ ගමින් ගමට වැඩේ දිගින් දිගටම කෙරීගෙන යද්දි උණ නසරාණි වැඩ වලත් අඩුවක් නෑ. කලින් පාර ලියපු විත්තියට පස්සේ මට ආවා දුරකථන ඇමතුමක්. මට කෝල් එන්නේ සිම් එකේ කොම්පැනියෙන් විතරයි. ඉතින් ෆෝන් කෝල් එකක් කියන්නේ මට නිකම් ආඬින්ට කැඳ හැලියක් හම්බ උනා වගේ. 

                                                     ඉතින් දවසක් මං සවස් යාමේ ආතල් එකේ ටීවී එක බල ඉන්නවා. මොනාද අප්පා මේ දැන් යන කාටූන්. මෙලෝ බල්ලෙක්ට බලන්න බෑ. ඒකට අපි පොඩි කාලේ ගිය කාටූන්. වැව් ඉවුරේ බිං තඹරු, දිය රෙද්ද ගඟේ ගියා, ඒ දණ්ඩේ ලේණ හතු. අන්න කාටූන්. ආයේ ඇඟ කිලිපොලා යන ප්‍රේම ජවනිකා, කුල්මත් කරවන පයිට් සීන්. අන්න කාටූන්. ඔය කුජීත දියණිය සහ පජාත දියණියගේ ආගමනයත් එක්ක ලාංකීය මේව්ව එකේ සෑහෙන්න එව්ව වෙලා තියෙනවා. ඔය කොව්ව උනත් පරන ඒවා තමා සුප්පි .මේවා බලලා වෙන්න ඇති දැන් ඉන්න පොඩි උන් අච්චර පණ්ඩිත වෙලා ඉන්නේ. ගොබ්බ හැත්ත.

                      මෙහෙම ඉද්දි එක පාරට ආවා ඇමතුමක්. මාත් ඉතින් ඉස්සුවා. ෆෝන් එක බං ෆෝං එක.  එක පාරට කණ කීං ගාගෙන යන මියුරු සරක් මගේ කණ වැකුණා.

"මොකක්ද මිනිහෝ අර කරලා තියෙන්නේ?"  මොකක් හෝ ලලනා වොයිස් එකක්. කන්බෙරේ රීකන්ඩිෂන් කරන්න වෙනවා ගලනාලේ ටියුං වෙන්න.

 "එක්ස්කියුස්මී, මේ කොහෙන්ද? අනේ මම නම් මේ අහිංසක සලබයෙක්. මම කාටවත් මොකවත් කරලා නම් නෑ." මං සංවරව උත්තර දුන්නා. මොන පොල් පරාලයක්ද දන් නෑ.  සුදු වෑන් කාරයෝ හැම තැනම.

"මම මේ පෙරේදා වල දාපු මළ මිනියක් කතා කරන්නේ. හත් දවසේ දානෙට යා ගන්න විදියක් නෑනේ. අඩේ මට ට්‍රාන්ස්පෝට් හොයලා දියංකෝ බං. තව දානෙට කිරිකොසුයි කරවලයි හදලා තියන්න කියපං." මොන පොල් හූනෙක්ද මූ. දැන් තමා අඳුර ගත්තේ කවුද කියලා. මේ අපේ දින්නා. හිහ්.

"කියනව කියනවා. මොකෝ ඕනි?" "මොනාද ඕයි තමුසේ අර ලියලා තියෙන්නේ?" අම්මටසිරි. පටන් ගත්තා සද්ද පූජාව.


"මොකක්ද?" මම නිකම් හොලා වගේ ඇහුවා.
"අර තමුසෙගේ බ්ලොග් එකේ දාලා තියෙන්නෙ?"
"කොයි බ්ලොග් එකේද?"
"ඇයි අර තමුසේ කොරන්නේ විදුහලේ අටමගල් කියලා කෝලමක්."
"කොයි විදුහලද?"
"තමුන්ගේ විදුහල?" හුටා. ලියනවා නේන්නම්. බඩ වියත ‍රැක ගන්න බ්ලොග් ලිව්වා වගේ නෙවේ. මෙව්වා ජාත්යන්තරේට ගියොත් රට විනාසයි. ඇයි ඉතින් අපි වගේ නෙවේනේ මේකේ ඉන්න අනිත් උං.

"දැන් මොකෝ අවුල?" මම නිකම් යුෂ්මතා වගේ ඇහුවා. මටත් හොඳ වැඩේ. රටේම තියන සත්‍ය තොරතුරු ඇත්ත ඇති සැටියෙන් වාර්තා කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා.

"මොකෝ අවුල කියන්නේ?" තමුන් සම්පූර්ණ විස්තර දාලා නෑනේ ගමින් ගමට උණු වැඩ ගැන."

"ඔව් ඉතින් ඒක ඇත්තම සේරම දැම්මේ නෑ තමා. එහෙම සේරම දාලා හරි නෑනේ. ඔයාලගේ චරිතය ඝාතනය වෙනවනේ. මං නිකම් අර මල නොතලා රොන් ගන්නා සේ ඔයාලගේ ප්‍රතිරූපයට බිඳක්වත් හානි නොකර තමා මේක ලිව්වේ."

 "එහෙම මදි. අපිට තව නෝන්ඩි වෙන්න ඕනි. ලංකාවටම නෝන්ඩි වෙලා පදිරි වෙන්න ඕනි. පදිරිත් වෙලා ලොවෙත් නැති පොරක් වෙන්න ඕනි." මේන් මේකි ඔලුව බිත්තියේ ගහ ගන්න පටන් ගත්තද කොහෙද. ඩෝං ඩෝං ගාලා සද්දේ එනවා.

"ඒ ඒ ඕකට ඔච්චර කුපිත වෙන්න එපා. හම්මෝ. ඔලුව බිත්තියේ ගහ ගන්න දෙයක් උනේ නෑනේ. සංසුං වෙන්න මේ වෙසක් මාසේ." මං කිව්වා.

"පිස්සුද මිනිහෝ. අපි මේ පතල් හාරනවා. උදැල්ලෙන් කොටන සද්දේ ඔය ඇහෙන්නේ."

"අපි කව්ද?" අපි කිව්වේ ඉතින් මායි, තඹෙයි, ඩබල් ඩී සහ පර්නෑන්ඩූ."

"හුටා දැන් මේ ඔය සේරෝම මට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරලද නෝන්ඩි වීම මදි වීම සම්බන්ධයෙන්?" මහා කූර ලෝකයක් අප්පා.

"ඔව් ඔව්. අපි කට්ටියම මේ බ්ලව්ස් එක කැහැපට ගහගෙන කතා කරන්නේ.." ඇත්තම කිව්වොත් ඒ කොහොම ඇඳුමක්ද කියලා මං දන් නෑ. ඉතින් මාත් හා කිව්ව.

"කොහොමහරි ආයේ බ්ලොග් ලියනවා නම් අච්චර චාටර් කරලා මදි හරිය?" මාත් ඉතින් අබීතව නැගිටලා ඥව් ඥව් කියා කුන්චනාද කර කාමරයට ගියා. දැන් කාලේ පිනක් දහමක් කරගෙන සත්‍ය කතා කරලා මේ ලෝකේ වසන්න අමාරුයි අප්පා. කොච්චර සද්භාවයෙන් වැඩ කලත් ඉල්ලන්නේ බොරුවමනේ. කාමරේට ගිහින් සැපේ ඉද්දි මට මතක් උනා ඇත්තටම ගමින් ගමට ගියාම මොනාද උණු සිද්දි කියලා.

                                         එක දවසක් අපි ගමට ගිහින් වැඩ ඉවර කරලා ඇවිල්ලා ආවා තඹේගේ ගෙදරට. මහන්සියටත් එක්ක මට ඇවිත් ටික වෙලාවකින් කෑම එහෙම කෑවට පස්සේ පු‍ටුවක් උඩ එහෙම්මම දෝයියං ගාලා නින්ද ගියා. ටික වෙලාවකින් ඇහැරලා බලනකොට නිකම් වොයිස් කට් ගිය දෙබරෙක් ශ්ලෝක කියනවා වගේ.
බැලින්නම් අපේ කට්ටිය ටීවී බලනවා. ඒකේ කොහෙදෝ ඉන්න පට්ට පතරංග මළ මිනියක් සිංදු කියනවා.
 "අම්මටහුඩු මොකක්ද ඒ?" මං ඇහුවා
"මේක තමා අලුත්ම මගාව."
"මොකක්?" 
"මගාව මගාව."
"හෑක් මොකක්ද යකෝ ඒ? මුං මේ ජීවත් වෙලා ඉන්න උංගේ තරග තියලා ඉවර වෙලා දැන් මැරිච්ච උනුත් ගෙන්නනවද?" 
 "නෑ නෑ. මේ ඉන්නේ ලංකාවේ ඉන්න නලු නිලි සැට් එක. මේ චැනල් එකෙන් මුංව ගෙන්නලා තරග තියනවා."
               එතකොටම ඒකේ නිවේදකයා ඇවිල්ලා වේදිකාව උඩ දරණ ගහගෙන පටන් ගත්තා කියවන්න."ඔව්ව්. මේ ලාංකීය ධරණි තලය මත වැඩ වසනා වූ..."
 මොන කෙහුරක්ද මේ? අව්ට් ඔෆ් බවුන්ඩ් ප්‍රසිද්ධ චරිත ගෙන්නලා උංව ෆෝම් කරලා චැනල් කාරයොත් මාර ආතල් තමා අප්පා ගන්නේ, පව් අසරණ ජීවිත.

 "ඔබත් මේ ඉතිහාසයේ දැවන්තම රියල් ඉටි වැඩසටහනට එක් වන්න. ඔබත් ගාන්නේ අහවල් සබන් වර්ගයද. ඒවා ගාලා නාලා ඊට පස්සේ ඒකෙ දවටනය ගඟ දිගේ පා කර පහලට එවන්න. අපගේ නියෝජිතයන් ඒවා ඇල්ලීමට නිරතුරු ඔබ සමග." ඒ අස්සේ අනිත් බිස්නසුත් වෙනවා.

                                    මං ඒ සංගදි බලන්න බැරුව බෙල්ලේ ගලක් බැඳගෙන පැන්නා ඉස්සරහ තිබ්බ ලිඳට. ශැක් කරුමෙට ඒක ගැඹුරු මදි. ඔලුව පල්ලට හිටින්න පැන්නම බෙල්ලෙන් පාත විතරයි ගිලෙන්නේ. අනිත් ටික වතුරෙන් උඩ. ඒ ගමන් ගලත් ලිහලා දාලා ඔලුවෙන් උඩ පැන පැන මං ආවා සාලෙට. අම්මටසිරි. මේ මොකක්ද මේ වෙන්නේ. මුං ටික මගාව ගෙදර දාලද කොහෙද. එක කෙළියයි එතන.
                                          දින්නා ගිරිය කඩාගෙන අන්නස්‍රෝතේ උඩ හරියෙන් සිංදුවක් කියනවා.
 "එදා ඔබ මංගල පෝරුවට නැගි වේලේ, සිහිසුන් ඌ අයුරු දැක අනුකම්පාවකි මසිත වෙලා ගත්තේ." අම්මටහුඩු. මේ සිංදුව ඇහිලා ලඟ ලයිට් කණුවේ වහල හිටපු කපුටෝ දෙන්නෙක් පැන්න ලිඳට. දින්නට එහා පැත්තේ පර්නෑන්ඩූ මාරාවේස නැ‍ටුමක්.
 "මා බාලේ ඇති කළ පොල්කිචි පැන්චා. හොටේ සුදුයි රා බොන්නේ බිම නැවිලා"  නිකම් ගැරඬියෙක්ට බූමිතෙල් ගැහුවා වගේ. ෂුවර් එකටම ප්‍රේත බැල්මක් වැටිලා.
 "මොකක්ද යකුනේ තොපි මේ කොරන්නේ?" මං ඇහුවා
 "අපි මේ මෝලි මංගල්ලෙට යන්න පැක්ටිස් වෙනෝ.මං යනෝ සිංදු කියන්න. මෙයලා යනවා නටන්න."  දින්නා කිව්වා. කාලා වරෙංකෝ.දින්නා සිංදු කියන තැන බිම ඉඳගෙන තඹේ එකේ පලාපල කියනවා.
 "ඔහොම මදි. ඔබගේ ගැළපීම මදි. තව ටිකක් විස්තාරනය උත්ප්‍රෙරනය කරලා ක්ෂෙත්‍රය උස් කරලා ගන්න. එතන රාගේ හොඳටම මදි. තව රාගේ වැඩි කරන්න."  අම්මටහුඩු. රාගේ. රාගේ මදි?

