Search This Blog

Saturday, August 21, 2021

Seedr

Seedr is a place where anybody can leech torrent files and convert into a direct link for your downloadings. As there are problems of downloading by torrents which leads to slow speed due to low bandwidth because low seeds this is a great way. It's a place where-in anybody can just paste the magnet link or upload the torrent file and then wait for few minutes for the site to process and give you the file in a zip format thus helping you to direct with high bandwidth as compared to torrent client. It's awesome! The link is https://www.seedr.cc/

Friday, November 15, 2019

ශාරීරික පරීස්සණ

බ්ලොග් ලිවිල්ලත් දැන්  අවාරෙට පොල් වැටෙන්නහේ වෙලා. මොනා කරන්නද? බිසී බිසී. බිසී කිව්වට එහෙමකට වැඩකට ඇති එකක් කොරන්නෙත් නෑ. ඒත් රට්‍ටු කියන විදියට කියන්නත් එපැයි. මේ ටිකේ මං වසන්නේ හොස්ටල් එකේ. ෆුල් නසරාණි. රූම් එකෙත් නෑ මොකෙක්වත්. පද්මයා පාර්ට් ටයිම් ජොබක් කරනවා කියලා ගිහින් ලබන සතියට මාස පහයි. මං බැලුවේ එන චන්දෙටවත් වැඩක් කරන්න. ඒ උණාට චන්දේට වැඩ කරන්න ගිය ඩෑල් වල රෙස්පොන්ස් ඒ හැටි හරි නෑ.

 පුතාණෝට වැඩ කරන්න ගිය එකෙක් මේ ලඟදි හම්බ උණා ඇහැකුත් නිල් කරගෙන. බැලින්නම් මේ ගල් මයිනා බස් එකකදි හයියෙන් වාතයක් ගිය ඩෑල් එකකින් අහලා "අංකල් සතුටින් නෙහ් ඉන්නේ? සතු‍ටු නැත්තම් කියන්න විරේකයක් අරන් අපේ ලොක්කා අද රෑ අංකල්ලගේ ගෙදර " කියලා. බැලින්නම් ඒ අංකල් කාරයත් අපේස්සකයෙක්. මේ පාර රටේම ඉන්න නාකි හත්තිලව් ටික ඉල්ලනවනේ වරණෙට. ඌ මූට දීලා ඇහැක් නිල් වෙන්න.
 පුතාණෝට එහා අයියණෝ. වතාවක් අර කොහේදෝ දිහාවක ගමක බොන්න තිබ්බ පානීය ජලයයි, නාන්න තිබ්බ පානීය ජලයයි, කක්කුස්සි ගෙනියන පානීය ජලයයි අපිරිසිදුයි කියලා ගමේ සෙට් එක පාරට බැස්සාම එයාලට කිරිල්ල බට වලින් වතුර විදලා පස්සේ ඇඟ ඇතුලේ උණ්ඩ හම්බ උණාම එව්වා මේ 30 වසරක් යුද්ධේ තිබ්බ රටේ ගහක් ගලක් ගානේ උණ්ඩ තියන නිසා වෙච්ච එව්වා කිව්ව ඩයල් නෙහ්. කතාවක් කරන්න ගියාම ගා ගන්නව හත්පොලේ."ඇත්තටම අපි මේ රාජය සේවයට එන්නේ රට ගැන හිතලා. අපි බය නෑ. අපි බය වෙන්න වැරදි කරලාම නෑ.අම්මපල්ලා කරලා නෑ දෙයියනේ. ඇයි මම බය වෙන්නේ ඉතින්? ඒ උණාට හත්තිලව්වේ මට බයයි!" ඕමයි කයිය.
 කෝම උණත් මේ අයියලා දෙන්නටම අරමුණ හෙට දවසේ රටේ දුක් විඳින ලස්ස සංඛ්‍යාත වූ රට හරකුන් සුඛිත මුදිත කරන එකනේ. ඒකට බොලා දෙන්නටම හාගල බණ්ඩාර දෙවියන්ගේ පිහිටයි, ආරස්සාවයි! ඔබට ඔබේ පිහිටයි.  කෝම උණත් අපි ගැන බලන්න සතුට අරං ‍රැට මොකෙක්වත් එන් නෑනේ. ඒ හින්දා මේ ටිකේම මං කලේ ඉහේ හිට මුලු වස්සන් වහගෙන බුදියා ගත් එක. දවසක් උදේ පාන්දර දෙකට විතරහිටි ගමන් ජංගමයා නාද උණා.
"අඩෝ මූසල කැනහිලා, උඹ නිදිද?" හුරු පුරුදු, පට්ට චොර වොයිස් එකක් කණ කීං ගාගෙන එහා පැත්තෙන් ඇහුණා. නොදකිං මේ හතරවරං වෙලාවට කතා කරලා මුං තව බුදිද කියලත් අහනවනේ.
 "නෑ බං මං මේ මයින කරෝලිස්ගේ වත්තට වෙලා කෙමක් කරන්න පොල් උලක තලේ පීරී ගාන ගමන්. බොගෙත් පීරී ගා ගන්න ඕනි නම් වර? බොලා දන්නවනේ මං හැමදාම මේ වෙලාවට කොරන්නේ මේක කියලා." 
 "අනේ තොගේ තලේ පීරි ගෑවිල්ල. මගේ එක මං පීරී ගා ගන්නම්. ‍තෝ හෙට වැඩක් ද?" ගයා අහපි.  වල් වනාත හීරලුවා. වෙන වෙලාවක ලොවි ගෙඩ්ඩක් ගෙනත් දැන් නෑ. හෙට වැඩද අහනවා.
 "ඔව් මචං, හෙට උදේ 9ට මීටිං එකක්, ආයේ දවල් 2ට ඩේටා ඇනලිසිස්ටන්ට් වැඩක්, ආයේ හවස 5ට ජිම් එකට හිට් කොරන්න ඕනි. ඊටත් පස්සේ රෑ 8ට ඩිනර් පාර්ටි එකක්. ඒකත් ඉවර උණාම මං පාට් ටයිම් චීන්නුන්ට පාලි උගන්නනවා."
  "අඩේ බං සිරාවට? මට හෙට පොලිස් එකේ සාරීරික පරීස්සණේකට එන්න තියනවනේ බං. බොටත් එන්න ඇහැක් නම් වරකෝ."

 "හෑක් යකෝ සාරීරික පරීස්සණේට මං එන්නේ මොකටද? බොගෙ සරීරෙනේ බලන්නේ. මං ඇවිල්ලා බොට අමුඩේ ගහලා දෙන්නයැයි. අනික මට ඒකට එන්නත් බයයි බං. බොගේ කියලා හිතලා මගේ පතිවතටවත් ඕකුන් කෙළියොත්. මං හෙණ අමාරුවෙන් මෙච්චර කල් ආරස්සා කරන් හිටපු එක."
 "අඩේ එහෙම කියන්න එපා බං. උඹ ඇවිල්ල එලියට වෙලා හි‍ටු. මට තනියම යන්න බයයි. ඕකුන් මට මොනා කරයිද දන් නෑ."
 "‍තෝත් රස්සාවක් හොයනවා කියලා හොයන්නේ විලි සංගේ නැති ලබ්බවල්මනේ. වතාවක් ගුද මාර්ගේ හංගං රත්තරං අරං ගියා කුලියාපිටියට. පොලිසියට ඒක මාට්‍ටු උණාම මාසයක් ඇවිද්දේ තුණටියෙන් නැවීගෙන. ආයෙත් වතාවක් අර කොණ්ඩ ‍රැවුල් කපන තැනකට ට්‍රේනිං ගිහින් මිනිහෙක් ඇවිල්ල යටි ‍රැවුල පොඩ්ඩක් කපන්න කිව්වාම ‍තෝ මූණේ යටි ‍රැවුල නැතුව මේ යටි බඩ හරියේ තියන ‍රැවුලක් කපන්න ගිහින් උං ‍තෝව ෆුල් ත්‍රෙඩිං කරලා එවලා තිබ්බා. හනේ ‍තෝ ඒත් මට්‍ටු උණේ නෑනේ. කමක් නෑ හෙට එන්නම්කෝ. පතිවතට කෙළ උණත් අන්තිමට බොට අන්සිනයක් වත් උණොත් ඒකවත් මදැයි මට සැනසෙන්න.උඹ එනකොට ලං වෙලා කියු."
 "අඩේ බොට යන යන තැන ලොන්තෙටම හරියන්න ඕනි." එහෙම කියලා මූ මට උගේ පැපොල් ගඳ කටින් උම්මා එකකුත් දීල තිබ්බා ෆෝං එක. අනේ ඕකගේ පතිවත හෙට දවසේ කුඩු වෙයං කියලා හිතලා මං බුදියා ගත්තා. අර කලින් වරණෙ ආපු පොලොවෙන් මතු උනු වැලේ වැල් නැති සරල ඩෑල් එකට නින්ද යනවා වගේ තමා ඉතින්. ඌත් එක්ක තරගෙට ආපු අර පොල් ‍රැවුලක් තියන සරං අඳින එකානේ මේ පාරත් අපේස්සකයා. සපෝට් එකට තමා අයියණෝ පේන්න ඉන්නේ.

 කෝම හරි උදේම නැගිටලා දත කට මැද්දා. පහු ගිය ටිකේම බුරුසුව අතට අරන් දවසම හොස්ටල් එකේ ඉන්නේ කියලා මතක් වෙලා ආයේ තියල නිකම් ඉන්නවා. අද ඒම බෑනේ. ඊට පස්සේ ගත්තා බැනියමක්. ඒක හොඳයි අර පාර අයිනේ ඇළකට දාලා මාලු ටිකක් අල්ලන්න. එච්චරකට ඒකේ හිල්. මාලු දැල වගේ. අනිත්වත් මෙහෙමද දන් නෑ. ඕනි ජිලක් පණම් අටයි කියලා ඇඳගෙන බැස්සා පාරට. නැග්ගා බස් එකකට. ගත්තා ටිකට්. කොන්දා ඉතුරු දුන් නෑ. නොදකිං වල් පර බලු කැනහිලා, ‍තෝ මැරිය.

 දැං ඉතින් යන්න තියෙන්නේ. මේම යද්දි පාර අයිනේ බිලිබෝර්ඩ් එකක තිබ්බ ඇඩ් එකක් දැකලා මගේ ඇඟ කිලි පොලා ගියා සරීරෙට සවල් වදින්න. පද්මයා අමුඩයක් ගහන් බිලි බෝර්ඩ් එකේ.  ඌ අර ඊජිප්තු පිරමිඩ වල ඉන්න කොකා පෙන්නන ඉරියව් වලින් එක එක හැඩේට ඉන්නවා ඒකේ. ඒකේ සයිඩ් එකේ ගොඩපර ක්‍රීම් එකක විස්තර යනවා. ට හුඩු. ඒක කියවන්නේ දින්නා. මුංට මේ මක් වෙලාද. අරූට විලි සංගේ කියලා එකක් නැද්ද අරෙහෙම අමුඩේ පිටිං සරීරේ ප්‍රදර්සනේ කොරන්න.
 "ඔබේ සමේ වලවල්, ආගාධ, කණිකා, උරුලෑ මෙකී නොකී සියලුම උලව් සඳහා අදම භාවිතා කරන්න ගොඩපර පුයර. 100%ක් දේසීයයි, පාවිච්චිය ඉතා පහසුයි. උදේම අවදින්වී මුහුණ සෝදා කබ කඩා, සො‍ටු සූරා මේම ගොඩපර පුයර තලියක් හොම්බේ මුලුවස්සන් ආලේප කිරීමේ සනික ප්‍රථිඵල. පට්ටම ඇම්මක් ඇත්නම් අත පයේ වුවද ගැල්විය හැක. සනිකව බොනට් එක රීකන්ඩිෂන් වේ. අතුරු ආබාද නැත." මේම කියද්දි පද්මයා මැද ඉඳන් එව්වා කොරන හැටි පෙන්නනවා. එලකිරි. උදේම මේක දැක්කා කියන්නේ පතිවත අතේ අරං ආවොත් ඒකත් ලොකුදෙයක්.
 නොදකිං. එතන ඉඳන්ම ගත්ත පද්මෙට කෝල් එකක්.එහෙං ගත්තේ ගෑණු පරාණයක්.
"ඔබ මේ පිවිසෙන්නේ 100%ක් පිවිතුරු හෙලයෙකුගේ ප්‍රොෆයිල් එකකටයි. කරුණාකර සම්පූර්ණ හෙළුවෙන් ඇමතීමට කාරුණික වන්න." අලි දුවයි අපි තැලෙයි. හත්තිලව්වේ දැන් මූට කතා කරන්න මේ බස් එකේ ඇඳුම් ගලවන්නත් ඕනිද? මූ මේ ගල්කිස්සේ ගල් අස්සේ ඉන්නවද  කොහෙද පාට් ටයිම් කරනවා කියලා. මොන විලි සංගේ නැති මිනිහද යකෝ හෙලුවෙං අමතහං කියන්නේ.
"මොකක්ද බොල ‍තෝ මේ අමුඩ ගහන් පුයර ග ගා රට වටේ යන්නේ? බොට විලි සංගේ නැද්ද? නොදකිං නව නිංගිරාව. ඒ මදිවට අර කෝල් එක ගත්තු ගෑණි මට හෙළුවෙන් කතා කරන්නලු. තොට අන්ද කයිප්පු කැවිලද දැං?" මං පටන් ගත්ත වෙලේ ඉඳන් දෙසුවා. එහා පැත්තෙන් මහා අවලං වොයිස් එකකින් කියනවා
"යහලුව සංසුං වන්න. මා තව දුරටත් ඔබ දැන සිටි එකා නොවේ. දැං මා නියම හෙළයෙකි. අප සැම හෙළුවෙන් එකිනෙකා ඇමතිය යුතුය. හෙළුවෙන් අප වැඩ සියල්ලම සිදු කළ යුතුය. මේ සිංහල අපගේ රටයි." මගේ හක්ක රිවස් උනා වැලමිට විකෙන්නම. මූට දිශ්ටියක් වත් වැටිලද? ඕක අර ‍රැට රෑට ලඳු ගානේ යද්දි මං කිව්වා. මේ පාර නම් බඩු හරි වගේ.
"බොට මක් වෙලාද හෙළුවෝ? මං මේ බොගෙ යාලුවා කතා කරන්නේ? ‍තෝ කොහෙද දැං ඉන්නේ?" "සංසුං වෙන්න, අපි මේ හෙළයන්ගේ රටේ සිටිය යුතු විදියයි මා කිව්වේ. හෙළුවෙන් කීවේ සින්හල ක්‍රමයට. නැතුව බොලාට හිතුණු අශික්ශිත වූ ආකල්පයෙන් නොවේ."

"හරි හරි මෑණියන්ගේ සාලුව, බොලා දැන් කොහෙද ඉන්නේ?" මං අහපි. "මං දැන් ස්නායු රෝග අධයනය කරමින් ඉස කුඩිච්චි බඳිනවා. දැනුත් මේ පොලු පාරක් කා පැමිණි බවලතෙක්ට හෙළු ක්‍රමය උගන්වන ගමන්." ඌ කියපි. සන්තෝ මූට සැරටම ලෙඩක්ද කොහෙද.
"හරි බං එල." මං තියපි ෆෝං එක. ඊට පස්සේ ඇස් දෙක වහන් අර බිලි බෝර්ඩ් එක පහු කරං ගියා ඉස්සරහට. ඊලඟ හෝල්ට් එකෙන් නැග්ගා තඹයයි ඩබල් ඩීයි. උන් දෙන්නා නිකම් නයි නටවන්න යනෝද කොහෙද? මෙහෙම්ම ෆෝම් කරල කැළණිය පැත්තේ යැව්වොත් නම් සුපිරි. තඹය මොකක්ද හිරමනයක් උරුක් කොරන්, ඩබල් ඩී නිලමේ කිටක් වගේ උලව්වක් ඇඳන්. මුං දෙන්නා බස් එක ඉස්සරහට ගිහින් මැද්දෑවේ හිට ගත්තා. බසයෙන් අවසරයි.අපි මෙතනට පැමිණියේ සිංදුවක් කීමටයි. මං ගිටාර් ගහනෝ මෙයා නටනෝ. තඹේ අඳුන්වලා දුන්නා. හුටා. එතකොට අර හිරමනේට කියන්නේ ගිටාර් එකද? එහෙම කියලා තඹේ ඉඳ ගත්ත ලැජ්ජාව පැත්තකින් තියලා බස් එක මැද. "මං මේ රේප් සින්දුවක් කියන්නේ. මේක කොම්පෝස් කලෙත් මං මයි." ඒක නම් මසුරං වැඩේ. දැං කාලේ හැදෙන සිංදු කොම්පෝස්ට් කරල ගස් වලට දාන්නමයි හොඳ. "මේකේ ලිව්වෙත් මමමයි. කෝඩ්ස් දැම්මෙත් මං මයි, කොටින්ම මියුසික් වීඩියෝ එකේ ඉන්නෙත් මංමයි." මේම කියලා මූ හිරමනේ ගත්තා අතට. ඊට පස්සේ ඒකේ බොක්ස් එක අනිත් පැත්ත හරවල බෙරේකට ගහනවා වගේ තට්‍ටු දදා කියන්න ගත්තා. මං හිතන්නේ ඔය ගිටාර් එක ගහන්නේ ඕම නෙවෙයි. බස් එකේ උනුත් දිව බෙල්ල වටේ ඔතන් අහං ඉන්නවා.
"රායිට් එහෙනම් පටන් ගමු." කියලා මූ කියන්න ගත්තා.
 "ටෙස්ටිං වන් ඕයේ ටෙස්ටිං වං, හා සඳ වට තරු පිබිදී යේ යේ යේ සඳ වට තරු පිබිදී හයි පිච්. නෝවේ, අනිවේ ආ යූ කිඩිං මී තරු වට කර" තඹේ තියලා දෙන ගත්ත බස් එක කුඩු වෙන්න. එතකොටම ඩබල් ඩී පැන්නා ඉසරහට අර සූට් එකක් ඇඳන්. ඒක මැදින් නවලා කැහැපට ගහ ගත්තා.
"හීව් හෝව් දැන්  ඉවත දමන දඬුව උවද දුම්බර මහ කලු ගල යට" තඹේ දිව විකාගෙන සීන් එක දෙනවා. ඩබල් ඩී පටන් ගත්තා නැ‍ටුම. අර තොවිල් වල යක්ෂාවේශ උණා වගේ. බස් එකේ එවුන් විසිලුත් ගහනවා.
"ලයන් කිං හේ කිං කොකනට් හේ, මිනිස්සු තිදෙනෙක් බූරුව පිට නැග යන්නේ කොහේ මේ. යා බූරුව ඊස් දැන් තද කොළ පාටයි මිනිස්සු තිදෙනා ලා රතු පාටයි. පෙත්තෙක් බත් කන දිහා බලා බූරුව කීදේ දන්නවද ඔහෙලා." හම්මෝ සිංදු සීන් එක ලෙසටම යනවා. ඩබල් ඩීත් නටනවා.
 "මෙයාට එලට රේප් කරන්න පුලුවන් නේද?" මට ඉස්සරහ සීට් එකේ හිටපු කෙල්ලෙක් අනිත් කෙනාට කිව්වා.
"ඔව් ඔව් එලට පුලුවන්. බොලාලත් අහල බලාල්ලකෝ. නොදකිං, වචන දන්නේ නැත්තම් කට පියන් ඉන්නෝනි." මං එහෙම කිව්වේ නෑ. හිතුවා විතරයි. උං දෙන්නා තොප්පියකට මාරු සල්ලි එකතු කරන් ඊලඟ හෝල් එකෙන් බැහැලා ගියා.

 මං ගිහිං බැස්සා අදාල ස්ථානයේ. හම්මේ සූ ගාලා සෙනග. එතනම එහා පැත්තේ සුදු සාරි ඇඳන් ගැහැණු සෙට් එකක් ඉන්නවා පේනවා. මෙවුන් සුදු සාරි ඇඳන් සුදු රෙදි වලින් ජටා බැඳන් සුදු පාට පොට්‍ටු තියන්, නිකම් ධවල කන්‍යා වගේ. මුං මේ කැ‍රැල්ලක්වත් ගහනවද? අම්ම ගහයි එලෝ එලෝ බැට් එකෙන්. පස්සේ ටිකක් ලං වෙලා බැලින් නම් එතන ලීඩ් කරන්නේ ෆර්නෑන්ඩූයි දින්නයි.
අලි දුවයි අපි තැලෙයි. මුං දෙන්නා මේ රට පෙරලන්නවත් යනවද? මගේ ඇඟ සලිත උණා. බැරි වෙලාවත් මුං පොලෝසියට මාට්‍ටු වෙලා බැටොන් පොල්ලෙන් තලද්දි අපේ නමුත් පැන්නොත් රිඹ ඉරෙනවනේ. කෝකටත් සූදානම් සරීරේ කියලා මං ලං වෙලා බැලුවා. උං සෙට් එක සුදු පාට කළ අරං ඒවට වතුර පුරවලා යන එන මිනිස්සුන්ට ඉහිනවා.
 ඒ අස්සේ "ශාන්තී ශාන්ති ඔබේ හැඟීම් ඉලිප්පේවා, කැලැත්තේවා, පොලා පැනෙවා සාන්තී." කිය කියා කියවනවා. යසට ජෙන්ටා ගහලා යන එවුන් මුන්ගේ මේ වතුරෙන් තෙමිල යන ගමන් කුණුහබ්බෙන් බැන බැන යනවා. ඒ අස්සේ ගොඩපර පුයර ගාලා මුන්ට වෙන ලෙඩක් හැදිලද කොහෙද? මං ළං වෙලා කොකම් පාද්දි මුං මාව දැක්කනේ.
"බොලා මක්කැයි මේ වෙලා තියෙන්නේ, සුදු ඇඳන් මෙතන කරන්නේ? වඩිග ප‍ටුන රීමික්ස් ද? මං අහපි.
"නෑ නෑ, අපි මේ පාද යාත්‍රාවේ යනවා."
"මොකක් අනාචාරේ?" "නෑ හිවලෝ අපේ හේමාලයා බැන්දනේ."

