කට්ටියම දන්නවනේ ඉස්කෝලේ කාලේ වසන්ත සමය හවුස් මීට් කියලා.ආයෙ ඉතින් සුප්පි තමා ඒ කාලේ.මං පාසල් යන සමයේ හවුස් මීට් හතරකට මුහුණ දුන්නා (මං තාම ඉස්කෝලේ යනෝ ඒත් හරිය ) කියන්න සන්තෝසයි මිත්‍රවරුණි අපේ නිවාසය ඒ හතරෙන්ම ෆස්ට් ප්ලේස්.ආයෙ ඉතින් හොල්මන්ද පොල් කොළ වගේ.හවුස් මීට් කාලේ එක එක විදියේ වැඩ තමා සිද්ද වෙන්නේ.
කොල්ලන්ට ආය පට්ටම ආතල් තමා.ඇයි ඉතින් නිදහස තියේනේ ඕනි තරම්.ගැනු ලමයින්ටත් එහෙම තමා.මේ කාලේ එක එක විපර්යාස වෙනවා පාසල් සිස්ටම් එකේ.පටන් ගනිද්දි තිබ්බ ඒව කැඩෙනවා.නැති වෙලා තිබ්බ ඒවා හැදෙනවා.පරණ ඒවා අලුත් වෙනවා.ද්විත්ව ප්‍රතිස්ථාපන ක්‍රියා වෙනවා,මොනවද කිය්ලා අහන්න එපා. වැරදියට තේරුම් ගන්නත් එපා.මේ මං කතා කරන්නේ රසායනික බන්ධන ගැන.අපි දන් නෑනේ ඔය අසභ්‍ය කතා.අපි මල් වගේ උදයට පිබිදුණු කැකුළු පොඩිති හරිය.
දැන් අපේ ඉස්කෝලේ නිවාස හතරක් තියනවා. විජය, ගැමුණු, තිස්ස සහ ගජබා. මම ආයේ කියන්න ඕනි නැ ගජබා. අර හෝහපුටු ගයායි අර කෑඳැති සෙබයි විජය එකේ.වෙනදට ඕකුන් හොඳ උනත් මේ කාලෙ ඕකුන් වගේ සතුරෝ නැති තරම්. මරා ගන්නේ නැති එක විතරයි.පුළුවන් කමක් තියනවා නම් ඒකත් කරලා. අපේ නිවාසේ ඉන්නේ මැලිබන්, ටෙලා, ලකියා,මෝරා සහ මම. මම සහ මැලිබන් ඇරෙන්න ඔය අන්තිමට නම් කරලා තියන කස්ටිය ගැනත් රස කතා තියේ.ඒවා වෙනම කියන්න ඕනි ඒවා.මැලිබන් සහ මම ගැන ඔයාලා දන්නවනේ.
දැන් නිවාසේ ක්‍රීඩා වැඩ එහෙම ඉවර වෙලා හවුස් හදන සමය ආවා. මේකනේ වැඩේ.අන්තිම දවසේ ආයෙ නිකම් අල ගෙඩිය පෙරං ගෑවා වගේ බැබලි බැබලි තියෙන්න ඕනි බඩ්ඩක් හදන්න ඕනි.මේ සඳහා මුලින්ම ඔත්තු සේවයක් ක්‍රියාත්මක කරන්න ඕනි අනිත් හවුස් වල ඉන්න පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ හදන ඒවා දැනගන්න.ඊට පස්සේ ඒවා සේරම පරාද වෙන්න එකක් හදන්න ඕනි. ඒත් වැඩේ කියන්නේ හැමෝම මේක කරන හින්දා හැම එකෙක්ම එලියට දෙන්නේ වෙන එකක් හදනවා කියලා.ඊට පස්සේ හදන්නේ වෙනම අටමගලක්.අපිත් ඉතින් ඔය එක එක මල ඉලව් හදනවා කියලා හති අතේ කතා යැව්ව.මුලින්ම කිව්වා ඉබ්බෙක් හදනවා කියලා.ඊට පස්සේ ලුණු ලේවායක්, ඊටත් පස්සේ පිටි මෝලක්, ඊට පස්සේ හරක් මඩුවක්, ඊටත් පස්සේ සුළං මෝලක්. මේ විදියට එක එක කතා යැව්වම අනිත් හවුස් වල ඉන්න උන් ඒවාට අහු වෙනවා. අහු වෙලා රැවටෙනවා, රැවටිලා මොලෙ කොලොප්පන් කර ගන්නවා, ඊට පස්සේ උන්ට මොලේ අමාරුව බහින්න ඉස කුඩිච්චි දාන්න වෙනවා.අපි නිකම්ම දිනුම්. කෝමද ආයේ අපේ මොලේ.
දැන් අපි මේ එක එක ලඩ්ඩෙ කතා යැව්වට සිරාවටම අපිට හදන්න එකක් තිබ්බේ නෑ.අපි දැන් වට මේස සාකච්චාවක් දානවා මොකක්ද හදන්නේ කියලා.
"මම නම් කැමතී බෝට්‍ටුවක් හදන්න.ආයෙ අපි නිකම් බෝට්‍ටුවක් හදලා, උඩ කොඩියකුත් ගහලා , ඉන්නකොට කෝමද ගැම්ම?" මෝරා පටන් ගත්තා කියවන්න.
"යකෝ තෝ හිතුවද තෝ මෝරා උණා කියලා අනිත් උනුත් සාගර ජීවීන් වෙන්න ඕනි කියලා? බෝට්‍ටුවක් හදලා අනිත් උන් ඇවිල්ලා ගොඩ යන බෝට්‍ටු කොයි රටේ තියනවද ඇහුවම රෙද්දක් ඇඳන් පාරේ යන්නෙ කෝමද? පල අන්න අරෙහෙට." අයිය කෙනෙක් නිකම් මෝරාව දෙකයි පණහට දාලා කිව්වා. මෝරගේ ගැම්ම රෙද්ද පල්ලෙන් බේරුණා. පව් අසරණ සත්වයා.කන් දෙකත් පාත් කරන් යන්න ගියා.
"එහෙනම් අපි හදමු ගැමි ගෙයක්." ලකියා කිව්වා.
"ආහ් හදමු.හැබැයි ගැමි ගේ ඉස්සරහ කණුවේ ගැට ගහලා ඉන්න හරකට තෝව අන්දලා ගැට ගහල තියනවා දවසම.ඥාව් ඥාව් ගගා ඉඳපන්." අර අයියා ආයෙ කොක්ක දානවා.
"යකෝ මේක මාර වැඩක්නේ.මූ එකක් කියන්නෙත් නෑ , අනිත් උන්ට කියන්න දෙන්නෙත් නෑ.ගෝත, හිවල්, මූසල ඇටි මයිනා" මම එහෙම කිව්වේ නෑ. හිතින් හිතුවා.
"තවත් යෝජනා තිබේද?" ඌම අහනවා.
"අය්යාහ් අපි හදමු බලකොටුවක්. ගල් වලින් ඉස්සරහ බැඳලා වටේට දිය අගල් හයි කරලා ඒකට කිඹුල්ලුත් දාලා කිඹුල්ලු හොයා ගන්න බැරි නම් උගෙ මල්ලි ගම් කබරයෙක් හරි දාලා හදමු." නංගි කෙනෙක් කිව්වා. අනා අර අය්යා ඒකට මොකවත් කිව්වේ නෑ. හෙහ් කාගෙ උණත් නංගි කෙනෙක්නේ කියලා ඉන්නවා.ගොබ්බයා.යකෝ නිකම් බලකොටුවක් නම් හදතැකි.එහෙම බළකොටු හදන්නේ කොහෙද? කිඹුල්ලුත් දාන්න කතාව තව. මුං කියලා යන්න යයි.අපි එපැයි නහින්න .සභාවෙන් කසුකුසුවක් ආවා.
" එහෙම නෙවේ අපි සාමාන්‍ය බලකොටුවක් හදමු.හිරි ඔතප්ප තියන, සන්සුන්, කරුණා පෙරදරි කරගත්, ගිරව්, මලිති බටිත්තෝ, සපතේරුවෝ සින්දු කියන අඩු වියදම් එකක් කරමු" එක අයියා කෙනෙක් කිව්වා.අඩේ ඒ අයිඩියාව මරු කියලා අනිත් අයත් කැමති උණා.එල.ඒක තීන්දුයි.හදමු බළකොට්ටක්.පැලෑන අඳින්නේ අපේ ටෙලා. ඌ ඇන්දා පැලෑනක් ආයෙ ලොවෙත් නෑ.නිදන කාමරම දහයයි,සාල දෙකයි,ගැරේජ් තුනයි,ඉස්තෝප්පු පහයි,බාත් රූම් නෑ. ඒක අව්ලක් නෑ.දිය අගල තියනවනේ.ඌගේ පැහැදිලි කිරීම විශ්වාසයි රටක් වටී. ඒ ඇරෙන්න වෙන මොකවත් නෑ ඒකේ.අඩුම ගානේ බලු කූඩුවක් දාපන් නිස්කාන්සු වෙලාවට ඇලට් එකක් දාන්න.