  හපොයි  මෙතන වැඩි වෙලා ඉන්න හොඳ නෑ. මං ටාර් ගාලා එතනින් කැපිලා ගියා මිදුලට. පද්මේ නැති අඩුව දැනී දැනෙනවා අප්පා. ඌගේ පවුර්සේ මදි කියලා මූව යවලා පුනරුත්ථාපන කඳවුරකට. එන්නේ අර රෑට. නිකම් ඉන්න එකේ ඌට කෝල් එකක් දෙන්න ඕනි කියලා හිතුණා. ගත්තා ෆෝං එක. බඩු බනිස්. එක සිග්නල් කණුවක් නෑනේ. කෝකටත් ඩයල් කරලා බැලුවා.

 "හිතවත් පාරිබෝගිකය, ඔබ ඔය ‍රැඳී සිටින්නේ ෆෝං සිග්නල් අහලවකවත් නැති පළාතකයි. ඔහේ ‍රැඳී සිටීමෙන් මුදලත් මිතුරාත් අහිමි වේ. කරුණාකර ඔය ලන්දෙන් එලියට ඇවිත් නැවත අමතන්න. ඒත් බැරිනම් ලඟින් යන බරබාගෙක රෝදයට බෙල්ල තියන්න." ඊට පස්සේ මේකම දෙමලෙන් කියන්න ගත්තා. කොහෙද අප්ප මේ අපි ආවේ. කෝල් එකක් ගන්න නෑ.
           ඊට පස්සේ මං නැග්ගා අහල තියන ගහකට. ආයේ ඩයල් කලා.
 "හිතවත් පාරිබෝගිකය. ගහකට නැග්ගා කියලා අමුතු සිග්නලක් එන්නේ නැත. යකෝ ‍තෝ ඔය ඉන්න දිහා ගූ ගල් මැප් එකේවත් පෙන්නන්නේ නෑ. ඒ හින්දා අඬු කඩා ගන්නේ නැතුව ඔය ගහෙන් බහින්නය. බහින්න බැරිනම් හොඳ මුවහත් ගලක් බලා ඔලුවට පහළට හිටින සේ පනින්නය. තොගේ ඔය ෆෝං එකට දාන කාඩ් එක අඩු වූවා කියා අපෙ කොම්පැනියේ උං සාගතේට අහු වෙන්නේ නැතය. ඒ හින්දා කරුණාකර මීට පස්සේ වද දෙන්න එපාය." මදැයි කොලා. ගේ අස්සට යන්නත් බෑ. රාගේ වැඩි වෙලාලුනේ.

                                   මං එහෙම්මම බැස්සා ගහෙන් බිමට. බැහැලා මනෝ පාරක් ගහගෙන ඉද්දි මතක් උණා කලින් දවසේ ගමකට ගිහ්න් වෙච්ච වැඩක්. අපි ගියේ හද්ද ඩොටේ ගමකට කියලා මතක ඇතිනේ. කොටින්ම මෙහෙට තවම ජල ව්‍යාපෘතියක්වත් නෑ. ඉතින් මෙහේ මිනිස්සු වතුර ගන්න වැවක් හාරගෙන තිබ්බා. මේකෙ ඉන්න උන්දැල බොන්න තියන පානිය ජලයයි, නාන්න තියන පානීය ජලයයි, රෙදි හෝදන්න තියන පානීය ජලයයි සේරෝම ගන්නේ ඒ වැවෙන් නිකම් හාල් පොත වගේ. අපිත් ආතල් එකේ මේක බලන්න කියලා ගියා දවසක. වැවක් කිව්වට අපි ගිය මානෙක වැවක් නම් පේන්න තිබ්බේ නෑ. හැබැයි සෝක් පිට්ටනියක් නම් තිබ්බා.

                 ඒක දැක්ක ගමන් ඩබල් ඩී "අලේ සෝක් පිට්ටනිය අප්පා." කියල දුවන් ගිහින් පැන්න පිට්ටනිය මැදට.  එක පාරට ජබෝස් ගාලා ගිලුණා. පස්සේ ඉහින් කණින් වතුර පෙරාගෙන මුන්දැ එනවා ගොඩට. ඔලුවේ හාල් මැස්සෝ, කං අස්සේ අල ගුඩ්ඩෝ, කට අස්සේ බුලත් හපයි, හොට අස්සේ පොකිරිස්සෝ, බෙල්ල වටේ සැල්වීනියා වැල්, ඇඟේ මාලු නටනවා කියන එක මං සජීවීව දැක්කේ එදා තමා. ඇත්තටම ඔය මාලු නටනවා කියන කතාව පිලි ගන්න එපා. උං නටන් නෑ. හුස්ම හිර වෙලා දඟලනවා.

                                 මේ වැව සුපෝසනේට ලක් වෙලාලු. පද්මේ හෙන දාර්ශනික ටෝකක් දෙනවා. අනේ උගෙ අප්පගෙ සුපෝසනේ. වැවක් උනාම කාලා බීලා ආතල් එකේ ඉන්න එපායැ. ආතල්ම වැඩේ උණේ ඒකෙන් පස්සේ. අපිත් එක්ක ගිය දින්නා එක පාරට නාන කිට් එකක් ඇඳලා පැන්නා වැවට. හරියට නිකම් ටික්‍රි ලියාගේ මොඩර්න් වර්ෂන් එක වගේ. මුංට ඉතින් ඉන්න දිහාවල වතුර පොදක් නෑනේ. ඉතින් වතුර බිංදුවක් දැක්ක ගමන් නිකම් හම්බාවෝ වගේ.

                                    හැබැයි දින්නා බැහැලා ටික වෙලාවකින් වැවේ හිටපු කබරයෝ ජෝඩුවක් මුන්දැ වටේ කැරකැවෙන්න ගත්තා. එතකොට තමා අපිට දින්නගේ නියම පිහිනීමේ කව්සල්ය දැක ගන්න පුලුවන් උණේ. මයිකල් පෙල්ප්ස් පරාදයි. වැවේ එක කොනක ඉඳන් අනික් කොණට පීනුව සමනල ආරෙන් ඉස්ම යන්න. එහෙම පීනලා එතකොට ඒ කොණෙන් තව කබරයෙක් වැවට බැස්සා. ඒ ගමන් ඒ කොණේ ඉඳන් තව කොනකට පීනුව. පීනලා එතන තිබ්බ වැලකින් නැග්ගා ගහකට.ගහට නැගලා කියනවා කවි.
 "කබරයෝ කබරයෝ. මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ" අම්මටහුඩු. එක එක පැති වල සංස්කෘතිය සෑහෙන වෙනස්. 

       මේ අස්සේ පර්නෑන්ඩූ කවි කියනවා.
 "ටික්‍රි ටික්‍රි ටිකිරි ලියා කලේ අරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගොයා කකුල කාපි දිය බරියා" ඒක ඇහිලා ලඟ ලන්දක හැන්ගිලා හිටපු දිය බරියෙක් ඇවිල්ලා අපිට කුණුහබ්බෙන් බනින්න ගත්තා.
  "යකුනේ මං ලිඳ ගාවට ගියේවත් නෑ. තොපි අබූත චෝදනා නගන්න එපා. ලිඳ ගාව හිටියේ කබරගොයා. මං අර ලන්දට වෙලා කොයිල්ද වල් ගයා බල බල හිටියේ" මූ මෙහෙම කියලා පැන්න ගමන් පර්නෑන්ඩූට ටොක්කක් ඇනලා ආයේ කැලේ අස්සට රිංගුවා. ඒ ගමන් පර්නෑන්ඩූ ආයේ සිංදුවක් කියන්න ගත්තා.

 "ටික්‍රි ටික්‍රි ටික්‍රි ලියා ගොබ්බ ගෝත හීරලුවා දියබරියට පොල්ල තියා කබරෙ එක්ක පැනලා ගියා" අම්මටසිරි. ඒ අස්සේ මේකි හදන්නේ ටිකිරිව සමූහ දූෂනේකට ලක් කරන්න. තඹේ ආයේ පර්නෑන්ඩූට ටොක්කක් ඇන්නා "කට වහගං " කියලා. පව් අප්පා. පර්නෑන්ඩූගේ කන් දෙකත් පාත් වෙලා.


                                                     කොහොම හරි බැලින්නම් දින්නා තවම ගහේ. කබරයෝ පහලවක් විතර ගහ පාමුල. දැන් දින්නට බහින්න බෑනේ. මුන්දැ කබරයින්ට කතා කරනවා.
 "අනේ කබර හාමි යන්න ඔතනින් මට බහින්න. අහකට වෙන්න ඉතින් " කියලා. මේකි ඉතින් මේ වැව මැද්දෑවේ නරි නාවන්න යනවා. මේක බල හිටපු තඹේ ෆෝම් උණා. එක පාරට පැන්න ගමන් දුන්නා කබරයෙක්ට පයින් පාරක් ලෝන්ග් ඕන් කලාපය හරහා වැවට විසි වෙන්න. ඊට පස්සේ දින්නා ගහෙන් බස්සවගෙන අපි ගෙදර යන්න හදනවා.

                                                            බැලින් නම් එතකොට පද්මෙ නෑ. මුං එකතු කරන එක නිකම් ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ. ටිකක් හොයලා බලනකොට මූ වැව අයිනේ මාලු බානවා. බලන්න ඉතින් මූගේ වසල කම. මාලු බානවා කිව්වට මූ නිකම් කෝට්ටක් අරන් ඒකේ කොනක මුගේ අමුඩ ලේන්සුව ගැට ගහලා ඒකෙන් මාලුන්ට වෙඩි තියනවා වගේ වැඩක් කරන්නේ.  මාලුවෙක් පලාතේ පේන්නවත් නෑ. "මොකක්ද හැලප කොහෝ ඔය ‍තෝ කොරන්නේ?" මං ලඟට ගිහිල්ල ඇහුවා. 
 "මේ මාලු අල්ලනවා බං. තොටත් ඕනිද?" මූ අහපි. මෙහෙට ආපු ගමන් අපේ සේරම උන්ගේ ඔලු කුරුවල් වෙලාද කොහෙද. මේ යසට ආපු උං මඥාං කෙලිනවනේ.  ඒ ගමන් අපි ඌවත් කුදලං ආවා ගෙදරට.


                                       මගේ මනෝ ලොකයේ මං පුවක් මලින් පවන් සලාගෙන ඉද්දි ආයේ එක පාරටම ගේ අස්සෙන් සද්දයක් ආවා.
 "සාප වෙනවා සාප වෙනවා. තොපි සේරෝටම සාප වෙනවා." මොකෙක්දෝ අවලන් වොයිස් එකක් කාටදෝ සාප කරනවා.