"හේමාලය?  අර කොරියා ගිය වයලට්ගේ මිනිහා නේද?" ඒක ඇහුණාම එතන හිටපු සෙට් එක සලිත වෙලා විලංභීත වෙලා තකහනියක් වෙලා, වඳ පීදිලා.
"එම්බා නර පණුව එතුමාට ඥං පචං කියන්න එපා හරිය. උන්නාන්සේ තමා අර මෙලොවට තිලක වූ, අම්මටසිරි වූ, පට්ටෙටම තෙල වූ, අනුන්ට කෙලියා වූ ශ්‍රේෂ්ඨ ප්‍රාණියා"
 සිරාවටම කිව්වොත් මං ලංකාවෙ නලුවංගෙන් දන්නේ දෙනවක හාමිනේ විතරයි. එතනිං මෙහා එකෙක් හිටියේ නෑ රඟපාන්න පුලුවං .මුං දැන් පෙණේ කරලා මට දෂ්ඨ කරන්න වගේ හදන්නේ.
"හරි ඉතින් බොලා ඌ බැන්දා කියලා මේ උගේ හනිමූන් එක ප්ලෑන් කරන්නද යන්නේ? නැත්තම් ඌට පාංසුකූලේ දෙන්නද යන්නේ?"
"නෑ අපි එකතු වෙලා මෙව්වා එකක් හදා ගත්තා. දැන් අපි සිංහල කුරුමේ පොරවල්. අපි මේම අනාචාරේ පාද යාත්‍රාවේ ගිහින් එතුමාගේ දෙපා ගාව පාත පාත්‍රිකාවන් වෙලා කොන්ඩේ බූ ගාලා ජිවිතේ ඉතිරිය ධර්ම රාජ්ජයක් උදෙසා ගෙවනවා. මා තනි වී නෑ, දින්නාත් මා සමඟයි." මේම කියලා එහා පැත්තේ හිටපු දින්නාව පෙන්නපි. මට උං හිටි තැං අහිමි වෙන්න ගියා. මොන බිබික්කමක්ද මේ?" මං උංගෙත් වතුර පාරකුත් කාලා "තැන්ක් යූ" කියලා එතනින් තුනීයට ෂේප් උණා. පද්මයට කියන්න ඕනි මුංට ඉසකුඩිච්චි දාන්න කියලා වෙලවක.

   මං යනකොටත් ගයා එතන.
"අඩෝ හයි වේ එකේ බං ආවේ. අම්මපල්ලා එහෙම සැපක්. බොලේ ඒක මරු ඉස්පීඩ්නේ බං. ගාල්ලට වැටෙන්න නම් කෙල ගහන්න ඕනි කොට්ටාවෙදි. පාරේ ඉන්න බල්ලනේ නැට්ට ඉස්ටිකර් වෙන්නම එනවා නෙහ්. අන්න බලපං රජාණෝගේ වැඩ."  හනේ ඉතිං මුංටත් ගල් බනිස් කකා ඉඳලා වියන්රෝලක් දුන්නාම ඊට එහා දෙයක් නෑ.
"වර යන්න බොගේ ලබ්බේ පරීක්සනේට, වල් උලමා." මං මූවත් ඇදගෙන ගියා. තැනට. සූ ගාලා සෙනග.
"සරීර පරීස්සණේට ආපු සෙට් එක ගල් සෝටක් ඇඳන් වහාම පිට්ටනියේ දෙපසට වාර්තා කරන්න. සෝට් නැති එවුන් අමුඩ පිටිං ඉදිරිපත් වීමෙන් වළකින්න. එය අසෝබනය." යකඩ කටිං කිව්වා. ගයා ඌ ගෙනාපු සේරම රෙදි ලැජාව පැත්තකින් තියලා ගලෝල බැස්සා ගල් සෝටට.ඒක රෝස පාට මල් මල් සෝටක්. "අඩෝ දුවන්න තියන හින්දා කො‍ටුවෙන් අද උදේ 500ක් දීල ගත්තේ මේ ත්‍රිකෝණේ. ආයේ මේම දාල්;ආ ගැටේ ගැහුවාම පුල් පිට්." ඒම කියලා මූ එතන නටන්න ගත්තා. බෙල්ල නවනවා, අත් උස්සනවා, අත පය අඹරනවා, ඩිෆ් ගහනවා, කකුල් හපනවා, බෙල්ල තලනවා, ජොයින්ට් විකනවා. අන්තිමට කුණුහබ්බෙකුත් කියනවා.
"මොකද බොලා ඔය ‍තෝ කොරන්නේ?" මං අහපි.
"වෝම් අප් කරනවා."
"මොක?"
"වෝම් අප් බං වෝම් අප්. කෝමද මගෙ ජඩේ?"
"අනේ බොගෙ කෙහුර, ඔච්චර නහින්න එප ඔය  කොරන හැටියට තව ටිකකින් උඹ දිව දොට්ට දාගෙන හාංසි. මටයි දුවන්න වෙන්නේ." ඒ ගමං මුගේ සමයං අඩු උණා.
"මාත් ඇඳන් ගිය ඩෙනිම කැහැපට ගහගෙන වතුර බාල්දි දෙකක් විතර සෙට් කරගේන හිටියා මූට නෙළන්න. ඊට පස්සේ මුං සේරමන්ලව ඉරකට ගෙනල්ලා කුණුහබ්බෙන් බැන බැන පේලි හැදුවා.
"සැරසේන් එලවේන් ඩෝං කියනකොට දුවන්න ඕනි. ඊට කලින් එකෙක් පනින්න බෑ ඉස්සරහට. පැන්නොත් තොපි සේරොමන්ලව හිටෝලා ගහනවා සුළු දිය පහ වෙන්න ගොං වාසුදේව හැත්ත." එතන හිටපු ඩෑල් එකක් එහෙම කිව්වා. හනේ ලිස්සලා හරි ගයා ටිකක් ඉස්සරහ පැනියං කියලා මට හිතුණා.
සැරසේන් වේං කිව්වා විතරයි ඩෝං ගාල සද්දයක් ආවා.
"වෙඩි තිබ්බා. දුවපාං." මට එහා පැත්තේ හිටපු එකෙක් බෙරිහං දුන්නා. මාත් අර වතුර බාල්දි දෙක අරං පණ එපෝ කියලා දුවන්න ගත්තා. එතන හිටපු හයේ හතරේ ඩෑල් එකක් මාව අල්ල ගත්තා.
"කොහෙද මීමෝ ‍තෝ පණ කඩාගෙන දුවන්නේ?"
"අම්මටසිරි  බුදු අය්යේ වෙඩි තිබ්බා නේද? " මං අහපි.
"වෙඩි තිබ්බේ දුවන්න මයිනෝ."මූ බලු කුණුහබ්බයක් කියපි.
"ඔව් ඉතින් ඒක තමා මං දිව්වේ. කීදෙනෙක්ට ගොක් කොළ හරිද?"
"තොට දුවන්න නෙව්යි බං, දුවන එවුන්ට දුවන්න වෙඩි තිබ්බේ." ආයේ බලු කුණුහබ්බයක්. ඕක වෙඩි තියන්න ඕනියැයි. සෑසේන් එලවේන් දුවපාන් කිව්වා නම් හරිනේ.
"මල්ලි දුවනවා නම් ඔහොම්ම දුවපාන් ඉස්සරහට. අර සීපෙට්කෝ එකේ පන්දමක් අරන් හෙලුවෙන් දුවන ලාංඡනේට ගන්න උංගේ සම්මුඛ පරීස්සනේ අද. බොලාටත් ගියෑකි." ඌ කියාපි.
මං නම් ගියේ නෑ. ඒකේ ඉන්නේ මං නෙවෙයි හොඳේ.

Friday, October 5, 2018

මතට තිනර්.

සංකර ආඩපාලි බසකින් කතාවක් කියන්නට ඇති කැමැත්ත නිසාම මෙවර පෝස්‍ටුව විනීතව සිස්ටසම්පන්නව කීමට අදහස් කළෙමි.
                                                මා 6 ශ්‍රේණියේ සිට උසස් පෙල දක්වා අකුරු කළ පාසලේ කොල්ලන්ගේ දඟකම්, කොලුකම්, වල්කම් සහ කෙල්ලන්ගේ නසරාණි කම් මැද්දෑවේ ගත කල කාලය ලල් සහගත සිදුවීම් වලින් ගහණය. සිසුන්ගේ හැටි දන්නා නිසාම එකල පාසලේ විනය භාරව සිටි ගුරුවරුන් සහ ගුරුවරියන් කිහිප දෙනා අතිශය දරදඬු පාලනයක් පාසල් භූමිය තුල පවත්වා ගැනීමට වෙහෙස ගත්හ. බොහෝ ශිෂ්‍යන්ද මෙම ගුරුවරුන්ගේ බහට අවනත වූ අතර නමුත් අවසර ලද සෑම විටම කුමක් හෝ බුලක් ඇදීමට වෙහෙසුණහ. ප්‍රතිඵල ඉතා භයානක බව දැන දැනම මෙලෙස අංචි ඇදීම සිදු කලමුත් ගුරුවරුන් සමග ඇති ගරුත්වය එලෙසම පවත්වා ගැනීමට සිසුන් සමත්විය.

                  එකල පාසලේ විනය මණ්ඩලයේ ප්‍රධාන ආචාර්ය වරිය ලෙස කටයුතු කළ ගුරුතුමිය ශිෂ්‍යන්ට මවක් සේම කටයුතු කළ අතර සිසුන්ගේ බොහෝ ප්‍රශ්න වලදී ඔවුන් වෙනුවෙන් නොපැකිලිව පෙනී සිටි අතර එලෙසම වැ‍රැදි වලදී නොපැකිල දඬුවම් පැමිණවීය.
 වරක් අප පාසල අසළින් ගිය වෙනත් කොහේදෝ පාසලක සිසුන් කිහිප දෙනෙක්ගේද කොණ්ඩ ‍රැවුල් කප්පවා, කමීස හරි ගස්සවා, කලිසම් උස්සවා නිල ඇඳුම සකස් කිරීමට මේ ගුරුතුමිය කටයුතු කළ අතර ඔවුන් වෙනත් පාසලක අයවලුන් බව ආරංචි වූයේ එම පාසලේ විදුහල්පති, නසරාණි කොලු ‍රැළක් ආණ්ඩු මට්‍ටු කිරීමට දුන් සහයට ස්තුතිය පල කිරීමට අප පාසල ඇමතූ විටයි. පසු කලයකදී මෙම ගුරුතුමිය විශ්‍රාම ගන්නා විට පාසලේ බොහෝ දෙනෙකු කඳුලු සැලූ බව නොරහසකි. ඉන් ගුරු මඬුල්ලට ඇති වූ ඌණපූර්නය පිරවීමට සමත් ගුරුතුමියක් මෙතුවක් කල් නැවත පාසලට බිහි නොවූ බව මගේ හැඟීමයි.

 මේ කතාවට වස්තු බීජය වන්නේ එලෙස අඩුව පිරවීමට පොර වැඩ කිරීමට ගිය වෙනත් ගුරු මහත්මියකි. විනය භාර ගුරුතුමියගේ නික්ම යාමෙන් අනතුරුව වාර දෙකකට පමණ පසුව පාසලට අලුත් ගුරුතුමියක් පැමිණියාය. ඇය පැමිණියා කියනවාට වඩා අහසින් පොළවට බැස්සා යන්න යෙදීම වඩා උචිතය. ඇගේ ‍රැස් කෝමත් වැඩිය. අමුතු ගැම්මක් සහිතව එහෙ මෙහෙ සක්මන් කරමින් කොල්ලන්ට කෙල්ලන්ට පාට් දැමීමට රුසියෙකි. ඇය දු‍ටු විගස මට මතක් වූයේ හැරි පොටර් කතාවේ මහා කාලකණ්ණි සමයක හොග්වෝට්ස් වලට කඩා වදින Dolores Umbridgeය.

                       කල් ගත වෙද්දී ඇය මේ කොහේදෝ නගරයක බාලිකා විද්‍යාලයක උප විදුහල්පතිනිය ව කටයුතු කළ බවත් බාලිකාවන්ට දැමූ පාට් අපිටද දමන්නට සැරසෙන බවත් කණින් කොණින් ඇහෙන්නට විය. නික්ම ගිය ගුරුතුමී මෙන් සිසුන් සමග සුහදත්වයක් කිසිසේත්ම මැය ප්‍රකට නොකළ අතර කාර්‍ය මණ්ඩලයේ ගුරුවරුන්ටද මැඩම් පාට් දමන්නට ගොස් ඇණ ගත් කේස් ඉහළින් වාර්තා විය.

 බාලිකාවක සිටි කෙල්ලන්ට දැමූ පාට් අපිට දාන්න සෑදීම අපිට කිසිසේත්ම ඇහින් කා බලන් ඉන්නට නම් බැරි විය. කෙමෙන් කෙමෙන් අප හඳුන් පෙත් කීං ගන්නට වූ මේ සිද්දිය රිටන් එකක් දෙන තරමට වර්ධනය වූයේ කාල පරිච්ඡේද දෙකක් අතර හමු වන කුඩා විවේකයෙහි අපි එලියට යාම තහනම් කිරීමට මේ උත්තමාවිය සැරසුණු නිසාය. එසේ ආතල් එකේ තම කාලය කොරිඩෝවක හිඳිමින් ගත කල කොල්ලන් දෙදෙනෙකුට බැණ වැදීම ඇය ප්‍රසිද්ධියේම ගේම ඉල්ලන බව දැක්වෙන පැහැදිලි සාධකයක් විය.

                               එවකට අපි 12 වන වසරෙහි විද්‍යා අංශයේ කොලුවන් වීමු. 13 වසරේ විද්‍යා අංශයේ අයියලාටද මෙම උත්තමාවියගේ ‍රැස් බැලීමට සිදු වීමෙන් ඔවුන්ද කුපිත වී තිබූ අතර එහි ප්‍රථිඵල ලෙස ඔවුන් තරමක දරුණු රිටන් එකක් ලබා දෙනු ලැබීය. සදාචාරාත්මක හේතූන් මත එය මෙහි සඳහන් කිරීමට නොහැකි බව පවසන අතර නමුදු එයින් පසු මැය කිසිම දිනක 13 වසරට කිසිදු ලෙස සම්භාදක නොදැමූ බව මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. එයින් වූයේ අපිද තරමක් වයින් වීමය. 13 වසර ආශ්‍රිත සිද්ධියෙන් පසු ඇය විද්‍යා අංශයට හොස්ස පෙවීම මදක් අඩු කර තිබුණි. රිටන් එකක ආසාවෙන් පෙලුණු අපිට මෙය මහත් මදි කමක් විය. නමුත් එයට අවශය අවස්ථාව අපට ලැබුනේ නිතැතින්මය.
 එකල පංතියේ කිසිදු ගුරුවරයෙක් නැති විටක අපේ එකම කාර්‍ය වූයේ බජව් දැමීමයි. ඒ සඳහා වෙනම ටූල් කිට් එකක් අපිම සාදාගෙන සිටියෙමු. ඒ අතරට වීදුරු බෝතල් 4-5ක්, යකඩ තහඩු කිහිපයක්, ස්ටික් කිහිපයක් සහ තට්‍ටුවක් දැමූ විට පට්ට බේස් සහිත හඬ පිට වන ඩෙස්ක් දෙක තුනක් විය. අප සිටි ගොඩනැගිල්ල එක පිහිටා ඇත්තේ මැද මිදුලක එක් අන්තයක වූ අතර අපට අමතරව 6 සහ 7 වන ශ්‍රේණිද නුදුරින් පිහිටා තිබිණි. උසස් පෙල විද්‍යාගාරය සහ අපේ පන්ති හැරුණු විට තිබුණු එකම ගොඩනැගිල්ල වූයේ 6 සහ 7 වසරවල් පැවැත්වෙන ගොඩනැගිල්ල පමණි. පාසලේ අනිත් ශ්‍රේණි පැවැත්වෙන ගොඩනැගිලි බහුතරය මැද මිදුලේ අනෙක් අන්තයේ පිහිටා තිබූ අතර එම නිසා සැම විටම එහෙ මෙහෙ යන ගුරුවරුන්ගෙන් මැද මිදුල ගහණ විය. මේ නිසා අප බජව්ව දමන විට එය කණ වැකුණු ගුරුවරයෙක් ඉඳ හිට පංති කාමරයට පැමිණ සුන්දර වූ භාසාවෙන් දෙකක් තෙපලා යාම සාමාන්‍ය සිදුවීමක් විය.
                  නමුත් අප එය නවත්තන්නේ නැති බව ඔවුන් හොඳාකාරවම දන්නා අතර ඔවුන් අපට සැර වැර කිරීම් ද නොනවත්වන බව අප දැන සිටියෙමු. මෙසේ එකිනෙකා අතර අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව මෙම බජව්ව අප චිරාත් කාලයක සිට පවත්වාගෙන ගිය අතර දැන් ඒ චිරාගත සම්ප්‍රදාය මල්ලිලා නවත්වා ඇති බැව් අසන්නට ලැබීම ද කණගා‍ටුවට කරුණකි. මෙසේ බජව්ව දමන විට මැද මිදුලේ එහෙ මෙහෙ යන ගුරුවරයෙකු දු‍ටු විට ඔහුට හෝ ඇයට අදාල පටබැඳි නාමයක් සහිත සිංදුවක් කීම අප පුරුද්දක් කරගෙන සිටියෙමු.

  ඉතිහාසය ඉගැන්වූ අමරේ සර් යන විට "ඇයි බඹරෝ" ගීය අපි බේස් සහිතව ගැයුවේ අමරේ සර්ට බඹරා කියා නමක් පට බැඳී නැති නිසා බව මෙහි සටහන් කළ යුතුය. ඉහේ එකදු කෙස් ගහක් නැති සුනිල් සර් අහලකින් යන්නේ නම් "සඳේ ඔබ ඇයිද මේ යාමේ මිදුල කරා ඇදුනේ" යන ගීතය ෆුල් පිච් එකෙන් ගායනා කිරීම අතර කිසිදු සම්බන්ධයක් ඔබ නොදැකිය යුතුය. ඉඳ හිටක ගැයෙන "මන බැන්දු හද ‍රැන්දු අද‍රැති සුර ලන්දු" ගීතය සහ පාසලට අලුතෙන්ම පත්වී එන තරුණ ගුරුවරියන් අතර ඇති සම්බන්ධයක් ගැන ඔබ වියවුලක් ඇති කර නොගත යුතුය.
 මෙලෙස කීර්තිමත් ඉතිහාසයක් සහිත බජව් සංස්කෘතිය නතර කිරීම ගැන යම් තරමක අවුලක්ද අපට ඇත. කෙසේ නමුදු අපේ මේ චිරාගත බජව්වත් සමග අලුතෙන් ආ උත්තමාවියට සෑහෙන අවුලක් ඇති බව දැන ගැනීමට ලැබීම සෑහෙන තරමේ ප්‍රීතියක් දනවන්නක් විය. ඇය කලින් සිටි පාසලේ බාලිකාවන්ට මොන බජව් ද? වරක් දෙවරක් එහෙන් මෙහෙන් හොට දමා තර්ජනය කර යෑම ඇය නිතර සිදු කලද ඒවා ඉතින් හඳේය. හොඳම වැඩේ වූයේ අප 12 වසර අවසන් කිරීමට ඔන්න මෙන්න සිටියදීය.

                 එදින කුමක් හෝ වාසනාවකට එක් කාලච්ඡේදයක් නිදහස් විය. සිරිත් පරිදි බල්ටි දෙකක් ගසා ටූල් කිට් ‍රැගෙන අප මියුරු සරින් ගී ගැයීම අරඹමු.එක එක සංගීත භාණ්ඩ වලට අදාලව විශේෂීව සිටියේ එක එක අයය.  බෝතල් වලට කාසි වලින් ගැසීම බාරව හිටියේ අටපාන් ය. මේක මාර නමක් යැයි ඔබට සිතීම අතිශය සාධාරණය. මූ ඉස්සර හැමදාම පාසලට අරන් ආවේ පාන් පෙති හතරකි. ඒ නිසා මුලදී මේකාට සතර පාන් ලෙස නම් පට බැන්දෙමු. නමුත් පසු කාලීනව විකීමට පහසු වන ලෙස මූ පාන් පෙති හතර තවත් කැබලි අටකට කපාගෙන ආවේය. එදා සිට සතරපාන් අටපාන් විය.
 කලින් පෝස්‍ටුවක මා සමග කණ්ඩායම් ප්‍රොජෙට්‍ටුවට තණ පිඩැලි බැලීමට ගිය කොට්ටෝරුවා සතුව හොඳම බේස් එක සහිත ඩෙස්ක් එක ඇත. ඩොල්බි ඩිජිටල් පරාදය. සෙබා මෙලෝ භාණ්ඩයක් වාදනය කිරීමට උස නැත. ඒ නිසා මේකා සරඹ සංදර්ශනයක් වැනි යමක් කිරීමට ඉදිරි පෙලක අසුන් ගන්වා ඇත. තහඩු වලට තට්‍ටු දැමීම හැන්ඩ්ල් ගෙනි. මේකා ඉන්නේ බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිල්ලාක් මෙන් ඕල්වේස් ගේමෙනි. වෝකල් විකියාගෙනි. අපි බැක්ග්‍රවුන්ඩ් එකෙ හිඳිමින් ඉහත ඇති හැම අටමගලම කළෙමු.