"තොට කොයිල්ද මඥාඥාං හීරලුවෝ.බළකොටු හදන්නේ නිදා ගන්නද? මේවා හදන්නේ යුද්ද කරන්න බං.ඊටත් හිවලෝ මේක හවුස් මීට් එකක්.තොපි මේකේ නිදා ගන්න යන් නෑ.එදාට විනිශ්චය කරන්න එන පරෙයියෝ ටික මේකට රිංගලා ආයේ යනකම් කෙළින් තිබ්බොත් ඇති. ආයෙ මොන කැටයම්ද බං" මාත් දැම්ම නිකම් කොමෙන්ට් එකක්.ඒක ඌට තේරුණා.ඌ ටාර් ගාලා ආයේ පැලෑන ඇන්දා.දැන් සෝක්.සාලයක්,ප්‍රතමාදාර කාමරයක්,රහසිගත නිදන කාමරයක් ඇතුළුව ආතල් බළකොට්ටක්.එල ප්ලෑනත් හරි.දැන් තමා වැඩේ.මේක හදන එක.ආයෙ ශාකමය අමුද්‍රව්‍ය පමණයි.ආටිෆිෂල් ඒවා මුකුත් බෑ.
සාමාන්යෙන් අපෙ ඉස්කෝලේ හවුස් මීටිමක් කියන්නේ අහල පහළ ඉඩම් වල උන් ලමයි එක්ක ගිහින් ගඟේ පනින සමය.ඇයි ඉතින් වත්තක පුවක් ගෙඩියක්, බුළත් වැලක්, වරකයක්, අඹ ඇටයක්, උණ පඳුරක් තෝරන්නේ නෑ.සේරම අත ගාගෙන එනවා.ආයේ ඉතින් පංචාංගයම ඉවරයි ගහක.සමහර ගෙවල් වල උං කැති පොරෝ අතේ තියන් පැල් රකිනවා වගේ වත්ත වටේ යනවා රෑ තිස්සේ.ඇයි කොයි වෙලේ ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙයිද දන් නෑනේ. ඒ හින්දා අපිට දැන් අහළ පහළින් බඩු සප්ලයි කර ගන්න බෑ.අපේ බළල් අත් දේශාටනයට යොදවන්නම වෙනවා.කරේ ගේන්නත් බෑ.වාහනයක් ඕනි වෙනවා. ලොරියක් නම් සෙට් උණා. ආයෙ ඉතින් ඒ ලොරියේ ගිය එකෙක් ජර්මන් සරම්ප වලින් පටන් අරන් සෙංගමාලයේ ලේ අතීසාර තත්ත්වය දක්වා ගිහින් තමයි නතර වෙන්නේ.ඒ තරමට නැවුම් ලොරියක්.අපි දැන් ඕකේ නැගලා යනවා.
කොහෙද? ලකියගේ ගෙදර. ඒ මූසලයගේ ගෙදර බලකොට්ටට ඕනි බඩු තියනවා කියලා ඌ කිව්වා.යකෝ මූ අපිට කියලා තිබ්බේ ඉස්කෝලෙට පට්ට ලඟ ගෙවල් තියෙන්නේ කියලා
"මචං බය වෙන්න එපා.ආයෙ දෙන්නම් නැවක බඩු.ගෙදරත් ලඟයි.අතේ දුර." එහෙමයි මූ කිව්වේ. .අම්ම ගහයි යනවා යනවා යනවා.ගිහින් යන්තම් නැවැත්තුවා.අම්මෝ යන්තම් ඇති කියලා බැස්සා.වැඩක් නෑ.නවත්තලා තියෙන්නේ ඩ්‍රයිවරාගේ ගේ ගාව උගේ දවල් බත් පාර්සලේ ගන්න.නොදකින්.ආයේ නැග්ගා.යනවා යනවා යනවා.යන්තම් නැවැත්තුවා.අම්මේ ඇති යන්තම් කියලා බැස්සා.බැලින්නම් ලොරියේ ටයර් එකක් ගිහින්.ඒකත් දාලා ආයේ නැග්ගා.ආයේ යනවා යනවා.යන්තම් නැවැත්තුවා.අම්මෝ එලා කියාගෙන බැස්සා.වැඩක් නෑ.ඩ්‍රයිවරාට බඩේ රුදාවක්.මුං හයර් ගිහින් රටේම නැති කඩවල් වල නවත්තලා හද්ද ජරාව කාලා කාලා බඩේ රුදා හදාගෙන අපිටයි වදේ.කෙළින්ම දුන්න සිද්ධාලේප අසමෝදගම් වලට නයි මිරිස් දාලා.ඩ්‍රයිවර් කොහෙන් ගියාද නෑ.
ඊට පස්සේ අපේම එකෙක් ඉස්සරහට නග්ගවලා ආයෙ යනවා යනවා යනවා.දැන් ලකියගෙ මූණත් නිකම් තාරාවෙක් වර්චස් හෙලාපු කජු ලෙල්ලක් වගේ.අපේ කුණු බැනුම් අහලාම මූ මැළවිලා.හීහ් හී. යන්තම් ඉස්කෝලෙන් ලොරි නැගලා දවස් තුනයි පැය දහ අටකට පස්සේ උගෙ ගෙවල් ගාවින් අපි ගොඩ බැස්සා.
"ඕන්න තියනවා ඕනි තරම්.කපාගෙන දාගෙන අරන් මෙතනින් තොලොන්චි වෙලා පලයව්".ඌ කිව්වා.කිව්වා වගේම බඩු තිබ්බ ලොවෙත්ම.අපි දැන් කප කපා ලොරියට පටවනවා. හණ ගස් කපන් නෑ මොකෙක්වත්.ඇයි ඉතින් ගෑවුණු තැන කසනවනේ හිටු කියලා.හැබැයි ඕක මෝරා දන් නෑ.මං ඌට කිට්‍ටු කරළා කිව්වා
"මචං හණ සෑහෙන්න ඔනි වැඩේට.ඒත් එකෙක්වත් කිව්වට කපන් නෑ.ඕවා කපන එක අමාරුයි.සෑහෙන තරමේ වැඩ්ඩෙක්ට තමා ඕක කපන්න පුලුවන්" කියලා.ආයෙ මං හිතුවා වගෙම මූ ෆෝම් උණා.
"අපෝ හණ ගස් ද ? කපන්නම්කො ගමකට" කියලා මූ පිහිය අරන් එතන කිරි කොරහ නටල උගේ ගම භාර දෙවියන්ට පූජා තියලා අමුඩෙකුත් ගහගෙන හණ කපනවා. කියන්න සන්තෝසයි හිතුවට වඩා ඉක්මණට ප්‍රථිඵල ලැබුණා.මූ හණ සේරම කපලා දාලා පොර සේ ඉඳගෙන ඉද්දි මෙන්න බොලේ මූ කසන්න පටන් අරන්.මූ ඉහින් කණින් කසාගෙන මටත් ප්‍රණීත භාසාවෙන් මොනවදෝ කියාගෙන දුවන් ගිහින් පැන්න පහළ තිබ්බ ඇළට.ආයෙ බඩුම තමා.වතුර වැටුණම තව කසනවා.මූ හය්යෙන් හූවක් තියලා මුලින්ම දොලේ සමනල ආරට පීනුව. වැඩක් නෑ වගේ.ඒ ගමන් ළය ආර ට්‍රයි කලා.ඒත් කැසිල්ල ඉවර නෑ.ඊට පස්සේ නිදහස් ආර, පසු පස ආර, තල්මස් ආර, කිඹුල් ආර වගේ නවතම විදි කීපයකට පීනුවා.ඒත් කැසිල්ල අඩු නෑ.මට ඉතින් කෙලින් ඉන්න බෑ හිනා වෙලා.
මෝරා හූ කියනවා ඇහිලා ලකියා ටිකක් කලබල උනා.
"මචන් කපා ගත්තු දේවල් පටෝමු නෙහ්?" මූ කියලා මූම දැන් පටවනවා..එලකිරි කියලා අපිත් දැන් පටවනවා. පුවක් ගස් විසි අටයි.(ඒවයේ තිබ්බ පුවක් ටික මායි ටෙලයි ලයින් එකේ හංග ගත්තා.ඉරිදා පොළටවත් ගෙනියන්න ඕනි. ) පොල් අතු සීයක් විතර.ගොක් කොලත් එච්චරම වගේ. (ගොක් කොල නම් ඒ හැටි ඕනි නෑ.අපි මේ ගොක් කොළ කපනවා වගේ ගහට නැගල කරේ කුරුම්බා බිව්ව එක. ලකියගෙ ගෙදර ආපු එකේ ඌගේ දෙයක් අත පත ගාගෙන ගියේ නැත්තම් වැඩක් තියේයැයි.), කෙසෙල් ගස් දහයක් විතර, හණ ආයේ ගමකට.අපි ආතල් එකට වගේ ආපහු හැරිලා වත්ත දිහා බැලුවා.අලේ.නිකම් සැවානා වල තණ බිමක් වගේ.මෙලෝම ගහක් නෑ.අපි සේරෝම කපලා.අව්ලක් නෑ.ලකියාගෙනේ.ඒ කියන්නේ අපේ වගෙ තමා.පොල් ගස් දෙක තුනක් නම් අතරින් පතර තිබ්බ.ඒ මදැයි ඌට.මොකෝ ඌට දෑවැද්ද දෙනවයි කියලයැ.මූසල මීමා.
අපි දැන් අවටියල් වැඩ සේරම ඉවර වෙලා ඇහුවා ලකියගෙන් කෝ තොගෙ ගෙදර කියලා.වත්තට මෙහෙම කරපු එකේ ගෙදරට ගිහින් තේ එකක් බීල, බෝලයක් ගහලා ජනේලයක් බිඳලා ගියේ නැත්තම් සමාජයෙන් අපිව පිළි ගන්න එකක් නෑනේ.මූ කියාපි
"ගෙදර තව දුරයි බං.ඔන්න ඔහේ දැන් යමු" කියලා.ආයෙ යන්න බෑනේ.අපිත් අර පොළොන්නරුවෙ ගොවියො මඩ කණයි කනවට නියර දිගේ යනවා වගේ නැග්ග ලොරියට.අඩේ මෝරා අඳුර ගන්නත් බෑ.මූ රතු වෙලා, සෑහෙන සීරීම් තුවාල, පව් අප්පා.කාගෙ උණත් දරුවෙක්නේ.ඔන්න දැන් ලොරිය ඉස්ටාට් කළා.හුචස් ගාලා නැවතුණා.ආයෙ ඉස්ටාට් කලා.ඒ ගමනනම් හරි වගේ වෙන්න ගිහින් ආයේ නැවතුණා.