                               මේ පාර නම් මෝලි මංගල්ලේ ඉස්මොල්ලෙ ගිහිල්ලද කොහෙද? මං හීන්සීරුවේ බෙල්ල දාලා බැලුවා ගේ අස්සට. මගේ සරුවාංගෙම වෙව්ලන්න ගත්තා. දින්නා පරල වෙලා. පරඬැලි වෙලා.
 "මේ මොකෝ මේ?" මං ලයින් එකේ ලං වෙලා පර්නෑන්ඩූගෙන් ඇහුවා.
 "මෙයා ආවේස වෙලා"
 "මොක?"
 "ආවේස වෙලා. පෝයක් ලං වෙනකොට එහෙම වෙනවලු. මූණ දිහා එහෙම බලන්න එපා. වසඟයට ගන්නවා"
 "මොකක් යටට?"
 "වසඟයට"
 "ඒ මොකක් යටටද? නරක තැනක්ය?" මහා අසමජ්ජාති වැඩනේ මේ දවස් ටිකේ වෙන්නේ.
 "නෑ බං. පෝය ලඟයිනේ. මේ කාලෙට මෙයා ආවේස වෙනවලු." අම්මටහුඩු. මං මෙච්චරකල් හිටියේ මුං එක්කනේ.
 "දැන් මොකෝ කරන්න ඕනි?" මං හක්ක බදාගෙන ඇහුවා. මේ උන්දැ ඉන්න හැටි දැක්කාමත් බය හිතෙනවා.
 "තොපි රාගයෙන් වැහිලා. මෝහයෙන් අන්ධ වෙලා. සාප වෙනවා සාප වෙනවා." දින්නා අම්මමෝ නැතුව දෙසනවා. මං හිතං හිටියේ මඟුල් සක්වල තියෙන්නේ වෙන කොහෙ හරි කියලා. මෙව්වනේ යකෝ මඟුල් සක්වල්.

"දැං මේකට මොකද කරන්නේ?" මං ආයේ ඇහුවා.
"ඕකට මෙන්න මේ ත්‍රිශූලෙන් හිස් මුදුනට තුන් පාරක් අනින්න ඕනි." තඹේ කිව්වා. එහෙම කියලා මේන් ගත්තා අලී පතරංග යකඩ උලක් ගේ මුල්ලෙන්. ඒක හොඳයි පොල් ලෙලි ගහන්න. ඕකෙන් දින්නගේ පරඬැල් දර හැවට ඇන්නොත් බඩු. තඹේ ඊට පස්සේ ඒ ත්‍රිශූලේ මැද උලෙන් දින්නගේ ඔලුවට පොඩි ටච් එකක් දුන්නා. මේං සනීපයි.

                                         මං හිතන්නේ තඹේ දින්නට කොඩිවින කෑල්ලක් පාස් කරලද කොහෙද. කොහොම හරි එතකොටම පද්මේ ආවා ගෙදර. දැන් ඌන පූර්ණේ හරි. ඒත් කට්ටිය සෙට් උනාට කරන්න වැඩක් නෑ.  
"අපි ඇඟිල්ලෙන් ඇනලා පෙත්ත හිලේ දාන සෙල්ලම කරමු." පර්නෑන්ඩූ කිව්වා. මගේ හක්ක රිවස් උණා.

"මොන සෙල්ලම?" "පද්මේ ඇහුවා.
"අර ඇඟිල්ලෙන් ඇණ ඇණ ලී කෑලි හිලට දාන්නේ. ඒ සෙල්ලම කරද්දි දාඩිය දාන හින්දා පව්ඩරුත් දානවා"

"මචං මං හිතන්නේ ඔය කියන්නේ කැරම් වෙන්න ඇති" මං ලයින් එකේ පද්මෙට කිව්වා. බලන්න ඉතින් මේ මිනිස්සු ගෝනාපිනූවල වගේ දුෂ්කර පළාත් වල ඉපදුනාම රට තොට ගැන මොකවත් දන් නෑනේ. හැබැයි මරු අයිඩියාව.
                                       අපි ගිහිල්ලා තඹේගේ ගෙදර ගබඩා කාමරේ තිබ්බ හද්ද කුරුවල් කැරම් බෝඩ් එකක් අරන් ආවා. ඉස්සර උන්මාද චිත්‍රා දීඝ ගාමිනී එක්ක ලයිට් හවුස් එකේ වත්ත වටේ යද්දි ඒක මුර කරපු උං සෙල්ලම් කරපු බෝඩ් එකලු මේ. ඒකේ ගහලත් තිබ්බ "ෆීලිං ආතල් විත් චිත්‍රා ඇන්ඩ් සෙවන් අංකල්ස්" කියලා.
        ඒක හොයන් ඇවිල්ලා දූවිලි පිහදාලා වත්තේ තිබ්බ ලාඩප්පා ගහක අත්තක් කපලා ඉත්තොත් හදාගෙන පටන් ගත්තා සෙල්ලම. මායි තඹෙයි එක පැත්තක. පද්මෙයි පර්නෑන්ඩුයි අනිත් පැත්තේ. චියර් කරන්න දින්නා ආවා. දින්නා පතිපත්තියක් විදියට මේවා සෙල්ලම් කරන් නැහැල්ලු. එයා සිංදුවක් කියන්න ගත්තා.

"වැහි දිය මහ බිම තෙමුවට කුඩේ නැත්තෙ මට විතරද, ‍රැ අහසේ තරු තිබ්බට දවල් පෙනුනෙ මට විතරද" අන්න සිංදු.
         මුලින්ම කඩන්න තිබ්බේ පද්මෙට. පර්නෑන්ඩු තමන්ගේ ටීම් එකට චියර් කරනවා.
   "කමෝන් පද්මේ. ගහමු පද්මේ. වීදි සරන පද්මේ, ලැම නොපෙනෙන පද්මේ. ගහලා ගමු පද්මේ." පද්මෙත් ඉතින් ඉත්තන්ටත් වැඳලා බෝඩ් එකටත් වැඳලා දුන්නා සොට් එකක්. කෙලින්ම ඩිස්ක් එක වලේ. ඒ අස්සේ  පර්නෑන්ඩූ කෑ ගහනවා.
"ඕයේ පද්මේ. පිස්සු කොරනේ. ඕකට තරම් කැරම් බෑ අහල ගම් හතක උන්ට.දුවන්න දෙන්නේ මෙදා පොටේ. ඇද්ද?" පර්නෑන්ඩූ වික්ෂිප්ත වෙලා, උද්දාමයට පත් වෙලා, තව කුනුහබ්බ වැඩ ගොඩක් වෙලා බෙරිහන් දෙනවා. පර්නෑන්ඩූ දන් නෑ ඩිස්ක් එක ගියාම දඩ කන්න වෙනවා කියලා.
                             කොහොමින් කොහොම හරි කැරම් ගහලා ඉවර වෙලා අපි ගියා උයන්න හෙල්ප් එකක් දෙන්න. එදා රෑට තිබ්බේ ගැඹුරු තෙලේ බැදපු ප‍තෝල සහ කැකිරි මෝජුවක්. පොල් සම්බෝලයක් හදන්න ගිහිල්ලා පර්නෑන්ඩූ පොල් බෑයේ පිට කට්ටෙත් ගාලා හිරමනේ උලුක්කු කරපු කතාව වරහන් අස්සේ තිබිච්චදෙන්.
            කොහොම හරි එදා ‍රැ අපේ අය උයපුවා කාලා පහුවදා දවසම ඉඟුරු ඉස්ම බිබී ඉන්න උනේ. මුං හොඳයි තරහ කාරයෙක්ගේ මඟුලක කේටරින් වැඩ වලට. රටෙම තියන නාකි ප‍තෝල ගෙනල්ලා ඒවා බැදලා. සමහර ප‍තෝල වල එක කරලයි. සමහර ඒවයෙ කරලක් නෑ. මැද කුහරෙ විතරයි. සමහර කැකිරි වල ඇහේ සුද මතු වෙලා. පොල් සම්බෝලේ දෙහි වෙනුවට දාලා තියෙන්නේ ලෙමන් පෆ්.
 තව කියන්න බෑ මට මගේ බඩ අපොයි.

Wednesday, May 10, 2017

පහන් ‍රැයේ

                                                                 ටික කාලෙකට පස්සේ ආයේ තව අත්දැකීමක් ලිව්වොත් හොඳයි කියලා හිතුනා. ඔයාලට හිතෙනවා ඇති මූ අවාරෙට නරි නාවනවා වගේ බ්ලොග් ලියන හාල්පාරුවෙක් කියලා. එහෙම හිතන එකත් සාධාරණයි අප්පා. බඩ වියත ‍රැක ගන්නනේ මේ මෙව්වා ලියන්නේ.
              මේ වතාවේ ලියන්න යන්නේ ඉස්කෝල කාලෙන් පස්සේ සිද්ද උණු දෙයක් ගැන. කැම්පස් එකේ වැඩකට අපිට සිද්ද උණා ගමක් ගමක් ගානේ ගිහින් දැනුවත් කිරීම් වගයක් කරන්න. ඒ දැනුවත් කිරීම් එක්කම අත්සන් වගයක් ගන්නත් අපිට නියම වෙලා තිබ්බා. ඕකට අපිට හම්බ උනේ අගනුවරට නුදුරින් තියන හද්ද ඩොටේ, තාම පෘතුගීසි රට පාලනය කරනවා කියලා හිතන් ඉන්න මිනිස්සු ඉන්න ගමකට. 

                                                 මෙහේ උංට තවම එන්නේ හැටේ දශකයේ පත්තර. ඉතින් මෙහේ අය අඳින්නේ පලඳින්නේ සේරෝම ඒ විදියට. මුලින්ම අපි ගිහින් ගොඩ බැස්සේ බස් ස්ටෑන්ඩ් එකට. බැලින්නම් එතන තමා කරත්ත ගාල තියෙන්නේ. අපි ආපු බස් එක විතරලු ඒ පැත්තට එන එකම බස් එක. ඒක එන්නෙත් ඒ ගමේ ඉන්න කට්ටඩියට කට්ට කුමජ්ජල් ගෙනල්ලා දෙන්න සතියකට සැරයක්.
 තවත් උදවියක් වෙනත් පාරකින් ඇවිල්ලා තිබ්බා. උං මැණික් ගරන්න ගිහිල්ලා. ඉල්ලම හුලඟේ ගිහින් ඇඟ කිලි පොලා යන්න.වැඩේ හබක්. දැන් ගරන්න ගිය උනුයි, හාල් ගරන්න ආපු අපියි එකම ස්ටෑන්ඩ් එකේ අපි යන්න ආපු ගමට යන්න බලං ඉන්නවා.
                 වැඩේ කියන්නේ බස් නෑනේ මෙහේ.  මෙහේ තනිකර බර කරත්ත වලින් තමා ගමන් බිමන්. මෙහේ හරක් නෑ. ඉන්නේ රට හරක්. උං ආයේ ඉතිං අම්බ හරක්. බර අදින්නමයි ඉපදිලා ඉන්නේ.
   අපේ බඩු මලු ටික අරන් යන්න ගමේ ඉන්න අපේ ඩයල් එකක් එනවා කියලා තිබ්බා. ඌ අපිට වෙලාව දීලා තිබ්බේ හේමාලයා අඩි දෙකක් දිග වෙලාවට කියලා. ප්‍රවේගයෙන් පස්සේ හේමාලයා මං දැක්කෙත් නෑ. ඌ අඩි දෙකක් උස වෙලාව මං දන්නේ කොහොමද කියලා වැලමිට විකාගෙන කල්පනා කරනකොට එහේ එකෙක් කිව්වා මෙහේ උංට තවම ඔරලෝසුව හඳුන්වා දීල නැහැල්ලු. ඉතින් ඉරේ පිහිටීම අනුව තමා වෙලාව කියන්නේ. හේමාලයා කියන්නේ මෙහේ අය හෙවනැල්ලටලු. මෙහේ අයගේ ඒක කලු පාටයිලු. ඉරේ පිහිටීම අනුව ඒකෙ උස මැනලලූ මෙහේ අය වෙලාව කියන්නේ. බලන්න ඉතිං මේ වගේ පූර්ව ළමා විය සංවර්දනය උනේ නැති පළාත් එක්ක කොහොමද අපි ධර්ම රාජ්ජේ උදෙසා පියවර තබන්නේ? 