 නූතන ගායනයේ තීර්ථ යාත්‍රිකයා වූ කසුන් කල්හාරගේ පටන් හද්ද ගොබ්බ මරි මූසල බස් සින්දු දක්වා වූ සියලු ගීත අපගේ බෑන්ඩ් වපසරියට නතුවේ. ඉඳ හිට ‍රැපක්ද කියූ අතර එය මෙලෝ මළ යකෙකුට නොතේරෙන බව සක් සුදක් සේ පැහැදිලිය.
එක් දිනක් මේසේ යව්වනයේ පොපියන චමත්කාරය බජව්වකින් විඳිමින් සිටින අතර අලුත් මැඩම් ඇයගේ හෝ අපගේ කරුමයකට අප පංති කාමරය අසළින් ගමන් කරන බව අපට පෙනී ගියේය. මෙය නම් මග හැරිය හැරිය නොහැකි චාන්ස් එකකි. හිටි හැටියේම ජනේලයෙන් එලියට බෙල්ල දැමූ අපේ සගයෙක් "චන්දන ඇල්ලෙන් නාලා" යැයි කෑගැසීය. මෙලෙස කෑ ගැසූ සගයාගේ අනන්‍යතාවය අදටද අභිරහසකි. අනෙකුත් අය එක් වී මොහුගේ බො‍ටුව ජනේලයෙන් එතුලට ඇද නො ගත්තේ නම් මොහු තව පට්ට පතරංගයක් කීමට ඉඩ තිබුණි. කෙසේ නමුදු හොඳට හෝ නරකට මෙම චන්දන නම් වූ චරිතය ඇල්ලකින් නෑ විත්තිය මැඩම්ගේ කණ වැකී තිබිණි.

 අම්ම ගසන්නේ බැට් එකෙනි. මැඩම්ගේ ඇස් රතු විණි. කණ් ඇඹරුණි. සහළවා දහඩියද දැමීය. පිට මැදින් වැටී තිබූ සාරි පටද අඹරවා ගත් ඇය ලහි ලහියේ අප පංති කාමරයට ඇදුණි. පිදුරංගල සිට සීගිරියට මොකක්දෝ අවයවයක් පෙන්වූවන් සේ අපිද බලා සිටියෙමු. ඇය පංතියට එන්ටර් වීමට පෙර සිට අපිද වෙන වැඩ කරමින් සිටි බව ඇඟවීමට එක එකා එක් එක් වැඩ ලහි ලහියේම ඇරඹුවෙමු.
 අටපාන් ලයින් එකේ තම අත තිබූ බෝතලය ඩෙස්ක් එක යටින් තියා අත් දෙකින්ම එය සඟවා ගත්තේය. සෙබා කොහේදෝ සිට සොයා ගත් පොතක් මේසය උඩ තබා කියවන්නට ට්‍රයි කලේය. කරුමෙට එය කඩ්ඩ පොතකි. අපේ පංතියක හදිසියට ලබා ගත හැක්කේ කඩ්ඩ පොත් පමණි. ඒවා සුලබව ඩෙස් තුළින් සොයා ගත හැක. ගයා කොහෙන්දෝ සොයා ගත් වතුර බෝතලයක් ගෙන එය බොන්නට ගත්තේය. කොට්ටෝරුවා මේසය උඩ බුදිය. විකියා එහා පැත්තෙන් වූ ගැහැණු ලමයෙකුගේ භෞතික විද්‍යාව පොතක් අනිත් පැත්ත හරවා බලන්නට ගත්තේය. මූට පොතේ පැත්ත වැරදි යැයි ක්ලික් උණේ සෑහෙන වේලා ගියාට පසුවය. ප්‍රිෆෙට්‍ටුවෙකු වූ ඇලන් සාවධානව ඌට එහා පැත්තේ සිටි හැන්ඩ්ල්ට කාබනික රසායනයේ මූලික සංකල්ප පහදන්නට විය. හැන්ඩ්ල් ද "හ්ම් හ්ම්" කියමින් අසාගෙන සිටිය අතර, ඉඳලා හිටලා "ඒක ඇත්ත මචෝ" කීවේය.
        මම ද කරන්නට දෙයක් සෙවූ නමුදු මෙලෝ දෙයක් සෙට් උණේ නැත. බොක්ක පුරා ඔඩු දුවන හදිසිය පසෙක තබා මමද සටහන් පොතක් අතට ගතිමි. කෙළලා එන්නේ දැන්ය. පොතක් සහ පෑනක් තිබ්බට ලියන්නට මෙලෝ මළ දානයක් නැත. අවසානයේ ලියවුනේ පුරුදු එකමය. "ආවාට තිබුණත් නිසසල හද මත කඳුලින් තෙමනු එපා. ඔබේ නිදොස් බව ලොවට කියන්නම්, මට දොස් නගනු එපා." එලකිරිය. දැන් පංතිය සාන්දය, දාන්තය, දැහැමිය, නිශාචරය, මූසලය, අත්තනෝමතිකය.

             එතකොටම ඕන්න මැඩම් පංතියට සැපත් විය. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තය. පංතියට එන්ටර් වූ සැණින් ෆුල් හින්දුස්ථානී ටිලිං බැල්මක් පන්ති කාමරය සිසාරා හෙළූ ඇය අවසානයේ නැවතුනේ ඇලන් අසළය. ඔහු ප්‍රිෆෙට්‍ටුවෙක් නිසා බොහෝ විට පන්තියේ සිදු වන අවැඩ ආදියෙහි සාක්කිකරු වූයේ ඔහුය. අපේ පංතියේ පුරුෂ ප්‍රිෆෙට්‍ටුවන් දෙදෙනෙකි. එකෙක් මා කියූ ඇලන් ය. අනිකා බගා ය. බගා ඉස්සර නම් ටිකක් විතර හොඳය. මූගේ අලුගුත්තේරු වැඩ පටන් ගත්තේ ඌ ප්‍රිෆා ඌවාට පසුවය.
            උදේ ‍රැස්වීමකදී භාවනා කරන වේලාවේදීද වැඳගෙන සිටි නියෝජය විදුහල්පතිට ගලක් ගසා හොඳ සිහියට ගත් බගා හදිසි වැටලීම් වලදී අපිට කලින් දැනුම් දී කොල්ලන්ගේ හොර භාණ්ඩ ලෙස ගණන් ගැනෙන පෙන් ඩ්‍රයිව් ෂොපිං බෑග් වල දමා මල් පාත්ති අස්සේ වල දැමීය. ඌ අද පාසල් පැමිණ නැත. ආවා නම් තව ආතල්ය.
   නැවත කතාවට එන්ටර් වුවහොත්, කෙසේ නමුදු ඇලන්ගෙන් විමසන සාක්ෂි අර හොරාගේ අම්මගෙන් පේන බැලීමක් වැනිය. මෙම සාක්ෂි විමසීමෙන් පසු පන්තිය තුළ ශබ්ද නගා සිංදු කීම ගැන තර්ජන කිහිපයක් මැය සිදු කළාය.අවසානයේ ඇය ඇලන්ගෙන්  "තමුසෙලාට සදාචාරයක් නැද්ද මෙහෙම පංතියට වෙලා කෑගහන්න?" යැයි විමසීය. ගත් කටටම ඇලන්ගේ පිළිතුර වූයේ "නෑ මිස්" යන්නයි. කණ් දෙකට ඇසුණු දේ අදහා ගන්නට නොහැකි ලෙස ඇස් ලොකු කර ගත් ඇයට අදහා ගන්නට බැරි වූයේ මෙතරම් බල පරාක්‍රමයක් විදුහලේ පැතිරවූ තමන්ට නිකම්ම නිකම් මිස් ලෙස මේ නොසණ්ඩාල කොලුවා ඇමතීමද නැතහොත් මුංට සදාචාරයක් නැත ලෙස පිළිතුරු දුන් නිසාද යන්න මට තවමත් ගැටළුවකි. මහ දවල් අවතාරයක් දු‍ටු ලෙසින් ඇස් දෙක දඩාර සයිස් කර ගත් ඇය නැවතත් "තමුසෙලාට සදාචාරයක් නැද්ද?" යැයි විමසූයේ රීඩයල් කර නැවත යහපත් ප්‍රතිචාරයක් ලබා ගැනීමට විය හැක. නැවතත් ඇලන්ගේ ක්ෂණික පිළිතුර වූයේ "නෑ මිස්" යන්නයි.

       මෙම අනපේක්ශිත පිළිතුර ඇසීමෙන් සහ මැඩම්ගේ වික්ෂිප්ත මුහුණ දෙස බලා සිටි අපට බොක්ක සිසාරා හද පතුලෙන්ම පට්ට සිනහවක් නැගීගෙන ආවේය. මුලින්ම සිනහ ගියේ අටපාන් ටය. එවිටම ඔහු විසින් මේසය යට සිර කරන් සිටි වීදුරු බෝතලය බිම වැටිණි. හොඳ වෙලාවට එය බිඳුණේ නැත. "ස්ලාං" ශබ්දය ඇති කරමින් එය ගුරුවරියගේ දෙපා මුලට පෙරළී ගියේය. පංතියේ තීන්ත ආලේප කිරීමට යොදා ගත් හිස් තිනර් බෝතලයක් වූ එය කිරි කිරි ශබ්ද නංවමින් ගොස් අවසානයේ නැවතුනේ ඇයගේ දෙපා මුලයි. ආතල් සිද්දිය වූයේ මුලු පංතියම මීයට පිම්බාක් මෙන් මෙලෝ සද්දයක් නැති වෙලාවක වීදුරු බෝතලයේ කිරි කිරි සද්දය ඇසීමයි. මින් පසු පංතියේ තැන තැන සිනා හඬවල් නැගෙන්නට විය.
 මා අසල වතුර බොමින් සිටි ගයාට බකස් ගා හිනා ගියේය. කරුමෙට ඌ බොමින් සිටි වතුර එක ඉස්මොල්ලේ ගිය අතර ඉස්මොල්ලේ ගිය වතුර සිනහවත් සමග නහයෙන් එලියට විද්දේය. ඔබත් මෙය අත් හදා බලන්න. නමුත් සයිඩ් එෆෙක්ට් ලෙස නාසයේ දැවිල්ල සහ කැස්සක් ඇතිවිය හැක. ඉන් පසු ගයා ඉස්මොල්ලේ ගිය වතුරට හරි යන්න  මහ හයියෙන් කහින්නට පටන් ගත්තේය. ඒ අසළම උන් මා ආතල් එකටත් එක්ක ඌගෙ පිටට කිහිපවිටක් තඩි බෑවෙමි.
 මේ අතර මිස් බිමට පාත් වී තිනර් බෝතලය ඇහිඳ ගත්තාය. ඉන් පසු ඔරවා ගත් දෙනෙතින් යුතුව අප දෙස බලා හිඳින්නට විය.

එක් පසෙකින් තිනර් බෝතලය අතින් ගත් නහුතෙට රොස් වූ මිස් ය. අනික් පසින් නිස්කාන්සුව හිටං ඉන්නා ඇලන්ය. එක් පසෙකින් සාරි පොට කොහු ලණුවක් මෙන් හති අතේ අඹරවන මිස්ය. අනෙක් පස වතුර ඉස්මොල්ලේ ගොස් ඇස් උඩ දාන් දඟලන ගයාය. එක් පසක රත් වූ ඇස් ලොකු කරන් වැලමිට රිවස් වූ මැඩම් ය. අනෙක් පස උඩ පැන පැන ගයාගේ පිටට නෙළන මාය.
"තමුසෙලා පංති අස්සට වෙලා කරන්නේ මෙව්වා නේද?" කියා ඇය තිනර් බෝතලය අපිටම පෙන්නමින් ගර්ජනා කරන්නීය.
ඇත්තටම මිස් එවෙලේ කිව්ව උලව්ව මට ක්ලික් උණේ නැත. හිස් තිනර් බෝතලයක් සමඟ  කාමරයක් අස්සට වී කරන්නට දෙයක් විලි සංගයක් ඇති මනුස්සෙක්ට නම් ඇත්තේම නැත.
"තමුසෙලා පන්ති අස්සට වෙලා මෙව්වා ගෙනල්ල තියාගෙන බොනවා නේද?" මිස් නැවත ගර්ජනා කරයි.

 මිස් අහන්නේද ඇඳිවත ලිහෙන ප්‍රශ්නය. පවුල් ප්‍රශ්න ඇති අයෙක් මිස සිහි බුද්දියක් ඇති මෙලෝ මිනිහෙක් නොබොන දෙයකි තිනර්. වැඩේ සෙට් වෙන්නේ දැන් ය. මිස් තිනර් බෝතලය ගල් බෝතලයක් හෝ පොල් බෝතලයක් සමග පටලවාගෙනය. අපි නම් බල්ලන්ට ගසන ගල් මිස වෙන ගල් බෝතල් හෝ දෙයියන්ට ගසන පොල් මිස වෙන පොල් බෝතල් එකල නොදැන සිටියෙමු.
ෂුවර් එකට මිස් කලින් වැඩ කල බාලිකාවේ අයෙක් තිනර් බී මාට්‍ටු වන්නට ඇත. කෝමත් බාලිකාවෝ ගල්,පොල් හෝ තිනර් දන්නේ නැත. දැන් ඉන්නා අය දන්නවාදැයි මම දන්නේද නැත. කෝම හරි දැන් වැඩේ හුට පරිඥය. මිස් පට්ටෙට දිරච්ච ලණුවක් කා තිබේ. මීට වඩා සතුටක් වෙන කොයින්ද?

දැන් නඩුව විභාග වෙයි. මුල්ම ප්‍රශ්නය අටයාටය.
"තමුසෙට කොයින්ද මේ බෝතලේ?"  අටයාට කෝමත් මෙලොව සිහියක් නැත. ඌ උඩ බිම බලන්නට ගත්තේය. ඊලඟ ප්‍රශ්නය ඌ ගාව සිටි මටය.
"තමුන්ට කොහෙන්ද මේ බෝතලේ?"
"ඔන්න ඔහේ තිබ්බ මිස්" හද්දා අමාරුවෙන් වචන දෙකක් ගලපා කියා ගත්තෙමි. උණ්ඩුක පුච්ඡයේ සිට බොක්ක සිසාරා කලඹන සිනහවක් ඇදී එයි. නමුත් සිනාසී බැරිය. ටොපිය කෙසේ හෝ දී ගත යුතුය.
 තවත් දෙතුන් දෙනෙක්ගෙන්ම මේ ප්‍රශ්නයම ඇසූ නමුදු සියලු දෙනාම මෙම බෝතලය ඔන්න ඔහේ සිට ලැබුණු බව පැවසූහ. දැන් ඉතින් මිස්ට ජය මඟුල් ය. උසස් පෙල පංතියක් බුලක් කෙළ තිබේ. මොවුන් පානයට නුසුදුසු පාන පංතිකාමරයට ගෙනවිත් ඒවා අමුවෙන් පානය කරන අතර, එව්වා බී තෙල වැඩි වී සිංදුද කියති. අවසානයේ අසික්කිත වූ මෙම කොලුවන් වයසද තරාතිරමද නොබලා තමන්ටද කෙළින්නට ඇවිත්ය. අර මොකාද කුරුල්ලෙක් ගස් වලට කොටා අවසානයේ කෙසෙල් මුවට කෙටූ හැඟීමක් මිස්ටද ඇති වෙන්නට ඇත.

  ගයා තවම කහී. මම තවම ඌගේ පිටට කෙලිමි. ඇලනා තවම නැගිටගෙනය.අටයාට තවම නිනව් නැත. සෙබා ඉන්ග්‍රීසි පොත කියවීම අත් හැර දමා ඇත. හැන්ඩ්ලා තවම "හ්ම්" කියමින් "ඔව් මචං" කියයි. ඇලන් නැගිට ඇති බවක් වත් ඌට නිනව් නැත.
 ඒ අස්සේ මිස්ට ජය මඟුල් ය.
"මම මේක ඉහලටම අරන් යනවා" කියූ ඇය බෝතලයද ‍රැගෙන සාරි පොටද අඹරවාගෙන එලියටම ගියාය. අප සිටියේ තනි මහලක් සහිත ශාලාවකය. තව උඩට යන්න නම් පලංචි බැඳිය යුතුය. ඒකට දෙකේ දෙකේ පොලු අවශ්‍යය.අපි මිස් දෙකේ දෙකේ පොලු ‍රැගෙන එනතෙක් ‍රැකගෙන සිටියෙමු. එවිටම හුස්ම හිර වූවෙක්ගෙ හඬක් ඇසිණි.
 "බොල වල් වානරයො ‍තෝ පිටට ගැහුවා මදැයි. තව ටිකෙන් මං මැරෙන්නේ වතුර හිර වෙලා නෙවෙයි තොගේ ඔය අලුගුත්තේරු පාරක් නරක තැනකට වැදිලා." ගයා හිටි හැටියේ මොනාදෝ කියවන් යන ලදී. පිටේ ඇති නරක තැන් ඌගෙන් පසුවට අසා ගත යුතුය. කෙසේ හෝ මා ඒ වන තෙක්ම ඌට තලා ඇත. එවන් චාන්ස් සෙට් වෙන්නේ කලාතුරකිනි. එබැවින් එවැනි අගනා අවස්තා මිස් කර ගැනීමට මා කිසිසේත්ම කැමති නැත.

දැන් ඉතින් අනිවා අර උත්තමාවෝ අංශ භාර ගුරුවරයා හමු වීමට යනු ඇත. ඉන් පසු එතනින්ද ඉහලට ගොස් විදුහල්පතිතුමා කරාද යාමට ඉඩ ඇත. ඒ වන තෙක් ගියොත් නම් එල ය. මිස් ගස්සාගෙන ගිය පසු අපිද එහෙට මෙහෙට වී නියමිත තැන් වල අසුන් ගෙන අනීවාරතේ පිලිවෙල වීමු. දැන් ඉතින් දවස් හතක් ජප කල පිල්ලියක් තව සුළු මොහොතකින් පරල වී ඇවිස්සෙනු ඇත. දැන් දැන් සපත්තු ගැටෙන ටොක් ටොක් හඬ ද ඇසෙයි.
    අපිද උඩට ගොස් තිබූ වාසුලියකට හසු වූ කොණ්ඩ හොඳින් පැතලි කර පැත්තට පීරා සංවර වීමු. කලිසම් ද තරමක් උඩට ඇඳගෙන විනීත වීමු. උඩින් දමා ගත් ෂර්ට්ද යට කරමින් ශිෂ්ට වීමු. උඩ හරියෙන් ගලවා තිබූ බොත්තම් නැවත දමා ගනිමින් සීලාචාර වීමු. දැං ඉතින් සක්කරයාගේ පුතා වයිමා ආවත් අවුලක් නැත. අපි සිරිලක බොදු දරුවන් වීමු. ඇල් වතුරද නිවා පානය කරන්නන් වෙමු. සිරිමත් ටද උදයම පිබිදී මුහුණට දිය දෙන්නට පුරුදු කළ ඇත්තන් වීමු.

 ස්වල්ප මොහොතකින් අංශ ප්‍රධාන ගුරුතුමා පංති කාමරයට සැපත් වීය. ඔහුට පි‍ටු පසින් පට්ට සාඩම්බර පෙනුමක් සහිතව මිස් ද සැපත් විය. සාරි පොටේ ඔතා ගත් තිනර් බෝතලයද ඉපිල්ලී පෙනේ. අංශ භාර ගුරුවරයා විජේ සර් ය. පාසලේ ගරුත්වය ‍රැක ගැනීමට නිතර කටයුතු කරන ගුරුවරයෙක් වන මෙතුමා තමන්ගේ අංශයට වෙනත් අය හොස්ස පෙවීම කිසිසේත්ම නුරුස්සන්නෙකි. පොළවට වඩා අඩි දෙක තුනක් ඉහලින් යන ඊයේ පෙරේදා ගොඩ බැස්ස චරිත තම අංශයට හොම්බ දැමීම සර්ට ද අවුල් මහා ලාතරස් සීන් එකකි.

 සර් කෙළින්ම පැමිණි කාරණයට බැස්සේය. එහිදීද කරුණු විමසනු ලැබූයේ ඇලන්ගෙනි. ඇලන් දුන් සාක්ෂි වලට අනුව එවෙලේ අපිට තිබුණේ ඉංග්‍රීසි කාලච්ඡේදයක් වන අතර අදාල සර් එදා පැමිණ නැත. එමනිසා අපි සදාචාරාත්මකව පංති කාමරයට වී තම තමන්ගේ වැඩක් බලාගෙන හිඳ ඇත. මිස් විස්තර කරනා අන්දමට චන්දන ඇල්ලෙන් නෑ සීන් එකක් නම් කිසිසේත්ම සිදු වී නැත.
මිස් ද හොඳම තුරුම්පුව අන්තිමට තබා ගත්තා සේ හිඳ අවසානයේ
"මෙන්න සර් මේ ලමයි බොරු කියනවා මදිවාට කරන වැඩ. බලන්න මේ අලුත්ම බෝතලයක් මේක මට දැන් මේ පංතියේ බිම තිබිල හම්බ උණේ" කියමින් අර අසරණ තිනර් බෝතලය සර්ට ප්‍රදානය කරන ලදී. සර් ද එක විටම උඩ බිම බැලීය. දෙතුන් වරක් ඇස් පිල්ලන් ගැසීය. සර් වවා තිබූ උඩු රවුලේ දෙකෙලවර උල් විය. පංතියේ සේරම දැන් අග්න්‍යාශය පුපුරා යන සිනහව තද කරන් බලන් හිඳී. විජේ සර් කට කොණකට සිනහවක් ගෙන
"මේක කොයින්ද ඔය ගොල්ලන්ට?" කියමින් අප දෙසට හිනැහුණේය. ඉන් සර්ටද මාර ත්‍රිල් එකක් යන්නට ඇත. අවසානයේ අටපාන් කට ඇරියේය.