"මචං තල්ලුවක් ඕනි වෙයි." ඩ්‍රයිවර්ට ඉන්න අපේ බුවා කිව්වා."බෑ බෑ ආයේ බැහැලා තල්ලු කරන්න බෑ.ඔහොම්ම යං." ලකියා කිව්වා.
"යකෝ මේක ඉස්ටාට් කොරන් නතුව එර්දියෙන් ලොරිය අරන් යන්නද? ගොන් කතා නොකියා බැහැලා තල්ලුවක් දාපිය." මම කිව්වා. ඒත් මූ බහින්න බෑම කියනවා.මම නිකමට එලිය පහලිය බැලුවා මූව කන්න වල හැඩියෙක්වත් එනවදෝ කියලා.බැලින්නම් කන්දක් උඩ ඉඳන් එකෙක් කැත්තකුයි මන්නෙකුයි අත් දෙකට අරගෙන මදි පාඩුවට රොකට් ලෝන්චරේකුත් කරේ තියාගෙන අම්මමෝ නතුව පිඹගෙන එනවා ලොරිය දිහාවට.
"අර මොකෙක්ද බං අර?" මම ඇහුවා."දන් නෑ බං" ලකියා කියනවා. "ඉතින් තෝ දන් නැද්ද යකෝ තොගෙ වත්තෙ අර විදියට පිස්සෙක් වගේ පිස්සෙක් වගේ රෙද්ද කරේ තියන් දුවන් එන එකා?" මම ඇහුවා.
"නෑ බං." මූ කියනවා.
"මොකද යකෝ නැත්තේ?" මම ඇහුවා.
"නෑ කිව්වේ මේ අපේ වත්ත නෙවේ බං."
"අම්ම ගහයි.තෝ අපිව මේ එක්කන් ආවේ තොගේ කියලා තොගේ වත්තකට නෙවේද අලුගුත්තේරු හම්පඩ මයිනෝ" මම දුම්මල වරම අතේ තියාගෙන මුගෙන් ප්‍රශ්න කරනවා. මූ නිකම් එරබදු මල් ගිලපු මල් කොහා වගේ උත්තර දෙනවා.
"කියපිය කාගෙද යකෝ මේ වත්ත?" මං ඇහුවා.
"මං දන් නෑ බං.ගස් තිබ්බ වත්තක් හින්දා මං කිව්වේ බැහැලා කපමු කියලා.
"අඩේ දැන් අර ගල් බමුණා ලොරිය ලඟටම කිට්‍ටු කරලා.මූ ලොරිය ගාවට ආවොත් නම් බබිත් සුං බබිගෙ අම්මත් සුං.
"යකුනේ බැහැලා තල්ලු කරපල්ලා." මොකෙක්දෝ එකෙක් කෑ ගැහුවා.එතකොට තමා අපි හොඳ සිහියට ආවේ.කට්ටිය සිඟ සිඟ ගාලා බැස්සා. දැන් අපි සේරම බැහැලා තල්ලු කරනවා.ලකියා විතරක් පතිවත බිඳුනු හිපාටුවා වගේ ලොරියෙ ඉන්නවා.
"තෝ විතරක් මොකද ඔය ඔහොම ඉන්නේ? බැහැලා තල්ලු කරපිය නැත්තම් මං තෝව කන්නේ බිස්ටේක් හදලා" ටෙලා කිව්වා.අරූ ටාර් ගාලා බැහැලා තල්ලු කරනවා.ඒ අස්සේ මැලිබන් මගෙන් අහනවා
"මචන් බිස්ටේක් කියන්නේ මොනාද ?" කියලා. යකෝ අරෙහේ පිලමන්ට් ගිය බලුප් එකක් අපිව කන්න පන්නන් එනවා.මූට බිස්ටේක්.මං ඌගේ කණට කරලා හොඳවයින් ටිකක් කිව්වා.මූත් දැන් තල්ලු කරනවා.කතාවක් නෑ.මේ ලඩ ලොරිය යාන්තම් කිලෝමීටරයක් විතර තල්ලු කරද්දි හුචස් ගාල ඉස්ටාට් උණා.එතකොට අර ඩෑල් එක ලඟටම ඇවිල්ල.
"තොපි මූසල උලම්මු.මගේ වත්තට කෙලෝල." කියාගෙන මූ හැටට හැටේ දුවන් එනවා.රෙදි කරේ.අලේ පව් මෑන්ගෙ තට්ටෙට දාඩියත් දාලා.දැන් එක එකා ලොරියට පනිනවා.අරූ ලඟටම ඇවිල්ලා.මාත් පැන්නා.මැලිබනුත් පැන්නා.මෝරා වැටෙන්න ගිහින් ආයෙ පැන්න.ටෙලාත් පැන ගත්තා.මේ විදිය අපි උස පැන්නා නම් සුසන්තිකා කැලේ.දැන් සෙරෝම හරී.ආහ් නෑ ලකිය මිසින්.කෝ මූ? හුටපරිඥා.ලකියා අරූගේ දඬු අඬුවට අහු වෙලා. කොරන්න දෙයක් නෑ.
"ඒ උඹ ඔහෙට වෙලා කරපු පාඩුවට හරියන්න ගෙදර දොරේ වැඩක් පළක් කරගෙන හිටපන්.හවුස් මීට් දිනුවද කියලා මං පෝස් කාඩ් එකක් එවන්නම්" මං කෑ ගහලා ඌට කිව්වා.
ලකියා අපි දින්නා..ඕයේ
Search This Blog
Thursday, December 29, 2016
Thursday, December 22, 2016
අතිජාත...
මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ මගේ තවත් පශ්ටම පශ්ට බොක්කක් ගැන.මූ නමින් ගයා.මූට තව නම් ගොඩායි.ඒ හැම එකටම අලංකෘත වූ නිධාන කතාවක් තියේ.මූ තමා මගේ මොන්ටිසෝරියේ ඉඳන් හිටිය අතිජාත පජාත කුජීත අවලම් මූසල නසරාණි ප්‍රෙඩා.ඕකා මොට්ටසෝරි යන කාලේ කලිසමේ සුළු දිය පහ කර ගන්නවා. ඒ තරමට ගොනා.
මං මගේ අධ්‍යාපන ජීවිතේ හා හා පුරා කියල පට්ටාන් ගන්න උදේ පාන්දර සිරිමත් වගේ අවදි වෙලා මුහුණට දිය දීලා, (දිය දෙන්න ගිහිල්ල නහයේ හිට වතුර, ඉස්මොල්ලෙත් ගියා. කොහෙද අපිට පොඩි කාලේ ඉඳන් කියන්නේ කොරන්න බැරි වැඩනේ.මුහුණට දිය නොදී සේදුවා නම් හරිනේ.) අම්මටයි තාත්තටයි වැඳලා කිරිබත් කාලා කමීසයක් සහ කලිසමක් ඇඳලා ඒකත් කැහැපොට ගහගෙන ගියා මොට්ටසෝරි. පිස්සු හැදෙයි.ගයා මොට්ටසෝරියේ ගේට්‍ටුව ගාව එල්ලිලා ගිරිය පුප්පන් අඬනවා.උගේ ගිරියෙ ඉඳන් උන්ඩුක පුච්ඡය දක්වා ශ්වසන මාර්ගය පේනවා.ඒ ඇඬිල්ල අහපු ලඟින් ගිය කොරවක්කො දෙන්නෙක් චක් ගාලා කොස් ගහක හැප්පිලා ස්ටිකර් උනා..නොදකින්.මගේ අධ්‍යාපන ජීවිතේ මුලින්ම දැකපු සුන්දර දර්ශනය මේ ගොබ්බ හෝතඹුවා අඬනවා දැකපු එකනේ. ඉතින් කාපන්කො කිරිමැටි පතෝල හොදිත් එක්ක.
කෝමින් කෝම හරි මූ මාත් එක්ක ඇයි හොඳයියට ආව.කරුමයක් තියනවා නම් වළක්වන්න බෑ කියනවනේ.කව්දෝ චරිතයක් අලු හුණු කෑවලු පානුත් එක්ක අපල කාලෙක. අවසානයේ කාලයාගේ ඇවෑමෙන් මූ මගේ බොක්ක උනා.මූසල හිපාටුවා. මූගේ වැඩ කියන්නේ මූ ජීවිතේ රැක ගන්න නොකරන දෙයක් නෑ.අද ටියුෂන් එකක පෝස්ටර් ගහනවා.හෙට හොරෙන් පුවක් කඩනවා.අනිද්දා හාන්න හරක් නැති පළාත් වලට ගිහිල්ලා නගුල් වල තමන්ම බලෙන් ගැට ගැහිලා අයිතිකාරයෝ බලන් ඉද්දි කුඹුරු හානවා අඬ හැර කිය කියා තමන්ටම කෙවිටෙන් ගගහා.තව දවසක ටොරිංටන් සාමි ලංකාවේ ඉන්න කාලෙ හදාපු පංචාංග ලිත් වගයක් අවුරුද්දක් මැද්දෑවේ විකුණන්න ගිහිල්ලා ගුටිත් කාලා තිබ්බා.