                           අපි ඔය හේමාලයා දිහා බලං ඉන් නෑනේ. ආයේ කෙලින්ම ඉර දිහා බලන්නේ. ඊට පස්සේ ඇස් පොට්ට කරන් රට යකුම නටන එක වරහන් අස්සේ තිබිච්චදෙන්. කෝමහරි අපි ගිහින් ටික වේලාවකින් අර ඩයල් එක ආවා.
            මේ ඩයල් එකේ නම තඹේ. තඹේගේ සීයා මෙහේ ප්‍රසිද්ධ චරිතයක්ලු. ඒකෙ හැටි බලන්න උනේ පස්සේ. තඹේ එනකොට අරං ආපු බරබාගේ අපේ බඩු ටික පටෝලා උන්දැගේ ගෙදරට යවලා අපි ගියා අපිට දුන්නු ගම් පළාතේ ඇවිදලා එන්න. තඹේ තමා මග පෙන්නන්නේ.
 තඹේ තමා රියල් තඹේ. මෑන්ස් ඉස්සර හිටියේ නැවක කුඹේ. ඒකෙ උස ඇති විතරක් බඹේ. එයා වැඩ කළේ තිය තියා ලඹේ. පස්සේ එයාගේ ඔලුවට වැ‍ටුණා ගෙඩියක් අඹේ. එතනින් පස්සේ ඌ ගියා අදින්න කඹේ. පස්සේ කුඹුරක උණා පඹේ. අපිත් එක්ක එකතු උනාම යන්තම් අපි ශිෂ්ට සම්පන්න කරලා ගත්තා මේ තඹේ.

                                    අපි ගිය වැඩේ යන්තම් හවස් වෙද්දි අහවර උණා. තඹේ මේ පැත්ත ගැන දන්නවා කියලා හෙන කයි දුන්නට යන්තම් වලස්මුල්ලේ මනුස්සෙක්ගෙන් පාර අහගෙන අතක් පයක් නොකැඩී බේරුණේ. වැඩේ කියන්නේ මේ තඹේ යන යන ගෙයක් ගානේ වංසේ කබල් ගානවා. ගියොත් කියන්නේ පරම්පරා වරුණේ. ගෙවල් දෙකකින් මන්න පාරවල් වදින්නත් ගියා. තව ගෙවල් තුනකින් කැත්තක් අරන් පස්සෙන් පැන්නුවා නිවුඩ්ඩ හුලඟේ යනකම්.

 තව ගෙදරක එකෙක් අපිත් එක්ක ගමන ගිය පද්මෙට සුපිරි වැඩක් කලා. පද්මේ සංවර විදියට ගිහිල්ලා අපි ආපු කාරණාව ඒ ගෙදර මනුස්සයට පැහැදිලි කරලා දුන්නා.
"මල්ලි ඕකෙ සිස්ටම් එකේ අවුලක් තියනවා නේද?" ඌ එක පාරට අහපි.

 " නෑ අයියේ සිස්ටම් එකේ අවුලක් නෑ." පද්මේ කියපි.
 "නෑ මල්ලි මේ සිස්ටම් එක අස්සේ. තව සිස්ටම් ගහලා ඔයා මගේ සිස්ටම් එකට නිකම් සිස්ටම් කරන්න එන්න එපා හරිය."
 "කව්ද බං මේ සිස්ටම් කියන්නේ? මූ බඳින්න ඉන්න එකීද?" මං හොරෙන් පද්මෙගෙන් ඇහුවා.
 "මල්ලිට කියන්න මල්ලි මේ සිස්ටම් එකේ අවුල කොච්චරද කියනවා නම් මගේ කස්තිරම් සිස්ටම් එක සැහෙන අවුල් ගියානේ. බලන්න මල්ලි" කියලා මූ එක පාරට ඉඳන් හිටපු පු‍ටුවෙන් නැගිට්ටා.

                  එක පාරටම මූ ජැන්ඩියට ඉඳ ගත්තා. ඊට පස්සේ අහසට පිඹිනා එරන් කලේයා එකේ කවර් වර්ෂන් එකට ඩාන්ස් එකක් දාලා ඊට පස්සේ හයියෙන් විසිල් එකක් ගහලා අපි එතන ඉද්දිම විලි ලැජ්ජාව පැත්තකින් තියලා සරම ගලෝලා බාච්චු කලිසමක් ඇඳ ගත්තා. ඊට පස්සේ මූ තොවිලයක ආවේස උනාවගේ අල්ලන්න ගත්තා අඩව්වක්.
 "හීව් හෝව්. රුන්තක ජින්තක, තරිකිට ජින්තක, අහංකාර අහ අහ අහංකාර සයනේ " පද්මෙගේ මූණ හත‍රැස් උණා.
මඥං ගිරිගෝරිස් කිව්වලු. මූ මොලේ අමාරු කාරයෙක්ද කොහෙද. ඒ අස්සේ ඒ ගේ අස්සේ ඉඳන් ආපු ගෑණු ඇන්ටි කෙනෙක් මූණ බලලා සාස්තර කියන්න ගත්තා.

 මේ උන්දැ ගේ අස්සෙන් රතු රෙද්දක් උස්සන් ඇවිල්ලා ඒක ගේ ඉස්සරහ කණුවේ ඔතලා ඒක වටේ කරකැවි කරකැවි
 "ඔව් මට පේනවා. මට පේනවා. අහස දෙබෑ කරගෙන වර, පොලව පලාගෙන වර, මුං යන්න කලින් විගහට මෙහෙ වර. හත්තිලව්වේ වරෙං ඉතින්. මුං මේ යන්න හදනවා." කිය කියා කාටදෝ එන්න කියනවා.

 මේ ගෑණි කාට එන්න කියනවද දන් නෑ. කෝකටත් මං ලඟ තිබ්බ කණුව බදා ගත්තා. තඹේ ලඟ තිබ්බ හීන් නාරං ගහට නැග්ගා. පස්සේ ඒකෙ ක‍ටු ඇනුනා කිය කියා බෙරිහන් දි දී ඊට එහා පැත්තේ තිබ්බ පුවක් ගහට පැන්නා. පද්මෙ  ලඟ තිබ්බ කොස් ගහකට පොරවෙන් කොටාගෙන කොටාගෙන ගියා. මට එහා පැත්තේ හිටපු ඩබල් ඩී (මෙයාගේ නමේ මැද්දෑවේ ඩී අකුරු දෙකක් තියනෝ.) වත්තේ තිබ්බ පොල් වලකට පැන්නා. දින්නයි පර්නෑන්ඩූයි කෙලින්ම වැටට උඩින් ජම්ප් කරලා පූර්ණ විස්ථාපනයකට ලක් උණා. ඔය අන්තිමට මෙන්සන් කරපු තුන් දෙනා ගැන විස්තර පසුවට. 

 "අම්මටහුඩු අපි මේ කොහෙටද බං ඇවිත් ඉන්නේ?" මං ආයේ පද්මෙගෙන් ඇහුවා. යකෝ මෙකේ ගෙවල් වල ඉන්න උං අපි ගියාම කස්තිරම් පෙන්නනවා. ගෙවල් වල ඉන්න ගෑණු කොහේදෝ ඉන්න එකෙක්ට වරෙං කියලා බැන අඬ ගහනවා.

 මේ ගෑණු අම්මණ්ඩි තවම ඉවර නෑ. තවම කියනවා.
 "ඔව් ඔව්.. ඕන්න ආවා. පොලව පලන් ආවා. අහස කඩන් ආවා."

  "කෝ කෝ බං මේ උන්දැ කියන කෙනා? පොලව පලන් එන්න නම් ඌරු මීයෙක් වෙන්න ඇති. අහස දෙබෑ කරන් එන්න නම් ඉතින් මොකෙක්ටවත් බෑනේ." ඒ අව් අස්සේ පද්මෙ පොරෙන් කොටන ගමන් ආත භූත පේශ්න අහනවා.
 හුටා යකො මේ අස්සේ මේ ගෑණි භූමි කම්පා ගැන කතා කරනවා.

 "ඔව් ඔව්.. මට පේනවා. මට පේනවා. දෙදාස් විස්ස වෙද්දි තොපි සේරෝම හිර වෙනවා. ඔව්. හිර වෙලා ඇඹරෙනවා. ඇඹරිලා නස්තාර් වෙනවා. මගේ පංතියේ අන්තිමයත් ඉන්නවා. ඒකි නම් දැන් රුසියා ගිහිල්ලා."  මේකිට මරු වැහිලද කොහෙද.

"අපේ මොනා හිර වෙන්නද බං?" මං පද්මෙගෙන් අහනවා.
 ඌ කොටපු කොස් ගහේ දැන් කෑලි නෑ. අර නටාපු මිනිහා තවම මෙලෝ සිහියක් නැතුව කස්තිරම් නටනවා. රෙදි කරේ. "රුංතක ජින්තක" අස්සෙන් අස්සෙන් කුණු හබ්බත් කියවනවා.

 ගෑණි තවම ගිරිය කඩාගෙන දෙදාස් විස්සෙදි කොහේදෝ මොකක්ද හිර වෙන එකක් ගැන කියනවා. මං හිතන්නේ අර අහස පලන් ආපු එක මුං දෙන්නගේ හිර වෙලා. හිර වෙච්ච එක ගුවන් ගත වෙලා. කෙලපන් තම්බි හැලප. 

 මේක මහ මා‍ෆියා ගමක්ද කොහෙද. තඹේ අපිට කරකෝලා දුන්න දොඹේ. උන් දෙන්නා කරන සංගදිය බලන්න බැරුව අපි සෙට් එක පොල් වලේ හිටපු ඩබල් ඩී වත් ගොඩ අරගෙන පාරට ආවා. පද්මෙ පොරව පාර අයිනෙන් තිබ්බා. අර වැට උඩින් ඔටෝ ජම්ප් කරපු දින්නයි පර්නැන්ඩුයි හොයා ගත්තේ සෑහෙන වෙලා ගිහිල්ල.

 උං දෙන්නට පාරේ හිටපු දැහැමි ඇන්ටි කෙනෙක් සෙට් වෙලා. අපි යද්දි මුන් දෙන්නා පාර උඩින් පාවි පාවි ඉන්නවා පශ්චිම යාමේ මාර්ග ඵල ලබලා. අර ඇන්ටිත් එතනට වෙලා කයි දෙනවා.

  "ඔව් ඔව්. ඔබ දැන් පා වෙනවා. සැහැල්ලු වෙන්න. මේ කිසිම දෙයක් වැඩක් නෑ. සියල්ල අත ඇරලා සැහැල්ලුව අත් විඳින්න. ලොකූ හුස්මක් ගන්න. එහි ආහ්ලාදය විඳ ගන්න." මොකක්ද යකෝ ඒ විඳ ගන්න කියන්නේ. කුනුහබ්බයක්ද?

 "මචං, මේක ගමක්ද නැත්තම් පාර වැරදිලා අපි ඇවිත් තියෙන්නේ සයිකො වෝර්ඩ් එකකටද?" මං ලයින් එකේ පද්මෙගෙන් ඇහුවා.
 ටික වෙලාවකින් දින්නයි පර්නෑන්ඩුයි දෝයියං ගාලා බිමට පත බෑ උනා. දැන් පිං පනිනවා ඔලුවෙන්.
බැලින්නම් මුං දෙන්න අර ඇන්ටි කිව්වා වගේ ලොකූ හුස්මක් අරගෙන ඊට පස්සේ හුස්ම පාත දාලා නෑ. ඒ කිව්වේ ඊට පස්සේ හුස්ම අරන් නෑ. යන්තම් සනිකව ප්‍රථමාධාර දීලා දෙන්නව ගොඩ ගත්තා. ඒ ඇන්ටි හෙමීට ශේප් උණා.