"සර් ඕක ජනෙල් වල තීන්ත ගාද්දි ගෙනාපු තිනර් බෝතලේ. මේ මිස් පංතියට ආපු වෙලේ ඕකත් අරන් අපිට බැනලා ගියා." යැයි කීවේය. දැන් කොයිල් වී ඉන්නේ මිස් ය. එවේලේ මිස්ගේ මුහුණේ සටහන් වූ හැඟීම් ඡායා රූපයක් ලෙස තබා ගැනීමට තිබුණා නම් ආතල් එක සියල් සපිරිය.
ආපු පංතිය හරිදැයි ඇය නැවත විමසන්නීය. සර් සිනාසෙමින් තිනර් වල උවමනාව කෙටියෙන් ඇයට පැහැදිලි කර නැවත ආපු දිහාවටම ගියේය.
සර් පිට වූ විගසම අපිට හිනා වෙන්නට ඉළ නැත. මිස්ට වැඩේ ක්ලික් වූයේ දැන් ය. පාසලට පැමිණ කෙටි කලකින්ම තමා තිනර් බෝතලයකට ආත්මය පුදා ඇත. තමා 10 වසරේ කොල්ලෙක්ගේ සාක්කුවේ තිබූ සියඹලා ටොපියකට ජෙල් පැකට් එකක් යැයි ‍රැව‍ටුණේ ඊයේ පෙරේදාය.ඒකට ස්ටාෆ් එකේ අය තවම සිනා සෙයි. හෙට වෙද්දි මේ කේස් එකත් පාසලම දැන ගන්නවා ඇත. මෙසේ ගියොත් නම් මැද මිදුලේ වලක් කපාගෙන වැලලෙන්නට වෙනු ඇත.
 දැන් කෝම හරි පංතියේ ඉතිරි වූයේ අපි සහ මිස් පමණි. අපි උවමනාවටත් වඩා එදා සිනාසීමු. රත් වූ යකඩය හොඳින් තලා ගත යුතුය. ඇයද දැන් රතු වී ඉදිමී තැරි ගැසී ගොස් ඇත.
"තමුසෙලා කියන්න එපැයි මේක තිනර් එකක් කියල" ඇය වැරෙන් තර්ජනය පටන් ගත්තාය.
"එහෙම මුලදිම කිව්වා නම් මිස් අරේම චාටර් කන්නේ නෑනේ. නෝණ්ඩියක් හම්බ වෙන්නෙත් නෑනේ, කිච වන්නෙත් නෑනේ. එතකොට අපිට ලල් එකක් නෑනේ මිස්" මම එහෙම සිතුවා පමණි, කටින් කිව්වේ නැත.

හම්මෝ මිස්ට කේන්ති ගියාම මාර සැරය. ඇස් අස්සෙන් පනින්නේ ගිනි පුලිඟු වීමට බැරි නැත. නමුත් අපිට නම් ගාණක් වත් නැත. මිස් ද පරාජය භාර ගැනීමට කැමති නැත. මේ මිස්ගේ තවත් පුරුද්දක් වූයේ වත්තේ ඇති හැම අටමගලක් වටාම මල් ගස් සි‍ටුවීමයි. ඉස්සර යසට ෆ්ලැට් එකට තිබූ අහු මුලු දැන් ලඳු කැලෑ වී ඇත. හදිසියකට වලියකදී දුවා ගැනීමටද නොහැක. නිදහස් කාලපරිච්ඡේද වල සිටින කුඩා පංති වල ලමයි ගෙන්වාගෙන මේවායේ ඇති නිදි කුම්බා ආදිය ගැලවීම මැය සිරිතක් ලෙස කරගෙන ගියාය. ඒවා නම් මහා ඉහේ ඇම්ම හැදෙන වැඩය. අපටද මෙම කුරිරු දඬුවම සෙට් කිරීමට ඈට සිතක් පහළ වී ඇති සේය.

"ගිහින් අර සෙක්ශන් එක ගාව මල් පාත්තිය සුද්ධ කරනවා" ඇගේ විධානය අපිටය. නමුත් මොකෙක්වත් ප්‍රතිචාර ලෙස නැගිටින පාටක් නැත.
"ඇහුන් නැද්ද මම කිව්ව එක, යනවා ගිහින් ඒක සුද්ද කරනවා ඉතින්." ගෝරනාඩුව වැඩි විය. නමුත් සෙළවුනේ නම් අපි නෙවේය. තැනින් තැන කණුකුණුවක් ඇසේ. නැවතත් ඇලන් නැගිටගෙනය. නමුත් ඌද උත්තරයක් නොදෙයි.
"යන්නයි කිව්වේ දැන්මම" දැන් නම් මිස්ට සෑහෙන්නම මළ විද ඇත. ඒත් අපිට ගාණක් නැත.
"අපෝ බෑ මිස්" වැනි කියුම් තැනින් තැන ඇසෙයි. මිස්ටද කර ගන්නට දෙයක් නැත. අංශ භාර සර්ට චාටර් උණා අදට ඇතිය. මුංවද ආණ්ඩු මට්‍ටු කරන්නට බෑ වගේය. එකෙක්වත් නැගිටින පාටක් නැත. මිස් වමතින් අල්ලාගෙන සිටි සාරි පොට එක් වරම වමතට මාරු කරන ලදී. නහයෙන් දුම් පිටවන සද්දය දැන් දැන් ඇසේ. අපිද මිස් දැන් කඩන් පනී, පැනල කාව හෝ කාවි යන හැඟීමෙන් බලන් සිටියෙමු.

ම්ම් හ්ම්. ප්‍රතිචාරයක් නැත.
මෙසේ ටික වේලාවක් එහෙට මෙහෙට දුම් පිඹිමින් සිට මිස් ප්‍රාධූර්භූත විය. නමුත් ඇය සටන නම් අත් හැර තිබුණේ නැත. වරක් පුස්තකාලයේ පොතක් ප්‍රමාද වී බාර දුන් අප පංතියේ ලෝටස් හට පුස්තකාලාධිපතිට වඩා බැන තිබ්බේ මේ මිස් ය. එසේ බැනීමෙන් අනතුරුව කාර්යාලයේ තමගෙ ලියුම් වලට සීල් වගයක් ගසා දෙන ලෙසද අණ කර ඇත. ලෝටා එවෙලේද "අපෝ බෑ මිස්" කියා නැවත මග හැර පැමිණ ඇත. තවත් විටෙක අප හත් දෙනෙකු බිත්තියකට කකුල් තියාගෙන සිටිද්දී මාට්‍ටු වූ අවස්ථාවකදී ඇය ඥං පචං කියාගෙන ආ අතර අපි නම්බු පිට විදුහල්පති අනුමැතිය සහිතව මුලු ගොඩනැගිල්ලේම තීන්ත ආලේප කලෙමු. කෙසේ හෝ අප පාසලෙන් බැහැර වන තෙක්ම මේ මිස් අපිව පස්සේන් පැන්නූ බව නම් නොරහසකි. විටෙක මහා කංකරච්චලයක් වුවද ලණු ඇදීමෙන් ගත් ෆන් එක නම් අසමසමය.

Sunday, June 3, 2018

හදන මත

කාලෙකින් බ්ලොග් එකක් ලියන්න සෙට් උණේ. මේ කාලෙට සෑහෙන සමාජ විපරියාස සිද්ද වෙලා. ඒ විපර්යාස මගේ බොක්කේ ‍ෆිට් වලටත් බලපාලා. උං සෙට් එක පීදිලා, පැහැබර වෙලා, කුජීත වෙලා. සමහරුන්ට වසන්තය උදා වෙලා. උංගේ කටේ හිට හිම.
                                             දැන් එක එකා සී සී කඩ විසිරිලා ගිහින්. නිකම් නිවුඩ්ඩ හුලඟේ ගියා වගේ. මුලින්ම බලන්න ඕනි පද්මෙයාට මක් උණාද කියලා. පද්මේ දවසක් ගිහිල්ල කඩේකිං ප්ලේන්ටියක් බොන්න. ආනමාලුවක් කන ගමන් මේන් මුන්දැ ලන්කාවේ තියන උතුරා ගිය දේශාබිමනෙන් ඔද වැඩිලා ජාත්‍යානුරාගය ඉස්මොලේ ගිහිල්ලා කඩේ මුදලාලිගෙන් අහලා
"මුදලාලි මේ ආනමාලු ගෙඩිය හලාල් ද?" කියලා.
 ඒක අහපු මුදලාලි ලඟ තිබ්බ දෙකේ දෙකේ පොල්ලක් අරන් පද්මෙව මසාජ් කරලා. ඒ මුදලාලි අර නල්ලම ලේ සංගමේ එකෙක්ලු. මූටත් තැනකට ගියාම කට පියන් ඉන්න බෑනේ.   ඕකා දැන් නාට්ටි ලියනවා කියලා ආරංචියක් ආවා. විපරම් කරලා බැලින්නම් වැඩේ ඇත්ත. මූ සිරාවටම නාට්ටි ලියනවා.හැබැයි මූ ලියන නාට්ටි නිකම් ජිල් බෝල හොදි වගේ මෙලෝ රහක් නෑ. මූ සදාචාරෙන්නේ දෙන්න යන්නේ. 

                             ඒකේ කතාව මෙහෙමයි. වතාවක් ඉස්කෝලේ පෙන්නන්න තිබ්බ නාට්ටියක් ලියවගෙන තිබ්බේ පද්මෙට කියලා.අලි දුවයි අපි තැලෙයි. මූ ආයේ ලියලා තිබ්බා නාට්ටියක් ලොවෙත්ම නෑ. ප්‍රේම ජවනිකා නෑ, තිබ්බ ඒවා යද්දිත් ස්ටේජ් එක ඉස්සරහ ඉන්න එකෙක් බෝඩ් වගයක් උස්සන් ඇවිල්ලා දර්ශනේ වහලා එතන බොඳ දර්ශනයක් කියලා පෙන්නනවා. ගහ ගන්න සීන් දෙක තුනක් නම් තියේ. ඒ උනාට ඒවායේ ආයුධ නෑ. තියෙන්නේ ගස්ලබු පෙතියි ප‍තෝල කරලුයි. ලේ හැලෙන දර්ශන නෑ. ඒ වගේ දර්ශනේකදි කස කසා ඇට ඉවත් කල සරුවත් ටිකක් හලනවා ස්ටේජ් එක උඩ ඉන්න එකෙක්. මත් පැන් බොන දර්ශන නෑ. බොන එකා වීදුරුව උස්සද්දිම අර බෝඩ් කාරය තිරේ බොඳ කරනව. මං හිතන්නේ බොන එකා වීදුරුව අරගෙන ඒක ඉඹලා ආයේ තියනව.
                               ළමා සිත්සතන් පවි‍ටු අරමුණු වලින් බේර ගන්න එකලු මුගේ මූලික අරමුණ. මූගේ පවි‍ටු වැඩ ගැන දන්නේ අපිනේ. ඊටත් ලංකාවේ එවුන්ගේ තැලෙන්නම තියන සිත නෙහ්.හහ් මේකේ හොඳම වැඩේ කියන්නේ මූ නාට්ටියට යූස් කරපු දෙබස්. දැන් මුගේ අරමුණ දැහැමි නාට්ටියක් කරන එකනේ. ඒ හින්දා "බං, බොලං" බෑ. බැන ගැනිලි බෑ. ඒ හින්දා ඒකේ ඉන්න කොල්ලා හුරතල් අලේ. දුස්ටයා ඊට වඩා සුරතල්. නාට්ටියේ එක තැනක තිබ්බා කෙල්ල සහ කොලුවා කැලේ මැදින් යද්දි දුස්ටයා ඇවිල්ල කෙල්ල පැහැරන් යන තැනක්. එතන දෙබස් උනේ මාරම ආතල් විදියට,
"හහ්, ඔයා ආවේ මගේ පෙම්වතිය අරන් යන්නද අයියේ?" කොල්ලා අහපි.
"ඔව් මල්ලි, අනේ කරුණාකරල මට දෙන්න එයාව පැහැරන් යන්න." දුස්ටයා පිණ්සෙන්ඩු වෙනවා.
"ඒක හරි වැඩක්නේ හහ්, ඔයා කෝලා බෙයා" (මෙතනට මා යෝජන කළ වචනය හාත්පසින්ම වෙනස් එකක් ඌවද පද්මේගේ වාරණ කතුරට එය කැපිණි.) කොල්ලා ගේම අදිනවා.
"හහ්, මට කෝලා බෙයා කියන්න ඔයා කවුද මල්ලි, හහ් ගඳ ගහන නරක සලබයා, දෙන්නයි කිව්වේ ඔබේ ප්‍රේමවන්තිය මට පැහැරන් යන්ට, හාද?"
"බෑ දෙන්නෙම නෑ, ඔයා හරි නරකයිනේ අයියේ." කොල්ලා කියනවා.
"හහ් මල්ලි, මාව ඔතනට ගෙන්න ගන්න කලින් ඔන්න ඔය වත්ත වටේ යන නංගාව මෙතනට එවන්න, ඔන්න මාව තරහ ගස්සන්නයි යන්නේ ඔයා." දුස්ටයා කියපි.
"අය්යා හොඳම නෑ. ඔයා නරක සොරා. මෙයාව අරං ගියොත් ඔයාට මං කෙළ ගහනවා." මෙහෙම කියලා කොල්ලා ඌ ගාව තියන කෙසෙල් ගෙඩියක් අරන් ලෙල්ල අයින් කරලා දුස්ටයා දිහාවට යවනවා.
 ඒක ඇනුනු ගමන් උඩ ඉඳන් එකෙක් චෝස් ගාලා සරුවත් ටික හලනවා. දුස්ටයා හාන්සි. ඊට පස්සේ කොලුවා මෙහෙම කවි කියනවා.

ගිරිලිඳු සේම ඉගිළුණු මේ ගොන්               වස්සා
සිතුවෙහු මගේ කෙලී ගනු ලැබුමට           උස්සා
සැණිනිඳු ගේම ඇද්දෙමි මම නැත        කොස්සා
ඉස්බක් නැගී පෙළහර පෑ මම                   දස්සා

එදා සිඟිති කල සිට නැගි                        පුරාවත
දික්වෙයි දසවසක් මේ පෙම්              කතාපොත
නැගී රඟන්නෙමු අපි හෙට                    වළාමත
ගයනෙමි මෙතැන් සිට මම පෙම්            අමාවිත

කියලා කෙල්ල අරන් ටාසන් වගේ හූ කියාගෙන ඇවිදන් යනවා. ප්‍රේක්ෂකයෝ හාන්සි. මූ මේක ක්‍රයිම් ඇන්ඩ් ඇක්ෂන් කැටගරි එකට දාලා තිබ්බට මේක සිරාවටම ගියේ කොමඩි සහ දැහැමි කැටගරි එකට.
                           කෝමහරි පද්මේ බලාපොරොත්තු උනු සමාජ විපරියාසේ මේ නාට්ටිය හරහා සිද්ද උණේ නෑ. ඌ හැදුවේ මනමේ වගේ නාට්ටියකුයි වර්තමානේ යන මෙගා ‍රැල්ලේ නාට්ටියකුයි එක්තැන් කරලා නූතන ටෙලි කතා සම්ප්‍රදායේ වීරයා වෙන්න. අවුලක් නෑ ඉතින් දැන් මෑන්ස් හිත හදාගෙන ක්ෂේත්‍රයෙන් මිදිලා ඉන්නවලු.

                        පර්නෑන්ඩූට නම් එක පාරටම මොනා උණාද කියලා හිතා ගන්න බැරුව හිටියේ. පස්සේ ආරන්චි උණේ. එයා සත්තු වත්තේ වැඩ. මං මුලින්ම හිතුවේ සතෙක්ටවත් රඟපානවද කියලා. මුලින්ම නම් එහෙම තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ආරන්චි උණා පර්නෑන්ඩූ සත්තු වත්තේ හුලන් පෙති විකුණලා. මෙයා එව්වා විකුණද්දි විකුණන්නේ
"බබාට කැරකෙන පෙති..බබාට කැරකෙන පෙති" කිය කියාලු. පස්සේ මෙහෙම බිස්නස් එක කරන් යද්දි මේක පොලිස්කාරයෙක්ට ඇහිලා. ඌ හිතලා තියෙන්නේ කැරකෙන පෙති කිය කියා විකුණන්නේ මත් වෙන පෙති ජාතියක් කියලා. ඌට හිතිලා නෑ ඒ රූන් පෙති කියලා. විකුණන්නෙත් බබාට කැරකෙන පෙති කියලානේ. ඒ කේස් එක දිගට ඇදිලා පර්ණෑන්ඩු මේ ටිකේ ඇප පිට එලියේ ඉන්නේ. දැන් එයාට රූන් පෙත්තක් නිකම් දැක්කත් ඌරු ජුවල් නගිනවා.

                           ඩබල් ඩී ගැන ඉස්සර ආපු ආරංචි එච්චර හොඳ නැති හින්දා මම වැඩිය එබිකම් කරලා හොයන්න ගියේ නෑ. ඒ උණාට පස්සේ ආරංචි උණා ඩබල් ඩී දැන් අලුත් බිස්නස් එකක් පටන් අරන්. පාරවල් අයිනේ බෝඩ් දාගෙන පළතුරු විකුණන බිස්නස් එකකට බැහැලා. මේකා මුලින්ම විකුනුවේ ඇට නැති නාරං. ඔයාලත් දැකලා ඇති එව්වා. ඒවයෙ කන්න දේකුත් නෑ. මම නම් ඒවා කන්නත් බයයි. ඇට නෑ කියන්නේ කෝම හදනවද දන් නෑනේ. මොනා උණත් දොඩම් වල ජාතකේ හොයන් නැති උං කනවනේ. ඒවයේ ලෙලි ගැහුවාම ඉතුරු වෙන එකකුත් නෑ.
                     මුන්දැ අප්‍රිකාවේ රසම බේබි නාරං කියලයි විකුණුවේ. ඒක හොඳට ගියා.ඒක හරි ගිය හින්දා මුන්දැ වෙන වෙන බිස්නස් වලටත් බැස්සා. පළතුරු තමයි ඉතින්. කොහේ හරි උලව්වක ගිහින් පළතුරු හොයං ඇවිල්ලා අර ඇට නෑ කියලා ගහපු බෝර්ඩ් එකෙ උඩට පළතුරේ ගමයි යටට පළතුරේ නමයි දාල විකුණුවා. උලපනේ ඇට නැති දොඩම්, පනාමුරේ ඇට නැති ජම්බෝල විකුණන කම් වැඩේ හොඳට ගියා. කෙලල එන්න උණේ යටියන්තොට ඇට නැති දෙළුමුයි පදියපැලැල්ලේ ඇට නැති රටකජුයි විකුණන්න ගියාම.
                                                       කෝම හරි මේකාට ගාණක් තිබිලා නෑ. මුන්දැ පළතුරු විකුණන හරියේ උදේ හිට වාහන ඇක්සිඩන්ට් වෙනවලු. බැලින් නම් වාහන වල යන එවුන් බෝඩ් එක කියවලා මොලේ මෝල් කරගෙන ඇට නැති දෙළුම් වලයි ඇට නැති රටකජු වලයි කන්න තියෙන්නේ මොනවද කියලා කල්පනා කර කර ගිහින් කොහේ හරි වාහනේ ඇන ගන්නවලු. එතන ඇක්සිඩන්ට් එක බලන්න ගිය පොලිසියේ එකාත් මේක දැකලා, ඌ වතුර එකකුත් ඉල්ලන් බීලා ඩබල් ඩී ගාවට ඇවිල්ල මේ හුට්ටප්පරේ විසඳ ගන්න. පස්සේ මේක මහා ප්‍රෝඩාවක් කියලා දැනගෙන ඩබල් ඩීගේ පළතුරු බිස්නස් තහනම් කරලා. පුන් සඳේ ලන්තෑරුම ලිඳේ තමයි වෙන්නේ. දැන් නම් ඩබල් ඩී වනචාරි බිස්නස් අත ඇරලා දැහැමිව ඉන්නවා කියලා ආරන්චියි.