දවසක් මූ මට කෝල් එකක් ගන්නවා.යකෝ මිනිහෙක් මැරුණට කෝල් ගන්නේ නැති එකා මොකටද මට අද කතා කරන්නෙ? අරුමයක්මැයි.අනිවා පොල් මරාලයක් සහ පරාලයක්.මං ගත්තා ෆෝන් එක.
"හලෝ කව්ද කතා කරන්නේ" මාත් නිකම් දන්නේ නෑ වගේ ඇහුවා.නැත්තම් මූ හිතයි මං එන එන එකාගේ නම්බර් එක බලලා ආන්ස්වර් කරනවා කියලා.අපිත් වැදගත් මිනිස්සු හරිය.
"හලෝ මං මේ තොපේ වත්තේ ඉන්න දඬු ලේනා කතා කරන්නේ.යකෝ ගිහින් අර පොල් පැළ වලට වතුරයි පෝරයි ටිකක් දාපිය.කුණු හැත්ත.කුරුම්බයක් බොන්න බෑ.මෙලෝ රහක් නෑ.ලුනු වතුර වගේ.මල ජරාව."
"කුණු හැත්ත තොපේ සීය වෙන්න ඇති.තොට බොන්න බැරි නම් ගිහින් පැනපිය පොල් ගහක් පල්ලට.මෙතන ලබ්බෙ තොවිල් නටන්න ආවා."මම කිව්වා.
"හරි හරි බං සංසුන් වෙයන් මම ගයා.පොඩි උදව්වක් ඉල්ලන්න කතා කලේ."
"ආහ් උඹද..කියපන් මචං කියපං.වලියක් නම් වලියක්.ගලෝමු අත පය." මම කිව්වා. එතකොටම මූ කිව්වනේ. "මචං උඹ දන්නවා නේද අපෙ අය්යගේ බාප්පගේ පුතාගේ කාර්යාලේ වැඩ කරන ඇසිස්ටන්ගේ වඳ පුංචි අම්මගේ වයිෆ්ගෙ කලින් කසාදෙ ලොකු දුවගේ නංගි?" ඔය කිව්වට මට එහෙම මතක් වෙනවයැ.මූගේ නෑදෑ පරම්පරාව ආයේ ලොවෙත්ම නෑ.සෑහෙන අක් වක් තියන එකක්.ගමේ ඈයෝ නම් කියන්නේ අත්තා,නත්තා,පනත්තාගේ හපන්කම් කියලා.මට නම් ඕවා තේරෙන්නෙ නෑ.හරි හරි.මතක නැති උණත් කියන්න එපැයි දන්නවා කියලා." ආහ් හරි හරි මචං අර සිමෙන්ති වලින් කපරාරු කරපු ගෙදර ඉන්න නංගි නේද? ඒ ගෙදරට මිදුලකුත් තියේ."මම කිව්වා "අන්න හරි බං.එයාට මාර වැඩේනේ වෙලා තියෙන්නේ.ඒ නංගි ගෙට වෙලානේ බං." මූ කිව්වා.
යකෝ මූ මාර කතාවක්නේ කියන්නේ."තෝ ඕක කියන්නද යකෝ මේ පිණි දිය හිනැහෙන හිරිමල් උදෑසන මට කෝල් කරේ. ඉතින් ඒකි ගෙට වෙලා නම් එළියට බහින්න කියපං.ඕක මහ දෙයක්යැයි.කටක් ඇරලා කියපන්.නැත්තම් දොර පොල්ලක් අරන් පන්නපං එලියට දුවනකම්.මේක මාර රටක්නේ.කෙල්ලෙක් එලියට දාන්න එක එකාගෙන් කෝල් කර කර අහනවා." මම මල අතේ තියාගේන මූට කිව්වා. "හිවල් පෙන්දෝ,හකරැල් මයිනො, සෙවෙල හීරලුවෝ..උඹ බීලද?" මූ මගෙන් අහනවා. "චී.අපි වගෙ සිරිමත් ලමයින්ටනේ තෝ මේ වගේ කතා හදන්නේ? මම නම් ඕවා කටේ තියන් නෑ.(කෙළින්ම උගුරෙන් පහළට)" "මූසලයෝ කෙල්ලෙක් ගෙට වෙනවා කියන්නේ අර අරකට බං." මූ ආයෙ බලු කුණුහබ්බයක් කියනවා. "අඩෝ මේ අරවා මේවා ,ගෙට එන කතා නැතුව කෙළින් කියපිය.නංගිට මොකද? සතෙක් සරුපයෙක් ගහලද? ලෙඩක් හැදිලද? ගෙදරට සොරෙක් සතුරෙක් පැනලද? රිවට් බුරුල් උනු ග්‍රීස් යකෙක් පැනලද?"මම ඇහුවා.මේවා දැවෙන ප්‍රස්නනේ. "අනේ තෝ හොඳයි කෝවේ දාලා මකවන්න.ඔව් ඔව්.නන්ගිට ලෙඩක් හැදිලා.ඒ ලෙඩෙන් සනීප වෙන දවසට පොඩි පාටියක් තියනවා.ඒකට දාන්න මට හොඳ නැගලා යන සින්දු ටිකක් දියන්කො."
අම්මා ගහයිනේ එලෝ එලෝ.යකෝ සනීප උනාම පාටි දෙන ලෙඩත් තියනවද.යකෝ අපි සනීප උනාම තියා ලෙඩ උනාමවත් බලන්න බල්ලෙක් එන් නෑ.මුන්ට තව පාටි.සමාජ ක්‍රමයේ පිරිහීම පදනම් වූ විප්ලවීය හායිත ප්‍රදේශ කියන්නේ මේවට තමා." හරි හරි දැන් උඹට සින්දුද ඕනි?" මම ඇහුවා."ඔව් ආයෙ රම්පෙට පොරි වගේ නැගලා යන ඒවා ඕනි.ඔය හංකිචි කැවෙන ඒවා වැඩක් නැ.ආයෙ අහල ගම් හත දෙදරලා යන්න, ලොවෙත් සුප්පි, චණ්ඩ මාරුතයක් වගේ එකක් ඕනි." මූ ඒ ගමන් කවි ලියන්නත් පටන් අරන්."එල එල මං දෙන්නම් පෙන්‍ටුවක් අරන් වරෙන්කො හවස් යාමෙට ගෙදර" මම එහෙම කියලා තිබ්බ පෝං එක.
හ්ම්.දැන් මූට සින්දු ටිකක් හොයන්න ඕනිනේ.ඔන් කළා කොම්පීටරේ.දෙන්නම් ජම්බෝ.හීක්.තොපි පාටි දාන්න නෙහ්.එල එල.මං ගත්තා මැත කාලයේ ලංකාවේ සහ ආදී භාරතයේ ගායනා වුණු පට්ට ස්ලෝ රාගධාරී සින්දු ටිකක් සහ ලංකාවේ හදාපු ජිල් බෝල හොදි වගේ මෙලෝ රහක් නැති අමු වැල් බයිලා වගයක්.ඒවා රීනේම් කලා නිකම් ලොවෙත් නැති නම් දාලා.එකෝන්ගේ එමිනම්ගේ සින්දු වල නම් දාල රීනේම් කරල වෙනම ෆෝල්ඩර් එකකුත් හැදුවා.පාටිය ගිනි තැබීමට සියල්ල සූදානම්.ගයා ආවා ගෙදර නිකම් හොට තැලිච්ච කෑඳැත්තා වගේ.
"මොකෝ නිකම් තෝ මහන්සිය වගේ එකක් හදාගෙන ඉන්නේ?" මං නිකම් කෝචොක් එකට වගේ ඇහුවා. "සෑහෙන බිසී බං.අර පාටියේ වැඩ ගොඩ ගැහිලනේ."
"ඔව් ඔව්.තෝත් ගිහින් ඔය නංගිලගෙ පාටි වල මුට්ට කර ගගහ ඉඳපං. අනේ තොපි වගෙ ජාතියක්." මං කිව්වා. "හරි, හරි. තෝ රහත් වෙලානේ ඉන්නේ.උදේ නැගිටින්නේ යට ලීය බදාගෙන.දීපිය සින්දු ටික දැම්ම නම් පෙන් එක." මූත් කියවනවා. මං දුන්න පෙන් එක.
"ඕක අරන් ගිහිල්ල තම්බලා බීපිය.ඊට පස්සේ ගුඩුසක් ඇරපන්.සේරම හරියයි." "එල එල.මං ගියා හරී."
"එල මචං.පරිස්සමින් පලයං.අඩෝ මේ උඹලා හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එහෙම සෙට් කර ගත්තද සින්දු දාන්න? මං ටිකක් බේස් වැඩි ටිකක් දැම්මේ.හොඳ සවුන්ඩ් තිබ්බේ නැත්තම් හරියට එන එකක් නෑ." මං කිව්වා. "ආ ඒවා හරි බං.ආයෙ කිරි ටොය්යා වගෙ සවුන්ඩ්.බේස් වැඩි කරනකොට කණ කීං ගානව.බපල් මේං සයිස්." " ආහ් එහෙනම් අව්ලක් නෑ.පුලුවන් තරම් හයියෙන් දාපං බං අපේ ගෙදරටත් ඇහෙන්න." මං එහෙම කියලා ඌව පිටත් කරලා යැව්වා.ඊට පස්සේ මං බලන් හිටියා නිකම් දවස් හතක් ජීවම් කරපු පිල්ලියක් එන කම් බලන් ඉන්න එකෙ වගේ.