  තව මේකේ හිටියොත් එකෙක් දෙන්නෙක් කූරිය ගහනවා. එහෙම හිතලා අපි සෙට් එක ගිය තඹේගේ ගෙදරට. එහේ එහෙම ගෙදරකට යන එකත් ලේසි නෑ. යනවා යනවා කිව්වට ඉවරයක් නෑ. කිව්වේ නම් අත දිග ඇරියා වගේ ලඟ කියලා. මොන ලඟක්ද? අපි දැන් අත දිග ඇරියා වගේ ඇවිල්ල සෑහෙන්න වෙලා. කකුලත් දිග ඇරපු දුරක් ආවා.
  ඒ අස්සේ පාර අයිනේ තිබ්බ බෝ ගහ දැකපු දින්නා භක්තිය වැඩි වෙලා ඒකට වැඳලා, ඒක ඉඹලා, හපා කන්නත් හැදුවා. හොඳ වෙලාවට අහල පහල හිටපු මිනිස්සු මෙයාව අල්ලගෙන තමා බෝධිය බේරගත්තේ. කොහොමින් කොහොම හරි ඉර බහින්න කිට්‍ටු වෙනකොට අපි තඹේගේ ගෙදරට ආවා. එතනින් ආපු බර කරත්තෙකට ගොඩ වෙලා ඩබල් ඩී එයාගේ ගෙදර ගියා. එතකොට දැන් ඉතුරු අපි අද රෑ පහන් කරන්න ඉන්නේ තඹේගේ ගෙදර. හොල්මන්ද පොල් කොළ.

  කොහොමින් කොහොම හරි අපි නාලා, කාලා, බීලා රෑ වෙලා සෙට් උණා පොඩි කයියක් දාන්න. එතකොටම පර්නෑන්ඩූගෙන් යෝජනාවක් ආවා සෙල්ලමක් දාන්න. ඒක දින්නා ඉස්තිර කළා. මුලින්ම අවධානයට ලක් උණේ කාඩ් ගහන්න. අපි ඉතින් කාඩ් කුට්ටමක් අරගෙන (එව්වා මං සූදානම් කරගෙන ගියේ හරිය.) ඕමි අතක් බලන්න සෙට් උණා. කාඩ් අත අනලා ඒක තඹේට කපන්න කියලා දුන්නම මන්නෙන්ද කියලා අහපු එක වරහන් අස්සේ තිබිච්චදෙන්.

 කොහොමින් කොහොම හරි කාඩ් ටික කට්ටියට බෙදලා දීලා කණ්ඩායම් බෙදිලා සෙල්ලම පටන් ගත්තා. පටන් ගන්න හදනකොටම පර්නෑන්ඩු නහයෙන් අඬන්න ගත්තා.
 "මොකෝ අඬන්නේ?" පද්මෙ අහපි.
  "හය්යෝ මට හම්බ උණු කාඩ් වල තියෙන්නෙ කලු ඒවා විතරයි. මට රතු ඒවා ඕනී." එතකොටම එහා පැත්තේ හිටිය දින්නා කියපි
 "ආ අවුලක් නෑ. මං ගාව රතු ඒවා සෑහෙන්න තියේ. එයින් ටිකක් ගන්න" කියලා. එතකොට තඹේ කියපි "හය්යෝ මට තියෙන්නෙ K,Q,J කාඩ් විතරයි. ඉලක්කන් එකක්වත් නෑ" කියලා.

                                                     මේවා දැක්කම වාවන්නේ නෑ දෙය්යෝ. පද්මෙගේ ඇස් වලට කඳුලු පිරුණා. ඇස් රතු උණා. තට්ටය දිලිසුණා. මටත් මහා පහන් සංවේගයක් ආවා. පද්මේ විගහට ගිහිල්ලා එහා ගමේ චාමරට කියලා වෙඩි තියාගෙන ආවා. මං වත්තේ තිබ්බ කලු ගලක නහය උලා ගත්තා.

  "එහෙම තමයි යකුනේ කාඩ් ගහද්දි." අන්තිමට පද්මේ ඉතාම සන්සුන් ලීලාවෙන් කට්ටියට පැහැදිලි කලා. ඒ උණාට එහෙම බැරිලු. ඒ ගමන් කාඩ් කුට්ටම වැලේ වනලා ක්‍රොකඩයිල් ක‍ටු දෙකකුත් ගහලා අපි වෙන සෙල්ලමක් පටන් ගත්තා.

 රොබිං මැරියං කියලා එකක්. ඒක මහා භයානක එකක්. කොල කෑලි වල හිතෙන හිතෙන නම් ලියලා එව්වා පාස් කර කර කරන එකක්. හිතිච්ච එකෙක්ට රොබින් වෙන්න පුලුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මැරියං ටක් එක්ක පැනලා යනවා. ගිස්බන් හෙල්ප් කරනවා. අන්තිමට ටක්ට මැරියංගෙන් ලමයෙක් හම්බ වෙනවා. මැරියං ආයේ රොබින් ගාවට එනවා. ටක් අනාත වෙනවා. රොබින් ගිස්බන්ට ජෝගිය දානවා. ගිස්බන් ටක්ව අරගෙන ලිට්ල් ජෝන්ගේ නැවේ මුහුදට පැනලා යනවා. ඊට පස්සේ ජැක් ඉස්පැරෝ ඇවිල්ල රොබිනුයි මැරියනුයි ඉන්න බස් එක තනියෙන් ඇදන් යනවා. පිස්සු කොරනේ?

 මේ කතාව අපිට කිව්වේ පද්මේ. මං පස්සේ දැන ගත්තේ, රොබිනුයි මැරියනුයි කලින් සෙට් වෙලා ඉඳලා. ඒ කාලේ මැරියංගේ නම වෙන එකක්ලු. ඒ කාලේ මැරියං රොබින් එක්ක තරහා උනාම රොබින් එයාට බනින්නේ
 "මැරියං ‍තෝ දැන්ම ගිහින් මැරියං" කියලලු. ඒක අහපු අහල පහල උං හිතන් හිටියේ රොබින්ගේ වයිෆ් ගේ නම මැරියං කියලලු. ඉතින් කට්ටියම පස්සේ එයාට මැරියං කියන්න ගත්තලු. ඒ අතින් රොබින් මරු. වයිෆ්ගේ මූණ බලාගෙන මැරියං කියලා කතා කරන්න පුලුවන් උනානේ.

 ඒ සෙල්ලම ටිකක් කරගෙන යද්දි කට්ටියගෙන් තව යෝජනාවක් ආවා. ඒක අමුතු වැඩක්. එකෙක් සින්දුවක් රඟපාලා පෙන්නද්දි අනිත් උං කියන්න ඕනි ඒ සින්දුව මොකක්ද කියලා. ඒක නිකම් අලුයම හෙලූ වර්චස් පිඬක් වගේ. මට මුලින් තේරුණේ නෑ. පස්සේ තමා වැටහුණේ. ඒකේ මුලින්ම කරන්න සෙට් උණේ දින්නට. එයා අත දික් කරන් බලන් ඉන්නවා. අපි දැන් කියන්න ඕනි මේකෙන් මුන්දැ පෙන්නන්නේ මොකක්ද, ඒකට අදාල සින්දුව මොකක්ද කියලා.
 "අත?"
 "නෑ"
 "ඇඟිල්ල?"
 "නෑ"
 "නියපොත්ත?"
 "නෑ" 
 "නියපොත්ත අස්සේ තියන කුණු?"
 "නෑ බං"
 "එහෙනම් ඇඟිල්ල අස්සේ තියන අස්ථිය?"
 "නෑ"
 "ලේ?"
 "නෑ මනුස්සයෝ" ඔන්න දැන් දින්නට මල විදගෙන ආවා. මේක හරි කෙලියක්නේ යකෝ. ඔහේ අත දික් කරන් හිටියාම හරියනවද?

 "ලන්කා නිදහස් පක්ෂය?" පර්නෑන්ඩූ ඇරියා කෙලින්ම හාරත බූරුවෙක්.

 "නිදහස් පක්ෂේ ජාතික ගීතය?" ඊලඟ හාරත බූරුවා තඹේගෙන්.

 "නෑ නෑ යකුනේ. මම මේ අත දික් කරන් ඉන්නේ." ආහ් ඇත්ත නේන්නම්.
  "දික් වූ අත?" මම ඇහුවා. මුන්දැ කෙලියා ලඟ තිබ්බ කොට්ටෙකින් මට. මං ටක් ගාලා පර්නෑන්ඩූට මුවා උණා. එයා මට ගෝනා උණා. කොට්ටේ කෙලින්ම මිඩ් ඔන් කලාපය හරහා ප්‍රක්ෂිප්ත උණා. පද්මේ එක පාරට කිව්වා
 "වහලේ?" කියලා.
 "නෑ.. හැබැයි ලඟයි" ආහ් මෙයා මේ අත දික් කරන් මොකක්දෝ එකක් පෙන්නනවා.
 "වහලේ උළු"
 "නෑ"
 "රීප්ප?"
 "නෑ"
 "පොල් පරාල?"
 "නෑ"
 "මුදුන් යට ලීයේ හදලා තියන මී කූඩුව? ඒ කියන්නේ විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා සිංදුව?" මම ඇහුවා.
 "හනේ තොපි වගේ උං. මං මේ අත දික් කරන් ඉන්නේ අර ඈත පෙන්නන්න යකුනේ. සින්දුව ඈත රන් විමන් තුලින්. තොපි වගේ උං එක්ක මේක කරනවට වඩා හොඳයි වත්තේ නයෙක් අල්ලගෙන ඌට සවුබර් කවනවා."  දින්නා හැබැයි නිකම් සක් සුදක් වගේ කිව්ව කතාව නම් ඇත්ත.

 ඊටත් මේ යක්කු ගස් නැගලා හැලප හපන වෙලාවට අපිත් දාන්නේ කබල්ලෑවෝ ඉගිලෙන සෙල්ලම්.

 ඊලඟ වාරේ තිබ්බේ පර්නෑන්ඩුට.  මෙයා එක පාරට පු‍ටුවෙන් නැගිට්ටා. ඊට පස්සේ කාමරේ වටේ නිකම් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ නටාගෙන ගියා. ඊට පස්සේ අර දවල් කස්තිරම් අල්ලපු මනුස්සයා වගේ, කාමරේ මැද්දෑවේ එක කෙලියයි.  උඩ පනිනවා, කරණම් ගහනවා,  පොල් අත්තකින් හරකෙක් කපලා ඌව දිගේලි කරනවා, කුංචනාද කරනවා. අලියෙක් වගේ තප්පුලනවා. ගිනි පිඹිනවා. ගුඩුස් යවනවා. නිකම් නාග චම්පා වගේ. මාරාවේස වෙලා වගේ නටනවා. මං හිතන්නේ කස්තිරම් අල්ලනවා කියන්නේ මේකට වෙන්න ඇති. ඊට පස්සේ ලඟ පු‍ටුවක් උඩ දාලා තිබ්බ සාරියක් බෙල්ලේ බැඳ ගත්තා. හුටා.
 
"පර්නෑන්ඩූට මොනා හරි පෑගිල්ලද බං?" මං හොරෙන් ලඟ හිටපු පද්මෙගෙන් ඇහුවා. ඌටත් මෙලෝ සිහි නෑ.  කොහොම හරි අර සාරිය බෙල්ලේ බැඳ ගත්තට පස්සේ යන්තම් දින්නායි තඹේයි වට වෙලා අල්ල ගත්තා දෙපැත්තෙන්.  ඊට පස්සේ ගෙදර තිබ්බ පිරිත් පැන් ටිකක් පොවලා බිම වාඩි කරවලා පවන් සැලුවා. මේ වෙලාවට කලු කුමාර දිෂ්ටිය වෙන්නත් පුලුවන් කියලා නාඔ‍ටුන්නේ ගිරිගෝරිස් සීයා කියනවා මං අහලා තිබ්බා. හැබැයි නටාපු නැටිල්ලට කලු කුමාරයටත් වස්ති වෙනවා.
මං ලඟට ගිහිල්ලා 
 "මොකෝ මේ මරෝ තියාගෙන අනාචාරේ නැ‍ටුවේ?" කියලා මං ටිකක් ඈතින් ඉඳන් කිට්‍ටු කරලා ඇහුවා.