  වැඩේ කියන්නේ තඹේටයි දින්නටයි වෙච්ච දෙයක් නැති උණු එකයි. ඒ දෙන්නා මේ යසට හිටියා මේ නෑ. මොනා උනාද කියලා මොකෙක්වත් දන්නෙත් නෑ. ඒ ගැන කාටවත් වැඩිය ගාණක් තිබ්බෙත් නෑ. ඔහොම ඉන්දැද්දි දවසක් පර්නෑන්ඩු මුලිච්චි උණා. උන්දැ මේ හුලං කාලේ කැලෑ අස්සේ බැඳලා තියන හුලං පෙති කපන්න යනවා රේන් කෝට් එකකුත් ඇඳන්. ඒවා සේරම කපලා ගිනි තියලා බැඳලා තිබ්බ ගහ වටේට ක‍ටු කම්බිත් ගහලයි මුන්දැ එන්නේ. ඒ තරමට කැරකෙන පෙති මුන්දැට අගුණයි. මුන්දැ තමයි මට තඹේ ගැන විස්තරේ දුන්නේ.
  තඹේ දැන් දින්නත් එක්ක එකතු වෙලා තව දෙතුන් දෙනෙක් සෙට් කරගෙන වෙනම කල්ලියක් හදාගෙන ඉන්නවලු කොහෙටද වෙලා. ඒක අහපු මගේ බඩ ගොර ගොර ගාන්න ගත්තා. වැඩේ මේකයි. තඹේට අර කට්ට බිබික්කන් කාල කොල ඔතලා යවලා පිටරටක යන්න චාන්ස් එකක් හම්බ උණානේ. මුන්දැ රෙදි ගන්න කියලා එහේ ෂොප් එකකට ගිහින් ‍ෆිටෝන් රූම් කියලා හිතලා ලිෆ්ට් එකට නැගලා රෙදි මාරු කරලා. යට තට්‍ටුවේ එකා ලිෆ්ට් එක අරිද්දි බඩු මාට්‍ටු. එදා ඒ සිද්දියෙන් පස්සේ තඹේගේ සිහි කල්පනාව අවුල්.  පස්සේ මුන්දැ ලංකාවට ඇවිල්ල දින්නා හොයං ගිහින්.
                දින්නා එතකොට පොල් ගහක කරටියේ ඉඳලා තියෙන්නේ. බැලින් නම් කොහේදෝ ට්‍රිප්පුවක් යන්න ආපු සෙට් එකක් දින්නගේ ගෙවල් පැත්තේ තේ බොන්න නවත්තලා. තේ බීලා ලඟ තිබ්බ කාණුවට සුළුදිය පහ කරලා. ඒකෙන් එහෙට ගං වතුර දාලා. පොල් ගහට නගිද්දි කුරුම්බැට්ටියක් වැදිලා දින්නගෙත් සිහි විකල්වෙලා. දැන් සිහි විකල් දෙන්නයි. එකෙක් රෙදි අඳින්න ගිහිල්ලා, අනිකා ස්වභාවික ආපදා හින්දා.

   පර්නෑන්ඩු කිව්වා ඊට පස්සේ මුං දෙන්නා තව විකල් සෙට් එකක් එකතු කරගෙන කල්ලියක් හදාගෙන ගේම් දෙන්න යනවලු. අබුද්දස්ස කාලේ ගෑණි හැමදාම බඩින් කියනවනේ. මුං මේ කල්ලියට නමකුත් දාගෙන. ඒකේ ෂෝට් වර්ෂන් එක "න.රි. හි.ත.". එක්ස්ටෙන්ඩඩ් තේරුම නරිනාටක රිසිවූ හිවල් තග්ස්. ඒක අහපු මට ඉල නෑ හිනා වෙන්න. කෝම හරි මං ඉස්සරහ හිටපු පර්නෑන්ඩු දැක්කේ මම කටින් හිනා වෙනවා විතරයි. මට වෙන තැන් වලිනුත් හිනා ගියා. පස්සේ ආරංචි කරලා බලද්දි වැඩේ සිරා. මේ සෙට් එක බෙඩ් ෂීට් පොරවගෙන සමහරු තුවා එහෙම බෙල්ලෙත් බැඳගෙන කොස් කොල ඔ‍ටුනු දාගෙන සැරිසරනවලු. සමහරු මූණත් වහගෙන එවයේ සිදුරුත් විදගෙනලු යන්නේ. ඒ නම් සමාජෙට මූණ දෙන්න බැරුව.
                         කෝමහරි ගං වතුර සහනාදාරෙට දුන්නු බෙඩ් ෂීට් මූණේ ඔතන් යන්න ඒවයෙ සිදුරු කතුරකින් කැපුවා කියලා කාගේදෝ අම්ම කෙනෙක් පලු යන්න අදාල පුද්ගලයට බැනලා තිබ්බා. මේ සෙට් එකට මේ අලි බබා සහ හොරු හතලිහේ හයි ඩෝස් එකක් වැදිලා. ඔය ග්‍රීස් යක්කු කිය කියා පහු ගිය ටිකේ සැරිසරලා තියෙන්නේත් මුන්දැලාම තමයි. නාකි වෙද්දි ඇඟේ රිවට් බුරුල් වෙන හින්දා මේ සෙට් එකත් එක්ක මුලු ඇඟ වස්සන් ග්‍රීස් ගාගෙන තැන තැන රිංගලා. ග්‍රීස් ලිස්සන හින්දා බෙඩ් ෂීට් ඇඟේ හිටලත් නෑ. කෝම හරි කැලෙන් එලියට ඇවිල්ලා ගම්මාන වල සැරිසරද්දි බෙඩ් ශීට් කැලේ. පද්මෙගේ නාට්ටියක එහෙම පෙන්නුවා නම් අනිවා අර බෝඩ් කාරයට හුස්මක් ගන්න වෙලාවක් නැති වෙනවා. පස්සේ ග්‍රීස් යක්කු එනකම් මිනිස්සු කැති පොලු අරන් බලන් ඉන්න කාලේ මේ සෙට් එක පටන් ගත්තා තව වැඩක්.
                  ඒ සාස්තර කියන්නයි පේන බලන්නයි. මේ දවස් ටිකේ හක් ගෙඩි, දේව රහස් වගේ ඕනි හිපල් පාරුවක් මාකට් කරන්න පුලුවන් හින්දා මේ සෙට් එකත් හැදුවේ ඒ වැඩක් කරලා හිට් වෙන්න.
 මේ වැඩේදි එකෙක් සාස්තර කියනවා, තව එකෙක් කට්ට කුමජ්ජල් අල්ලනවා, තව එකෙක් ආ වඩනවා, තව එකෙක් නිකම් ඩිමෝ වර්ෂන් එක වගේ මුලින්ම සාස්තර අහන්න වගේ ඇවිල්ල මොකක් හරි කිව්වාම "හනේ දෙයියම්පා ඇත්ත දෙය්යෝ" කිය කිය ඒක මාකට් කරනවා, තව එකෙක් මිනිස්සු මැද්දැවේ ඉඳන් උං කියන කතා පේන කියන එකාට වට්ස් ඇප් කරනවා, ඉතුරු දෙන්නා ගිහිල්ලා රටේම ඉන්න හරක් ටික හොරකම් කරන් ඇවිල්ලා කැලෑව මැද්දෑවේ හංගනවා. ඊට පස්සේ ප්‍රචාරණේ අරිනවා සාස්තර කියන තැන හරක් හොයලා දෙනවා කියලා.
 මේ කේස් හින්දා මේ හත් දෙනාට හරක් හත කියලත් මිනිස්සු කිව්වා. පස්සේ හැබැයි මේ වැඩේ මාට්‍ටු උණා. හරක් උස්සද්දි දවසක් මුං ගිහිල්ලා උස්සලා තියෙන්නේ මහා සොත්ති හරකෙක්. හරකගේ අයිතිකාරයවත් ඌ ගාවට යන් නෑ. ඒ පාර හරකා ගෙජ්ජි සලලා ඇනල තිබ්බ අං දෙකෙන් දුම් විසි වෙන්න. ඒකෙන් හරක් වැඩේ ඉවර උණා.
 පස්සේ මේ සැට් එක කාලා ඉන්න බැරි කමට පටන් ගත්ත ගෙයින් ගෙට ගිහිල්ල බඩු විකුණන්න. මෙයාලා විකුණන ලොට් එකේ නැති දෙයක් නෑ. මුලින්ම මේකට පෙරහුරුවක් විදියට ගෙදරින් ගෙදරට ගිහින් තැඹිලි බාන්න පටන් ගත්තා. නමුත් සදාචාරාත්මක හේතූන් මත ඒවා දිගටම කරන්න උණේ නෑ. දවසක් මේ සෙට් එක ගිහිල්ලා ව්‍යායාම බඩු විකුණන්න. ඒකට මෙයාලා හඳුන්වලා දීලා තිබ්බා අලුත්ම උපකරණයක්. ඒක නිකම් පොලිශ් කරපු අටමගලක් වගේ.
ඔන්න ගිහින් තට්‍ටු කලා දොරට. ආවේ ගෑණු කෙනෙක්.
"ආහ් නෝනා අපි මේ අලුත් ව්‍යායාම කට්ටල හඳුන්වා දෙන කණ්ඩායමක්." හතෙන් එකෙක් හතේ හත ගහලා ආපු ගෑණු කෙනාට කිව්වා.
"හාකෝ, ඉතින් මෙහේ ආවේ?" ගෑණු කෙනත් අහපි.
"නෝනා අපි මේ අපේ අලුත්ම නිර්මාණය හඳුන්වාදෙන්න ගෙන් ගෙට යන ගමන් තමයි මෙහෙටත් ආවෙ. නෝනටත් ඔය වැඩි වෙලා තියන ඇඟ අඩු කර ගන්න විදියක් තමයි අපි මේ හඳුන්වා දෙන්න යන්නේ." එකෙක් දැන් හෙණ ටෝකක් දීගෙන යනවා.
"හහ් මගේ ඇඟ අඩු කරගන්න කලින් ඔහෙලාගේ සෙට් එකේ සමහරුන්ගේ ඇඟවල් අඩු කර ගන්නවලකෝ. හහ්. බලනවා ඇඟේ හැටි. ස්විමිං පූල් එකකට පැන්න දවසට හ‍ඳෙ වතුරත් හොයා ගත්තෑකි." ගෑණිත් ඇරලා දැම්මා ආයේ නෑ.
"මේ නෝනා, දන්නේ නැති රට මඟුල් නොකියා ඉන්න නෝනා හරිය . අපි පාරිභෝගිකයාගේ සුවසෙත තමයි මුලින් සලකන්නේ. නිකම් ඥං පචං ගාගෙන එන්න එපා." එකෙක් මේ හතේ ගැම්ම අරන් කයි දෙන්න ගත්තා.

"අපි මුලින්ම නෝනාගේ BMI එක බලලා ඉමු. නෝනාගේ උසයි බරයි කියන්න බලන්න." සෙට් එකේ හීනිම චරිතය කොලේකුයි පෑනකුයි අරන් මොකක්දෝ උලව්වක් හොයන්න යනවා. ගෑණි උසයි බරයි කිව්වා. "හම්මට යකූ, මේ සමීකරණේ වැරදිද කොහෙද, මේකට අනුව මාත් මහතයිනේ යකූ." ගාණ හදපු එකා කිව්වා. ගැණිට ඕවා තේරෙන්නේ නෑ.
"හරි හරි කෝ ගන්නවකෝ බලන්න ඔය යන්ත්‍රෙ." ගෑණු කෙනා කිව්වා.
එතකොටම එකෙක් බෑග් එකට අත දාලා ගත්තා පොලිශ් කරපු පොල්ලක්.
"නෝනා මේක තමයි භාණ්ඩේ. මේ තේක්ක එක. මේකේ තව නැදුන් එකත් තියනවා." එකෙක් දැන් විස්තරේ දීගෙන යනවා.
"මේකෙන් දැන් මොකක්ද වෙන්නේ?" ගෑණි අහපි.
"හරි සරලයි නෝනා. මුලින්ම නෝනා සහ මහත්තයා ගෙදර මිදුලට සෙට් වෙන්න ඕනි. ඊට පස්සේ නෝනා මේ පොල්ල ඈතට විසි කරනවා. මහත්තයා දූවලා ගිහින් ඒක කටින් ඇහිඳන් එන්න ඕනි. මෙහෙම පස් වතාවක් කළාම මහත්තයා පොල්ල අරන් ඈතට විසි කරනවා. නෝනා ඒක ඇහිඳන් එන්න ඕනි. දවස් පහෙන් කොලෙස්ටරෝල් ඉවරයි." ඕන්න විස්තරේ.

     කෝමහරි ගෑණු කෙනාට මේක හිතට ඇල්ලුවේ නෑ. ඒ බව මූණෙන් පේද්දි මුලු හත් දෙනාම එකතු වෙලා මේකේ හොඳ කියන්න ගත්තා. අම්ම ගහයිනේ. නිකම් බට කැල තුනක් එකට දාල හත් පැත්තකින් පන්දම් දාහතරකින් දෙපාරක් ගිනි තිබ්බා වගේ. වටේ එවුන් හිතන්න ඇති ටොනේඩෝවක් ඇවිල්ලා කියලා. මේ ගාලගෝට්ටේ ඇහුණු ගෑණු කෙනාගේ මනුස්සයා මන්නෙකුත් අරන් දුවන් ආවා එලියට. මන්නේ දැකපු එක්කෙනෙක් මිදුලේ තිබ්බ ලිඳ ගාවට ඇදුණා "අන්න ලිඳක් අන්න ලිඳක්" කියාගෙන. අනිත් හය දෙනා තවම පොල්ලේ බලේ ගැන කියනවා.
"තොපි මොකද මේ මහ දවල් ගෙවල් ගානේ ඇවිද ඇවිද බෙරිහන් දි දී මගේ ගෑණි කන්න හදන්නෙ?" මිනිහා අහපි.
"නෑ සර් මේ යන්ත්‍රේ."
"යන්ත්‍රේ? තොපි මොකද මේ පොලු උරුක් කොරන් ගෑණු බය කොරන්න හදන්නේ? ඒ මදිවට සේනාව වගේ." මූ මන්නේ උරුක් කොරන් ගේම ඉල්ලනවා.
ඔය අස්සේ එකා දෙන්නා ලයින් එකේ දෙන්නා හෙමීට මාරු වෙනවා දැන් ගෙදරින්. අන්තිමට ඉතුරු උණේ පොල්ල උරුක් කොරන් හිටපු එකා විතරයි. අනිත් එවුන් වැට උඩින් ඔටෝ ජම්ප් කරලා බලන් ඉන්නවා. අරෙහේ අරුන්දැ අසරණ විදියට පොල්ලත් උරුක් කොරන් බලන් ඉන්නවා. හත්පොලේම ගා ගන්නයි යන්නේ.
"තොපි මේ මහ දවල් ගෙවල් ගානේ ඇවිල්ලා ගෑණු රවටන් මනමාලකම් කොරන්න නේද? හිටපිය මූකලම් බස්සා." කියලා ඒ මනුස්සයා මන්නේ කැපෙන්නේ නැති පැත්ත උස්සනකොටම අනිත් අය ඇස් පියා ගත්තලු. එදා ඉඳන් නරි හිතේ එකෙක්ට උණේ කිරිබත් කන්න නෙවෙයි තලලා ගිලින්න.

Thursday, October 26, 2017

දානෙ කතා- 02

බස් එකට නැග්ග ගමන් පද්මේ පැන්නා පෙම් මුල්ලට. හරියට ඌ ඒකෙ අහවල් එක කොරන්න යනවා වගෙ. නොදකිං. යකූ මෙච්චර මේ සදාචාර සම්පන්න රටේ මොකාද පෙම් මුලු වල යන්නේ. සුදු වතින් සැරසීගෙන සුබාසිතේ බල බල බස් වල යන්න ඕනි දැන්.
                                                   මේ යන හැටියට පෙම් මුල්ලේ ගියත් පොලිසියෙන් ඇවිල්ලා කුදලන් ගිහින් සමාජ රෝග තියේද කියලා බලන සයිස් එකක් දැන් තියෙන්නේ. දැන් එච්චර හෙළ සිරිතට රට හැදිලා තියෙන්නේ. ආයේ සත්තුන්ටවත් පාරේ විළිවතින් යන්න අයිතියක් නෑ. පොලිසියෙන් උන්ට ඇඳුම් මහලා නැකතක් බලලා අන්දවනවලු. එච්චර සදාචාරේ.
                                                           ඒ හින්දා දැන් ඕනි ගෑණු කෙනෙක්ට මැණිකක් ඔලුවේ තියාගෙන රටේ එක කොණක ඉඳගෙන අනිත් පැත්තට යන්න පුලුවන් කියලා මැගිලින් නැන්දා කියනවා මං අහගෙන. හිහ් ඒ නැන්දා නම් මැණික් ගල් නෙවෙයි පතරංග නිධානයක් උස්සං ගියත් උන්දැට මොකවත් වෙනෑ. වෙන දෙයක් වෙන්නේ අහල පහල ඉන්න උන්ට. ඒ තරමට චරියාව.
 "ඒකට දැන් කාලේ ඉන්න කෙලි හැත්ත. මුංට කාලා ඉන්න බෑ, තෙල වැඩි වෙලා. අපේ කාලේ නම් අපි කොල්ලො දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ." නැන්දා පතරංගේ දිග ඇර දිග ඇර කියපි.

    එහෙම කිව්ව විදියට ඒ වයසේ එයා හිටියා නම් නෑන්දගෙ ලොකු පුතාගේ වයස බලද්දි එක්කෝ ලොකු පුතා හම්බ වෙද්දි නැන්දා රෙද්දකින් ඇස් බැඳගෙන ඉඳලා. එහෙමත් නැත්තම් මාමා ගෑනියෙක්. අන්න එහෙම බරපතල අර්බුද වලට මුහුණ දුන්නු කාලෙක අපි මේ උදේම මූසල කමට යන්නේ තවත් දානෙකට. හරියට කොකාගේ කණ හොයන්නා වගෙ. සෙට් උනාට හි‍ටු කියලා ලාතරස් සීන් සෙට් නොවේවා.

                                                බස් එකට නැග්ග ගමන් පද්මයා පටන් ගත්තා වර නගන්න.ඌ හිතන්නේ මේ අපි ට්‍රිප්පුවක් යනවා කියලා. ඌ ඌට හැකි සරීර සක්ති පමනින් උගුරේ ‍රැල් බුරුල් හැරලා උගුල් අටෝලා උගේ ලා‍ටු වොයිස් එකෙන් "අඩු කුලේ කියාලා අසරණයා, මැඩලන්නේ මෙ ලෝකේ වසලයා." කිය කියා බස් එකේ යන්නේ.
 මූ බස් එකට නැග්ග වෙලේ හිට හූ තල තල කෑගොස්සන් ගහනවා. බෙල්ලත් මුලු අස්සන් ජනේලෙන් එලියට දාලා වටේ ඉන්න උන්ටත් ඇහෙන්නත් එක්ක මූ මෙව්වා කිය කිය යන්නේ. බස් එකේ හිටපු අනිත් මිනිස්සු මූ ගාවට ඇවිල්ලා සල්ලිත් දීලා ගියා.
 "අනේ වේදනාවටද කොහෙද හූ තල තල කෑ ගහනවා? කුණා‍ටුවකට අහු වෙලා වෙන්න ඇති. ඇහැකුත් පේන්නේ නෑ වගේ, හාල්පාරු පාටයි." මිනිස්සුන්ගේ හිතේ මූ කැළනි හිඟන්නෙක් කියලා. 
"අසරන ගොබිලෙක්, කකුලකුත් කොරයි, මූනත් තැළිලා වගේ. රණ්ඩුවකට ගිහින් උදළු පාරක් වැදිලලු. ඕකා ඉස්සර එහා ගමේ මාලු ලෑල්ල කලානේ. වැල්ලේ මිනිස්සු එක්ක වලියක් ගිහින්. මූ බලයාට ගල් පාඬියා කියලා, කෙලවල්ලාට පොල් කොරලි කියලා, අල ගොඩ්ඩෙක්ට සූඩ්ඩා කියලා. උංට මල විදලා මූට නෙළලා. පස්සේ ඔපරේසන් එකක් කරලා උණ්ඩුක පුච්ඡේ අයින් කරලා. ඒකයි දැන් ඔහොම ඉන්නේ" මේ යක්කු ඒ ගමන් රටේම වල් පල් හද හදත් කියනවා.
 මූ එක්ක මම ඉන්නව දැකලා මාව මාලු ලෑල්ලේ පිහිය ගලේ උලන එකා ගානට දාවි කියලා මම අහක බලන් හිටියා. ලැජ්ජාව බාල්දියෙන් එකයි. මම ඌව අඳුරන්නේ නෑ වගේ.

                දැන් දානේ තියෙන්නේ ඩබල් ඩීගේ කිරිඅත්තගේ කාර්යාලේ වැඩ කරන ඇසිස්ටන්ගෙ පුතාගේ වඳ පුංචි අම්මගෙ ගෙදර. එහෙ ටැන්කියේ ඇති කරපු ගෝල්ඩ් ‍ෆිශ් මැරිලා. ඒකට මේ බණක් කියලා දානයක් දෙන්න හදන්නේ. පාර පෙන්නන්න යන්නේ පර්නෑන්ඩූ. ඒ ගැන නම් මට සාධාරන බයක් තියනවා. කලින් වතාවක නිගන්ටයට උනු දේ අපිටත් වෙයිද දන් නෑනේ. කොහොම හරි ගිහින් බැහැලා බලද්දි මූ අපිව එක්කන් ඇවිත් තියෙන්නේ මෝදර වැල්ලට. තව ටිකෙන් ඇත්තටම පද්මයට මාලු කපන්න වෙනවා. යන්තම් ලැජ්ජාව පහයි දෙකේ මාලු දැලකින් වහගෙන එතන ඉඳන් අපි ආටා එකක් අරන් දානේ ගෙදර ආවා.