එදා රෑ තමා රෑ. යක්කු ගස් නගින්න පා වළල්ල හදන වෙලාවට මට මුගෙන් කෝල් එකක් එනවා.මං ගත්තා."හලෝ.........." ඊට පස්සෙ කව්දෝ එකෙක් අම්ම මෝ නැතුව බනින සද්දයක් ඇහෙනවා.බබා හම්බ වෙලා වගේ..මං හෙමීට පෝං එක තිබ්බා.ඊට පස්සේ නිදා ගත්තා.දවස් දෙකකට විතර යද්දි එකෙක් කැළෑ පාරෙන් අපේ ගෙදරට එනවා හැංගි හැංගි.බැලින්නම් ගයා."සහෝ මචන් වරෙන් ගේ ඇතුළට,ඇවිත් ඉඳගන්න,මේ පළතුරු කන්න.මේ සිහිල් දිය බොන්න." මං ආරාධනා කළා.
"තෝ මොකක්ද හිවලෝ අර දුන්නු සින්දු? යකෝ මං ජාත්‍යන්තර අපකීර්තියකට පත් උනා.තෝ නම් මහා හිපාටුවෙක්.මං තෝව කනවා මට හරක් මස් ඇලජික් නැත්තම්." මූ නිකම් අයිස්ලන්තෙ ගොන් පොරවල ඉන්න ගොනෙක් වගේ තප්පුලන්න ගත්තා. මට සිනහ පහළ උනා. "අඩේ මොකක්ද බං උනේ?"
"අර තෝ එදා දාලා දුන්නු තොගෙ රෙද්දෙ සින්දු ටික අරන් මං ගියා පාටියට. ගිහින් රටෙම ඉන්න උන්ට කිව්වා ආයෙ එලකිරි වගේ සින්දු ගෙනල්ල තියෙන්නේ.කිසි දෙකට බය වෙන්න එපා.වෙන ඒවා ඕනිත් නෑ.හොදි ඕනිත් නෑ.කොල්ලා ගේම දෙන්නම් ටොයියා වගේ කියලා.නංගිටත් පේන්න වැඩක් දාලා කට්ටියම ආවාට පස්සේ සිං සිං ගාලා සවුන්ඩ් සිස්ටම් එක සෙට් කරලා පාටිය පටන් ගද්දි දැම්මා හයියෙන් සින්දුවක්.නොදෝකින්.ඒක අර එක දිගට දවස් හතල් බඩ ගිය තාරාවෙක් කෑගහනවා වගේ.මොකෙක්දෝ අවටියල් ඩයල් එකක් අන්නස්‍රෝතයෙන් කෑගහනවා.මට විලිම විලි සංහාරයයි.ඊට පස්සේ ඊලඟ ට්‍රැක් එක දැම්මා.ඒකෙ කොරවක්කෙක් කුංචනාද කරනවා.නොදෝකින් තෝ නම්. යකෝ වෙන ට්‍රැක් තිබ්බෙත් නෑ අනිත් උන් ගාව.මං ගමටම අණ බෙර ගහලනේ ගියේ ආයෙ ටිංකිරි වගේ සින්දු තියනවා කියලා.අන්තිමට නංගිගෙ පාටියට දැම්මේ ගෙදර තිබ්බ පරණ කවි බණක් යකෝ.ඒක ඇහිච්ච ගමේ උන් පාටියට අරන් ආවේ පිරිකර.මං දැක්කේ මිනිස්සු මට කටින් හිනා වෙනවා විතරයි.උන් වෙන වෙන තැන් වලිනුත් හිනා උනාලු.මට දැන් ගමේ ඉන්න බෑ.තෝ මාව කෑවා යකෝ" කියලා මූ මාව කන්න පැන්නා.
තොට ජලභීතිකාවම හැදිය.

Saturday, December 10, 2016
මග තොට-2
ට්‍රිප්පුවක් යන්න ගිහින් මගදි උනු වැඩේ කලින් කිව්වනේ.දැන් ඔන්න ඒකේ ඉතුරු ටික.කෝමින් කෝම හරි අපි එදා අතක් පයක් නොකැඩී බේරුණ.ඔන්න දැන් ට්‍රිප්පුව දිගටම යනවා.ම්ං මේ සිද්දිය කිව්වා සෙබාට.ඌ සින සුණා. ඊට පස්සේ මූ කියනවා "ඕක තමා පුරාණයේ හිටපු මීමුත්තෝ කිව්වෙව අයාලේ වීදි සන්චාරේ යනවා නම් කැලි පහේ ටෝර්ච් එකක් අරන් පලයල්ලා කියලා". "අම්ම ගහයිනේ එලෝ එලෝ බැට් එකෙන්.යකෝ එක කෑල්ලක් නැති අපිට තෝ කියන්නේ කෑලි පහක් දාගෙන අනාත වෙන්න කියලද?තෝ හිතන් ඉන්නේ උන් මට ලමයි හදලා දීල මාරු වෙනකම් ඉඳල කෝචොක් කරන්න නෙහ්.හිපාටු රිලවා." එතනින් ඌ උපස්දෙස් දීම නැවැත්තුවා. හිහ්.
බස් එක දැන් දිගටම ඉදිරියට ඇදෙනවා.අපි සින්දු කියමින් ආතල් එකේ ගමන් කරනවා.මුලින්ම වඳින්න තිබ්බේ කලුතර බෝධිය.කෝමින් කෝම හරි ඒක වැඳ ගත්තා. සෙබා ඒ අස්සේ ඌගේ අර සිහින කුමාරිය ඌට ලබා දෙන්න කියලා බෝධියට වැඳලා වැඳලා අන්තිමේදි ඒක හපා කන්නත් හැදුවා.යන්තම් අපි සෙට් එක එකතු වෙලා බේර ගත්තේ.තව පොඩ්ඩෙන් කලු තර සෙබාට කලුතරින් වැලලෙන්න වෙනවා.ඊට පස්සේ කෙලින්ම මූදුවෙරලට ගියේ.පික්සු හැදේ සඳ බැබලෙයි.මෙන්න යකෝ බීච්.වැල්ලෙන් එකයි බෝට්‍ටු.බෝට්‍ටු වලින් එකයි සුද්දෝ.ශෘංගාරය එකයි තව කොහෙද..
අපි දැන් කට්ටියක් සෙට් වෙලා ආතල් එකේ කය්යක් දාගෙන ඉන්නවා.සාමාන්යෙන් කොල්ලෝ සෙට් උනාම ආතල් එකට කතා කරන දෙවල් තුනක් තියනවා.එකක් තමා ගේම්ස්,ෆිල්ම්ස් වගේ ඒවා.තවත් එකක් තමා ගැනු ලමයි ගැන.අන්තිම එක තමයි අසභ්‍ය දේවල්.මේක අනිවා අමූලික ඇත්ත.කෙල්ලෝ සෙට් උනාම කතා කරන ඒවා නම් අපි ලල්ලේ ලෑ.කෝමහරි කොල්ලෝ ගැන කතා කරනවා කියල මට නිකම් හීනෙන් වගේ සිතෙනවා.ඒකනෙ අපි සන් ග්ලාස් නොදා කැලින්ම ඉර දිහා බලන්නේ..ඒ අස්සේ එක නන්නාදුනන බුවෙක් ඇවිල්ල ඇහුවා මල්ලිලා කොහෙද කියල.සෙබා පැනපු ගමන් කිව්ව "අය්යේ අපි කොලඹ හරිය" කියලා.බුවාට තේරෙන්න ඇති මූ නම් මාගම්පත්තුවෙන් ඉටි පන්දම් දහයක දුර යන්න ඕනි එකෙක් කියලා.ඌ යන්න ගියා ආයෙ මුකුත් ඇහුවේ නෑ.
දැන් මෙතන වෙන්නේ මේකයි.අපි කණ්ඩායම් වසයෙන් බෝට්‍ටු වල යවනවා මූද මැදට."අඩේ එලකිරි.මං යනෝ බෝට්‍ටුවෙන් ඕට්ටේලියා.ගිහින් දේසපාලන තර්ජන තියනෝ, මං දෙසපාලන අනාතයෙක් කියලා එහෙ පදින්චි වෙනෝ.පදිංචි වෙලා අම්මටසිරි වෙනෝ.වෙලා තොපිට කෝචොක් කරනෝ".සෙබා කියවන්න ගත්තා. හප්පා මූ එක්ක කොහෙ හරි ගියොත් ක්ලෝරින් ද දා රෙද්ද විරංජනය කරනවනේ.මූසල කෙහෙල් පාරුවා.මං ඌට ටොක්කක් ඇන්නා. බව්වා මූගෙ කණ මිරිකුවා.තව එවුන් තව තව ඒවා කලා.ඒවා කියන්න බෑ. "හරි බෝට්‍ටුවෙන් මූද මැදට ගිහින් මාලු අල්ලන්නද තියෙන්නේ? අලේ සෝක් අප්පා.මං අල්ලනවා හාල් මැස්සෙක්.අල්ලලා සුරතල් කරලා අත අරිනවා මූදට ආයේ." තව එකෙක් කියවන්න ගත්තා."තොපිට අමු කැවිලද යකුනේ.නැත්තම් මට වේලිච්චා කැවිලද?" පන්ති බාර ගුරුතුමී දුම්මල වරම අරන් එතන පොල් මල් නැටුමක් නටන්න ගත්තා.ඒ ගමන් කට්ටිය සුනෙසුන් උනා
එල එල.ඒ ගමන් වෙන සර් කෙනෙක් ඇවිල්ල ප්‍රණීත වූ භාසාවෙන් අපිටම සරිලන ආකාරයට කරුණු පැහැදිලි කළා."දැන් මේකයි යකුනේ වෙන්නේ.තොපි සෙට් පිටින් යවනවා මුහුද මැද්දෑවට අර බෝට්‍ටු වල නග්ගලා.ඊට පස්සේ බෝට්‍ටුව මැද තියනවා බිමට අල්ලලා වීදුරුවක්.එකෙන් පේනවා මූදු පතුල.තොපි ඒකෙන් ඕනි සකලබුජමක් බලාගෙන ආපහු එන්න ඕනි.එහෙම බැරි එවුන් මේ කොලේ අත්සන් කරලා මුහුදට පැනලා මැරියව් අපිට වද නොදී.නැත්තම් මං තොපිව අල්ලලා ගැට ගහලා දානවා මුහුදට."සර් ඉතාම සන්සුන්ව අපිට කියලා දුන්නා.එකෙක්වත් ගියේ නෑ කොලේ අත්සන් කරන්න.ගියොත් ආයෙ එන්න වෙන්නෙත් නැනේ.