"මං ඒ සින්දුවක් කලේ?" හුට පරිඥ. කොහෙද යකෝ බෙල්ල විකාගෙන නටන්න කියන සින්දු තියෙන්නේ? සමන් පිච්ච මල මුදුනේ රේණු නැත.
"ඔයා ශකීරගේ සිංදුවක් නෙවේනේ කළේ?" මං ආයෙත් ඇහුවා.
" නෑ නෑ .හාපූ"
"එහෙනම්?"
"මං ඒ නැ‍ටුවේ වන්නමෙන් බැන්ද ආලේ."
"ආ එතකොට ඒ වන්නමද නටලා පෙන්නුවෙ?"
"ඔව්, බැන්ද ලයින් එක දෙන්න තමා සාරිය බෙල්ලේ බැඳ ගත්තේ."
 "එතකොට ආලේ?" 
"ආලේ කොහෙ පෙන්නන්නද? ඊට කලින් මාව අල්ල ගත්තනේ මේ හිවල්ලු දෙන්නා." ශැක් අපරාදේ.

                               කෝමින් කෝමහරි ඒකෙන් පස්සේ අවස්ථාව තිබ්බේ පද්මෙට. ආයෙ අපෙ කොල්ලෙක්නේ. මූ නැගිටිද්දිම මම විසිල් එකක් ගහලා බල්ටි දෙකක් තියලා සප් එක දුන්නා. මූ නැගිටලා එක පාරට රෙදි ගලවන්න පටන් ගත්තා. මුලින්ම ශර්ට් එක ගැලෙව්වා. ඊට පස්සේ යටින් ඇඳලා තිබ්බ බැනියම ගැලෙව්වා. ඊටත් පස්සේ කලිසම ගලවන්න හදනකොටම මං පැන්නා මැදට.

"තොට මඥඥද හරකො..මෙතන හෙළුවෙන් නාන්න හදන්නේ?" මං අහපි.
"ඇයි මොකෝ අවුල?" කියලා මූ ආයෙ කලිසම ගලවන්න හදනවා.
" මොකද අවුල කියලා අහන්නේ පාන් කිරිත්තෝ මේ කෙල්ලෝ ඉස්සරහ රෙදි ගලවන්න ලැජ්ජ නැද්ද? හිරි ඔතප්ප නැද්ද තොට?" මං ආයෙ අහපි. හය්යෝ ලැජ්ජාව බාල්දියෙන් දෙකයි.

"කොයි කෙල්ලොද? " මූ වට පිට බලනවා.  මට වයර් ෂෝට්.
"ඇයි යකෝ මේ ඉන්නේ." මං අනිත් අයව පෙන්නුවා.

"හිරි ඉස්සර නම් තිබ්බා. දැන් නම් දෙකම නෑ" මූට ගාණක් නෑ

 "අම්මටහුඩු බඹරුත් එනවා." මූ වට පිට බල බල කියනවා.

"බඹරු නෙවේ යකෝ ඒ නිල මැස්සෝ. ඇඳ ගනින් ඔය රෙදි ටික"   මං බලෙන් මූට රෙදි ඇන්දුවා.
"‍තෝ මොකක්ද ඒ රෙදි ගලවන් කරන්න හදපු නාඩගම?" මං ඇහුවා.
"මං මේ සින්දුවක් රඟ පාන්න හැදුවේ.
"‍තෝ බ්ලූ ‍ෆිල්ම් එකක තීම් සෝන්ග් එකක්ද කරන්න හැදුවෙ?" මං ඇහුවා.
 "නෑ නෑ හිවලෝ. අර ජෝතිගෙයි ග්‍රේෂන්ගෙයි ඉපදී ලොවේ සින්දුව,.. මං මේ උපන් ඇඳුමෙන් ඉන්න හැදුවෙ ඒක රඟපාන්න . ‍තෝ ඒකත් කෑවා. අපොයි මගේ ප්‍රතිබාපූර්න රංග කුසලතාවය." මූ එහෙම කියන් මගේ ඇඟට කඩා පැන්නා.

අපොයි මගේ පතිවත..

Thursday, April 20, 2017

ප්‍රොජෙට්ටූ - 2

ගිය වතාවේ අපේ ප්‍රොජෙට්‍ටුව ගැන ලිව්වේ නැතුව වෙන ජිප්පුවක් ලිව්වා කියලා සමහරු චෝදනා නගලා තිබ්බා. එව්වා ඒ හැටි ගණන් ගන්න එපා. මගේ වයර් සෝට් වීම ඉතාම සාමාන්‍යයි. හඳේ වෙනස් වීමත් එක්ක ඒක අඩු වැඩි වෙනවා.

      කෝමහරි කණ්ඩායම් වියාපෘතියේ සීසන් ටූ තමා ලැබ් එක ඉස්සරහ තියන ඒරියා එක වටේ වැටක් ගැසීම සහ පොකුණ සුද්ද කිරීම. මේ ඒරියා එක මාර සුන්දර ප්‍රදේශයක්. මේක මැද්දෑවේ තියනවා පෙරිය සයිස් පොකුණක්. අපි විවේක වෙලාවට මාලු බාන්නේ මේකේ. හාල් දණ්ඩියෝ එහෙම මේං සයිස්.
        අපි මාලු බාන්නේ ඔය පිං මාලු වලවල් වල මාලු බානවා වගේ නෙවේනේ. කෙලින්ම ලැබ් එකෙන් සෝඩියම් කුට්ටියක් ගෙනල්ල අත අරිනව පොකුණ මැදට. ඩෝං ගාලා සද්දයක් එනවා. මාලු කෙලින්ම උඩ.  මාලු බාලා මදි උණු දවසට අපි ලමයි බානවා. එතකොට කරන්නේ නැ‍ටුම් කාමරේ පිටිපස්සේ තියන දඩාර පානීය වතුර ටැංකියට සෝඩියම් කුට්ටියක් සෙත්ත පෝච්චි කරන එක. එතකොට අත හෝදන පානීය වතුර බීලා ලමයි පාවෙනවා. හැබැයි ලමයි බාන්න වැඩිය අයට උනේ නෑ. අපිට කලින් ලමයි බාන්න ගිය සෙට් එකකට ඉස්කෝලේ අත ඇරලා ඇත්තටම මාලු බාන්න යන්න සිද්ද උනා.

                දැං වැඩේ වත්ත වටේ වැට ගහන එකනේ. වැඩේ කියන්නේ පංතියේ සෑහෙන අය වත්ත වටේ ගියාට වත්ත වටේ වැට ගහන්න මෙලෝ බල්ලෙක් නෑ. ගෑණු ලමයි කියනවා අපිට වැට ගහන්නලු, එයාලා ඇඹුල අරං එන්නම්ලු. ඒක හරි කෙලියක්නේ අෆ්ෆා.  අපි ඇඹුල ගේන එක සෙට් කරන්න හිටියේ සෙබාට. කෝමහරි ඕනි ජිලක් පනම් අටයි කියලා අපි වැඩේ ප්ලෑන් කලා. උණ බට වැටක් ගහන්න තමා ප්ලෑන. උණ බට ගේන්නේ සේනයගේ ගෙදරින්.
                                              සේනයා මහා කම්මැලි එකා.කම්මැලිකමේ අග තැන්පත්. මේ ගස් හෝතඹුවා කොච්චර කම්මැලිද කියනවා නම් මුංගේ ගෙදර මූට කාමරයක් දීලා නෑ. නිකම් වත්ත පහළ කණු හතරක් ගහලා දීලා තියෙන්නේ.  හරියට නිකම් ඇත් ගාල වගේ. ඒකේ මෙලෝ එකක් නෑ. නෑ කියන්නේ ඇත්තෙම නෑ. දොරක් දාලා නෑ මූ දොර අරින්න කම්මැලි කිව්වා කියලා. ඇඳක් නෑ ඇඳට නගින්න කම්මැලියි කියලා. පැදුරක් නෑ ඒක එලා ගන්න කම්මැලියි කියලා. අඩු ගානේ බත් පිඟානක්වත් නෑ. කාලා ඒක හොදන්න බෑ කියලා. නොදකින්. පිඟාන හෝදන්න බැරි නම් අඩු ගානේ ඉඳුල් ටික පේන්නේ නැති වෙන්න ලෙව කාපං මං වගේ. ඒකත් නෑ. හැබැයි අපරාදේ කියන්න බෑ. කාටවත් කරදරයක් නැති එකා. මූ ඉස්සරහ මිණියක් මරලා දාලා ගියත් මූට ගානක් නෑ. වැඩිම උණොත් "මැරුවා නේද ?" කියයි. එච්චර ගෙහෙඩියා. 

      ප්‍රොජෙට්‍ටුව කරන්න හිටිය දවසේ උදේ සෙට් උණා අපි පාන්දරම වැඩේ ඉවරයක් කරන්න කියලා. ඇත්තම කිව්වොත් අපි හැදුවේ ඉක්මනට මේ ගල් හුචක්කුව ඉවර කරලා අල්ලපු වත්තට පනින්න. එහේ ගස් වල කුරුම්බා හැදිලා. දුකේ බෑ අප්පා.  අඹත් හැදිලා, පැහිලා දෙකට කැඩිලා. සෝක්. කෝම හරි අපි ඉස්කෝලෙට සෙට් වෙලා දැන් උණ බට කපන්න යන්න හදන්නේ. කට්ටියම ඇඳන් ආපු සිවිල් ඇඳුම් ගලෝලා වෙන ඒවට මාරු උණා. සෙබා ඇන්දා බ්‍රෑන්ඩ් නිව් අමුඩයක්. ටෙලා උගේ අමුඩේ ගයාට දීලා ගයාගේ අමුඩේ ඌ ඇන්දා. හරිනේ. ඇඳුම් මාරු කරන්නනේ ඕනි. මාත් මේ රුපියල් පණහට පේමන්ට් එකෙන් ගත්තු මල් මල් ෂෝටක් ඇන්දා. අනිත් උං ඒ ගමන් මට ජාත්‍යාලේ ගැන කියවන්න එනවා. අමුඩේ ඇන්දාම ජාතික හැඟීම වැඩි වෙනවාලු. ලොජික් තමා. ඇත්තම කිව්වොත් අම්මා මගේ රෙදි ටික හේදෙන්න දාලා. එව්වා පෙ‍ඟෙන්නම දවස් හතක් දාන්න ඕනි. ඒකයි ෂෝටක් ගන්න උනේ.

  දැන් අපි කඩු කිණිසි අමෝරාගෙන යනවා උණ බට කපන්න. සේනයා ගෙදර ඉන්නව කිව්වනේ. දැන් අපි පාරේ ඔහේ යනවා. යනවා යනවා ඉවරයක් නෑ. මං හිතුවේ අනිත් උං සේනයගේ ගෙවල් වලට යන හැටි දන්නවා කියලා. ටිකක් දුර ගිහින් හැම එකාම නිකම් කට්ට කුමජ්ජල් කාපු ඇටවක්කෝ වගේ ගමන ස්ලෝව් කරනවා. බැලින්නම් එක මූසලයෙක් දන් නෑ සෙනගේ ගෙදරට යන පාර. 
"නොදකින් තොපි වගේ උං. යකෝ මනුසෙක්ගේ ගෙදරට යද්දි දැනං යන්න එපැයි." ඕන්න පටන් ගත්තා සෙබාගේ දේශනේ. ඕකා හැමදාම ඔහොම්මමයි. කෙළ වෙනකම් ඉඳල දෙසනවා.