                     ඇත්තම කිව්වොත් මම නම් පිරිසිදු සිතින් දානේ ගෙදරක යන්නේ මට හොඳට කන්න. නමුත් මගේ බඩ පුරවා ගන්න නෙවෙයි ඇත්තටම ඒකෙ චේතනාව. දානේ ගෙදර ඉන්න මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න. නැතුව මේ මට උයාගෙන කන්න බැරිකමකට යනවා නෙවෙයි. මම මෙහෙම කන්න හිතාගෙන දානේ ගෙවල් වල ගිය දවස් කොච්චර සොඳුරුද කියලා දැනුනේ මේ දානේ ගෙදරට ආවාම තමයි. ඕනි ජිලක් පණම් අටයි කියලා දානේ ගෙදරට ගියාට මොකද ගිය වෙලේ හිට කප්පරකට වැඩ.
 ගිය ගමන්ම සෙට් උනේ පිඟන් වලට ලන්ච් ශීට් දාන්න. මොන උලව්වකට මෙව්වාට මේ කවර උලනවද දන් නෑ.කන එකෙක් නෑඹිලියට හරි බෙදන් කාපන් කියලා ඉන්නනේ තියෙන්නේ. ඒත් ඒක සිස්ටසම්පන්න නැහැල්ලු. අර උලව්වෙ ලන්ච් ෂීට් දාන්න ඕනිලු. මේවා හොයා ගත්තු එකා උල තියන්න ඕනි දෙකොණින්. එව්වා දාද්දි සාමන්‍ය සයිස් එකේ පිඟන් අස්සේ තිබිලා පෙරිය සයිස් පිඟනුත් හම්බ උණා.
  එව්වා පිඟන් නෙවෙයිලු. දොරවල් නැති කාමර වලට පොල් අතු පැලැල්ලක් විදියට යූස් කරන්නත් පුලුවන්. ඕනි නම් ඒවා වාහනේක ඇලෝ වීල් කරන්නත් ගන්න පුලුවන්.
කෝම හරි ලන්ච් ශීට් දාද්දි පර්නෑන්ඩු පිඟන් තුනක් බින්දා. ඒවා කාමරේ තිබ්බ කැබිනට් එකක් අස්සේ රුවලා මුකුත් උණේ නැති හොලා වගේ හිටිය සීන් එක තවම මොකෙක්වත් දන් නෑ. ඒ වගේම කුස්සිය පැත්තට ලයින් එකේ ගිය තඹේ ඔය පොල් තෙල් බෝතල් දෙකක්, හකුරු බෑයක්, ඉඟුරු කිලෝ පහක්, කරෝල කූරියෙක්, තාන්කච්චි රෙදි මිටියක් සහ තව සුලු සුලු අනෙකුත් අනම් මනම් ගෝනියකට දාලා ගැට ගහන් ලයින් එකේ ගෙදරින් පන්නපු සීන් එක මං හිතන්නේ දැක්කේ මං විතරයි. මං ඉතින් ඕවා කාටවත් කියන්න යනවා කියලැයි.
 අපි මේ වැඩ කර කර ඉද්දි ආවා කියපංකෝ බලුවෙක්. "මූ තමයි සින්ඩි" ගෙදර අය අපිට ඌව අඳුන්වලා දුන්නා.ඌ පැත්තක උණ්ඩි කරලා දාලා තිබ්බ රෙදි ටිකක් උඩ වැතිරිලා නිකම් කින්ඩියට වගේ අපි දිහා බැලුවා. වෙලාවක මූට සැන්ඩි නොකර පොවන්න ඕනි වන්ඩියට ඉස්ම එනකම්.
  කෝම හරි අතක් පයක් නොකැඩී දානේ නම් දී ගත්තා. දානේ දීලා අපිත් සුට්ටක් ගිලලා වැතිරිලා ඉද්දි එක පාරටම ආපි තුවක්කුවක් කර පින්නා ගත් හයේ හතරේ ඩෑල් එකක්.
"මල්ලි මේ පැත්තෙන් ඉත්තෑවෙක් එහෙම ගියේ නෑ?" මූ මගෙන් අහපි. යකූ මූ දඩයක්කාරෙක්ද කොහෙද. "දැක්කේ නම් නෑ, ඇයි අය්යේ?"
"නෑ බං මල්ලි මං ඌට ටැලි ග්‍රැම් එකක් ගැහුවා එන්න කියලා. මූ ආවේ නෑනේ." හෑක් මොකක්ද යකෝ ඒ අවලම්බීත කතාව. ඉත්තෑවන්ට ටෙලිග්‍රෑම් ගහන්නේ අහවල් උලව්වකටද.
"අය්යා මෙහෙද?" "නෑ මල්ලි මම බ‍ටුගෙදර . එහෙ මේ ටිකේ  ඌරො මඩ තලනවා. හබන් කුකුලෝ හෝම් කමිං යනවා. ඒ අස්සේ ගිලීමලේ ඉන්න හක්ක රිවස් ඩෑල් ඇවිල්ලා සීපද කියනවා. ගඟ ටවුමට කවි කියනවා, ටවුම ගඟට කවි කියනවා. එව්වා අහං ඉන්න උං පත්තරේ දානවා. හතර විලිජන්ජාලයයි මල්ලි එහේ මේ දවස් වල." මෑන්ස් කියාගෙන කියාගෙන ගියා.
 දෙය්යෝ, මූට තියන ප්‍රස්න.
"හරි ඉතින් අය්යා මෙහෙට වෙලා මොකද කරන්නේ?" "මම ඇහුවා
"මම මෙහේ ඉත්තෑවෝ අල්ලනවා මල්ලි."
"ඉත්තෑවෝ අල්ලනවා? එහෙනම් අර ටැලිග්‍රැම් ගහන්නේ මොකාටද?" මම අහපි.
"මේකනේ මල්ලි, අපි දැන් උන් අල්ලන්නේ මොඩර්න් විදියට. මම පාරේ උගුල අටෝලා ඉත්තෑවට ටෙලිග්‍රම් එකක් ගහනවා ඔහෙන් වරෝ කියලා. ඌ එද්දි කෙලින්ම උගුලේ. හරි සරලයි හිටං." මූ කියපි.
මූ මේ ගල් වැද්දෙක්ද කොහෙද. එක්කෝ මූට අන්දකයිප්පු කැවිලා. නැත්තම් මෙහේ ඉඳලා වැඩි වෙලා ඔලුව කුරුවල් වෙලා. ඌ ටෙලිය ඩිලිවර් උණාද බලන්න ටෙලිකොම් එකට යනවා කියලා ගියා යන්න. අපි තැනකට ගියොත් යන යන දිහාවෙ ඉන්නේ සයිකෝ උං. වැඩේ කියන්නේ මාත් එක්ක යන උංටත් සයිකෝ ගහන එකනේ.

                                 වැද්දා ගිහින් ටිකකින් කාමරේකින් සර සර ගාලා සද්දයක් එනවා. නිකම් කව්දෝ එකෙක් සොපිං කවර හොලෝනවා වගේ. ඒත් දැන් සොපිං කවර තහනම් හින්දා ඕව තිබිලා මාට්‍ටු උණොත් කෙලින්ම හිරේ. මේ කාලේ හිරේ නොයා කොරන්න පුලුවන් එකම දේ කැළෑ කපන එකයි, බැංකු සුද්ද කරන එකයි. තව ඕන ගොනෙක්ට කඩේ යන්නත් පුලුවන්. කෝම හරි දැන් මේ තහනම් ශබ්දය ඇසුණු කාමරේට අපි එබුණා. ඇයි යකූ මොකෙක් හරි මේක අස්සේ සොපිං කවරයක් හොරෙන් තියන් හිටියොත් කට්ටියම ගස්.                                                                                                                                                                           
                යද්දි මොකෙක්දෝ එකෙක් ඉහේ හිට කවර උලාගෙන. මූ කාමරේ එහෙට මෙහෙට පැන පැන ඉන්නවා. ඔලුවෙත් සොපිං කවර. බෙල්ලේ ඉඳන් පහලට පෝර කවර. කකුල් දෙකට ටියුලිප්.
  මේක දැකලා මගේ සරුවාංගෙම මයිස් ඉස්මයිල් උණා. ග්‍රීස් යකා ආවා රිවට් බුරුල් වෙලා. දැන් සොපිං යකෙකුත් ෆෝම් වෙලාද දන් නෑ.මූ හදන්නේ අපිවත් ඇදන් නිරුවතින් හිරේ ලගින්න. ඊට පස්සේ හිර බත් කකා හිර වතුර බිබී හිර ගුඩුස් ඇර ඇර ඉන්න බැරියැ.
                            මේක දැකලා පද්මයටත් මොකක්ද වෙලා. ඌ එතන ඉඳන් තාලම්පටක් ගගහ සිංදු කියනවා. "මුලු ගතම වෙහෙසුණා. දහ දියෙන් නැහැවුනා."  මුං සේරටම සයිකො බෝ වෙලා.
  මේ වගේ වෙලාවටවත් යහපත් සරීර සවුක්යෙන් ඉන්න එපැයි.ඒ අස්සේ අර නටා ඇවිදින එකා මුලු අව් අස්සන් පැන පැන ගිහින් බිත්තියක හැපිලා දෝයියං පත බෑවුණා බිමට. මං හිතන්නේ වැටිච්ච පාරට අක්මාව ගැට ගැහිලා. අපි ගිහින් ලයින් එකේ මූන පුරා තිබ්බ සොපිං කවරේ අයින් කලා. යකූ මේ පර්නෑන්ඩූ නේ. මූණ පුරා කලු තෙල් උලාගෙන මුන්දැ මොකක්ද මේ ගෝනි බිල්ලෙක් වගේ කොරන්නේ. අමු කැවිලාය. ටිකක් වෙලා යද්දි යන්තම් සිහිය වගේ එකක් ආවා.

 පර්නෑන්ඩූ මොකක්දෝ එකක් කියන්න හදනවා වගේ පෙණුනා. ඒත් හරි හමන් සද්දයක් පිට වෙන් නෑ. නිකම්ම ගොර ගොර සද්දයක් විතරයි එන්නේ. එතකොට තඹේ නිකම් මහදැන මුත්තා වගේ කියවන්න ගත්තා.
"මොකක්ද බං ඔය උගුර බල්ලෝ කාලා වගේ. බැ‍රැණ්ඩි වෙලා. කාපංකෝ වැල්මී කෑල්ලක් ඉඳලා හිටලා. නැත්තම් හවසට පොල් කෑල්ලක් ගලෝල පුච්චන් කාපියකෝ. හරියට නිකම් අර්ශස් හැදිච්ච කොටලුවෙක් වගේ." තඹේ බනින්න ගත්තාම කිසිම චාරයක් නෑ. මම වගේ සිස්ටසම්මන්න අදිස්ටාන වචන ඌට නෑ.

එතකොටම පර්නෑන්ඩූට හරි සිහිය ආවා.
"පොල් ගලෝලා කන්න, තඹේ බොට කොයිල්ය. මොන පොල් කෑමක්ද මේ කාලේ. පොල් ගෙඩ්ඩක රයිස් බලනවකෝ." පොල් ගෙඩ්ඩේ මොන රයිස් බලන්නද කියලා කියන්න කටටත් ආවා. ඒත් බාල්හ ගිලානෝ නෙහ්. ඇහුවේ නෑ.
"මොකක්ද මේ සොපිං කවර ඔතාගෙන උඩ පැන පැන කොරන්න යන්නේ?" මම පස්සේ පර්නෑන්ඩුගෙන් ඇහුවා.
"මට හදිසියේ හඳට යන්න ආසාවක් ආවා." මුන්දැ කියපි. "චන්ද්‍රකුමාර හම්බ වෙන්නද? අඩේ හම්බ උණොත් කියහංකෝ උගේ හා පට්ටිය බලාගෙන කැරටක් කාගෙන එහෙටම වෙලා ඉන්න කියලා මේ නැට්ට ගිනි තියා ගත්ත හනුමා වගේ ලංකාවට උල්කා එවන් නැතුව. බොක්ක දනවා ඕයි. අර කොරියාවෙන් මිසයිල එවනවද දන් නෑ. දැන් අපේ ගමේ උං වලාකුලක් දැක්කත් කුඩේ ඉහල ගන්නවා. ඒ අස්සේ පොළවෙ ඉන්න බෑ පොලවෙන් එක එක හෝතඹුවෝ මතු වෙනවලු. කෝමද ඕයි මේකේ ඉන්නේ." මම මහත් වූ පශ්චතාපයෙන් කියෙව්වා.
"ඒ රට බයිලා නෙවෙයි. මට ඕනි හඳට යන්න. සොපිං කවරේ දා ගත්තම නිකම් පා වෙනවා වගේ." පර්නෑන්ඩූ කියපි.
මේකා මොනා හරි බීලද කොහෙද. පා වෙන්න නෙවෙයි, ඕක අස්සෙදි හුම්ම හිර වෙලා මැරෙන්නයි වෙන්නෙ. "හඳට යන එක නම් ටිකක් අමාරු වෙයි හැබැයි. නාසා එකෙන් දැන් වඳුරෝ, හෝහපුට්ටෝ හඳට යවන් නැහැල්ලු. එහෙම යැව්වේ ඉස්සරලු. ෆීලිං සෝ සොරි."

තවත් දානේ ගෙදරක ගිය ඇඟ ලොමු දැහැ ගැන්වෙන කතා පුවත ඊලඟ එකෙන්.

Friday, September 8, 2017

දානෙ කතා

අක්කගේ දානෙ ගෙදරින් පස්සේ ආයේ දානෙ ගෙවල් වල යෑම මං ටික කාලෙකට නැවැත්තුවා. ආරාධනා නම් සෑහෙන්න. මං වගේ නිර්ලජ්ජිත, විච්චූර්ණ, අලජ්ජ, පතරංග ඩෑල් එකක් ඉතින් දානේ ගෙදරකට ගියත් වාසනා. ආයෙ මල ගෙවල් හතක් වෙනවා දාන හතක් දෙන්න. ගෙදර උංට දවස් හතක් මළ බද්දය හැදෙනවා. ඉතින් ගමේ අයට මාව සෑහෙන මීටර්.
                 මේ විදියට මං පෙරේතය පොලේ වික්කා වගේ ගෙදර පත බෑවිල ඉන්නකොට, ආවා කියපල්ලකෝ කෝල් එකක්. මම ආන්සර් කලා.
"හෙලෝ"
"හෙලෝ, ‍තෝ කවුද?" කතා කරපු එකා අහපි.
"යකෝ මට කෝල් කරලා මගෙන් කවුද කියලා අහන්න ‍තෝ කවුද?" මම කිව්වා.
"එව්වයින් තොට වැඩක් නෑනේ. ‍තෝ කවුද?" මූ ආයෙත් අහපි.
"ඇටි ඉබ්බො, ‍තෝ මට කෝල් කරලා මගෙන්ද අහන්නේ මං කවුද කියලා, කියපිය ‍තෝ කවුද කියලා ඉස්සෙල්ලා" මේක මහ හරුපයක්නේ.
"මම කවුද කියලා කියන්නම්, ඉස්සෙල්ලා ‍තෝ කවුද කියපිය." ඒ ගමන් මූ වර නගන්න එනවා.
"කොට්ටෝරු රිලවො, මල්ටි ප්ලග් මයිනො, ‍තෝ මේ එක එකාගේ ෆෝං වලට කෝල් දිදී ඌ කවුද කියලා අහන්නේ තොට විලි රුදාවය? මුලින් ‍තෝ කවුද කියලා කියු."

"ආහ් කතාවේ හැටියට ‍තෝ වෙන්න ඕනි. ඉඳු බොට ඇමතුමක් තියනවා." මෙහෙම කියලා මූ කෝල් එක දුන්නා වෙන ගොබිලෙක්ට.

"හෙලෝ" අනිත් පැත්තෙන් කියපි.
"හෙලෝ." මාත් කියපි.
"අඩූ මම තඹේ කත කරන්නේ."
"ආහ් මට හිතුනා වොයිස් එකේ හැටියට. බල්ලෙක් තප්පුලනව වගෙ. ‍තෝ මොකද මේ අල්ලපනල්ලේ වෙන එවුන්ගේ පෝං වලින් මට අමතන්නේ? බොගෙ පෝං එක වලහැඩියෙක් ගිල්ලය?" මම ඇහුවා.
"මෙහෙට කරන්ට් නෑ ඕයි. මගේ පෝන් එකෙ බැටරිය බැහැලා අදට පෝය තුනක් වෙනවා. වැලේ වැල් නැතුව මේ ඉන්නේ."
"ඉතිං හිවලෝ ඕක කියු මණ්ඩලේට, මං ඇවිල්ල ඔහෙ ජෙනරේටර් කරකවන්නයැයි." මම කියපි.

"තොට කතා කරේ කරන්ට් ගන්න නෙවෙයි ඔ‍ටුවො. මෙහේ දානයක් තියනවා. හදිසියේ දෙන්නේ. ඇවිල්ල යනවකෝ." මූ කියපි.

"ඇයි ඉතින් හදිසියට දෙන්නේ? ඔය ඕනි තරම් කල් තියෙන්නේ. අද හෙට මැරෙනවැයි. ඕක හෙමීට දෙනවකෝ."
                    මුං යකෝ සනිකව කරන්න යනවනේ හැම එකක්ම. ලෝකෙම සීග්‍රගාමි වෙන්න යනවා අප්පා. අහේතු කාලේන කජ්ජෙන පූලං.
"නෑ බං. එහෙම හදිසියට නෙවෙයි. ටිකක් ඉක්මනට ලෑස්ති කලේ වැඩේ. ‍තෝ කයි නොදී ඇවිත් වැඩක් පලක් කරල දියුකෝ. මගේ බිලත් යනවා. දැන් පල යන අහක." මේම කියලා මේ නරියා ඇමතුම විසන්ධි කරපි.

                   අය්යෝ මාගේ යව්වන කාලේ. දැං ඉතින් පලකෝ අර රට හරක් දේශයට ආපහු. නිකම් ගල් යුගේ ඉන්නවා වගේ.කරන්ට් නෑ, සිග්නල් නෑ. අනිත් ඒවා ගැන කියලා වැඩක් නෑ.
                                         දානේ දවසේ උදේම මම අවදි වෙලා හදා ගත්තා සම්පූර්ණ බැකප් සහිත බෑග් එකක්. ඕනි මලසමයමකට, නසරාණියෙකුට මේ බෑග් එකේ තියන දේවල් වලින් මාසයක් හමාරක් ජීවත් වෙතෑකි. කියන්න බෑනේ. හදිසියේවත් තඹේලගෙ ප්‍රදේසයට යන ගිරි දුර්ගේ ගලක්වත් පෙරලිලා වැහුණොත් කොච්චර කල් ඉන්න වෙයිද දන් නෑ.
                                එහේ සල්ලි අරන් ගියත් වැඩක් නෑ. එහේ උං සල්ලි වලට බඩු දෙන් නෑ. තල කුරුණි, වී කාර්තු වලින් තම එහේ බඩු විකිණෙන්නේ. ඩයිනොසිරස්ල විතරයි එහෙ අඩු. හනේ කියාගෙන මම නැග්ගා ඒ ගමට යන ගොන් කරත්තෙට.  සූ ගාලා සෙනඟ. බලන්න ඉතින් පොදු ප්‍රවාහන සේවේ ගොන්නුන්ට ගියාම වෙන වැඩ.
                        මේ කරත්තේ අස්සේ විලි සංහාරයයි. හුම්ම ගන්නවත් බෑ. හපොයි මගේ සරීරේ. ඒ අස්සේ සීයලා සරම් හොයනවා. වයසක ඇන්ටිලා දත් සැට් හොයනවා. මේවා අස්සේ තව මොකෙක්දෝ මැරෑටි එකෙක් එකෙක් ගොනාට තලන කෙවිට උස්සලා. කරත්තේ දක්කන එකා කුණුහබ්බෙන් බැන බැන කෙවිට හොයනවා. එතකොටම මෙන්න බොලේ කරත්තේ ගාවට ආපි මොන්ටිසෝරි කපල් එකක්.
                                     යකූ අපි ඒ කාලේ ඔන්චිලි පැද්දා, පංච දැම්මා, හිඹු‍ටු කඩන්න ගිහින් හොර මිනිහට මාට්‍ටු උණා, බාලොලි නැ‍ටුවා. දැන් කාලේ උංට යකෝ මදනයා ගහලනේ ඉහට. ඒ නංගි බඩ්ඩ කරත්තේ දැකලා මූණ ඇඹුල් කරන් කියාපි
"හාපූ මහ ගොඩේ. මට නම් බෑ මේකේ යන්න. බලන්න ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ." කියල. එතකොටම කරත්තේ හිටපු අමු වසල වාචාලයෙක් කියපි
"ඇඟිල්ලක් ගහන්න මොනාද නන්ගිගෙ ඉතුරු වෙලා තියෙන්නෙ?" කියල.ඒ වාචාලයා මම වග වරහන් අස්සේ තිබිච්චදෙන්.
             නොදකිං ලැජ්ජාව බාල්දියෙන් එකයි. එ කපල් එක එහෙම්මම ක්‍රත්තේ රෝදෙට තිබ්බා බෙල්ල. දක්කන එකා තවම කෙවිට හොයනවා. අනේ අම්මේ. ගත්තු එකාගේ අම්මමෝ නැතුව ඇති. ඒ අස්සේ ගොන්නු දෙන්නා ඇණ ගන්නවා. මොනාද බං මේ මෙහෙ වෙන්නේ? කෝමින් කෝම හරි අතක් පයක් නොකැඩී ආවා අපි තඹේගේ ගෙවල් ගාවට. එතකොට මට එහා පැත්තේ හිටපු එකා අහපි

"මල්ලි අලියා පැන්න ගලට දැන් ලඟය? කියල.
"මොක?" මට කියවුණා.
"අලියා පැන්න ගල මල්ලි, අර ඔන්න බබෝ ශූට් කරද්දි ඇතින්න පනින්න ගිහින් පැරලයිස් උනේ. අන්න ඒ දිහා?"
"අනේ අය්යේ මම මේ මං මුලා වූ සලබයෙක්. මම නම් දන් නෑ ඕවා."
"හය්යෝ මල්ලි දැන් ආපු රූට් එක මතක නැද්ද? මුලින්ම වැද්ද විද්ද ගල. ඊගාවට මොණරා දිව්ව හෙල. ඊටත් පස්සේ මයිනා රුන්න හෙල. දැන් පහු උණේ හිවලා ඉන්න ලෙන. ඊලඟට අලියා පැන්න ගල. අඩේ මල්ලි ලඟයි නම් කියපංකෝ. මගේ මේ ඇහැක් ටිකක් වපරයි බං." අම්ම ගහයිනේ බැට් එකෙන්.
                       මේ මනුස්සයගේ ඇස් දෙක තියෙන්නේ පැති දෙකකට. මූ කොම්පඤ්ඤ වීදියේ ඉඳන් තුම්මුල්ල බැලුවාම පේන්නේ මරදාන. ඉන්දියාවේ ඉඳන් කල්කටාව බැලුවාම පේන්නේ මුම්බාය.