කට්ටිය සූ ගාලා නගිනව බෝට්‍ටු වලට.අපි ඔටුවොයැය්.අපිත් නැග්ගා බෝට්‍ටුවකට."මල්ලිලා මේක යන් නෑ." ඒකෙ ඩ්‍රැයිවරා වගේ එකෙක් ඇවිල්ලා කිව්වා."ඇයි අය්යේ යන් නැත්තේ.ඇන්ජින් එක බෝර් කරනවද?" අම්මපා මේ සෙබාට කට පියාගෙන ඉන්න බැරි හැටි.මං දවසක මැරුම් කන්නේ ඕකා හින්දා."නෑ මල්ලි මෙකෙ පතුලේ හිලක්." අය්යා මේක ලාබෙටද ගත්තේ?" මං මගේ වලත්තකමට ඇහුවා. "ඇයි මල්ලී එහෙම කියන්නේ?" අය්ය මගෙන් අහනවා. "නෑ ඉතින් ලාබ බඩුවේ හිලක් කියනවනේ.එකයි." අය්යා කින්ඩියට වගේ හිනා උණා. "මල්ලි දන්න තරම තමා. මල්ලි හිලක් තියන හැම බඩුවම ලාබ නෑ."හාකො. අය්යා කිව්ව කතාවෙත් ධාරාණිපාත සත්‍යක් තියනවා වගේ.මං කල්පනා කලා.උදාහරණ පවා තියනවානේ ඕනි තරම්. මුද්දක් ගත්තාම හිලක් තියේ.ඒත් ලාබ නෑ.තව ඒවගේ ඒවා කොච්චර තියේද."අය්ය ඉතින් මොකද මේ බෝට්‍ටුව තියගෙන මේ වැල්ලෙ කරන්නේ? මේක තිබිලා වැඩක් නෑනේ." සෙබා අහනවා."ඔව් මල්ලි මං දැන් මේකේ ගෙදර යන්න ඉන්නේ.රෝද හයි කරන එකා එනකම් මේ ඉන්නේ.ඇයි යකෝ තො හිතුවද බෝට්‍ටුව කැඩුනා කියලා මේක පැදගෙන ගෙදර යන්න පුලුවන් කියලා.හිපාටු පෙන්දා.බැහැපිය මගේ බෝට්‍ටුවෙන්.අහන්න ආවා මෙතන ලබ්බේ තොවිලේ." මං කිව්වේ සෙබා කට ඇරියොත් ගල් බනිසක් කියල .
හරි අපි ඒ බෝට්‍ටුව අත ඇරලා ඊලඟ එකකට ගියා. ගිහින් ඒකට නැග්ගා..ඒකේ පිටිපස්සේ ඉඳගෙන ඉන්නව කලුම කලු යකෙක් වගේ ඩයල් එකක්."ෂුවර් එකට මූ කොන්දොස්තර වෙන්න ඇති.මොකද මූ ඉඳගෙන ඉන්නේ පිටිපස්සෙනේ.ඩ්‍රැයිවර් උනා නම් මූ ඉන්න ඕනි ඉස්සරහින්නේ.කෝමද මගෙ ටික්‍රි මොලේ.""අය්යේ කෝ මේකෙ ඩ්‍රැයිවරා? ඌ හෙන ලේට් පොරක් නෙහ්?" මං පොර සේ ඇහුවා අය්යගෙන්. "මමයි ඩො ඩ්‍රැයිවරා" "කෝ ඇන්ජිම?" "අඩෝ මේකේ ඇන්ජිම තියෙන්නේ පිටිපස්සේ ඩෝ.මේ බලපන්." මූ මොකක්දෝ කලු පට පෙට්ටියක් පෙන්නුව. ඒකෙ ක්ලච් එකත් නෑ.බ්‍රේක් එකත් නෑ.ඇක්සිලේටරයක් නෑ.සුක්කානමක් නෑ.කොටින්ම කිව්වොත් මෙලෝම මල දානයක් නෑ.මං හෙමීට සෙබාගෙන් ඇහුවා මොකක්ද බං මේ සන්තෑසිය. මූට පිස්සුද කියලා. සෙබා කියනවා එව්වා එහෙම තමයිලු.මෙව්වා මහා කුමන්ත්‍රණ අප්පා.
දැන් අපි වාඩි වෙලා හැට පැයක් යනකම් අර ගොබ්බ ඩ්‍රැයිවරා හෙලවෙන්නේවත් නෑ.මූ අපේ එකිනෙකා දිහා සුපරික්ෂාකාරීව බලන්න ගත්තා.හරියට අපි මුගේ වකුගඩ්ඩ ඉල්ලුවා වගේ.හෝතඹුවා.මූ වාමාවර්තව අපි දිහා බලන් ගියා.ඊලඟට ආයේ දක්ශිණාවර්තව බලන් ගියා.ඊට පස්සේ හිසේ සිට පාදාන්තය දක්වා බලන් ගියා.ඊට පස්සේ පාදාන්තයේ සිට හිස දක්වා බලන් ගියා..ඊට පස්සේ තැනින් තැන බලන්න පටන් ගත්තා.මුගේ ඇස් දෙක ඇඹරෙන ඇඹරිල්ලට මං බලන් හිටියා දැන් කඩන් වැටෙයි දැන් කඩන් වැටෙයි කියල.බැරිම තෑන මං ඇහුවා "අය්යා අද යන් නැද්ද මුහුදේ?" කියලා. "යකෝ ඒක තමා මාත් මේ බලන් ඉන්නේ.තොපිට අද යන්න ඕනි නැද්ද? ඕනි නම් බැහැලා මේක මුහුදට තල්ලු කරපල්ලා.මේක දැන් තියෙන්නේ වෙරලෙනේ.මුහුදට මෙක ඇවිදින් නෑ.බැහැල තල්ලු කරලා වතුරට ගියාම අයේ නැගපල්ලා." හප්පා.මූ දැන්නේ ඒවා කියන්නේ.අපිටත් ඒක ක්ලික් උනේ නෑනේ.
අපි බැහැලා තල්ලු කරනවා."ඕඩි හෙලෙයි හෙලෙයි ඕඩි හෙලෙයියා."අපි කැ ගහනවා."මල්ලි ඕක කියන්නේ මා දැල අදිද්දි.තොපි පැහෙන්නේ නැතුව ඕක තල්ලු කරලා නැගපියව්."
"මේ අපි නැග්ගාම මූව තල්ලු කරලා දාලා මේක අරන් යමු බං යන්න.හිවල් කොහා.." සෙබා ඒ අස්සේ මිනී මරන්න කතා කරනවා.මටත් ඒ අයිඩියාව නැතුවාම නෙවේ. හරි.බෝට්‍ටුව වතුරේ. දැන් මූ මේක ඉස්ටාට් කරන් යන්න හදන්නේ.කට්ටිය සින් සින් ගාලා බෝට්‍ටුවට ගොඩ වෙනවා.මං පැන්නා ඇතුලට.පැනලා ඉඳ ගත්තා.ඊට පස්සේ සෙබා පැන්නා.මල කෙළියය්.මූ පැන්නේ අර වීදුරුව මැද්දෑවට.සලාං.වීදුරුව කුඩු.මූ මුහුදේ.මාර ආතල්.
හුටා.බෝට්‍ටුවේ හිලක් කියන්නේ අපිත් වතුරෙ.සුබ ගමන් සෙබා.මං තෝව හොයන් එනවා...

Friday, December 2, 2016
මග තොට
මේ කියන්නා වූ සිද්දිය වාර්තා උනේ අපි උපෙල කරන කාලෙ.දැන් නම් හිතෙනවා උපෙලත් විභාගයක්ද කියලා.ඒ කාලෙ එහෙම හිතුනෙ නෑනේ.ශරිද..ඔන්න ඒ කාලේ අපිට තිබ්බ ආතතිය කියලා එකක් යවන්න අපේ ගුරුවරු ප්ලෑන් කලා ට්‍රිප්පුවක්.ට්‍රිප්පුවක් කියන්නෙ බොලාලා මෙක ගමනක්.ආයෙ ඉතින් ටිං බෙලෙක්ක ටක්ක බක්ක ස්ද්ද හඬවලා යන එකක්.මේ කේස් එකේ බස් කතා කිරිල්ලේ ඉඳන් අවසානේ ගිහිල්ලා කෑම උයද්දි මිරිස් කොටන්න පෙනේරෙ හොයන තැන දක්වා වැඩේ පැලෑන් කරන්නේ අපිම තමා.