 "ඉතින් ‍තෝ මෙච්චර වෙලා අ‍ටු කොස් වේලුවද. ‍තෝ දැනගෙන කියන්න එපැයි." මං කිව්වා. ඌ එතනින් එහාට මුකුත් කිවේ නෑ. කෝමහරි පාරේ යන බයික් කාරයෙක් අපි නවත්ත ගත්තා.

  "අයියා දන්නවද සේනගේ ගෙදර?" සෙබා ඇහුවා.

"කොයි සේනද?" 

 "අර ඇත් ගාලේ ඉන්නේ."  සෙබා.

"කොයි ඇත් ගාලද මල්ලි?" 

"අර ඔලිඳ කෙලින්න ගිහිල්ල දොඩම් කපා ඇඹුල් තනපු ඕමරි කෙලියේ කළුත් එක්ක පැනලා ගියේ?  " සෙබා ඇහුවා. 

"කොයි කළූද?" මූ ඒ දන්නෙත් නෑ වගේ.

"අය්යා මෙහෙද?"

"නෑනේ මල්ලි, මං තුම්පනේ. බෙල්ට් එකේ හිලක් විද ගන්න මෙහේ ආවේ."        නොදකින් ඉඳලා ඉඳලා හම්බ උනු එකත් මං මුලා වූ එකෙක්.අයියා සමනළියංගෙං පාර අහන්න එපා හොඳේ.
 
ඒ ගමන් අපි පාර අයිනේ කඩේකින් ඇහුවා.
 "ඔය කියන්නේ අර මාසේන් මාසෙට රට ගිහින් අං කපාගෙන එන එකා නේද?" අංකලුත් ඇහුවා අපස්මාර ප්‍රශ්නයක්.
 "නෑ අංකල්. එහෙම එකක් නම් අපි දන් නෑ."

 "එහෙනම් ඔය කියන්නේ අර ගෝනි පනින්න ගිහින් පත බෑවිලා පතිවත හීරුණු එකා වෙන්න ඇති." අංකල් ආයෙත් අහනවා.

 "යකෝ කොහොම උන්ද බං මෙහේ ඉන්නේ?" ගයා මගෙන් අහනවා.

 "නෑ නෑ අංකල්, අර වත්ත පහළ ඇත්ගාලක ලගින ඩයල් එක? ඕකා කොයි වෙලෙත් කුදහ ගත්තු ගමන්මයි."  

"ආ ඔය කියන්නේ අර හෙමින් බයිසිකල් පදින එක දිනපු එකා, මූට බයිසිකලේ පදින්න කම්මැලි කියලා අනිත් උං පදිනකම් මූ බැලන්ස් එකේ හිටියනේ." අංකල් කියාපි.
හරියට හරි. ඕකා තමා ගෙවලයා.

"පුතාලා ඔතනින් කෙලින් ගිහින් ඊට පස්සේ බත් කන පැත්තට ඇති පාරක්, ඒකට හැරිලා ඊට පස්සේ ඇති වල් මීමින්නන්ට ලාඩම් ගහන තැනක්, එතනින් කෙලින්ම ඉස්සරහ ගෙදර." හරි ඉතින් අපි නික්මුණා එල්ලය බලා. ඉස්සරහට ගිහින් අපි සේරම දකුණු පැත්තකට යද්දි සෙබා විතරක් යනව අනිත් පාරේ.

 "මට්ට හිකනලෝ බත් කන අත පැත්තට යකෝ යන්න කිව්වේ. ‍තෝ ඔය කොහෙද යන්නේ?"

 "මං යන්නේ මං බත් කන අත පැත්තට." ඌ කියාපි.

 "‍තෝ එතකොට අහවල් එක කොරන්නේ දකුණතින්ද?" මං අහපි.

 "හ්ම්." නොදකින් ඉතින් මුං වගේ උන් එක්ක වැටවල් ගහන්න තියා බට පතුරක් කපන්න පුළුවනැයි. කෝම හරි මූව ඇදගෙන අපි ගියා සේනයගේ ගෙදරට.

  අපි මිදුලටම ගිහින් කතා කලා. "සේනයෝ" එක පාරට නාග සලං සල සල නංගි කෙනෙක් ආවා ඉස්සරහට. එයා අපි දැක්ක ගමන් මරෝ තියාගෙන දිව්වා ගේ අස්සට. මං බැලුවා වට පිට ඉන්න අපේ උං දිහා. මුං හිරි ඔතප්ප බි‍ඳෙන වැඩක් වත් කරළද දන් නෑ. එහෙමත් අවුලක් නෑ. යසට සංවරව ඉන්නවා.
  ටික වෙලාවකින් සේනගේ තාත්තා මන්නයක් උස්සන් සරමත් නවාගෙන ආවා ගේ ඉස්සරහට දුවගෙන. අම්මා ගහයිනේ බැට් එකෙන්. අපේ උං කෙලින්ම වාශ්ප උණා වගේ හති අතේ. එකෙක් පොල් ගහේ. අනිත් එකා අර ලාඩං ගහන තැන අංකල්ගේ කර උඩ. තව පොඩ්ඩෙන් උගේ අත පය හතරටම අංකල් කාරයා ලාඩං ගහනවා රිවට් ඇණේ බුරුල් වෙන්න. තව දෙන්නෙක් විතර වත්තේ පොල් වලවල් වලට වැටිලා. එකෙක් පොල් ගහේ ඉඳන් අහනවා
 "මොකෝ අංකල්, අපි සාමෙන්නේ ආවේ" කියලා. එතකොට සේනයා නිකම් හංගොල්ලෙක් බෙරගල නගින්නා වගේ බඩ ගගා ඇවිල්ලා කියනවා,
"යකෝ නංගි බය උණු එක සාදාරණයි. බලපියව් තොපේ හැටි." කියලා. හැබෑ තමා ඉතින්. අපි මේ අමුඩ කෙටි ඇඳගෙන කැති, පිහි අරගෙනනේ එන්නේ.

  ගයාගේ ෂර්ට් එකේ පිට නෑ. ටෙලාගේ එකේ බොත්තම් නෑ. මූ දොඩම් කට්ටකින් වැඩේ ශේප් කරං ඉන්නේ. කොටාගේ එක ෂර්ට් එකක්ද කියලා තවම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒකේ උඩත් නෑ, පහළත් නෑ. මැද විතරයි. මට ෂර්ට් එකක් නෑ. මං මේ අර ගෝනියක හිල් දෙකක් හදලා ඒකට බැහැලා දෙපැත්තෙන් සෙලෝටේප් එකක් ගහගෙන ආවේ. මෙහෙම ගෙවල් වලට ගියාම මිනිස්සු බය වෙනවා ඇති.

  කෝමහරි ලණුවක් දාලා අර පොල් වලට වැටිච්ච දෙන්නවත් ගොඩ ගත්තා. හාපෝ. උන්ගේ ගඳ. ඊට පස්සේ අපි ගියා උණ බට තියන තැනට. ගිහින් හිතේ හැටියට කැපුවා උණ බට. අපෙ උංට ඉතින් අහු උණාම දන්නවනේ. ආතල් එකටත් එක්ක කපනවා. උණ වැටට කියයි, ගේට්‍ටුවට කියයි, අන්තිමේදි වෙසක් කූඩු හදන්න පවා බට කැපුවා අගෝස්තු මාසේ.  කෝමහරි අන්තිමට ඉතුරු උණේ මෙලෝ වැඩකට නැති දහ අට වංගුව වගේ ෂේප් එකක් තිබ්බ උණ ගහක් විතරයි. අපේ උං ආතල් එකටත් එක්ක උණ ගස් කපලා. අංකල් කාරයා නිකම් සාගතේට අහු උණා වගේ. අංකල්ගේ නත්තාගේ කාලේ ඉඳන් පැවත එන උණ පඳුරක්ලුනේ මේක. අංකල්ගේ සීයා මුලින්ම මනාලියක් බලන්න යද්දි රූං පෙත්තක් හදන් ගිහිං තියෙන්නේ මේ උණ පඳුරෙන්ලුනේ. අංකල්ගේ තාත්තා මේ උණ පඳුර ගාව ඉඳන්ලු අංකල්ගේ අම්මාට ඇහැක් ගැහුවේ. ඉතිං බලන්න ඒ සීයට අවුරුදු අසූවක්. ආච්චිට හැත්තෑ පහක්. නාකි විසේ.  ඒ ගමන් අංකල් මන්නයක් අරං ඇවිල්ලා මේකත් අරං පල කියලා අර ඇද ගහත් කපලා දුන්න.

  ආයේ අවුරුදු දහ අටකට වත් උණ පඳුරට ගොඩ ඒමක් නෑ වගේ. පව් අප්පා. අපි මේ වන විනාසය නවත්තන්න ඕනි. මං නම් ආසම නෑ.කොහෙද මුං එක්ක බෑනේ. උණ බට කපලා ඉවර උණාමයි මතක් උනේ අපි මේවා කර ගහගෙන ආයේ ඉස්කෝලෙට යන්න ඕනි නේද කියලා. හුටා. කලින් මතක් උණා නම් ලොරියක් කතා කරන් එනවා. කොහෙද ඉතින් අපිට සිහි නෑනේ. සේනයා තිරික්කලයක් කතා කරලා දෙන්න ඇහුවා. හැබැයි අදින්න ගොන්නු නැහැල්ලු. අපිට තමා අදින්න වෙන්නේ. ඒක අපේ බවුමික අඛණ්ඩතාවයට ඒ තරම් සුදුසු මදි හින්දා අපි කර තියාගෙනම ගේන්න හැදුවා.

  මගක් දුර එනකොට සෙට් උණා නල්ලබාර් පොට් එකක්. වතුර පීල්ලක්. අපේ උනුත් නිකම් සෝමාලියාවට පාං දැම්මා වගේ. වතුර පොදක් දැකලා නැති උලම්මු. ගයා මේක දැක්ක ගමන් පැන්නා වතුර වලට. කොහොමහරි මූ වතුර කියලා පැනලා තියෙන්නේ වලේ තිබ්බ ගලක් උඩට. ටික වෙලාවෛන් එනවා මූ ඔලුවේ ටොම්බ සයිස් ගෙඩියකුත් තියාගෙන. මට හරි සන්තෝසයක් දැනුණා. යන යන තැන වතුරට පනින උංට හොඳ වැඩේ. අනිත් උනුත් නාන්න පටන් ගත්තා. කෝම හරි සෙබා නානකොට ඌ නැති වෙලා කියලා හිතං හිටිය බැනියම් සෑහෙන ප්‍රමාණයක් හම්බ උණාලු. ඒව කුණු වලට වැහිලා තිබිලා. තව මොන මොනවා හම්බ උනාද දන් නෑ. අපි හොයන්න ගියේ නෑ. කෝමහරි නාලා ඉවර වෙලා ඇඳුම් ටිකත් වේලගෙන ලඟ වත්තකට පැනලා පේර ගෙඩි වගේකුත් හොයාගෙන ඒවා කකා අපි ආවා ඉස්කෝලේ වත්තට. එතකොට ක්ලික් උණේ නාපු තැන උණ බට දාලා ඇවිල්ලා. හාං කියාගෙන ආපහු ඇවිල්ලා ඒ ටික කර තියාගෙන අරං ගියා. දැන් තියෙන්නේ වැට ගහන්න.