"අයියේ මං හිතන්නේ අයියා වැරදි බස් එකට නැගලා තියෙන්නේ. මේ බස් එක යන්නේ නරිහේන හරහා කොර මීයන්හේනට ගිහින් එතනින් සැවුල් පාරේ කෙලින්ම ගෙඹිගමට. මං හිතන්නේ අයියට යන්න ඕනි අනිත් රූට් එකේ. අර උලමා මාක් ගහපු කරත්තේ. මොන උලව්වටද මේකේ නැග්ගේ?"

"අඩේ බාං අර හරක්ගාලේදි හම්බ උනු පර්නෑන්ඩූ කියලා එකෙක් මට පාර කිව්වේ. ආයේ කිරි ගහට මල්ටි බැරල් කෙලියා වගේ කියලයි කිව්වේ. නොදකින්. දැං ඉතින් ආයේ පලකෝ ආපස්සට." ඒ මනුස්සයා ආත බූත නැතුව පර්නෑන්ඩූට බැණ බැණ බස් එකෙන් බැස්සා.

                          ඔය පර්නෑන්ඩු හිතන් ඉන්නේ උන්නැහේ රටේ තියන සේරෝම පාරවල් දන්නවාය කියලා. වතාවක්  පර්නෑන්ඩු මගදි අහු උණු යාපනේ භාවනා කරන්න ඉන්දියාවෙන් ආපු නිගන්ටයෙක් ට පාර කියන්න ගිහින් ඌ අන්තිමට බැහැලා තියෙන්නේ අගුණකොලපැලැස්සේන්. ඌ යන්තම් නිරුවතින් ගුටි නොකා ඇවිත් ආපහු ඉන්දියාවටම ගියා.  බලන්න ඉතින් ජාත්යන්තර අපකීර්තියට රට පත් වෙන හැටි.
                   දැන් කරත්තෙ කොන්දා අයියා මං ගාවට ඇවිල්ල ටිකට් කඩන්න හදනවා.
"මලයා මෙහෙය?" තාම කතා කරන්නේ අර වන්නියේ ඌරුවට මෙහේ උං.
"නෑ අයියේ මම මෙහෙ නෙවෙයි."
"මලයා යන්නේ කොහේය?"
"මම මේ යාලුවෙක්ගේ ගෙදර යනවා. "
"මලයා අපොයිමන්ට් එකක් දාලය යන්නේ?."
"නෑ අයියේ කලිසමයි ශර්ට් එකයි විතරයි."
"මලයාට ටිකට් කඩන්නේ කොයිබටද?"
"අය්යේ ගෙඹිගමට දෙන්න ටිකට් එකක්."
"මලයා බාගෙද කඩන්නේ එකක්ද කඩන්නේ?"
 "එකක් ඇති අයියේ." 
"මලයා සෙනග අඩු උනාම ඈඳි ගන්නවා හොඳා. තව හූ හත් අටක දුර යන්න තියේ මයෙ හිතේ. කොහෙදෑ ඉතින් මොන උලව්වක්වත් පේනවයෙ. මුං දැන් මේ කරත්ත වලටත් ටෙන්ට් හයි කරලනේ." කොන්දා අයියා එහෙම කියලා ඉස්සරහ අයට ටිකට් කඩන්න ගියා.

                              හම්මේ මේකේ යනකොට තියන සනීපේ. වලකට වැ‍ටුනාම ඔලුව ගිහින් ඇනෙනවා වහලේ. පිං පනිනවා ඔලුවෙන්. ඒ මදිවට මේකේ රේඩියෝ එකක් නෑ. තියෙන්නේ වෑර්ලස් එකක්. ඒකෙන් මොකෙක්දෝ අවලම් හිපා‍ටුවෙක් නැග්ග වෙලේ හිට නහින්න හදනවා. මොකක් හරි පතරංගයක් වෙන්ටැ. මේ පැත්තෙ ජීවත් වෙන එවුන් ගැන ඉතින් කවු ගී ලිය උනා මදී.

                      අන්තිමේදි මම කරත්තෙන් බහිද්දි මගේ සරීමේම කොර වෙලා, කොර වක් වෙලා. අක් මුල් දිය වෙලා. මම ගොන්නු දෙන්නට තැන්කූ කියලා ගියා තඹේගේ ගෙවල් දිහාට. මං යද්දි අන්දර වැට අස්සෙන් මොකෙක්දෝ සතෙක් සර සර ගානවා.  කිට්‍ටු කරලා බලද්දි මොකෙක්දෝ එකෙක් වැට ගාව ඉන්දං කොකම් පානව තඹේලගෙ ගේ ගාව. අම්මට ඩෙගා. කවුද ඩෝ මේ කියලා මම හෙමීට පස්සෙන් ගිහින් බෙල්ල ලඟින් ඇල්ලුවා ඩිස්කනෙට් වෙන තරමට.
"හම්මට උඩු බො‍ටුව බො‍ටුව. හම්මෝ මගෙ හුම්ම හිර වෙනෝ. හුම්ම හුම්ම." පැමිලියර් වොයිස් එකක්. යකු මේ පර්නැන්ඩුනෙ.
"මොන කෙහුරක්ද මේ වැටවල් අස්සේ රිංගගෙන කොරන්නේ බොල? ‍තෝ කොත්තු බලනවද?"
"නෑ නෑ. හරකෙක් වගේ උඩු බුරන්නෙ නැතුව වාඩි වෙයකෝ. මම මේ සප්ර්යිස් එකක් දෙන්න යන්නේ." මේකා මාවත් ඇදගෙනම වැට යටට පාත් උණා.
"මොක? කාටද? මම ඇහුවා. "වෙන කාටද, තඹේට." මූ කියාපි.
"ඉතින් පිං ගොනෝ අද අපිට එන්න කියලා කිව්වේ තඹේමනේ. ආයේ සප්‍රයිස් දෙන්නේ අහවල් එකකටද. ඌ දන්නවනේ අපි අද එනවා කියලා. ඊටත් මේ වැඩ අස්සේ ගෙදර මිනිස්සු වැට මැද්දෑවට ඉඳුල් වතුර වත් විසි කලොත් ‍තෝත් සුං මත් සුං. මෙන්න මෙහෙ වර යන්න, ආවා මෙතන දෙන්න සප්‍රයිස්.ලබ්බේ තොවිල"                                           
                           පර්නෑන්ඩූ විශ්මයාදී ළකුන නහයෙ ඔතාගෙන ආවා ගේ ඉස්සරහට. අපි ගිහින් දොරට තට්‍ටු කලා විතරයි වවුල් ‍රැණක් අපිවත් පෙරළගෙන ගියපි ගේ ඇතුළේ ඉඳන් එලියට. හප්පා වවුල් ගඳේ බෑ. මම නිකමට බෙල්ල දාලා බැලුවා ගේ අස්සට. ඇටපල් කලුවරයි, ඒ මදිවට වවුල් ගඳයි. මම ටිකක් සලිත උනා. අපි මේ හරි ගේ ගාවටමද ඇවිත් ඉන්නේ කියල. වටේ පිටේ ඇවිදලා බලද්දි ගේ නම් හරි. ගේ ඉස්සරහම තියනව රුවිතෙට හිටෝපු පඹයෙක්.
                   තව තඹේ එක එක මිනිස්සුන්ගෙන් උස්සපු පෑන් වලින් හදපු අටමගලක් එල්ලා තිබ්බ ගෙයි මිදුලේ ගහක. ඒක නිකම් හූනියමක් වගේ. ඒක දැකපු එකෙක් මැරෙන්නේ අර්ශස් වැඩි වෙලා. තව ඌම හදපු මල් වත්තක් වගේ වියුහයක් තිබ්බ මිදුලේ අයිනකට වෙන්න. ඒකට මල් වත්තක් කියන උන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනි. ඒකේ ගස් නෑ. කඳන් විතරයි. නිකම් ඉරට්ටකට තිබ්බොට්ටක් උල ගැහුවා වගේ. කඩුල්ලට හරහට දාලා තිබ්බ පතරංග පිඹුරු දෙන්නත් එහෙම්මමයි. මේ නම් තඹේගේ නිවස බව නිස්චිතයි. කෝකටත් මම ගිහිල්ල ගේ ඉස්සරහ තිබ්බ පොල්ල අරන් දොරට තඩි බෑවා. ආයේ සැරයක් වවුල්ලු සැට් එකක් ඉගිලිලා ගියා. යකෝ මුං බැට්මෑන්ට මේ ගෙදර බදු දීලද? 

                          කව්දෝ ඩෑල් එකක් ගේ අස්සේ ඉඳන් ආවා. ආ තඹේ. තඹේ එනවත් එක්කම නිකම් හඩු ගඳ වාශ්පයක් වගේ එකක් අපිට ආවා. එක නිකම් හඩ්ඩෙක්ගේ ජීවන පුසුඹ වගේ. ඒ ගඳ මගේ නැහැ පුඩු හරහා ගිහින් අන්නස්‍රෝතයෙන් එතුළට ගිහිල්ල ඊට පස්සේ බොක්ක පුරා ඔඩු දුවලා අන්තිමේදි උන්ඩුක පුච්ඡයේ කේශ නාලිකාවක් පුපුරවන්න තරම් බලවත්. බුදු බණ ඇත්ත කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. මේ දෙතිස් කුණපයෙන් පිරුණු සරීරේ.
"මොකෝ ඕයි මේ හද්ද දවල් වව්ලෝ ගේ අස්සේ පියාඹන්නේ?" මම පැනපු ගමන් අහපි.
"මේ ටිකේ මෙහෙට කරන්ට් නෑ නෙහ්. ඉතින් ඇටපල් කරුවලයි මෙහේ කොයි වෙලාවෙත්. ඉතින් වව්ලෝ ඇවිල්ලා පදිංචි උණා. උංට මෝටිං ගැහුවට ගියෙත් නෑ.ඒ උණාට අවුලක් නෑ. උංගේ පුසුඹ ශෝක්." හපෝයි මෙහෙ ඉඳලා මගේ හුම්ම හිර වෙලා මැරෙන්න වෙයිද දන් නෑ. ඉයේ රෑ හීනෙනුත් මම පාලම් කොඩි දැක්කා.
"එතකොට මොකක්ද මේ එන අමු හඩු ගඳ?" පර්නාන්ඩූ අහපි. ආහ් එහෙනම් එයාටත් ඒක දැනිලා. මට පිස්සු නෑ. යේ.  "
මේකනේ, කරන්ට් නෑනේ, ඉතින් වතුර ගහන්න බෑ, ඉතින් නාන්න විදියක් නෑ. අපි දැන් මාස තුනකින් නාලා නෑ. හරි සරලයි." ඒ කතාව අහපු මගේ හිරි ඔතප් බි‍ඳෙනවා තව ඩිංගෙං. අවුලක් නෑ, කාගෙ උණත් දරුවෙක්නේ.
               මෙහෙම කියලා මං පර්නෑන්ඩු දානෙට ගෙනාපු පාර්සලේ නිකම් මම ගෙනාවා වගේ තඹේට දුන්න. පර්නැන්ඩු කොකම් පාද්දි මම ඒක ඉස්සුවේ වැට ගාවදි. ආයේ තඹේට මොනා අරං එන්නද. මූ ගාව තියන ඒවා අතපත ගාගෙන යනවා මිසක්. හෙහ්.දානේ ගෙදර අපිට භාර උණු මුල්ම වැඩේ උනේ පොල් ගෙඩ්ඩක් ලෙලි ගහන එක. පර්නෑන්ඩූ මුලින්ම පණ්ඩිතයා වගේ ගත්ත පෙරමුණ. පර්නෑන්ඩූ පොල් ගෙඩිය ලෙලි ගහපු පාර ලෙලි ගියේ උදැල්ලේ. පොල් ගෙඩියට මෙලෝ හෙණයක් නෑ. ඒක දැකලා ගෙදර මිනිස්සු ලෙල්ල පිටින් ගෙඩිය බිඳලා ඒක ගා ගත්තා. ටික වෙලාවකින් තඹේ නිකම් නැට්ට ගිනි තියා ගත්තු හනුම වගේ දුවන් ආව එතනට.
"ඒ උදව්වක් කරපංකෝ."
"මොකක්ද?" මේ හාෆ් බොයිල් කරපු බත් වගේකට ඉඟුරු වැටිලා. ඒ දෙක වෙන් කරලා දියන්කෝ." ඒක ඇහිච්ච එහා පැත්තේ හිටපු වව්ලෙක් උඩ පැනලා බල්ටි දෙකක් ගහලා විසිල් එකකුත් ගැහුවා.
"මොකක් මොකක්?"
"මේකනේ මය්යොක්කා කාලා ඊට පස්සේ ඉඟුරු කන්න එපාය එහෙම හොඳ නැතය කියලා පෙරේදා කොහේද එකෙක් දුමක් ගහලා මැසේජ් එක දීලා."
"ඒ ඇයි ඒ එහෙම කන්න හොඳ නැත්තේ?" පර්නෑන්ඩූයි තඹේයි මගෙන් අහපි.
"මේකනේ ඉඟුරු හැදෙන්නෙත් පොලව යට. මය්යොක්කා හැදෙන්නෙත් පොලව යටලු. ඒ හින්දා ඒ දෙකේම මැටි. ඒ දෙක එකට කෑවාම මැටි වැඩි වෙලා මැරෙනවා. " මම මගේ ඥාණාන්විත පරිකල්පන මෙව්වා එකෙන් උත්තරේ දුන්නා. පර්නෑන්ඩුයි තඹේයි ඒක එහෙමයි කියලා හිතා ගත්තා.
                                  මැට්ටොත් එක්ක ජීවත් වෙන එක කොච්චර ලේසිද. ඒකට වෙන උන්. ඇහුවොත් අහන්නේ මාගලක්.
"ඉතින් මොකෝ උණේ?" බැක් ‍ටු ඉස්ටෝරි.
"ඒ දුම ගහපු එකා ඊට පස්සේ කියලා හාෆ් බොයිල් බත් එක්ක ඉඟුරු කන්න හොඳයි කියලා. අදයි ඇත්ත සිද්දිය දැන ගත්තේ. ඌ මැසේජ් එකේ දෙවනි බාග දෙන්න හදද්දි කැලේ හිටිය කොටි හපුවෙක් මූව පන්නලා. මූ මරෝ තියාගෙන දුවලා. ඉතින් දුම ගහන්න එකෙක් ඉඳලා නෑ. මෙහෙ උං  ඒක කියවලා වැරදි මැසේජ් එකක් සිරා අරගෙන ඉඟුරු සහ බත් මික්ස්චරේ හදලා. අන්න දැන් ඌ වෙද ගෙදර ඉඳං හඳුන් කූරකින් ‍ටුවීට් එකක් දාලා තියනවා සිරා සිද්දිය කියලා. එතකොට අපේ ගෙදර අය ඉඟුරු හාෆ් බොයිල් බත් මික්ස්චරේ හදලා ඉවරයි."

"ඉතින් කොහොමද දැන් උන්දැට?" මම ඇහුවා.
"ආහ් අවුලක් නෑ. අපේ ගෙදර මොකෙක්ටවත් කන්න වෙලා නෑ. මේ කලුවර අස්සේ හැඳි හොයන්න ගිහින් කට්ටියම බිත්ති වල ඇනිලා සිහි මුර්ජා වෙලා."
"නෑ නෑ බං, කොටියා කාපු එකාට කොහොමද?"
"ආහ් ඌට ගානක් නෑ, මූ එතන හෙලකින් පහලට පැනලා. දැං නහයෙන් කටින් ලේ දානවලු. පැන්න පාරට ගලනාලේ දොට්ටලු." එහෙම කියලා මේං එයා ගෙනාවා පතරංග ටැන්කියක්.

"මේක තමයි මික්ස්චරේ." තඹේලා කන්නේ හැන්දෙන් නෙවෙයි මං හිතන්නේ. කෙලින්ම සවලෙන් ගහනවා ඇත්තේ.

                  මං හිතන්නේ මෙහෙම බත් වලින් ඉඟුරු වෙන් කරන ලෝකෙ පළවෙන්නි සැට් එක අපි වෙන්න ඇති. ඇයි දෙය්යෝ ඉඟුරු වලින් බත් අයින් කරපු එවුන් ගැන කතා කොයි ලෝකෙද තියෙන්නේ. සෑහෙන වෙලාවකට පස්සේ අපිට පුලුවන් උනා යන්තම් බත් වලින් තොර අගනා ඉඟුරු සාම්පලයක් සකස් කර ගන්න. එතකොටම තඹේ අපිට අරං ආවා මොනවදෝ වීදුරු වගයක්. ඒවට උඩිං අන්නාසි මලකුත් ගහලා.

"මේ මොකො බං මේ?" මම අහපි.
"ඔයාලා ගොඩක් මහන්සි උනු හින්දා මේ රිෆ්‍රෙස් ඩ්‍රිංක් එකක් ගෙනාවා." මූ කියපි.
"මේ මොන ඩ්‍රිංක් ද බං? මේ කොළ හඩුවක්නේ.බලපං මේකේ තියන කොළ අතු ගොඩ. නිකම් වැසි වනාන්තරයක් වගේ. අර, ඒක අස්සේ ඉඳන් ඔරං ඔටං එකෙක් මට අතත් වනනවා." සිරාවටම කිව්වොත් ඒ පඳුරු ටික අයින් කරලා මිසක් මේ බීම බොන්න බෑ. මොන උලව්වකට මේ හද්ද කැලයක් බීම එකට උඩිං තියන් ආවද මන්දා. ඕක යසට දීපියකෝ ඔය ලන්ද අයින් කරලා.

"ඒකට තමයි හරක් කොහෝ මේ බට තියෙන්නේ. ඔය උඩිං තියෙන්නේ සැරසිල්ල. ‍තෝ එක උලා නොකා බටෙන් බීම ටික බීපියකෝ." එහෙම කියල මුන්දැ බීම බට දික් කලා. නොදකිං. මම වර නගන්න කලින් මේක දෙන්න එපැයි.  මම ඉතින් හත් පොලේ ගාගෙන හතර පලට වැඳගෙන මේක බිව්වා.

                    අපි මේක බිබී ඉද්දි එක පාරටම පසු බිමින් "යවූ යවූ" කියලා මියුසික් එකක් ඇහුණා. එක පාරටම ඔලුවේ ලොකු කැපුම් දෙක තුනක් තියන ඩෑල් දෙකක් ඇවිල්ලා ගෙදර වටේට චෙක් කරලා ගියා. ඊට පස්සේ ආයේ "යවූ යවූ " කියලා සද්දයක් ඇහුනා. තව ඩෑල් දෙකක් කැති කොට දෙකකුත් අරන් ඇවිල්ලා අපේ අතේ ආයුධ තියනවද කියලා චෙක් කරලා ගියා. මුන් අල්ලපු පාරට පර්නෑන්ඩූට කිචි කැවිලා එතන මැද්දෑවේ බාලොලි නටන්න ගියා. තව පොඩ්ඩෙන් උන් අනිනවා කැත්තෙන්.  ඊට පස්සේ මූ ගත්තා කෝල් එකක්.
"හරි මැඩම් හරි. ඔව් මැඩම් සෙට් එකම ඉන්නවා මෙතන. ඔව්. අර විත්ති ලියන එකා ඇරෙන්න අනිත් උන් නම් හාල්පාරු පාටයි ඔව්, කොන්ඩේ කපලා පැත්තට පීරලා. ඒරියා ක්ලියර් මැඩම්." එහෙම කියලා මූ ගියා අනිකා එක්ක එලියට.
"මොන බිබික්කමක්ද යකූ ඒ උණේ?" මම මුලින්ම සිහි එලවාගෙන ඇහුවා. අනිත් උන් කාටවත් තවම සිහි නෑ. එතකොටම තව මල විකසිත කර ගත්තු තාල වර්ගයට අයත් වයසක ඩෑල් එකක් ඇවිල්ල උගුර පාදලා හයියෙන් පොතේ ගුරු වාක්‍යක් කිව්වා.