දැන් කට්ටිය ට්‍රිප්පුව යන්න ශූ ගාලා වැඩ.සමහරු බස් තල්ලු කරන්න පැක්ටි වෙනෝ,සමහරු ගිරිය කඩන් සින්දු කියනො,සමහරු පන කඩන් රෙදි අපුල්ලනො."යකුනෙ තොපි යන්නෙ ආතල් එකට ගමනක්.ඔච්චර නහින්න දෙයක් නෑ." මං සෙබාට කිව්වා. "අඩෝ ඒම කියන්න එපා.අපි හික්කඩුවෙ කොරල් බලන්න යනෝනේ" ඌ කිව්වා.."මොන කඩුවෙ? අලුත් ජාතියෙ කඩුවක්ද බං ඒ? භයානක වර්ෂන් එකක් ද?" "නෑ නෑ ලාටු මයිනො.ඒක වෙරලක්." ඌ කිව්වා."හරි ඉතින් ඇයි බං කොරල බලන්න එච්චර දුර යන්නේ.අර අපේ ගමේ කරත්ත සයිමගේ මිනිහගේ කකුලෙ ඕනි තරම් කොරල තියෙන්නේ.ඕවා මහා වාත කන්ඩිෂන් බං.හැදුනම අරවන්න බෙහෙතුත් නැ." මං කිව්වා. මූ මං දිහා බැලුවා මහා ජුගුප්සාජනක බැල්මක්."ඇයි තෝ නිකම් මං තොගෙ වකුගඩු දෙක ඉල්ලුව වගේ මං දිහා බලන්නේ? හිපාටු කෑඳැත්තා." මටත් මල විදගෙන අවා. "හරි හරි තෝ එදාට ඇවිත් බලා ගනින් කොරල්.මං කිව්වයි කියලත් හිතා ගනින්" මූ කිව්වා."මූකලන් කැකිරි ඉබ්බා.තොට කොරල හැදියන් බඩ යනකම්," මම එහෙම කිව්වේ නෑ හිතුව විතරයි.
හරි ඔන්න කෝම හරි ට්‍රිප්පුවට අදාල දිනේ උදා උනා.අපි එදා කුකුලා අතේ අරන් ඉස්කෝලෙට ගිහිල්ල ඌට කීද්දුවා.ඔන්න බස් හයර් කරන්න බාර ගත්තු එකා කොහේදෝ තියන ලඩ බස් ටිකක් අරන් ඇවිල්ල තිබ්බ.හප්පා.මේවයෙ සීට් වල රෙද්ද මහල තියෙන්නේ අර විජය කුමාරයා ලංකාවට එද්දි කුවේණි රෙදි මහපු ජුකී මැෂින් එකෙන්ද කොහෙද.අන්තිමට සර්විස් කරනකොට බුලතා යෝධයා සොරබොර වැවට වතුර ගන්න ගල සිදුරු කරනවා."තෝ කොහෙන්ද යකෝ මේ ලදරන් බස් හොයා ගත්තේ? අර බලපන් බස් එක ඇතුලේ හැටි.කොහොල්ලෑත් තියනවා.මූ ඉරිද පොලට කොස් අදින බස් එකද කොහෙද මේ.සය්ලන්සරෙ තියෙන්නෙ බස් එක අස්සට.දුම ගහන්නේ ඒක අස්සට.වහලෙ ගන්න පුලුවන් වැවක දොලක දාලා කොරලි අල්ලන්න .මාගල වගෙ සිදුරු.තෝ හදන්නෙ අපිට උන්ඩුක පුච්චෙ රුදාව හදවන්නද?" මං ඉතාම සාමකාමීව අදාල පුද්ගලයගෙන් ඇහුවා."අඩෝ එහෙම කියන්න එපා.මෙව්ව රජ බඩු.ආයෙ ගියර් වැටෙනව ටිකි ටිකි ගාලා.ඇන්ජිම නිකම් බඹරා වගේ.ඩීසල් පුසුඹටත් දුවනවා." ඌ කිව්වා. "බඹරා කොහෙද යකෝ දුවන්නේ? ඌ බඩ ගා යන සතෙක්නේ?" සෙබා අහනවා.බලන්න ඉතින් පොඩි කාලෙ ආරම්භක විද්‍යාවට යොමු නොවුනම ලමයින්ට වෙන වැඩ.බඹරා කොහෙ බඩ ගාන්නද? ඌ පිහිනා යන සතෙක්නේ.
හරි කෝම හරි බස් වල ආරවුල් විසඳන් අපි නැග්ග බස් එකට.අපේ සදාචාරේ හොඳ හින්දා පිරිමි ලමුන් එක බසයකටත් ගැහැනු ලමුන් තවත් බසයකටත් වෙන වෙනම සමසේ භව්‍ය වන සේ බෙදුවා.ඔන්න දැන් සින්දු කියන්නයි යන්නේ.සෙබා නැග්ග ගමන් පටන් ගත්තා කියන්න "මාගම් පත්තුවේ ඩිංගිරි අම්මාය.ගමේ ඈයින්ට ගජමන් නෝනාය" කියලා."මේ සුරතල් ලාවුලු මයිල කොහෝ ඔය සින්දු වෙනයි.ට්‍රිප්පු යනකොට කියන එවා වෙනයි.ගැලපෙන එකක් කියපිය.නරක සලබයා." මං උගේ කනට කොඳුරලා ප්‍රණීත බාසාවෙන් දෙකක් එක්ක කිව්වා.එතන ඉඳන් ඔන්න එක යම යුද්දයය්.සින්දු මරනවා.ගායකයෝ ඇහුවා නම් ඒවා එයාලා බෙල්ල විකාගෙන මැරෙනවා.
දැන් මගක් දුරට යනකොට කොල්ලෝ වැඩිය දඟලන එක නැවැත්තුවා.මං සෙබාගෙන් ඇහුවා මොකො කේස් එක කියලා.ඌත් වැඩි සද්දයක් නැ.ඔහේ ඉඳගෙන ඉන්නවා."මචන් උඹට මතකද අපිට 10දි ඉගැන්නුවා ද්‍රවවල ගුණ කියලා එකක්" මූ මේ හද්ද පාන්දර මගෙන් ආච්චිගේ ප්‍රශ්නනේ අහන්නේ. "ඔව් බං" මාත් කිව්වා."කියපන් බලන්න එකක්" මූ කිව්වා." හ්ම්..මචන් ද්‍රව වලට බරක් තියනවා." මට මුලින්ම ඔලුවට ආවේ ඒක.මං කියල දැම්ම ඒක."අන්න හරි ඔයා වල් ඌරා." අන්න ඒ ගුණේ හින්දා තමා මුං මෙහෙම ඉන්නේ" ආ මේ මුන්ට මේ නම්බර් වන් සෙට් වෙලා..එකයි.එල එල.ඩ්‍රයිවර් අය්යා ඔය කොහේ හරි තැනක නවත්තන්න බලන්න.ඩ්‍රයිවර්ට අය්ය කිව්වට මූට පුත්තලම් බූරුවෝ හත අටක වයසනෙ.අව්ලක් නැ.ඌටත් ආතල් එකක් තියෙන්න එපැයි.
අය්යා ඉතින් නැවැත්තුවා බස් එක.කට්ටිය සිඟ සිඟ ගාලා බහිනවා.මාත් ඔන්න ඔහේ බැහැ ගත්ත අනාගත අභිවෘද්ධිය ගැන සිතා මතා.කට්ට කලුවරයි.මතක විදියට ඇඹිලීපිටිය පහු උනු ගමන් හරිය වගේ.මායි බව්වා කියලා තව එකෙකුයි ඇවිදන් යනවා ඉස්පොට් එකක් සෙට් වෙනකම්.මග දිගට කට්ටිය ඔකියුපයිඩ්."අම්ම ගහයිනේ බැට් එකෙන්.තොපි මාස ගානක් ටැන්කි බ්ලොක් කරන් ඉඳලා වගේනේ.වල් නරි." අපි ඉදිරියටම ඇදුන.අපි දැන් වර්තමාන දේශපාලන සන්ධර්භය තුළ ඇති කෙරෙන්නා වූ අභ්හිවාදනීය වූ තුලිත වූ අනභිභවනීය වාග්‍ය කව්සල්ය ගැන කතා කරන ගමන් තැනක් සෙට් වෙනකම් ගියා.අම්මෝ ඉටි පන්දම් පහලවක විතර දුර යනකොට තැනක් සෙට් උනා.දැන් හරී.බුදු බණේ කියන්නේ බොරුද.මේ සරීරේ අපිට අයිති නෑ අප්පා.අපි තාම අර කතාව කරන් යනවා.
එක පාරටම වටේම නිලංකාර උණා.නිකම් ලයිට් එකක් පත්තු උනා වගේ.වගේ නෙවේ ඇත්තට ලයිට් දැම්මා.කව්ද යකෝ මේ කැළැ මැද්දෑවේ ලයිට් ගහන එකා.සරීර කෘත්‍ය කරන්න බෑනේ අප්ප නිදහසේ.මූසල මිසදිටු සපතේරු නිල් මැසි මාරාවෝ.මුන් මේ අපිව දවසේ වැරැද්දට දාන්නද හදන්නේ රැකගෙන ඉඳලා."දවසේ වැරැද්ද නෙවේ මම තොපිව හක්කේ තියලා සෙම අරිනවා.හිපාටුවෝ" කියලා රිප්ලයි එකක් අවා කොහෙන්දෝ ඉඳන්.අම්මටසිරි.එතකොට තමා අපි දැක්කේ අපි කතා කර කර ඇවිල්ලා තියෙන්නෙ ගෙදරක මිදුළට.අපි වැඩේ කරලා තියෙන්නේ ගෙදර දොරට.කලුවර හින්දයි අපේ කතාව සහ හදිසිය හින්දයි අපිට ගානක් වෙලා නෑ.දැන් අපිට සද්දේ දාපු එකා ගෙදර අයිතිකාරයා වෙන්න ඔනි."මූ ඇතුලේ ඉන්දන් සේරම අහගෙන ඉඳල හොලා වගේ..චී හරි කැතයි".බව්වා කියවනව.ඒ අස්සේ ගේ ඇතුලේ හිටපු එක දොර පොල්ල අයින් කරලා දොර අරින්න හදනවා.මං දැන ගත්තා තව දුරටත් මෙහෙ හිටියොත් අනාගතෙ කිරිබත් කන්න නෙවේ වෙන්නේ තලලා ගිලින්න කියල.මං එතන ඉඳන් රූන් ගාල දිව්ව බස් එකට.බව්වත් දිව දොට්ට දාගෙන හැටට හැටේ දුවන් එනවා.මේ බයකට නෙවේ.අපි දෙන්නෙක්නෙ.අරූ එකෙක්නේ.එහෙම වෙලාවට ඌ පව්නේ.ඒ හින්ද.ඔයාල වැරදියට හිතන්න එපා.