 දැන් ඒකට ඩිසයින් එකක් හොයන්න එපැයි. මගේ අයිඩියාව නම් අර හේන් වල තියනවා වගේ දඬු වැටක් ගහන්න. සෙබාට ඕනි කතිර කතිර ගහන්න. ටෙලාට ඕනි උණ බට සේරම ටික දර වලට විකුණ්ලා ඒ සල්ලි වලින් සළු වෙන්න, ගයාට ඕනි ඒ ටිකෙන් ගිනි මැලයක් ගහලා ඒක වටේ කිරි කොරහ නටන්න. අවසානේ ආවා තීරණේකට. දඬු වට වගේ ගහන ගමන් මැද්දෑවෙන් කතිරත් ගහනවා. උණ බට ඉතුරු උණොත් එවයින් ටිකක් විකුණලා සළු වෙනවා. තව ඉතුරු උණොත් ඒවා ගන්නවා කිරිකොරහ නැ‍ටුමට. සැමට සාධාරණ සමාජයක් නේ එතකොට උදා වෙන්නේ. වලවල් හාරන්න අලවංගුවක් නෑනේ සොයා ගන්න. කෘසිකර්මෙත් අද වහලා. අපි සෙබාව යැව්වා ලඟ ගෙදරකට එකක් ඉල්ලන් එන්න.

  ඌ තමා ඉතින් මෙහෙකාරයා වගේ ඉන්නේ. මූ අරං ආවා එකක්. ඒ ගෙදර උං මූගෙ අයිඩෙන්ටිටි කාඩ් එකයි, ඇන්දන් හිටපු සරමයි ඇපේට තියාගෙන තමා අලවංගුව දීලා තියෙන්නේ. එච්චරකට සුවර් අපිව. ආඩම්බරයි පුතේ. අපිට නැති අයිඩෙන්ටියක් මූට කොහෙන්ද කියලා ප්‍රස්නෙකුත් ආව. මූ ඒක හොරෙන්ම තියන් ඉඳලා. වල් කැනහිලා. දැන් අපි වැඩ පටන් ගත්තා. ගයා වලවල් හාරනවා. මං ඌ හාරපු ඒවා ආපහු හාරනවා. ටෙලා උණ බට කපනවා, සෙබා ඒවා ප්‍රවාහනය කරනවා. තව ඉන්න එවුන් ඒව තියනවා , ගැට ගහනවා. ඒ අස්සේ තව එකෙක් උණ් බටෙන් බිලි පිත්තක් හදාගෙන පොකුණේ මාලු බානවා. තව එකෙක් ඌ අල්ලන මාලු ටික ආපහු පොකුණට දානව. සමහර මාලුවෝ මුං දෙන්නට කුණුහබ්බෙන් බැන බැන වරල් පොලිශ් කරනවා.

                                  කොහොමින් කොහොම හරි කට්ටිය හිටපු හින්දා ඉක්මනට වැඩේ ඉවර උණා. ඒත් කරුමෙට උණ බට ඉතුරු උනේ නෑ. සළුත් නෑ, කිරිකොරහත් නෑ. ෂෙහ්. හැබැයි අර සෙබා අලවංගු ගෙනාපු ගෙදර පොල් ගහේ කුරුම්බා තිබ්බලු.  ඒ ගෙදර පොල් වත්ත ඉස්සරහ බැනර් එකක් දාලා තියනවා "පොල් වත්තට බුදු සරණයි" කියලා. ඒ අපි වගේ උන්ගෙං ඕක පරිස්සම් කරන්න. ඒකෙ තියනවා කුන්දිරා ගහක්.වතුර හරි රසයි. ඉතින් අපි මුලින් සෙබා අතේ යවලා උගේ අයිඩී එකයි සරමයි ගෙන්න ගත්තා. පස්සේ කොටාව ඔත්තු බලන්න දාලා සෙබාගේ සරමෙන් හැදුවා පා වලල්ලක්. ඊට පස්සේ බුංජා යැව්වා ගහේ. මේ බුංජා වනාහි මගේ ඉන්න හොඳම බොක්ක එදා මෙදා තුර. ඌ වෙන පන්තියක හිටියේ. ප්‍රාතමිකේ ඉන්න කාලේ පවා මූ මාත් එක්ක ඉඳලා තියේ. ඒ කාලේ නම් මූ නිකම් සැරපෙණ්ඩියා වගේ හිටියේ.

                කෝමහරි දැන් මූ ගහේ. කුන්දිරා කඩනවා. කඩනවා කිව්වට කඩලා බිම දාන්න බෑනේ. සද්දේ ඇහෙනවනේ. මූ දෙක තුනක් කපලා ඒව අතින් කටින් එල්ලගෙන බිමට බැහැලා ආයේ නගිනවා. මූ මෙහෙම දෙතුන් වතාවක් නැගලා බැහැලා අන්තිමට බැස්සා. අර ජෝතිපාලගේ සිංදුවේ ඉන්න ජම්බු ගහේ නගින ලේනා වගේ. මූත් ඒ වගේමයි. ගහෙන් වැ‍ටුණේත් නෑ.  බැහැලා ඉස්කෝලෙට ඇවිත් බලනකොට කුරුම්බා කපන්න පිහිය නෑ. බැලින් නම් බුන්ජා ඒක ගහේ තියලා බැහැලා.

 "‍තෝ මොකටද යකෝ පිහියක් අරන් පොල් ගහේ බඩ ගෑවේ?" ගයා ඇහුවා.

 "තණකොල කපන්නනේ බං." මූ කියනවා. මූ ගහ උඩදි පොල් රා බීලද කොහෙද.

 "එහෙනම් යකෝ ඇයි ඒක තියලා බැස්සේ? අරං බහින්න එපැයි." ආයෙත් ගයා.

 "පොල් ගහ උඩ තණකොල කපන්න මේක අරං බිමට බැහැලා හරියනවද කැස්ව‍ටුවෝ?" බුන්ජා කියපි. මූ මහා වලිප්පු කතානේ කියන්නේ. මට ඒක තේරුණේ නෑ.කෝමහරි මූ ආපහු ගිහින් පිහිය අරන් ආවා. බොලේ වැඩේ කියන්නේ කුරුම්බා කඩන්න එක බල්ලෙක් නෑ. යකෝ බොන්න ඉන්න සෙනඟ. පාරෙ යන උනුත් ඇවිල්ල බීල යනවද කොහෙද. අපරාදේ. මං කුරුම්බැට්ටි මැශිමක් හදන්න හංගං හිටිය කුරුම්බැට්ටියත් කපලා බිව්වනේ මුං. අනේ මුංට අප්‍රතිහත ලෙස බඩ යන දවසක් ගැන මං සිහින මවනවා. ගෑණු ලමයි තව වටේ ඉන්න එක එක උන්ට අඬ ගහලත් දෙනවා. අනේ මුංගේ මූණු වල තව කුරුලෑ ඒවා. උරුලෑ ගඳ හමත්වා. මුන්ට පා වලල්ලක් දීල යවන්න ඕනි පොල් ගහේ.

 කෝමින් කෝම හරි කුරුම්බා සිද්දිය ඉවර උණා. ඒත් නිකම් බඩට හරි නෑ වගේ. අතුරුපසක් නෑනේ. එතකොටම මතක් උණා ගුරු නිවාසේ ගාව ගහේ අඹ හැදිලා තිබ්බා නිකම් ඇටි හැලෙන්න. දෙන්නම් බැටේ කියලා පොලු අරන් ගියා අඹ කඩන්න. කරුමෙට අපේ ගනන් මිස් තමා ඒකෙ ඉන්නේ. එදා මිස් ඉන්නවා ගෙදර. ඉතින් මොකේදැයි දන් වලඳන්නේ. උණ දෙයක් උණාවේ කියලා ගැහුවා පොළු. අපරාදෙ නැත්තම්. අඹ ගහ මෙච්චර කට්ට කාලා හදාපු ගෙඩි මොකෙක්වත් කෑවේ නැත්තම් අඹ ගහට ගොඩාක් රිදෙයි. කාගේ උණත් දරුවෙක්නේ. එක වතාවක් පොළු ගැහුවා. කිසිම ප්‍රතිචාරයක් නෑ. අඹ ගෙඩි බිම. ආයේ වතාවක් ගැහුවා. ඒත් ග්‍රාහකයා නිහඬයි. තුන් වෙනි පොලු පාර වදිනකොටම ඕං ජනේලේ ඇරුණා. මිස්ගේ කැළඹුණු මුහුණ ආවා එලියට.

"බොලා ඔය මක්කෙයි කරන්නේ?" මිස් දකුණේ

"මක්කවත් කොරන් නෑ මිස්" කොටා කියපි.

"එහෙනම් ඔය පොළු අතෙ තියාන අහවල් එකක්ද කොරන්නේ?" මිස් අහපි.

"නෑ මිස් මේ අඹ ගහේ සෑහෙන්න කපුටො. උන් අඹ අමුවෙන් කනවා. අපරාදෙනෙ මිස් කපුටෝ. අපිමේ උං එලෝලා උංව යහමගට ගන්න හදන්නේ." බුංජා දුන්න උත්තරයක්. මස්ත හතයි බත් දෙකටයි. 

"ඒක ඇත්තනේ මිස් බලන්න දැං ඔය ඉදෙන්නෙ නැති අඹ කෑවම ඒක කපුටගේ බඩේ වණ වෙනවා. ඊට පස්සේ වණ පොත් වෙනවා. පව්නේ මිස් කපුටෝ." මාත් කිව්වා.

මොනා කිව්වත් හැබැයි අමු අඹ විතරක් නෙවේ ඉදුණු අඹ කන්නෙත් කොහෙවත් ඉන්න කපුටොම තමයි. ඒක වෙනම කතාවක්. එතකොටම මිස්ගේ මූණ ඇඹුල් උණා හරියට මිස් අමු අඹ කෑවා වගේ.

 "තොපි ඕකට පොලු ගැහුවාම ඔය පොලු වැටෙන්නේ අපේ වහලේ උඩට බොල." මිස් ඒ ගමන් දුම්මල වරම ගත්තනේ අතට.

"එතකොට මිස් කියන්නේ පොලු නොගහ නිකම් ඊතලේකින් විදලා වගේ අඹ කඩන්නද?" ගයා ඇහුවා. මිස් කෙළින්ම අතේ තිබ්බ ඉඳුල් වතුර කොරහ හැළුවා ගයාගේ ඔලුව උඩට. ආයේ හාල්මැස්සෝ නහයේ.

"යකුනේ පොලු නොගහ කඩන ඉටිකිරිස් එකක් ගහට නැගලා කඩපියව්. මූසල හැත්ත. මුංගේ පංතියට උගන්නන්න ගියත් එකයි. ගෙදරට වෙලා නිවාඩු දවසේ හිටියත් එකයි. මාව කන්න එනවනේ." හපොයි මිස් ප්‍රචණ්ඩ වෙලා.

                          මිස් පිටිපස්සේ මොකක් හෝ අවටියල් දේශපාලන බලවේගයක් ක්‍රියාත්මකයි. අපි ඉතිං ඒ ගමන් පහු බැහැලා නැග්ගුවා ගයාවයි ටෙලාවයි ගහට. මුං අමුවා කඩ කඩා දානවා බිමට. ඉදුණු එව්වා මුං උඩ ඉඳන් කනවා. ගොං කැනහිල්ලු. කෝම කෝම හරි අතක් පයක් නොකැඩී අඹ කඩාගෙන මිස්ටත් ටටා කියලා අපි ආපහු ආවා ඉස්කෝලෙට.  ටෙලා ඉස්කෝලෙ වත්තේ කෙහෙල් කැන් හොරෙන් කපලා දෙන කඩෙන් ලුණු කැට ටිකකුත් ඉල්ලගෙන පිට්ටනිය ගාව ගල උඩ වාඩි වෙලා අඹ ගලේ ගහලා පලා අනුභව කලෙමු. අපි අඹ කනවා දෑකලා ගෑණු ලමයින්ටත් අඹ ඕනි උණා. ඒ ගමන් එයාලටත් එක්ක අඹ කඩන්න උණා.

කරුමෙට අඹ කැඩුවේ අපි උණාට ඒවා නෙළා ගත්තේ වෙන උං.