                     "සකලසිරින් පිරි සිරිලංකාවේ, අගනුවරට නුදුරු වූද, කුඩ්ඩෙන් විරාජමාන වූද, කසලින් බැබලුනා වූද, සියලු සතුන්ට පොර වූද, සියලු පඬින්ට පඬි වූද, විසිරුණු මල් පෙති දෝතට ගත්තා වූද, අම්මට සිරි වූද, හෙවි රොක්ස් වූද අප මහ ඩබල් ඩී ඇත්තී දැන් මේ ඉස්තානයක සැපත් වන සේක." මෙහෙම කියලා මූ කණ් දෙක අල්ලගෙන උඩ පැන්නා. ඊට පස්සේ ඩිෆ් ගහලා දිවත් දොට්ට දාගෙන ගියා ගෙදරින් එලියට.
                                          හම්මට යකූ මෙහෙට එන සේරටම සයිකො ගහනවනේ.අපි මේ යහපත් සරීර සවුක්යෙන් ඉන්න එක පුදුමයි. ඩබල් ඩී නම් මේ අහිගුන්ඨිකයෝ ටිකක් හයර් එකකට අරං ඇවිල්ලද කොහෙද ඩ්‍රැමටික් එන්ට්‍රන්ස් එකක් දෙන්න. ඒ වැඩෙන් පස්සේ තමයි දානේ වෙලාව ආවේ. පර්නෑන්ඩූ දානේ ඉවර උනාම කෙලින්ම ගියා කුස්සියට.
"හයියෝ වැඩියෙනුත් බෙදලා. මෙච්චර කන්න බෑ." මූ බත් උයලා තියන වලඳ දිහා බලන් කියනවා.
 "මචං ඔය වලඳ. අර පිඟන් වලට බෙදා ගනින්." ඩබල් ඩී පැත්තක ඉඳන් කියනවා.
                           පස්සේ පර්නෑන්ඩුයි ඩබල් ඩීයි එකතු වෙලා බත් උයපු සාස්පාන් දෙකේ පියන් දෙක අරන් ආවා. එකට බත් පොඩ්ඩක් බෙදා ගත්තා නිකම් ජේතවනේ වගේ. ඊට පස්සේ මහවැලිය වගේ හොදිත් බෙදාගෙන පැත්තකට වෙලා ඒකට සවල් පාරවල් වනන්න ගත්තා. මම මුං දෙන්නට ලං කරලා ඇහුවා
"යකූ පවුල් ප්‍රස්නද මේ කාලා මැරෙන්න යන්නේ?" කියලා. ඒක දැකලා ගෙදර අංකල් ලඟට ඇවිල්ල කිව්වා "කමක් නෑ පුතා, අපිට මදි උනොත් අපි කඩෙන් හරි ගෙනල්ලා කන්නම්. පුතාලා දැන් කන්න කියලා." හය්යූ යන තැන සායම හෝදනවා මුං.

                        කන ගමන් තමා තඹේ අපිට නියම නියුස් එක කිව්වේ. කට්ට බිබික්කන් කොම්පැනියකින් තිබ්බ තරගෙකින් තඹේ දිනලා රට යන්න චාන්ස් එකක් ලැබිලා. ඒක මෙලෝ යකෙක් කන වර්ගයක් නෙවෙයි. තඹේ කෝම හරි එව්වා කාලා දවටන තැපැල් කරලා. කොම්පැනියත් හනේ අපේ එකම කස්ටමර් කියලා මූව රට යවන්න හදනවා.අපි ඉතින් එයාට සුබ පතලා ඇස් වහ යන්න දෙහි ගෙඩ්ඩකුත් කපලා සුරේකුත් බැඳලා ගෙවල් වලට ආවා.
             පස්සේ තමයි ආරන්චි උනේ, ඒ කොම්පැනියෙන් තඹේව එක්ක ගිහින් තියෙන්නෙ කන්කසන්තුරේට. එහේ ඉන්න ඇහැ‍ටුල්ලෝ ටිකකුයි මානම් ගස් ලන්දකුයි පෙන්නලා මෙවා තම රට කියලා මූව ආපහූ ගෙදර එවලා. මූත් දැන් ගෙදරට, කඩේට, ලොත‍රැයි කූඩුවට එන හැම පඟර නැට්ටටම කියනවා මූ රට රාජ්ජ වල කරක් ගහපු ඩෑල් එක කියලා. ඒ උණාට ප්ලේන් එකේදි කොන්දා මාරු සල්ලි ඉල්ලුවොත් දෙන්න කියලා මෙහේ ඉඳන්ම පිං කැට කඩලා සිලිං බිලිං ගගා එයපෝට් ගිය කතාව දන්නේ අපි විතරයි.

Sunday, August 6, 2017

දරු නැළවිලි

මොන නසරාණි ජීවිතද අප්පා මේ කියලා හිතාගෙන මං ගෙදරට වෙලා පහු ගිය ටිකේ හිටියේ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ජීවිතේ එක අතකට මහම මහ මස්තයි.
                                                     ආතල් කියලා හිතාගෙන ඉන්න හැමදෙයක්ම කරන්න වෙන්නේ නෑනේ ඉතින්. හිතාගෙන ඉන්න විදියට දේවල් සිද්ධ වෙන්නෙත් නෑනේ. කෝම හරි මං ඔය රටේ නැති මූසල සිතුවිලි පහළ කරගෙන ඉන්නකොට දවසක් ගෙදරින් මට කිව්වා දානේ ගෙදරක යන්න කියලා.
                                          හප්පා. මං හරි අකමැති මචංලා ඕවට යන්න තනියෙං. අපේ ගෙදර ඈයෝ රස්සාවල්වට යනවලු. මං බත් ගිල ගිල ගෙදරට වෙලා කුදහ ගන්නවලු. මං වගේ උං පොල් පිත්තෙන් කැපිය හැකිලු. එහෙම කැපුවට උං දානේ ගෙවල් වල යන් නෑනේ. ඒ හින්දා මටම යන්නලු. මේ ටිකේ ගෙදර අවට මොන කෙහුරක් තිබ්බත් මොනා හරි ඔතලා යවන්නේ මං අතේ. ඔ‍ටු ලබ්බ.
                                 යන්න නම් හැකී. මං හපනෙකී. නමුත් වැඩේ මේකය. මං යන තැන ගෙවල් වල ඉන්න උං එකෙක්වත් මං අඳුරන්නේ නැත. මං ඉතින් ගිහිල්ල බුලත් හෙප්පුව බදාගෙන කුකුල් පහනේ පහන් තිර අඹරලා ඉඳලා පුවක් කපලා ගෙදර එනවා.
                              මේ පාර සෙට් උණු දානේ ගෙදර නම් ආතල් වගේ. ඒක තියෙන්නේ අපේ අක්ක කෙනෙක්ගේ ගෙදර. අපේ අක්ක කිව්වාට මට ඇති අක්කෙක් නැත. අපිට ඔය තඹේලාට වගේ මල්ලිලා නැත. දින්නාට වගේ නංගිලාද නැත. සෙබාට වගේ අක්කලාද නැත. ඩබල් ඩී වගේ මෙලෝ යකෙක් නැත්තේද නැත. ඇත්තේ පර්නෑන්ඩූට වාගේ එක අයියෙකි. අය්යා සමග යෑම ආතල්ය. නමුත් හිඟන්නගේ පාත්තරේට මල්ටි බැරල් කෙළියා වගේ අය්යාට එදා වෙන වැඩක් යෙදී ඇත. නොදකිංය. මටමයි වෙන්නේය.
                              
                            මොනා උණත් දානේ තියන ගෙදර අක්කලාම පහකි. අම්මටහුඩුය. වොලිබෝල් ටීම් එකක් හදන්නට තව එකෙක් හිටියා නම් ඇතිය. රිසර්ව් ඕනි නැත. රෙදි කරේ තියන් බෝලෙට තඩි බාන්න ඇහැක් නම් කල්ල මරේය.
  දැං දානේ තියන දවසේ මං ගියා උදැහැනැක්කෙම එහෙට. නයි කයිලු ඥාණකතා. එහෙ කප්පරකට වැඩ. මාත් ඉතිං ගිහිල්ලා හෙල්ප් එකක් දුන්නා. ටික වේලාවකින් පොඩි අක්කා ආවා එතනට. මං එවෙලේ හිටියේ පඩික්කම් හෝද හෝද. නොදකිං. මගේ පවුර්සේ සින්නක්කර විකිණිලා. හිඟා කාලවත් ගන්න බෑ. මේ අක්කා ආවේ එයාගේ බබා වඩාගෙන. බබා කිව්වේ සැමියා නෙවේ. අක්කගෙ ලමයා.
"මල්ලි ලමයා වඩා ගන්නකෝ ටිකකට" කියලා අක්කා කියාපි මට.
"අම්මටසිරි අක්කේ රෙද්ද ලිහිලද? මට නම් ලමයි වඩා ගන්නත් බෑ. රෙදි අන්දවන්නත් බෑ." මං නොවලහා පැවසුවා. පණ්ඩිත වෙන්න කියලා බැරි වැඩ කොරන්න ගිහින් වරිගෙ නහ ගන්න ඕනි නෑනේ.
"නෑ නෑ මල්ලි. මං මෝහිනී ගානට දැම්මද? කුස්සියේ වැඩක්. මං ටක් ගාලා එන්නම්. එතකම් මූව තියා ගන්න." අක්කා එහෙම කියලා අර ඩෑල් එක මගෙ අතට දීලා ගියා. කොයිල්ද සයිමන්. මං මොකක්ද යකෝ මූ එක්ක කරන්නේ. හොඳ වෙලාවට මූ නිදි. මට මේ සබ්ජෙක්ට් සම්බන්ධයෙන් ඇති දැනුම ඉතාම අල්පයි. අනේ මොනා උණත් දෙයියනේ මූ නම් අවදි වෙන්න එපා. මෙතන අඬන්න ගත්තොත් බබිත් සුං බබිගෙ අම්මත් සුං. ඇත්තම කිව්වොත් මට පොඩි උං වැඩිය හරි යන් නෑ. උං කෑ ගහන්නේ ගිරි යටියෙන්නේ. කන නිකම් කීං ගානවා. ඊටත් උංට කියන එක තේරෙන්නේ නෑනේ. කරොත් කරන්නේ මරිසියක්. දුන්නෑකි දෙකක්.
හම්මේ යන්තම් ටිකකින් අක්කා ආවා.
"ඔය මොකක්ද මල්ලි කරන්නේ?"
 "මං මේ පොඩි එකාව උස්සන් ඉන්නවා."
"යකෝ ඕකා ෆුට් බෝලයක් නෙවේ. ඔහොම උස්සන් ඉන්න එපා." එතකොටයි මටත් මීටර් උනේ. මං මුගේ කිහිලි දෙකෙන් අල්ලලා උස්සන් ඉඳලා තියෙන්නේ.
"ඕකව වඩාගෙන ඉන්නනේ මල්ලි මං දුන්නේ."
" මං වඩා ගන්න දන් නෑනේ අක්කේ."
"මල සමයන් පයින් යනවා. ඔයා බබා වෙනවනේ."
"අක්කේ මූට දැං මාස කීයද?"
"තවම මාස දෙකයිනේ මල්ලි" ආහ් තම මේ පොඩිම පොඩි ලමෙක්. හැබැයි මේ වයසේ උං ටිකක් විතර හොඳයි. හැබැයි අඬන එක තමා වැඩේ.

"අනේ මල්ලි මූ මෙන්න ඇහැරිලා. අනේ බබාව ටිකක් නළවන්න. මං ටක් ගාල කුස්සියෙ වැඩේ ඉවර කරලම එන්නම්" කියලා අක්කා වාශ්ප උනා. හය්යෝ. මටත් සෙට් වෙන වැඩ.
                                        ඒ අස්සේ අතේ ඉන්න පොඩි එකා අඬන්න හදනවා. හාපෝ. ෂුවර් එකට මම ගිය ආත්මේ කරපු පවක් තමා මේ. පින් කපුටෝ සෙට් එකක් සෙට් කරන් බලු කපු‍ටු දානයක් දුන්නා නම් හරි. හැබැයි එක වතාවක් පර්ණෑන්ඩු එහෙම දානයක් දෙන්න ගිහිල්ලා කෑම වල අබ්ලික් එකක් වෙලා. මෙයා දුන්නු කෑම වල ලුණු වෙනුවට දාලා තියෙන්නේ සීනි. බලන්න දැන් කාලේ හැදෙන ලමයින්ගේ ඉවීමේ හැකියාව. ගමේ බල්ලෝ පර්ණෑන්ඩුගේ බලු කපු‍ටු දානේ කාලා හන්දියේ නානාගේ කඩෙන් අඩු සීනි ප්ලේන්ටි බීලා ගෙවල් වල ගිහිල්ලා. කපුටෝ සෙට් එකට කුණු කාලම ඕක එච්චර දැනිලා නෑ.  ගමේම බල්ලෝ බැණ බැණ ගියාලු. එදා ඉඳන් මාස තුනක් යනකම් පර්ණෑන්ඩු ගම මැදින් යද්දි ගෙවල් වල බල්ලෝ හය්යේන් "අඩුසීනී" කියල උඩු බුරලනවලු. උන්දැට පාරක තොටක යන්න බැරි උණා. ඕක කටින් කට ගිහිල්ලා අන්තිමට එහා ගමේ බල්ලෝ "දඬුලේනී" කියලත් කිව්වලු. අපි නම් දන් නෑ ඕවා.

                                                 මට දැන් කොහොම හරි ඕනි මේ ගොබ්බයව නළව ගන්න.
"අඩේ බං නැළවියංකෝ" මම කණට කරලා මූට කිව්වා. මූ නවත්තන්නේ නෑ.
"යකෝ ඔහොම කෑ ගහලා තොගේ සවුන්ඩ් අයිසී යයි. ඊට පස්සේ බැරියැ අලුතින් ගිරියක් දාන්න. ඔය අඬෝ වැඩියාව නවත්ත ගනිංකෝ." ‍
"තෝ අඬන එක නැවැත්තුවේ නැත්තම් මම තොට හම්බ වෙන සේරම කාර් මම තනියෙන් පදිනවා. දෙන් නෑ එකක්වත්." ඒත් මුගෙන් ප්‍රතිචාරයක් නෑ.  නරි බුරයි, අපි තැලෙයි. මූට මාස හතරයිනේ. සිංහල තේරෙන්නේ නෑනේ. මම පොඩි එවුන්ගේ බාසාව දන්නෙත් නෑ. අය්යෝ මුරුගන්. මම එහෙම ඉද්දි එක පාරට සද්දයක් ආවා.
"ඒ උඹට මාව නළවන්න බැරි නම් ඔය බිමින් තියපං. මමම නැළවෙන්නම්. ‍තෝ නළවන විදියට කෙසෙල් කඳනුත් ඇහැරෙනවා."  නසරාණි මළ සේක. මොකාද යකෝ ඒ. මගේ පිහිටට ආපු දෙයියෙක්වත් ද කියලා මම උඩ බිම බලද්දි දැක්කේ පොඩි එකානේ මේ මා අමතන්නේ.  මම උඩ බිම බලාපි.
"ඔව් ඔව්, උඹට තමා කිව්වේ. මාව බිමින් තියලා ‍තෝ යන අහක පළ. මම නැළවෙන්නම්." මූ කිව්වා. හොඳවෙලාවට එවෙලෙම අක්කා ආපහු ආවා. අනෙ අම්මේ. එහෙම සන්තෝසදායක දර්ශනයක් මම දැක්කමයි අර තඹේගේ ගෙදර කට්ටියක් මෝලි මංගල්ලෙට යන්න පැක්ටිස් වීම නැත්තුවා කියලා දැක්කට පස්සේ. නිකම් මාර සුවදායක හැඟීමක් ආවා. අම්මෝ ඒ අක්කා ඊට පස්සේ අරූව නළවගන්න නටපු නැටිල්ලක්. මං හිතන්නේ වේලක බත් යන්න ඇති.

 දානේ ඉවර වෙලා මම ගෙදර යන්න ලෑස්ති වෙද්දි හුරු පුරුදු නම්බර් එකකින් කෝල් එකක් ආවා. දින්නා ගෙන්. අම්මටසිරි. මළ මිනියක් කෝල් කළත් මට කෝල් කරන්නේ නැති දින්නා මේ මොකද මා අමතන්නේ කියලා බලන්න මම ගත්තා කෝල් එක.
"හෙලෝ මම ඉස්පීකිං," මම කිව්වා. "ආ හෙලෝ මම මේ අටකලම්පන්නේ දින්නා, ඊලඟ ගීතයට මායි, අපෙ නන්ගියි, එහා ගමේ සුබේ නැන්දයි, කැරකොප්පුවේ ගුණේ මාමයි, මහ ඉලුක්පල්ලම ඉන්න පතිදම් කංකානම්ගේ පතිවත් අක්කයි, මරදංකඩවල නැසී ගිය රොන්සුරා මාමවයි එකතු කර ගන්නවා." ආයේ ඉතින් අපේ එකෙක් වැඩක් කරොත් දහ අට පළක ගා ගන්නවනේ. 
"කියු කියු. මොකක්ද වෙන්න ඕනි?" මම ඇහුවා ප්‍රකුර්ති දින්නගෙන්.

"මේ අපේ ගෙවල් පැත්තේ මිනිස්සු සදාචාරාත්මක නෑ කියළා අපෙ අයව සිස්ටසම්පන්න අරිස්ට මිනිස්සු කරවන්න අපිට ඔයාලගේ ගමට එන්න කියලා තියනවනේ. දවසක වැඩ සටහනක් තියනවලු ඔයාලගේ ගමේ. අපේ පැත්තෙන් බස් වලින් සෙනග එනවලු ඔහෙන් සිස්ට සම්පන්න වෙන්න." දින්නා කියාපි. අම්මා ගහයි එලෝ එලෝ.
"කවුද කිව්වේ? මම අහපි.
"දැන් අපේ ගෙවල් ගාවින් අඬබෙරයක් ගියා. ටොරිංටන් එහෙම කියලලු. තව හවස දුමකුත් ගහලා පණිවිඩේ කියලා තිබ්බා. මෙහේ මිනිස්සු දැං මේ එන්න හදනවා." අම්මටසිරි. ඕක තමා මේ හද්ද ඩොටේ ඉපදුණාම තියන අවුල. මුං තාම හිතන් ඉන්නේ ලංකාව සුද්ද්න්ට අයිති කියලනේ. අඬ බෙර වලින් තාම දුවන්නේ. ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ. ඔය දැන්ම රෙඩි වෙනවා කිව්වට එන්නේ බර කරත්ත වලින්නේ. ඒ හින්දා කොහොමත් එද්දි දවස් හතක්වත් යාවි.
"ආ එලකිරි. එදාට සෙට් වෙමු." කියලා මාත් ෆෝං එක තිබ්බා. කොහොමින් කොහොම හරි දවස් හයකට විතර පස්සේ මේගොල්ලෝ ආවා අපේ ගමට. කොහොම හරි දින්නා විතරයි ඇවිත් තිබ්බේ.
                                                  දින්නගේ නංගිලා මේ ඇසළ එකට හදනවලු මෙගා පොසොන් කලාපයක්. එක වතාවක් නංගිලා හදපු පොසොන් කලාපේ මුවා පන්නවා තිස්ස පස්සේන්. තිස්ස දුවනවා හැටට හැටේ මරෝ තියාගෙන. මේගොල්ලෝ මෝටර් දෙක වැරදියට දාලා. ඔන්න ඔහොමයි වැඩ.
                             හනේ කියාගෙන මාත් එක්ක ගියා දින්නව ගෙදරට. ගිහින් මම ඇරිය දොර.
"මේ මොකක්ද?" දින්නා අහපි.
"මොකක්ද?" මම ආපහු අහපි. දින්නා ආයේ දොර පෙන්නලා "මේ මොකක්ද?" කියලා අහනවා.
"මේක තමයි ලමයා දොර. මේකෙන් තමා ගෙදර වහන්නේ."
"අලේ එහෙමද? අපේ ගෙදර තියෙන්නේ ගස් බෙණේකනේ. ඉතින් හැම වෙලේම ඒක හායි ගාලා ඇරලා දාලා. " බලන්න ඉතින් රටේ ආර්ථිකය බෙදීයාමේ විසමතාවය හින්දා වෙන දේවල්. රටේ ඉන්න සමහර ගොබ්බයෝ ඉන්න ගෙවල් කුලියට ගත්ත එකාවත් ඌ දන් නෑ. උන්ට නාන්න ගෙවල්. කෝම හරි දින්නා අපේ ගමේ ඇවිද්දෝලා රට තොට පෙන්නුවා.
                         හරියට නිකම් සමූපකාරෙට පූසෝ පැනලා වගේ. මුන්දැ තවම පරිණාමය වෙලා නෑ වගේ. ග්‍රාම සේවක දැකලා ආරච්චිල දෙයියෝ කියාගෙන ගිහින් වැඳ වැ‍ටුණම මට ඒක හොඳට තේරුණා. කෝමින් කෝම හරි දින්නලාගේ කට්ටිය පූර්ණ පුනරුත්ථාපනේකට ලක් උණා මෙහෙදි. අන්තිමේදි කට්ටියම ආයේ බස් දෙක තුනක පටෝලා යැව්වා ගෙවල් වලට. එගොල්ලෝ දැන් වන ගත ජීවිතෙන් මිදිලා කැළෙන් එලියට ඇවිල්ලා සිස්ටසම්පන්නව අරිස්ට විදියට ඉන්නවා කියලා ආරංචිය ආවා.
                             දින්නලත් අර ගස්බෙණෙන් එළියට ඇවිල්ලා බ‍ටු හේනක් මැද්දැවේ පැළක් අටෝගෙන ඉන්නවලු. කාගේ උණත් දරුවෙක්නේ. සන්තෝසයි.