ඇඟ ලොමු දැහැ ගැන්වෙන ට්‍රිප්පුවේ තවත් විස්තර ඊලඟ ලිපියෙන්..

Wednesday, August 3, 2016
පින්සර...
විදුහල්පතිගේ
වික්‍රම මේ කියන්නා වූ සිද්ධි
සම්පූර්ණයෙන්ම සත්‍ය බව සලකන්න..අපේ කලින් හිටිය ප්‍රින්සිපල්ගේ වැඩක් මේක..මේ ප්‍රින්සිපල් ගැන කතා ගොඩායි ..
ඕන්න දවසක් අපේ අය්යලා පිරිසකට මොකක්දෝ තෙලක් හැදිලා ඉස්කෝලේ පිටිපස්සේ බැම්මක් අයිනේ හෙඩ් ගහනවලු..සමහරු දන්නවද දන්නේ නෑ මේ හෙඩ් ගහනවා කියන කේස්
එක..ඒකෙදි
කරන්නේ කාසි දෙකක් උඩ දාලා වැටෙන එක හෙඩ් ද ටේල්ද කියන එක අනුව තමා ගේම යන්නේ..ඔන්න මේ වල් නරි සෙට්
එක හෙඩ් ගහන්න සෙට් වෙලා ඉන්නවලු බැම්ම ගාවට
වෙලා..ඉඳගෙන එහෙම නැකතක් බලලා වොර්ම් අප් කරලා උඩ පැනලා කුනුහරුප දෙකකුත් කියලා අතේ පයේ හිරි ඇරලා
බිම ඉඳ ගත්තලු..ඉඳගෙන ඔන්න කතා වෙලා කාසි දෙක උඩ දාලා බලන්
ඉන්නවලු දැන් වැටෙයි දැන් වැටෙයි කියලා..බොලේ
කාසි නෑ..කට්ටිය උඩ බැලුවලු කාසි දෙක රහත්
වෙලා ද බලන්න..මෙන්න බොලේ ප්‍රින්සිපල් ඉන්නවා කාසි දෙක අතේ තියාගෙන..එවෙලෙම දුන්නලු අර අය්යට අත දිග ඇරලා කණේ පාරක් අනික් කණ බිම
වදින්න..
ඉස්සර
ඔය හිටිය කොල්ලන්ට තිබ්බ හෝල් එකට ගිහින් ෆිල්ම් බලන පිස්සුවක්..ඔන්න දවසක් 10.30 ටයිම් එකට හොඳ ශිශ්ට
සම්පන්න විශිෂ්ඨ චිත්‍රපටියක් තියේලු..මුන් ඒක බලන්න සෙට්
වෙල ගිහින් ඔන්න තුන්දෙනෙක්..ඔන්න මුල්ම
එකා
පැන්නලු තාප්පෙන්..හරි..දැන් දෙවනියා පනින්න සෙට්
වෙල කතා කරාලු හරිද තෝ හරියට ලෑන්ඩ් කලාද
වටේ පිටේ මොකෙක් හරි ඉන්නවද කියලා අහගන්න..ම්ම් හ්ම්..කතාවක් නෑ..නොදකින් තොගේ කණේ කර ගැට ඇවිල්ලද යකෝ කියගෙන දෙවනියා පෑනලා..ඔන්න තුන් වෙනියා කත කරලා දෙවනියට වැඩේ හරිද
බන්
මොකෙක්වත් ඉන්නවද අහන්න..නෑ..කිසිදු ප්‍රතිචාරයක් නෑ..ඒ
ගමන් තුන් වෙනියා ප්‍රණීත භාසාවෙන් දෙකක් කියාගෙන පැනලා..කකුල් දෙක බිම වදින්න කලින් වැදුනලු කණට එකක් අයේ
ඉතින් රුවන් තලා විමනේ සිරියහනාවෝ දුටුවාදෝ වෙන්න...බලනකොට ප්‍රින්සිපල් බැම්මෙන් එහා පැත්තේ ඉන්න්දල වැඩේ මාට්‍ටු කරගන්න...අය්යෝ සල්ලි..
තවත් දවසක්..ඔන්න උදෙම රැස්වීමක් අරන් අපිට කිව්වා අද ඉතාම වැදගත් සාකච්චාවකට අමාතයංශයෙන් එනවා..අද ඔය කවුරුවත් පිට්ටනියට බහින්න එපා..මොකද මේ සාකච්චාව පාසලට වැදගත් එකක් කියලා..හාකො..ඔලුව වනලා අපි ආවා..
සුරේ..පලවෙනි එකම ඕෆ්..මොකද බං කරන්නේ..මං ඇහුවා බිලිගෙන්..සෙල්ලම් කරමු බං..මං එක පයින් කැමති උනා...හා එල..බැට් බෝල විකට් සේරෝම ලැස්තියි..මෙව්වා එකක්වත් මචන්ලා අපි ගත්තුවා නෙවේ..ඔය පොඩි ලමයි අපිට සෙල්ලම් කරන්න අරන් දීපුවා..එයාල හරී හොඳයි..අපි බලෙන් ගත්තේ නෑ එකක්වත් හරිය..සේරොම සෙට්..යමු..9 පන්තිය පහු කරලා නැටුම් පන්තිය පහු කරලා නටන ලමයි දිහා හීනියට බැල්මක් දාලා උපෙළ විද්‍යාගාරෙ පිටිපස්සෙන් කෘෂිකර්මේ පහු කරලා ගිහින් පැන්න පිට්ටනියට...හරි කට්ටියටම දැන් බැස්සනේ පිටියට..ගහමු ක්‍රිකට්..එල..
සපත්තු මේස් ගලෝල (එච්චරයි ගැලෙව්වේ හරිය) කට්ටිය සෙට් උනා..එක පාරට ඈතින් අසභ්‍ය වචනයක් කියනවා ඇහුනා..ඒක වැඩිය ගණන් ගත්තෙ නැ..ඔන්න පිල් බෙදුනා..තව එකක් ඇහුණා..එතකොට කාසිය උඩ දැම්ම..තව එකක් ඇහුනා..ෆීල්ඩ් එක හැදුවා..තවත් එකක් ඇහුණා..ඕපන් බැට්ස්මන්ලා ආවා..තවත් එකක් ඇහුනා...ට්‍රයල් එක දැම්මා..තවත් එකක් ඇහුණා..මැච් එක පටන් ගත්තා..මෙච්චර වෙලා ඇහුනු අර අසභ්‍ය වචන වල විශේෂත්වයක් තිබ්බා..එවා එන්න එන්න ලං උනා..මැච් එක පට්ට්ටාන් ගන්නකොටම ලඟටම ආවා..ටහිකේ..පොලොන්ගු කාවිලු ගල් බනිස් චිලි පේස්ට් එක්ක..උප පිනා..මෙයානේ ඈතට වෙලා අර ප්‍රණීත විදියට කතා කරලා තියෙන්නේ..මෑන්ස් කඩුවක්ද කොහෙද අරන් එනවා..නෑ නෑ තඩී උණ පොල්ලක්..ඒකෙන් එකක් වැදුනොත් සැප කණේ කණ සාක්කුවේ..සාක්කුව කලිසමේ..කලිසම වැලේ..මං නිරු.....නෑ එක්කො ඕනි නෑ..
හීක්..දැන් කට්ටියම රෙදි කරේ තියන් දුවනවා..උප පිනා අරෙහෙන් එනෝ..අපි මෙහෙන් දුවනෝ..එයා අරෙහේ කුනු හබ්බ කියනෝ..අපි මෙහේ ඉතිපිසෝ කියනෝ..එය "මෙහෙ වරෙව්" කිය කිය දුවනෝ අපි "පස්සෙ බැරියැ" කිය කිය දුවනෝ..එය උණ පොල්ල අමෝරාගේන දුවනෝ අපි කකුල් වලට වැඳ වැඳ දුවනෝ..හරී...ගැලවුනා..මාර කටින් මිදුනෙමි..හරි වැඩේ..අපි අර මුලින්ම සපත්තු ගලෝලනේ සෙල්ලම පටන් ගත්තේ..එද්දි එවත් අරන් ආවේ..එකෙකුට මේස් දෙක ගේන්න බැරි වෙලා..මට බොක්ක පැලෙන්න හිනා...ඌ ආපහු යන්න කියලයැ..අපි කිව්ව කැමති නම් පල..උගේ කෙල්ලවයි ෆෝන් එකයි ඇඳුම් ටිකයි ලියා දීලා යන්න කියලා..ඌ ගාව තිබ්බ ගේම් DVD ටික ඉල්ලුවේ මං..අපි සිස්ට සම්පන්නයිනේ...කොහොමහරි මූ ගියේ නෑ..හන්දිපත් රිදෙනවලු..නැතුව මේ බයකට නෙවේ..ඌ ඉතින් මේස් නැතුව සිටියා මුලු දවසම..එහෙම ඉඳලා නමකුත් හදා ගත්තා..
Subscribe to:
Comments (Atom)